විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න
ට්‍රැෆික් කරදරෙන් මිදිලා, විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න අපිටත් වාසනාව උදාවෙයි
ලෝකයේ බෝහෝ දියුණු රටවල් මගීන් ප්‍රවාහනයේදී භාවිතා කරන විදුලියෙන් ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය පද්දතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දැනටමත් එහි මුලික සඛ්‍යතා අධ්‍යනය අවසන් වෙමින් පවතින අතර එළඹෙන ජුනි මාසයේදී මුලික සඛ්‍යතා අධ්‍යනය අවසන් කරන බව මහා නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
ඒ අනුව 2018 වසර අගදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලා. මෙම දුම්රිය පද්ධතියේ වර්තමාන සැළසුමට අනුව මාර්ග පද්ධති 6ක් ඉදිකරනු ලබන අතර එහි මූලික පියවර වශයෙන් මාලඹේ සිට බොරැල්ල දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතව තිබෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක ණය ආධාර මෙම ව්‍යාපෘතියට ලැබීමට නියමිත අතර මෙය JAICA ආධාර මත ක්‍රියාත්මක වනවා. එසේම මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිවීමත් සමඟ මාලඹේ සිට කොටුව දක්වා විනාඩි 40කින් පැමිණීමට හැකියාව ලැබේ.
2021 වසර වනවිට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තවත් වසර තුනකින් පමණ අපට විදුලි දුම්රියක ගමන් කිරීමේ අවස්ථාව උදාවනු ඇති.

2020 චන්දෙ ලංවෙලා ඔය ටික ඉවරකරොත් නං හොඳා