විදුලි මෝටර් රථ පැමිණීමෙන් ලංකාවේ මිනිරන

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    විදුලි මෝටර් රථ පැමිණීමෙන් ලංකාවේ මිනිරන

    විදුලි මෝටර් රථ පැමිණීමෙන් ලංකාවේ මිනිරන් සහ ගෑස් සම්පතට අලුත් අගයක් ලැබෙනවා - ඇමති චම්පික රණවක
    ‘පසුගිය කාලයේ යුරෝපා සංගමයේ බොහොමයක් රටවල් බහුතරයක් ප‍්‍රකාශ කර සිටියේ 2040 හෝ 2050 දී ඔවුන් තමන්ගේ පෞද්ගලික මෝටර් රථ සියල්ලම තෙල් හෝ ගෑස් භාවිතයෙන් තොරව විදුලියෙන් දුවවන බවයි. ඒ අනුව බොහෝ දෙනෙක් අසන ප‍්‍රශ්ණය වී තිබෙන්නේ අනාගතයේ තෙල් හා ගෑස් සම්පතට කුමක් සිදුවේද යන්න පිළිබඳවයි. ඇත්තටම තෙල් හා ගෑස් සම්පතත්, ඒ හා බැඳුණු ප‍්‍රවාහන සේවයත්, ඒ වගේම ඒ සම්බන්ධයෙන් සිදු වූ ප‍්‍රධානම නිර්මාණශීලි සොයාගැනීම වූ අපි ICE නමින් හඳුන්වන Internal combustion engine නොහොත් අන්තර් දහන එන්ජිමත් මේ ලෝකයේ විශාල විප්ලයක් සිදු කළ බව අප සියළු දෙනා දන්නවා.

    යුරෝපයේ සිදු වූ කාර්මීකරණයේ යුග තුනක් පසුකොට දැන් අප ගෙවමින් සිටින්නේ හතරවන යුගයයි. පළමුවන යුගයේදී සිදු වූයේ ශ‍්‍රමයේ ඵලදායීතාවය ඉහළ නංවන යන්ත‍්‍රඋපකරණ ගොඩනැගීමයි. ක්‍රි.ව. 1760 සිට 1860 දක්වා කාලයේ මෙය සිදු උනා. දෙවන යුගය 1860 සිට 1960 දක්වා වූ වසර 100 තුළ පොසිල ඉන්ධන යුගය ලෙස අපි හඳුනා ගන්නවා. තෙල් ගෑස් ගල් අඟුරු අපේ ජීවිතවල මහවෙනසක්, විප්ලවයක් ඇති කළා. තෙල් අපේ ලෝකයේ අනාධිමත් කාලයක සිට විවිධ පුද්ගලයින් විවිධ දේ සඳහා භාවිත කළා. නමුත් ප‍්‍රථම වාණිජ තෙල් ළිඳ ෆ‍්‍රැන්සිස් ඩේ‍රක් ඇමරිකා එක්සත් ජනපදයේදී කණිනු ලැබුවේ 1956 වැනි වකවානුවක. එය ඉතාමත් බලගතු ව්‍යාපාරයක් බවට පරිවර්ථනය වෙනවා. ඊළඟ වසර 40 ඇතුළත. ඒ සඳහා මුල් උනේ ස්ටෑන්ඩඞ් ඔයිල් සමාගම. ඒ වගේම 1859 දී යුරෝපයේ ජීවත් වූ ලෙනෝ නැමති විද්‍යාඥයෙක් විසින් අන්තර් දහන එන්ජිම සොයා ගත්තා. තෙල්වල පවතින රසායන ශක්තිය චාලක ශක්තිය බවට පත් කර වාහනයක් දිවවීමට හැකි බවට වූ ප‍්‍රථම නිර්මාණය කළේ ඔහුයි. ඉන්පසු මෙයට කානොට් විසින් ඉතා බලගතු නිර්මාණශීලී දායකත්වයක් කළා ඒ මගින් වර්තමාන අන්තර් දහන එන්ජිම නොහොත් ICE එක බිහි වීම සිදු උනා.

    තෙල් ආරම්භක යුගයේදී ජොන් ඩී රොකෆෙලර් විසින් ඇතිකළ ඒ ඛණිජ තෙල් විප්ලවයත් සමග බොහෝ දුරට භාවිත වූයේ ගෙවල් ආලෝකකරණ ක්‍රියාවලියක් ලෙසයි. ඒ සඳහා කළින් භාවිතා කළ තල් මසුන්ගෙ තෙල් පාවිච්චි කිරීම අතහැර භූමිතෙල් භාවිත කර ගෙවල් ආලෝකකරණයට විශාල ඉල්ලුමක් ඇති වුණා. තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයා ගැනීමත් එම කාලයේදීම යුරෝපයෙත් මෙම නිර්මාණය සිදුවීමත් ආරක්‍ෂිත විදුලි පහනක් ලෙස විදුලි බල්බය සීග‍්‍රයෙන් ජනප‍්‍රිය වෙන්න පටන් ගත්තා. ඒ හා සමගම නිවෙස් ආලෝකකරණයට තිබූ ඉල්ලූම පහළ වැටුනා. මෙන්න මේ අවස්ථාවේදී තෙල් සමාගම්වල උපකාරයට ඉදිරිපත් උනේ අන්තර් දහන එන්ජිම. විශේෂයෙන්ම ඒ කාලයේ මතයක් තිබුණා, ගෑස් බලයෙන් දුවපු, තෙල් බලයෙන් දුවපු වාහන වලට වඩා අශ්වයින් ලවා මේ කටයුත්ත කිරීම ඉතාමත් වේගවත් බව. ඒ සඳහා බොහොම උපහාසයෙන් තමයි මුල් කාලයේදී මේ මෝටර් රථය නමැති දේ බාර ගත්තේ. නමුත් 1894 දී ප‍්‍රංශයේ සිදු වූ විශේෂිත ප‍්‍රදර්ශනයකදී තෙල් දහනය කරන ලද මෝටර් රථ සෙසු මෝටර් රථ අභිබවා ඉදිරියට ආවා. ඒ වගේම එම කාලයේදීම විදුලි බලයෙනුත් මෝටර් රථ ධාවනය කළ හැකි බව පවසමින් විදුලි බලයෙනුත් දිව යන මෝටර් රථ සැකසූ බවයි වාර්තා වෙන්නේ.

    ඇමරිකා එක්සත් ජනපදයේ හෙන්රි පෝඩ්, ජර්මනියේ බෙන්ස් සමාගම, පර්ජෝ සමාගම, රෝල් රොයිස් සමාගම වැනි සමාගම් ගණනාවක් මෙම මෝටර් රථ කර්මාන්තය ඉහළ අඩියකට ගෙන ආවා. ඉතා කෙටි කලකින් අශ්වයින් විසින් ගෙන යන ඒ වාහන වෙනුවට, ඒ වගේම වාෂ්ප වලින් දුවන වාහන වෙනුවට විදුලි වාහන වෙනුවට තෙල් යොදා ධාවනය කරන ප‍්‍රමාණය සීග‍්‍රයෙන් වැඩි උනා. ජපානය මේ කි‍්‍රයාවලියට එකතු වීමත් සමග ටෙයොටා, මිට්ෂුබිසි, නිසාන් විප්ලවයත් සමග ඉතාමත් අඩු තෙල් ප‍්‍රමාණයකින් වැඩි දුරක් ධාවනය කළ හැකි කාර්යක්ෂම සුමට වාහන බිහිවීමත් සිදු උනා. ඒ වගේම එතෙක්කල් ගල් අඟුරු වලින් වාෂ්ප වලින් දිවූ දුම්රිය, නැව් ඛනිජ තෙල් භාවිත කර ධාවනය ආරම්භ කළා. ඒ දෙකටම පළවෙනි ලෝක මහා සංග‍්‍රාමය ඇති වෙච්ච යුධමය අවශ්‍යතා ඉතාම දැඩි ලෙස බලපෑවා. කෙසේ වෙතත් මේ මගින් ලෝක ප‍්‍රවාහනයේ විශාල විප්ලවයක් සිදු උනා. අදවන විට ලොකයේ මෝටර් වාහන ප‍්‍රමාණය බිලියනයක් පමණ වෙතැයි කියා තක්සේරු කර තිබෙනවා. ලෝක ජනගහණය බිලියන 7 යි. රථවාහන ප‍්‍රමානය බිලියනයකට ආසන්නයි. මේකෙන් විශාලතම වාහන ප‍්‍රමාණය ඇමරිකා එක්සත් ජනපදයෙත්, යුරෝපයේත්, චීනයෙත් අදවන විට පවතිනවා.

    දැන් මේ නව විදුලි මෝටර් රථ නිසා මේ පැරණි මෝටර් රථයට අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා. තවමත් ලෝකයේ මෝටර් රථවලින් විදුලි බලයෙන් දුවන මෝටර් රථ ප‍්‍රමාණය 1% ක් පමණ පොඩි ප‍්‍රමාණයක්. නමුත් මේ මෑතදී කරන ලද විවිධ පුරෝකථනයන් මගින් පෙනී ගියා විදුලි මෝටර් රථයට ආවේණිකව තිබූ යම් යම් අඩු පාඩු සකස් කරගෙන ඉදිරියට පැමිණි බව. විදුලි මෝටර් රථය දුවයන බැටරිය චාර්ජ් කර ගැනීමෙන් පසුව කිලෝ මීටර් 20 කට 30 කට වඩා වැඩි දුරක් යන්න මෝටර් ධාවනය කර අසමත් වීම ප‍්‍රධාන හේතුවක් උනා. නමුත් අදවන විට ටෙස්ලා වැනි ආයතනවල මැදිහත්වීම නිසා කිලෝමීටර් 600 - 1000 තරම් සීමාවකට ළඟා වී තිබෙනවා. ඒ අනුව එක්වරක් පණ ගැන්වීමෙන් පසු කිලෝමීටර් 1000 ක් තරම් දුරකට ගමන් කිරීමට මේ විදුලි මෝටර් රථ සමත් වෙලා තිබෙනවා.

    ඊළඟට පැන නැගුණු ගැටළුව තමයි මේ විදුලි මෝටර් රථවල මිල ගණන්. බැටරි විස්ථාපනය කිරීමට යන වියදම මෝටර් රථයට යන වියදම යනාදි කාරණා. ඒ කරුණු සම්බන්ධයෙන් සලකා බලන විට මේ විදුලි මෝටර් රථවල ගැලවීමට ඉදිරිපත් වුයේ චීනය. චීනයේ මහාපරිමාණ කර්මාන්ත කරුවන් විසින් දැන් විදුලි මෝටර් රථවල මිල ගණන් සීග‍්‍රයෙන් අඩු කර ඒවා සාමාන්‍ය ජනතාවගේ භාවිතයට ගත හැකි තත්වයකට පරිවර්ථනය කර තිබෙනවා. එවිට ඒ බාධකයත් ඉවත් උනා. ඊ ළඟට තෙවැනි කාරණය තිබුණේ කොහේද මේවා අවශ්‍ය වේලාවට ආරෝපණ ගන්වන්නේ, එහෙම නැත්නම් චාර්ජ් කරන්නේ කියලා. මේවා ගෙදරදී චාර්ජ් කර ගන්නේ කියන එක. කොරියාව වැනි රටවල් වාහනය යද්දීම චාර්ජ් වෙන ක‍්‍රමවේද සොයාගෙන තිබෙනවා. ඒ නිසා විදුලි මෝටර් රථයට අනාගතය බරපතල විදිහට දැන් විවෘත වී තිබෙනවා.

    ඊ ළඟට තිබූ වැදගත්ම බාධකය තමයි මෙහි වේගය. වේගයෙන් ධාවනයේ යෙදීමට නොහැකිය යන කාරණය. බොහෝ විට නගරවල මාර්ග තදබදය නිසා ප‍්‍රයෝජනවත් වාහනයක් උනාට එය වේගයෙන් යන්න බැහැ කියන පසුබිම පදනම තිබුණා. නමුත් මේ වන විට පැයට කිලෝමීටර් 100 -200 තරම් යා හැකි විදුලි මෝටර් රථ බිහි වී තිබෙනවා. එ වගේම විදුලි මෝටර් රථයේ අතිරේක ප‍්‍රයෝජනය වී තිබෙන්නේ මේ මගින් වායු විමෝචනයක් සිදු නොවන නිසා පරිසර දූෂණයට, ගෝලීය උණුසුම වැඩිවීමට දැනට පෙට‍්‍රල් ඩීසල් දක්වන දායකත්වය සැලකිය යුතු ප‍්‍රමාණයකින් මේ මගින් අඩුවීමට ඉඩ ඇති බවයි.

    කෙසේ වෙතත් පවතින පුරෝකථනය අනුව ලොකයේ වාහන වලින් 50% ක් පමණ 2030 වන විට පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ ලෙස දැක ගත හැකි බවයි පෙනී යන්නේ. ඒ වගේම විදුලි මෝටර් රථවල ඇති වී තිබෙන ඊ ළඟ විප්ලවය නම් රියදුරෙක් නොමැතිව ස්වයං පරිගණක පද්ධතියක් හා කැමරා පද්ධති මගින් ධාවනය වන රථ වාහනත් සීග‍්‍රයෙන් ජනප‍්‍රිය වීමයි. ප‍්‍රධාන සමාගම් ටෙස්ලා, ගූගල්, බෙන්ස් ආදී ප‍්‍රධාන සමාගම් බොහොමයක් මෙයට දැන් ඉදිරිපත් වීතිබෙනවා. විශේෂයෙන් දුර ගමන් යාමේදී වාහන පාර්ක් කර ගැනීමේදී, කාන්තාවන් වාහන එළවීමේදී ආදි මතුවන දුෂ්කරතා සියල්ලම ජයගන්න මේ ස්වයංව ධාවනය වන මෝටර් රථ සමත්ව තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඇත්තටම මමත් යුරෝපයේදී බෙන්ස් සමාගම මගින් නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක ගමන් කිරීමට වාසනාව ලැබුවා. එහිදී මට පෙනී ගියේ සාමාන්‍ය රියදුරෙකුට වඩා ඉතාම කඩිනමින්, ඉතාමත් කලබලකාරී වීථිවල ගමන් කිරීමටත්, නිවැරදිව පාර්ක් කිරීමටත්, මාර්ග නීති නිවැරදි අයුරින් ගමන් කිරීමටත් ස්වයංකාරී විදුලි මෝටර් රථ සමත්වන බවයි. ඒනිසා ස්වයංකාරී මෝටර් රථත් ඉදිරි කාලයේදී ඉතා සීග‍්‍රයෙන් වර්ධනය වීමට නියමිතයි.

    කෙසේ වෙතත් ලෝකයේ තෙල් හා ගෑස්,ඉන්ධනවලට තිබෙන ඉල්ලූම අඩුවෙයිද? කිසියම් දුරකට පෙට‍්‍රල් හා ගල් අඟුරුවලට තිබෙන ඉල්ලූම මෙයින් අඩුවිය හැකියි. කෙසේ වෙතත්, දුම්රිය, බරවාහන වලට තිබෙන විසඳුමක් තවමත් ලැබිලා නැහැ. ඞීසල් නමැති ජර්මන් ජාතිකයා බිහිකල ඩීසල් එන්ජිම තමයි බරවාහනවලට හසු උනේ. දුම්රිය වැනි ප‍්‍රධාන ප‍්‍රවාහනය සිදුවන බඩු ඇද යන ඒවා ඒ වගේම ප‍්‍රධාන බස් රථ, මගී ප‍්‍රවාහන සේවා ශක්තිමත් කිරීම සිදු වූනේ මෙකෙන්. තවමත් මේ සඳහා විසඳුමක් ලැබී නැහැ. ඒ අනුව අනාගතයේ විසඳුමක් ලැබීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් බැටරිවල අධික බර සහ බැටරි තැනීමට අවශ්‍ය කරන නොයෙක් රසායන ද්‍රව්‍යවල තිබෙන හිඟය විසින් මෙය කිසියම් දුරටකට සීමාකාරී වී තිබෙනවා. ඒවගේම අනාගතය සඳහා ගමන් කිරීමේදී යම් දුරටකට පෙට‍්‍රල් හා ඩීසල්වල අඩුවක් දැක ගන්න ලැබුණත් ගෑස් , ගල් අඟුරු වැනි දේවල් තවදුරටත් අනාගතය අවශ්‍ය වෙන්න නියමිතයි. 2040 වනවිට මුළු ලෝකයේ පුද්ගලික වාහන විදුලි බලයෙන් දිව්වත් ගෑස් සහ ගල් අඟුරුවල ඉල්ලූම අඩු වීමට ඉඩක් නැහැ. එයට හේතුව කොහෙන් හෝ විදුලිය නිපදවීම අවශ්‍ය නිසා. ඒ නිසා විදුලිය නිපදවීමේ උපාය මාර්ගයක් ලෙස මේ සියවස වෙනතෙක්ම වාගේ ගල් අඟුරුවලටත්, ඒ වගේම ගෑස්වලටත් තිබෙන ඉල්ලූම යම් ආකාරයකින් පවතී යයි විද්‍යඥයින්ගේ විශ්වාසය. ඒ අනුව ගෝලීය උණුසුම වැඩිවීමේ වර්ධන වේගය යම් ආකාරයකින් පාලනය උනත් එය අඛණ්ඩව වර්ධනය වීමට ඉඩකඩ තවදුරටත් තිබෙනවා.

    මෙහිදී ශ‍්‍රී ලංකාවටත් විශේෂ තත්ව දෙකක් තිබෙනවා. එකක් තමයි විදුලි මෝටර් රථ තැනීම සඳහා භාවිත කරන මිණිරන් වලින් තනන ග‍්‍රැෆීන් නැමැති නව නැනෝ මූල ද්‍රව්‍යය. ලංකාවේ මිනිරන් ලෝකයේ තිබෙන පිරිසිදුම මිනිරන්. ඒ අනුව ගැෆීන් ලංකාවේ සෑදිය හැකි බව විද්‍යාඥයින් කිහිප දෙනෙක් විසින් ම ඔප්පු කර තිබෙනවා. ඒ අනුව මේ නවීන විදුලි මෝටර් රථවලට අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍යයක විශේෂ හැකියාවක් ලංකාවට තිබෙනවා. ඒ වගේම අපේ වෙරළ තීරයේ සහ අපේ මුහුදු සීමාවේ ගෑස් සම්පත බහුලව තිබෙනවා. අවාසනාවකට තවමත් අපි මේ ගැන නිසි අවධානය යොමු කර නැහැ. මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්බන්ධව පර්යේෂණයක් කළා. ගෑස් සම්පත හා තෙල් සම්පත තිබෙන බව ඒ මගින් ඔප්පු උනා. 2003 - 2008 කාලයේ. ඒ වගේම එම ස්ථානයේ ස්ථාන තුනක කැණීම් කටයුතු සිදු කළා. බැරිකියුඩා සහ ඩොරැඩෝ නමින් ගෑස් ලිං දෙකක් අපට හමු උනා. මෙය ඇත්තටම තව වසර 40 කට ලංකාවේ විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ දැනට පවතින ඉන්ධනවලින් දුවන විදුලි බලාගාර ගෑස් වලින් දිවවීමට සමත් තරම් විශාල ප‍්‍රමාණයක්. මේ ගෑස් අපි මන්නාරමේ සිට කොළඹ කෙරවලපිටියට ගෙන ආ විට ඉතාමත් ප‍්‍රයෝජනවත් දෙයක් වනවාට සැකයක් නැහැ. විශේෂයෙන්ම නිවාසවලට මේ ගෑස් ලබා ගැනීමටත් ඒ වගේම අතිරේක දේවල් නිෂ්පාදනයට, පොහොර, නයිලෝන් වැනි තවත් රසායනික නිෂ්පාදන ගණනාවකට මෙය තුඩු දෙනවා.

    ඒ අනුව ලංකාව වහාම ප‍්‍රමුඛතාවයක් ලෙස මේ ගෑස් සම්පත උකහා ගැනීමටත් යොමු විය යුතුයි. මේ විදිහට බැලූවාහම අනාගත ලෝකයේ ඇතිවන මේ ක්‍රියාවලියේදී සූර්යය බලය හා සුළං බලය වැනි ප‍්‍රතිචක‍්‍රීයකරණ, විශේෂයෙන්ම හරිත බලශක්තිවලට විශාල ඉඩ කඩක් විවෘත වුණා. නමුත් තවමත් මේ සියවස අවසන් වන තෙක් අපේ ජීවිත කාලය තුළ අපට දැක ගැනීමට හැකිවන්නේ ගෑස් හා ගල් අඟුරුවල ඉල්ලූම අඩු නොවන බවයි. ඒ නිසා ශ‍්‍රී ලංකාව ගෑස් ගවේෂණය හා නිෂ්පාදනයටත් ඒ වගේම අපේ මිනිරන් ඉතාම අඩු මුදලකට විදේශයන්ට නොයවා, මිනිරන් ව්‍යාපාරය ජාතික සම්පතක් ලෙස සලකා අපේ විද්‍යාඥයින්ගේ නිර්මාණශීලිත්වයත් එකට කැටිකර ග‍්‍රැෆීන් නිෂ්පාදනයට අපි යොමු වුව හොත් අපට විශාල ශක්තියක් විදුලි මෝටර් රථ නිෂ්පාදනයෙන් ලැබෙන බව ප‍්‍රකාශ කරනවා’

    (ඇමැති චම්පික රණවක සිය ෆේස්බුක් පිටුව හරහා කරන ලද අදහස් දැක්වීමකි)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර

    Bump :yes::yes::yes:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ithin bn EV walata tax eka adu kara nm apita solar ganna puluwan ne e gaanin.
    lifetime investment ekak.. rajayatath oni nm madihath wela me wade karana
    puluwan.

    oya kiyanne gedarata solar gannawa kiyala neda tax adu kala pramanen?

    mama aththatama wena de kiyannada?

    ** CEB eka danatamath power generate karanne jala-widuliyen. ewa sampreshanaya karanna loku wiyadamak karala kanu-kami adala danatamath pragdanaya wiayadama karala maintenance karanawa

    **CEB ekata jal-widuliyen illuma denna bari nisa diesal puchchala saha mii hydro power station walin salli walata aran widuliya denawa.

    **oya yojana karana EV car ganna CEB grid eken ayin wela solar power walinma current eka ganna usersla percentage eka samasta CEB usersla ekka baluwama podi prathishathayak.

    **ehema podi prathishathayakin CEB heavy demand ekata wena balapema hungak podiy.

    ** ithin CEB ekata wena wasiyak ne. CEB ekata danena wasiyak wei CEB grid eka yana eka hunga wiyadam wena dushkara kandukara paththaka mulu gamakma wage EV cars aran ituru sallli walata solar current eka gannawanam. (CEB ekata ituruyi wiyadama)

    **anith eka CAR aran gedarama charge karanne nene. maga charging point walin labeta CEB line eken charge kara ganiyi :yes: