විදුලි_සැර

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අවුරුදු ඉවරය. සිංහල අවුරුදුවලට පසුව සෑම වසරකම පාහේ එක්‌කෝ ඉන්ධන මිල ඉහළ ගියේය. නැතිනම් විදුලි ගාස්‌තු ඉහළ ගියේය. නොමැති නම් ගෑස්‌ හෝ බස්‌ ගාස්‌තු ඉහළ ගියේය. මේ සිංහල අවුරුද්දට පොදු මහජනතාවට ආණ්‌ඩුව දුන්නේ විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තෑග්ගය.

    මෙවර විදුලි ගාස්‌තු ඉහළ දැමීම නම් රටේ ආර්ථික බිඳවැටීම පෙන්වන කැඩපතකි. ඒ තරමටම රටේ ආර්ථිකය අර්බුදයකට ගොසිනි.

    මේ වසරේ පෙබරවාරි මාසයේ 22 වැනි සිකුරාදා වන විට ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවිය. ඔක්‌ටේන් 90-95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් හතකින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද ඉහළ දැමූ රජය කාර්මික භූමිතෙල් මිල රුපියල් හතරකින් ඉහළ දැම්මේ දැවි තෙල් මිලෙහි වෙනසක්‌ නොකරමිනි. නමුත් හරියටම අප්‍රේල් 01 වැනිදා සිට දැවි තෙල් මිලද ඉහළ දැමුවේ මේ රටේ ජනයා මෝඩයින් ලෙස සලකමිනි.

    අප්‍රේල් 01 වැනිදා සිට විදුලි ගාස්‌තු වැඩි කරන බව කියමින් විදුලි ගාස්‌තු වැඩි කිරීමට අදාළව යෝජිත විදුලි ගාස්‌තු ප්‍රකාශයට පත් කළේ අභිනවයෙන් විදුලි ඇමැතිකමට පත් වූ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පෙරටු කරගෙනය. තෝරාගත් මාධ්‍යවේදීන්ට පමණක්‌ ආරාධනා කර පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව අදාළ ගාස්‌තු වැඩිවන යෝජනාව මහජන උපයෝගිතා කොමිසම හමුවට ඉදිරිපත් කෙරිණි. සති කිහිපයක්‌ තිස්‌සේ විදුලි ගාස්‌තු සම්බන්ධයෙන් වාචික හා ලිඛිත අදහස්‌ ලබාගත් මෙම කොමිසම මුල සිටම කීවේ විදුලි ගාස්‌තු වැඩි කිරීමට අවශ්‍යතාවක්‌ නොමැති බවකි. නමුත් ලංකා විදුලිබල මණ්‌ඩලයට මෙම වසරේ අපේක්‍ෂිත වියදම පියවා ගන්නට නම් විදුලි ගාස්‌තු වැඩිකිරීමේ අවශ්‍යතාවක්‌ මතුව තිබිණි. අවසානයේදී රජයේ ප්‍රතිපත්තියට අනුව අවසන් තීරණය ගත් බව කීමට එම කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තාට සිදුවිය.

    2013 ජනවාරි 28 වැනිදා කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනය මේ මොහොතේ සිහි නොකරම බැරිය. හේතුව එම කැබිනට්‌ සංශෝධනයෙන් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති ලෙස සිටි සුසිල් ප්‍රේම්ජයන්තත්, විදුලිබල ඇමැති ලෙස සිටි පාඨලී චම්පික රණවකත් එම ඇමැති ධුරවලින් ඉවත් කොට පවිත්‍රාදේවි වන්නිආරච්චිට විදුලිබල ඇමැතිකමත්, තෙල් ඇමැතිකමට අනුර ප්‍රියදර්ශන යාපාත් පත් කිරීම හා තෙල් මිල හා විදුලි ගාස්‌තු ඉහළ දැමීම එකට බැඳී ඇති බැවිනි.

    ඇත්තටම ඒ ඇමතිධුර වෙනස්‌ කළේ මේ ටික කිරීමටද? කොයි කාටත් එහෙම හිතෙන්නේ තෙල් මිලත්, විදුලි බිලත් නහුතෙට වැඩිවීගෙන යන බැවිනි.

    තෙල් මිල කෙසේ වෙතත්, විදුලි බිල වැඩි වූ ආකාරයට එරෙහිව මේ වන විටත් විශාල ජනතා විරෝධයක්‌ එල්ල වී ඇත. විෂය පිළිබඳ හසල දැනුමක්‌ තිබූ ඇමැතිවරු වෙනුවට වෙනත් අය දමා මේ ගහන පැලැස්‌තරවල අවසානය ඉතා භයානක බව විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවරුන්ගේ අදහසකි.

    මෙරට විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්‍ෂ පනස්‌පහක්‌ පමණකි. මොවුන්ගෙන් ලක්‍ෂ පනහක්‌ම ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ය. රටේ මුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට හැත්තෑපහක්‌ම මසකට විදුලි ඒකක 90-100 දක්‌වා වූ විදුලි ප්‍රමාණයක්‌ පාවිච්චි කරන සාමාන්‍ය දිවි ගෙවන අසරණ ජනතාවය. මෙවර ලංකා විදුලිබල මණ්‌ඩලය සකසා මහජන උපයෝගී කොමිසමේ නිර්දේශයට ඉදිරිපත් කර, සංශෝධන සහිතව ප්‍රකාශයට පත් කර ඇති ගාස්‌තු නැංවීමෙන් අප කතා කරන විදුලි ඒකක 90-100 අතර විදුලි පාරිභෝගිකයන්ගේ සිට ඒකක 30-60 භාවිතා කරන දුප්පතුන්ගේ බඩටම ගසා ඇත. අප කතා කරන්නේ ඒ පිළිබඳවය.

    ලබන 20 වැනිදා සිට ක්‍රියාත්මක නව ගාස්‌තු අය ක්‍රමය හරහා ලංකා විදුලිබල මණ්‌ඩලය උත්සාහ ගන්නේ ලක්‍ෂ පනහක්‌ පමණ වන විදුලි ඒකක 90 මට්‌ටමෙන් විදුලිය පාවිච්චියට ගන්නා ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් මේ මුදල් ටික අයකර ගැනීමටය. ඉතිරි ලක්‍ෂ පහක්‌ පමණ වන කර්මාන්තකරුවන් හා සුපිරි දිවි ගෙවන අයගේ විදුලි බිල්පත සියයට විස්‌සකට වඩා අඩු ප්‍රතිශතයකින් ඉහළ දමා ගෘහස්‌ත විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්‌තුව සියයට හැටපහකටත් වඩා ඉහළ ප්‍රතිශතයකින් ඉහළ දැමීම කාගේ උපදෙස්‌ මත සිදුවී දැයි ජනතාව කල්පනා කළ යුතුය.

    මේ සඳහා එක්‌ උදාහරණයක්‌ පමණක්‌ හුවා දැක්‌වීම ප්‍රමාණවත්ය. ඔබ විදුලි ඒකක 90 ක්‌ පාවිච්චියට ගන්නා නිවසේ ප්‍රධානියා යෑයි සිතමු. එවිට ඔබගේ විදුලි ඒකකයක මිල රුපියල් 8.50 කි. එවිට ඒකක 90 සඳහා රුපියල් 765 ක ගාස්‌තුවක්‌ නියම වේ. එපමණක්‌ද ඊට රුපියල් 90 ක මාසික ස්‌ථාවර ගාස්‌තුවක්‌ද, ඉන්ධන ගැලපුම් ගාස්‌තුව (මාසික විදුලි පරිභෝජන වියදම මත ප්‍රතිශතය ලෙස) සියයට 40 ද එක්‌වූ පසු රුපියල් 306 ද එක්‌ව මාසික විදුලි බිල්පත ලෙස රුපියල් 1161 ක බිලක්‌ ලැබේ. එය කොපමණ විශාල වැඩිවීමක්‌ දැයි ඔබට වැටහෙනු ඇත. මෙහි භයානකම අය ක්‍රමය එන්නේ ඊට පසුවය. යම් හෙයකින් ඔබගේ විදුලි පරිභෝජනය ඒකක 90 සීමාව 91 දක්‌වා වැඩි වූ විට සිදුවන්නේ අති විශාල විනාශයකි.

    ඒකක 91 වූ විට, විදුලි ඒකකයක මිල වැඩි වන්නේ රුපියල් 15.00 සිටය. විදුලි ඒකක 91 වූ විට මසක විදුලි බිල රුපියල් 1065 ක්‌ ලෙසට ඊට මාසික ස්‌ථාවර ගාස්‌තුව වන රුපියල් 315 ද, ඉන්ධන ගැලපුම් ගාස්‌තුව (මාසික විදුලි පරිභෝජන වියදම මත ප්‍රතිශතය) වන රුපියල් 546 ද එක්‌ වූ පසු විදුලි බිල්පත රුපියල් 2226 ක්‌ බවට පෙරලේ. මෙය හෙන ගහන තරම් අපරාධයක්‌ නොවේද?

    ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන් ඒකක 90 ට වඩා අඩුවෙන් විදුලිය භාවිතා කිරීමට නොගන්නා උත්සාහයක්‌ නැත. එහෙම තිබියදීත් ඒකක 91, 92 ආදී ලෙස කඩඉම පැන යැම හරහා නිවෙස්‌වල ආර්ථික ප්‍රශ්න දෙගුණ තෙගුණ වී නොයන්නේද? ඒකක 90 සිට 91 දක්‌වා එක්‌ විදුලි ඒකකයක්‌ වැඩිවීම හරහා ගාස්‌තු වැඩිවීමේ ප්‍රතිශතය සියයට 125 ද ඉක්‌මවා ඇත.

    විදුලිය පිළිබඳ අබමල් රේණුවක දැනුමක්‌ නැති ඇමැතිවරුද, නැති බැරිකම නොහඳුනන අධමයින්ද, මිනිස්‌කම නොහඳුනන දේශපාලන අතකොලු ද මේ අය ක්‍රමය පිළිබඳ යළි කල්පනා කළ යුතු නොවේද?

    2012 වසරේදී ලංකා විදුලිබල මණ්‌ඩලයේ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 6120 කි. තෙල් සංස්‌ථාවේ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 8970 කි. ඒ බව 2012 මහ බැංකු වාර්තාවේ සඳහන්ය.

    දේශපාලනඥයන්ගේ වැරදි දේශපාලන මගපෙන්වීම්, රාජ්‍ය නිලධාරීන්ගේ අදුරදර්ශී කළමනාකරණ, වංචා දූෂණ අක්‍රමිකතා හා කොමිස්‌ ජාවාරම් හරහා විනාශ වී ඇති රාජ්‍ය ආයතනවල අලාභය පවා පොදු මහජනතාව මෙලෙස දැරිය යුතුද?

    අධි සුඛෝපභෝගී දිවි ගෙවන, අති සුඛෝපභෝගී වාහන භාවිත කරන උදවිය වෙනුවෙන් බඩගින්න ඉවසිය යුත්තේ දුප්පතුන්ද? පෙට්‍රල්, ඩීසල් භාවිතා නොකරන උදවිය, බදු හරහා මේ පව් ගෙවන්නේ ධනවතුන් වෙනුවෙනි.

    විදුලි ඒකක 90 ට අඩුවෙන් භාවිතා කර, යාන්තම් රැය පහන් කර ගන්නා ලක්‍ෂ පනස්‌ පහක ජනතාව, ලක්‍ෂ පනහක්‌ වන සුපිරි දිවි ගෙවන අයගේ සොමි ජීවිතය වෙනුවෙන් සියයට 65 කට වැඩි ප්‍රතිශතයකින් වැඩි වූ විදුලි ගාස්‌තු ගෙවන්නට පව් කර ඇත.

    එනිසා විදුලි ගාස්‌තු වැඩි කර ඇති නපුරු හා වැරදි ක්‍රමය පිළිබඳ ඉහළ දේශපාලන නායකයෝ යළි සොයා බැලිය යුතුය.

    අපේ රටේ දෛනික විදුලි ඉල්ලුම මෙගා වොට්‌ පැය 2150 කි. (ගිගා වොට්‌ පැය 32-35 අතර ගණනකි.) මෙරට වාර්ෂික විදුලිබල අවශ්‍යතාව ගිගා වොට්‌ පැය 12,000 කි. එයින් මුල් ගිගා වොට්‌ පැය 6000 වෙනුවෙන් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 7.00 කි. එය සමාන වන්නේ වාර්ෂික ජල විදුලි නිෂ්පාදනයටය. ගෘහස්‌ථ පාරිභෝගිකයන් ලක්‍ෂ පනස්‌ පහකටම වාර්ෂිකව අවශ්‍ය වන්නේ ගිගා වොට්‌ පැය 4161 කි.

    වැඩි මිලට විදුලිය මිලදී ගන්නේ ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් නොව කර්මාන්ත, හෝටල් හා සුපිරි දිවි ගෙවන උදවියගේ විදුලි අවශ්‍යතා පිරිමැසීමටය. ලංකා විදුලිබල මණ්‌ඩලයට පාඩුවක්‌ සිදුවන්නේ නම් සිදුවන්නේ ඒ නිසාය. ලක්‍ෂ පනහක්‌ පමණ වන ඒ පිරිසට අවශ්‍ය ගිගා වොට්‌ පැය 6000 ක විදුලි අවශ්‍යතාව වෙනුවෙන් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ක්‌ පමණකි. මේ ගෘහස්‌ථ පාරිභෝගිකයන්ගෙන් අති විශාල ලෙස මුදල් අයකර ගන්නේ ඒ සුපිරි මට්‌ටමින් විදුලිය භාවිතා කරන ලක්‍ෂ පහක පාරිභෝගික පිරිස

    රැකීමටය. මෙය ජනතා රජයක්‌ යෑයි කියන උදවිය රකින්නේ පොදු මහජනතාව නොව වෙනත් පිරිසකි. ඇමැති මාරුව, ජනතාවගේ මාරක ග්‍රහ මාරුවක්‌ වී ඇතැයි සමහරු කියති.

    ඕනෑ දෙයකට යර්ස්‌ කියන ඇමැතිවරු නිලධාරීහු හා දේශපාලන හෙන්චයියන් මේ වළ කපන්නේ පොදු මහජනතාවටය. ලෝක වෙළෙඳ පොළට ගසා තිබෙන ප්ලග් ගලවන බව කියූ විමල් වීරවංශ වැනි දේශපාලකයන් සිටින ආණ්‌ඩුවකට මීට වඩා යමක්‌ කළ හැකිය. අඩුම තරමින් ලෝක වෙළෙඳ පොළට ගසා තිබෙන ප්ලග් එක කෙසේ වෙතත්, වංචා දූෂණවලට කපා තිබෙන අගල් ටිකවත් වසා දැමීමට මේ ආණ්‌ඩුවට බැරිකමක්‌ නැත. කී දේ, දින කිහිපයකින් අමතක කරන, දෙන පොරොන්දු එසැනින් කඩන මේ අඳබාල දේශපාලනඥයන් නිලධාරීන් වෙනුවට දක්‍ෂ, දේශපාලනඥයන්, ඇමැතිවරුන්, නිලධාරීන් දැන්වත් මේ රාජ්‍ය ආයතන නිවැරැදි මගකට ගැනීමට පෙළ ගැසිය යුතුය.

    යර්ස්‌ සර් කියනවාට වඩා අවශ්‍ය වන්නේ නෝ සර් කියන අය ය. එහෙම නෙවෙයි මෙහෙම කරමු කියන අය ය. අලුතින් ගමනක්‌ යා හැක්‌කේ එවිටය. ඇමැතිකම, සභාපතිකම, සාමාන්‍යාධිකාරි තනතුර ගැන පමණක්‌ සිතා කටයුතු කිරීමට වඩා ගමට ගොස්‌ ගොවිතැනක්‌ බතක්‌ කර ජීවත් වීම හොඳය. එය මේ රටට කරන ලොකුම යුතුකම වනු ඇත. පොදු මහජනතාව තලා පෙළා තාවකාලිකව ලබන සැපතට වඩා එය නම්බුකාරය. තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය ඇතුළු රාජ්‍ය ආයතන භාර උදවිය පමණක්‌ නොව රාජ්‍ය ආයතන විනාශ කරන කොයි කවුරුත් එය කල්පනා කළ යුතුය.








    ශිරාන් රණසිංහ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විදුලි බිල වැඩි කිරීමට එරෙහිව
    එජාප - ජවිපෙ උද්ඝෝෂණ




    විදුලි ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ උද්ඝෝෂණ පැවැත්වීමට තීරණය කර ඇත.

    මෙවර අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආණ්‌ඩුව ජනතාවට දුන් ලොකුම තෑග්ග වන විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක්‌ ආරම්භ කරන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

    ලබන මැයි පළමුවැනිදා පැවැත්වෙන මැයි රැලියේදී ද විදුලි ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධව විරෝධය දැක්‌වීමට කටයුතු කරන බව ජාතික වතු කම්කරු ශාලාවේදී ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

    විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන අදහස්‌ ලබා ගන්නා බව කියමින් මහජන උපයෝගිතා කොමිසම ජනතාව රැවැට්‌ටූ බවත් එහි සාමාජිකයන් ආණ්‌ඩුවේ හිතවතුන් බවත් හෙතෙම පැවැසීය.

    ගාස්‌තුව ඉහළ දැමීම නිසා දිළිඳු සහ පහළ මධ්‍යම පාන්තිකයන් දැඩි අසීරුතාවට පත්වන බව ද පැවසූ අජිත් පී. පෙරේරා මහතා මෙම වැඩිකිරීමට එරෙහිව වීදි බැසීමට ජනතාව ඒකරාශී කරවන බව ද පැවැසීය.

    අතිශයින්ම අසාධාරණ මෙන්ම අනුකම්පා විරහිත ලෙස විදුලි බිල ඉහළ දමමින් වත්මන් රජය නව වසරට වැඩ ඇල්ලූ බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (18 වැනිදා) සඳහන් කළේය.

    මෙම මිල ඉහළ දැමීම ජනතාවගේ බෙල්ල මිරිකා මුදල් ගන්නා වැඩක්‌ බව පැවසූ හෙතෙම තම පක්‍ෂය රජයේ මෙම ක්‍රියාමාර්ගය තරයේ හෙළා දකින බව ද කීවේය.

    මෙම අසාධාරණ මිල ඉහළ දැමීම භාර නොගන්නැයි ද ඊට එරෙහිව මහ පාරට බැස උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නැයි ද හෙතෙම විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව තම පක්‍ෂය ප්‍රාදේශීය හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් උද්ඝෝෂණ මාලාවක්‌ පවත්වන බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

    වත්මන් රජය මෙවැනි අසාධාරණ ජනතාව පෙළන තීරණ ගන්නේ තමන් ගන්නා ඕනෑම තීරණයක්‌ ජනතාව අනුමත කරන්නේ යෑයි යන පූර්ව නිගමනයෙන් බවත් පැවසූ හෙතෙම ආණ්‌ඩුව ගන්නා මෙවැනි තීරණ තමන් අනුමත නොකරන බව පෙන්වීමට ජනතාවට දැන් මහඟු අවස්‌ථාවක්‌ හිමි වී ඇති බව ද කීවේය.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විදුලිය භාවිතයෙන් ඉවත්ව නැවත කුප්පි ලාම්පු
    යුගයක්‌ කරා ජනතාවට ගමන් කිරීමට සිදුවෙලා




    දූෂණ අක්‍රමිකතා පියවා ගැනීම සඳහා ආණ්‌ඩුව විසින් ගන්නා ජනතාවාදී නොවන තීන්දු තීරණ නිසා විදුලිය භාවිතයෙන් ඉවත්ව නැවත කුප්පිලාම්පු යුගයක්‌ කරා ගමන් කිරීමට ජනතාවට සිදුව ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (18 දා) පැවසුවේය.

    ඇතුල්කෝට්‌ටේ පිහිටි පක්‍ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙසේ ද කීය.

    අද රටේ වැඩිපුරම කතා කරන්නේ විදුලි බිල ගැනයි. ජනතාවට මෙය ප්‍රශ්නයක්‌ වෙලා. විදුලි බිල අසාධාරණ ලෙස ඉහළ දමන්න සූදානම් බව විදේශ රටවල් පවා පසුගිය කාලයේ තේරුම් අරගෙන තිබුණා. විදුලිය වැඩි කිරීම ගැන සාකච්ඡාවකට එන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය පවා ආණ්‌ඩුවට ආරාධනා කළා. ඒත් රජය එය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. මේ වැඩි වූ විදුලි ගාස්‌තුව ජනතාවට ඔරොත්තු දෙන්නේ නෑ. ආණ්‌ඩුවෙ විදුලි ගාස්‌තු වැඩි කිරීමේ ක්‍රමවේදය නිසා වැඩිපුර පහර වදින්නේ අවම වශයෙන් විදුලිය පරිභෝජනය කරන ජනතාවටයි. රජය එක පැත්තකින් මහා පරිමාණයෙන් වංචා, දූෂණ, සහ අක්‍රමිකතා කරනවා. ජනතාවගේ මුදල් නාස්‌ති කරනවා. රටේ සම්පත් හූරාගෙන කනවා. ඒ පාඩුව පිරිමසා ගන්නේ දුප්පතාගේ පොකැට්‌ටුවට තට්‌ටු කරලා. මේවා ජනතාවාදී තීරණ නොවේ. ආණ්‌ඩුව දැන් නිදහසට කරුණු ඉදිරිපත් කරාවි... ණයට පෙට්‍රල් නොදෙන නිසා විදුලි බිල වැඩි කළා.... ණය ගෙවා ගන්න විදුලි බිල වැඩි කළා කියා හේතු කියමින් රජයට මෙයින් ගැලවෙන්න බෑ. ජනතා පැවැත්ම තහවුරු කරන්න බැරිනම් ඒ රජය අසාර්ථකයි. රජය ජනතාවට ලැබෙන ආදායම ඉහළ දැමීමට ක්‍රියාමාර්ග ගන්නේ නෑ. ජීවන වියදම එන්න එන්නම වැඩිවෙනවා. ජනතාවට දරා ගන්න බෑ... ජනතාවගේ වැය බර අඩු කිරීමට ආණ්‌ඩුවට සැලසුමක්‌ නෑ. එවැනි සූදානමක්‌ හෝ උත්සාහයක්‌වත් පෙනෙන්න නෑ. ජනතාව කබලේ හිටියේ... දැන් විදුලි බිල වැඩි කරලා. ආණ්‌ඩුව ජනතාව කබලෙන් ලිපට ඇදල දාලා. මේ දුෂ්ට පාලනය අවසන් කළ යුතුයි.... මේ පාලකයන් ගෙදර යවා ජනතාවගේ හද ගැස්‌ම අවංකව හඳුනන රජයක්‌ පත්කර ගත යුතුයි. වෑන්වලින්, පැජරෝවලින් ඇවිත් ගමේ කැරකිලා ගියාට ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ. ජනතා ප්‍රශ්න එහෙම විසඳන්න බෑ. එවැනි විසඳුම්වලට දැන් ජනතාව රැවටෙන්නේ නෑ. මේ දූෂිත පාලකයන් හා දූෂිත රජයේ ක්‍රියාකාරිත්වය රටට කොතරම් විනාශයක්‌ ද කියා ජනතාව දැන්වත් තේරුම් ගත යුතුයි.

    බ්‍රිතාන්‍ය රජයේ විදේශ ලේකම් පවා පසුගිය දවසක විවේචනාත්මකව කියා තිබුණා රටේ මාධ්‍යයට එරෙහි ප්‍රහාර තවමත් නතර කරලා නෑ කියලා. සිරස මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට එල්ල කරන තර්ජන ගර්ජන අප තරයේ හෙළා දකිනවා. පසුගිය කාලයේ මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට දිගින් දිගට ප්‍රහාර එල්ල කළා.. මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි දිගින් දිගටම කතා කරනවා.


    අපේ දේශපාලන බලවේගය බලයට ආ පසුව මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට අවශ්‍ය නිදහස, රජය විවේචනය කිරීමේ අයිතිය අනිවාර්යයෙන්ම ලබා දෙනවා. අපි ඉන්නේ ඒ ස්‌ථාවරයේ. මා හමුදාපතිව සිටි කාලයේ දී මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට සිදුවූ විවිධ සිද්ධීන්වලට එරෙහිව ඇඟිල්ල දිගු කළේ හමුදාවට. මා වෙතත් චෝදනා එල්ල කළා. ඒත් අදත් අපිට පෙනෙනවා එදා වගේම මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ලවන බව.

    මෙහිදී මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට සරත් ෆොන්සේකා මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

    මාධ්‍ය - විදුලි ගාස්‌තු තවත් මාස හයකින් වෙනස්‌ කරන බව රජය ප්‍රකාශ කර තිබුණා?
    ෆොන්සේකා මහතා - මේ ආණ්‌ඩුව මාස හයෙන් හයට විදුලි ගාස්‌තු වෙනස්‌ කරනවා. තව මාස හයකින් වැඩි කරනවා මිස අඩු කරන්නේ නෑ. විදුලි බලාගාරවලට බාල උපකරණ සවි කරලා. මේ විදුලි ප්‍රශ්නය නිසා රටට ආයෝජකයෝ එන්නේ නෑ. හමුදා මූලස්‌ථානය තිබූ ස්‌ථානයේ ගාලුමුවදොර පිටිය ඉදිරිපිට හෝටලය හදන විදේශ සමාගමත් දැන් එය හදන්න බෑ කියනවා. රටේ වියදම වැඩියි කියලා. මේ ආණ්‌ඩුවට දැක්‌මක්‌ නෑ. එනිසා අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් විදුලි ගාස්‌තු වැඩි කරන්න ආණ්‌ඩුවට සිද්ධ වෙනවා.

    මාධ්‍ය - විදුලි ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව ඔබ පක්‍ෂය ඉදිරියේදී කුමන ආකාරයේ වැඩ පිළිවෙලක්‌ද අනුගමනය කරන්නේ?
    ෆොන්සේකා මහතා - අපි ජනතාව වෙනුවෙන් කතා කරනවා. ඉදිරි දිනවල පවත්වන ජනරැලි වලදී ප්‍රවෘත්ති වැඩසටහන්වලදී, මැයි රැළියේදී අපි මේ විදුලි ගාස්‌තු වැඩි කිරීම වගේම ජනතාවගේ ජීවන බර ගැනත් කතා කරනවා. ඒ වගේම විද්වතුන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර යෝජනා මාලාවක්‌ සකස්‌ කරනවා. ඒත් මේ රජය කිසිම යෝජනාවකට සවන් දෙන රජයක්‌ නොවේ. අත්තනෝමතික ලෙස, හිතුවක්‌කාරි ලෙස ඒකාධිපති තීන්දු තීරණ ගන්නා රජයක්‌. අපි මේ රජයේ ප්‍රතිපත්ති හෙළා දකිනවා. අපිට බලය ලැබුණ විට අපි මේ රජය අද කරන වැරදි සියල්ලම නිවැරැදි කරනවා.

    මාධ්‍ය - ඉදිරි මැතිවරණවලට තරග කරන්නේ සංධානගතවද?
    ෆොන්සේකා මහතා - ඔව්... විකල්ප බලවේගයක්‌ ගොඩනැගෙනතුරු ජනතාව පෙළගැසී බලා සිටිනවා. එම නිසා ඉදිරියේදී පවත්වන සෑම ඡන්දයකටම අපි තරග කරනවා. තවත් පක්‍ෂ අප සමඟ අත්වැල් බැඳ ගනීවි.

    මාධ්‍ය - යූ.එන්.පී., ඡේ.වී.පී. සමඟ සන්ධානගත වෙනවද?
    ෆොන්සේකා මහතා - අපි කැමැතියි පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉදිරියේදීත් යූ.එන්.පී. සහ ඡේ.වී.පී. සමඟ සන්ධානගත වෙන්න. ඒත් ඒ පක්‍ෂවල නායකයන් සන්ධානයේ නායකයන් ලෙස පිළිගන්න අපි කැමැති නෑ. නායකත්ව කමිටුවක්‌ යටතේ සන්ධානගත වෙන්න අපි කැමැතියි.

    මාධ්‍ය - ආණ්‌ඩුව ඇමෙරිකානු සමාගම් සමඟ සාකච්ඡා කරන බව පවසා තිබුණා?
    ෆොන්සේකා මහතා - ඇමරිකාවේ යම් යම් සමාගම් සමඟ සාකච්ඡා කිරීමත්, එරට රජය සමඟ සාකච්ඡා කිරීමත් දෙකක්‌. රාජපක්‍ෂලා විදේශ සමාගම් සමඟ සාකච්ඡා කරන්න හුඟාක්‌ කැමතියි. විදෙස්‌ ආණ්‌ඩු සමඟ සාකච්ඡා කරන්න කැමති නෑ. අත දිග හැරලා කොමිස්‌ ගන්න පුළුවන් සමාගම් සමඟ ගණුදෙනු කළොත් විතරයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒකක 91 වූ විට, විදුලි ඒකකයක මිල වැඩි වන්නේ රුපියල් 15.00 සිටය. විදුලි ඒකක 91 වූ විට මසක විදුලි බිල රුපියල් 1065 ක්‌ ලෙසට ඊට මාසික ස්‌ථාවර ගාස්‌තුව වන රුපියල් 315 ද, ඉන්ධන ගැලපුම් ගාස්‌තුව (මාසික විදුලි පරිභෝජන වියදම මත ප්‍රතිශතය) වන රුපියල් 546 ද එක්‌ වූ පසු විදුලි බිල්පත රුපියල් 2226 ක්‌ බවට පෙරලේ. මෙය හෙන ගහන තරම් අපරාධයක්‌ නොවේද?:angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තවත් රාජපක්සට **** දෙනවද?තවත් මේවා ඉවසනවද?නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා පාරට බැහැලා රාජපක්ස ආණ්ඩුව බය කරමුද?:confused:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:ඒක ඇත්ත.මහා මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නේ.
    රට බේරගත්තු ජනතාවදී ආන්ඩුවෙ තීරන නොවැ.. ඊයෙ සිරසෙ සටන එකේ. ජ.වි.පෙ. එකා ගැලෙව්වා උන්ගෙ රෙදි. විදුලි බල මන්ඩලෙ තියනවලු පොඩි පොඩි කොම්පැනි 14ක්.. ඒ 14න් බාගෙක ඉන්නෙ විදුලි බල මන්ඩලෙම අධ්යක්ශක ලා.. කරුමෙට සබාපති තියා පාර්ලිමෙන්තුව වත් උන්ගෙ නම් ගම් දන්නෙ නැ. ඒවා සමාගම් පනත යටතේ රහස් ලු.. වියදම් කරන්නෙ මහා බාන්ඩාගාරයෙ සල්ලි.. හැබයි කවුද මොනවටද කියලා විගනනය කරන්න බැ.. ඔන්න මන්ඩලෙ තත්වේ.. මෙව්වට උත්තරත් නැ.. කියන එකම බනෙ.. "අපේ අති ගරු මහින්ද රාජපක්සෙ තිස් වසරක යුද්දෙන් රට බෙර ගත්ත.. දැන් සන්වර්දන ගමනක යන්නෙ"
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රට බේරගත්තු ජනතාවදී ආන්ඩුවෙ තීරන නොවැ.. ඊයෙ සිරසෙ සටන එකේ. ජ.වි.පෙ. එකා ගැලෙව්වා උන්ගෙ රෙදි. විදුලි බල මන්ඩලෙ තියනවලු පොඩි පොඩි කොම්පැනි 14ක්.. ඒ 14න් බාගෙක ඉන්නෙ විදුලි බල මන්ඩලෙම අධ්යක්ශක ලා.. කරුමෙට සබාපති තියා පාර්ලිමෙන්තුව වත් උන්ගෙ නම් ගම් දන්නෙ නැ. ඒවා සමාගම් පනත යටතේ රහස් ලු.. වියදම් කරන්නෙ මහා බාන්ඩාගාරයෙ සල්ලි.. හැබයි කවුද මොනවටද කියලා විගනනය කරන්න බැ.. ඔන්න මන්ඩලෙ තත්වේ.. මෙව්වට උත්තරත් නැ.. කියන එකම බනෙ.. "අපේ අති ගරු මහින්ද රාජපක්සෙ තිස් වසරක යුද්දෙන් රට බෙර ගත්ත.. දැන් සන්වර්දන ගමනක යන්නෙ"

    කියල වැඩක් නැහැ බං මුන් යුද්දේ ඉවරකරා කියා කියා මිනිස්සුන්ව හූරගෙන කනවා.චන්දෙ ලං වෙන කොට අර වැඩි කරපු බඩු වල ගාන අඩු කරලා චන්දෙ ඉවරඋනහම අයෙත් වැඩි කරනවා.:angry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියල වැඩක් නැහැ බං මුන් යුද්දේ ඉවරකරා කියා කියා මිනිස්සුන්ව හූරගෙන කනවා.චන්දෙ ලං වෙන කොට අර වැඩි කරපු බඩු වල ගාන අඩු කරලා චන්දෙ ඉවරඋනහම අයෙත් වැඩි කරනවා.:angry:
    මෙව්වට වැරදි පාලකයොන්ට වඩා මිනිස්සු බන්. ගහන ගහන පදේට මිනිස්සු නටනවනෙ.. දැන් ගමකට ගිහින් ගැනියෙක්ගෙන් අහුවොත් ගෙදර වියදම වැඩිද ආර්තිකෙ කොහොමද කියලා.. ගමට යන කොන්ක්‍රීට් පාර පෙන්නලා මහින්දගේ වරුනෙ කියයි.. මිනිස්සු අන්ද වෙලා තියෙන්නෙ.. ගැලවීමක් පේන මානෙක නැ.. රාජපක්සට චැලෙන්ජ් එකක් දෙන්න තරම් ප්‍රතිවාදියෙක් නැ.. ඉතින් පොරට ඔනා තාලෙට ගෙනෙයනවා.. ලගදිම සිම්බාබ්වෙ වගේ වෙනවා.. රටේ ආදායමෙන් 80%ක් රජා කනවා.. ඉතුරු 20% බහුතර මහජනයා වන 80%ට..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙව්වට වැරදි පාලකයොන්ට වඩා මිනිස්සු බන්. ගහන ගහන පදේට මිනිස්සු නටනවනෙ.. දැන් ගමකට ගිහින් ගැනියෙක්ගෙන් අහුවොත් ගෙදර වියදම වැඩිද ආර්තිකෙ කොහොමද කියලා.. ගමට යන කොන්ක්‍රීට් පාර පෙන්නලා මහින්දගේ වරුනෙ කියයි.. මිනිස්සු අන්ද වෙලා තියෙන්නෙ.. ගැලවීමක් පේන මානෙක නැ.. රාජපක්සට චැලෙන්ජ් එකක් දෙන්න තරම් ප්‍රතිවාදියෙක් නැ.. ඉතින් පොරට ඔනා තාලෙට ගෙනෙයනවා.. ලගදිම සිම්බාබ්වෙ වගේ වෙනවා.. රටේ ආදායමෙන් 80%ක් රජා කනවා.. ඉතුරු 20% බහුතර මහජනයා වන 80%ට..

    :yes::(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    0002068A.gif
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    පාලකයෝන්ට වඩා මේවට වගකියන්න ඕන මිනිස්සු,මේවා නිසා රටත් එක්කම එපා වෙලා තියන්නේ.
    වෙන රටවල වගේ බුද්දිමත් චන්දදයකයෝ මේ රටෙත් හිටියනම් කිසිම ආණ්ඩුවකට හිතුමතේ නටන්න මිනිස්සු ඉඩදෙන්නේ නැහැ මේක මේ ආණ්ඩුවට විතරක් අවේනික දෙයක් නෙවෙයි(මේ ආණ්ඩුව හොඳයි කියල කියුව නෙවෙයි) කොයි ආණ්ඩුව ආවත් මිනිස්සුන්ගේ චන්ද අරන් තම තමන්ගේ පෞද්ගලික වත්පොහොසත්කම් වැඩිකරගෙන රට විනාෂකරනවා, අර කතාවක් තියනවනේ යකාගේ හැටියටලු විමානේ කියල අන්න ඒවගේ ඉන්න මිනිස්සුන්ගේ හැටියටනේ පාලකයෝත්, බහුතරයක් මිනිස්සුන්ට තියෙන්නේ දේශපාලන වහල්බාවෙ ඔන්න බලන්න මොනවා වැඩිකරත් මොනදේ කරත් ඊළඟ චන්දෙදි දිනන්නේ බලයේ ඉන්න පක්ෂේමයි.... මිනිස්සු චන්ද ගුණ්ඩු වලට හැමදාම අහුවෙනවා... මේ දේශපාලන ක්‍රමේ තියනකන් කවදාවත් රටනම් දියුණු වෙන්නේ නැහැ........
     

    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    මෙව්වට වැරදි පාලකයොන්ට වඩා මිනිස්සු බන්. ගහන ගහන පදේට මිනිස්සු නටනවනෙ.. දැන් ගමකට ගිහින් ගැනියෙක්ගෙන් අහුවොත් ගෙදර වියදම වැඩිද ආර්තිකෙ කොහොමද කියලා.. ගමට යන කොන්ක්‍රීට් පාර පෙන්නලා මහින්දගේ වරුනෙ කියයි.. මිනිස්සු අන්ද වෙලා තියෙන්නෙ.. ගැලවීමක් පේන මානෙක නැ.. රාජපක්සට චැලෙන්ජ් එකක් දෙන්න තරම් ප්‍රතිවාදියෙක් නැ.. ඉතින් පොරට ඔනා තාලෙට ගෙනෙයනවා.. ලගදිම සිම්බාබ්වෙ වගේ වෙනවා.. රටේ ආදායමෙන් 80%ක් රජා කනවා.. ඉතුරු 20% බහුතර මහජනයා වන 80%ට..
    me kathawa sampurana atta.godak aya rajayata rawatila inne.eth me karana dewal walata nam unta hena gahanawa.minissu jeewath wene kohomada?:confused::confused::confused:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේක ඕනනම් සතියක් මිනිස්සුන්ට මතක තියෙයි :dull:

    සිරාවට..ලංකාවේ මිනිස්සුන්ට ඔය මත්තල වගේ එකක් Open කරලා පෙන්නුවාම ඔය ඔක්කොම අමතකයි...ලංකාවේ ඉන්න අමුතුම මිනිස්සු ජාතියක්... ඒකටම හරියන පාලකයෝ ටිකකුත් දැන් සෙට් වෙලා ඉන්නේ...
     

    Similar threads