විදෙස්ගත ශ්‍රමිකයින්ගේ බද්ධ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විදෙස්ගත ශ්‍රමිකයින්ගේ බද්ධ

    විදෙස් ගත ශ්‍රමිකයින්ගේ බද්ධ ගැන විදේශ රැකියා ඇමතිනි කතා කරයි

    unnamed.jpg

    මුදල් ඇමතිවරයා විසින් විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් බද්දක් අය කරන්නට කටයුතු කළහොත් එයට විරුද්ධව මුලින්ම තමන් ඉදිරිපත් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පැවසුවා.

    ශ‍්‍රමික සුරැකුම හරහා විගමණික ශ‍්‍රමිකයින් ආරක්ෂා වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පෙන්වා දෙනවා.

    අමාත්‍යවරිය මෙම අදහස් ප‍ළ කළේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ විගමණික ශ‍්‍රමික පවුල් වෙත ස්වයං රැකියා ආධාර පිරිනැමීමේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර පළාත් කාර්යාලයේදී එක්වෙමින්.

    එහිදී අදහස් දැක් වූ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මෙසේ ද ප‍්‍රකාශ කළා,

    "අද වන විට ශ‍්‍රී ලාංකිකයින් ලක්‍ෂ 15ක් විතර පිරිසක් විදෙස් ගත රැකියාවල ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ ඇතුළුව මේ රටේ කිසිම කෙනෙක් හිත සතුටෙන් කැමැත්තෙන් ගිහින් වැඩ කරනවා නෙවෙයි. මේ සියළු දෙනාම යන්න ඇත්තේ ජීවන අරගලයේ.. ඔබ සියළු දෙනාම මුහුණ දෙන ප‍්‍රශ්නවලින් තමන්ට කියලා ගෙයක් හදාගන්න, දරුවන්ගේ අධ්‍යාපනයට, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට. මේ හැම එකක්ම වෙනුවෙන් තමයි කැපකිරීම් කරලා ගිහිල්ලා තියෙන්නේ. මේ ගිය කාලය තුළ ඔබ සියළු දෙනාම රටට, රටේ ආර්ථිකයට දායකත්වය දෙන්න විශේෂ වැඩ කටයුත්තක් කරපු අය. පහුගිය අවුරුදු ගණනාවක සිට මේ දක්වා අදටත්, තාමත් මේ රටේ ප‍්‍රධාන ආදායම් මාර්ගය තමයි විදෙස්ගත ශ‍්‍රමිකයින් මේ රටට එවන ආදායම. ඉතින් ඒ නිසා අපිට කිසිසේත්ම ඔබලව නොසලකා හරින්න බැරි බව වගකිව යුතු රජයක් හැටියට අපි පිළිගන්නවා වගේම ඒ සම්බන්ධයෙන් අපිට ලබාදෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. මේවා කරනකොට නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

    "ශ‍්‍රමික සුරැුකුම වැඩසටහනේ මොනවද කි‍්‍රයාත්මක වෙන්නේ... මේකට බද්දක් ගැහුවොත් ඔයගොල්ලෝ බය වෙන්න එපා. මොනම හේතුවකටවත් රටේ මුදල් ඇමතිවරයා හැටියට විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් බද්දක් අය කරන්න හැදුවොත් ඒ ගැන ඉස්සෙල්ලාම කතා කරන කෙනා මම. දරුවා ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තාත්තා කෙනෙක් ඕමාන් රටේ හිරගෙදරක ඉන්නවා.එයාව බේරගන්න දීලා තියෙන දඩුවමේ විදියට ලක්ෂ 2000ක් විතර ගෙවන්න වෙනවා. මේක සමාජයේ එක කොටසකට විතරක් තියන ප‍්‍රශ්නයක් කියලා හිතන්න එපා."


    මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ජපානයෙන් මේ වන විට වටිනා රැකියා ඉල්ලුමක් ලැබී ඇති බවත් පෙන්වා දුන්නා.

    neth news
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් අලුත් බද්දක් ළඟ එනවා....ජයින් ජයම වේවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    බැංකුවෙන් කෙලපු සල්ලි හොයන්නත් එපැයි. මම අහගෙන ඉඩමේ වටිනාකමෙන් 2%ක් බදු ගහන්න හදනව කියල, ඇයි ලඟදිත් කාර් සෙට් එකක් ඕඩර් කළානේ, පිංකැට කඩල නෙවෙයි මිනිස්සුන්ගෙ වකුගඩුත් ගලවයි හෙට අනිද්දම.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මරාගේ හොරකමුත් දාපන්කෝ.ෆයිල් තාම මරා ළගනේ ඇත්තේ..:rofl:

    මරා කොහොමත් හොරා කියල නේ කියන්නෙ උඹලගෙ එවුන් හොරකම් නවත්තන්න නේ ආවෙ. අන්තිමට පිටකොටුවෙ පික් පොකැට් ක්‍රමේට ගහන්නෙ මහ දවාලෙ.

    797Ukn.md.jpg


    උඹලගෙ ලොක්කට සබන් කෑල්ලක් ගෙනත් දීපන්
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඕක අපේ පිටින් තමයි අන්තිමට යන්නේ.
    ෆ්රීලන්සර්ස් ශ්‍රීලංකා :sorry::sorry::(:(:(
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මරා කොහොමත් හොරා කියල නේ කියන්නෙ උඹලගෙ එවුන් හොරකම් නවත්තන්න නේ ආවෙ. අන්තිමට පිටකොටුවෙ පික් පොකැට් ක්‍රමේට ගහන්නෙ මහ දවාලෙ.

    797Ukn.md.jpg


    උඹලගෙ ලොක්කට සබන් කෑල්ලක් ගෙනත් දීපන්

    :rofl::rofl::rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මරා කොහොමත් හොරා කියල නේ කියන්නෙ උඹලගෙ එවුන් හොරකම් නවත්තන්න නේ ආවෙ. අන්තිමට පිටකොටුවෙ පික් පොකැට් ක්‍රමේට ගහන්නෙ මහ දවාලෙ.

    797Ukn.md.jpg


    උඹලගෙ ලොක්කට සබන් කෑල්ලක් ගෙනත් දීපන්

    :rofl::rofl: