විදෙස් පුවත් 06/08/2024

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    #Documentary_Blog_638

    බංගලදේශයට 🇧🇩 හමුදා පාලනයක්... ඊශ්‍රායලය 🇮🇱 කලාපීය යුද ගැටුමකට ⚔️ සැරසෙයි... ඇමෙරිකාව පරයා චීනය 🇨🇳 ඉදිරියට...

    බංගලාදේශ අගමැති 🇧🇩 ෂෙයික් හසීනා ධූරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමත් සමග බංගලදේශ ඒකාබද්ධ හමුදා ප්‍රධානියා විසින් රජය භාරගැනීමට කටයුතු කළ අතර අද උදෑසන කාලයේදීත් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවද විසිර විය යුතු බව පවසමින් විරෝධය දැක්වීම හේතුවෙන් අද දවහලේ බංග්ලාදේශ පාර්ලිමේන්තුවද විසුරුවාලීමට බංගලදේශ ජනාධිපතිවරයා 🇧🇩 කටයුතු කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පලාගිය හිටපු අගමැතිනි 🇧🇩 ෂෙයික් හසීනා බංගලදේශ ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ඉන්දියාවට පළාගිය අතර ඉන්පසු ඇය බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ක්ෂණිකව අපේක්ෂා කළ අතර එයට ප්‍රතිචාර දැක්වීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන බලධාරීන් 🇬🇧 කටයුතු කර ඇතිබව වාර්තා වේ. තවදුරටත් බංග්ලාදේශයේ විරෝධතා පැවැත්වවෙන බව අනාවරණය වේ.

    ඉදිරි පැය 24 තුළ ඉරානය 🇮🇷 විසින් ඊශ්‍රායලය වෙත බරපතල මට්ටමේ ප්‍රහාරයක් එල්ලවේයැයි පිළිබඳව ලැබෙන බුද්ධි තොරතුරු අනුව එක්සත් ජනපද ජනාධිපති 🇺🇸 ජෝ බයිඩ්න් විසින් ආරක්ෂක කවුංසලය කැදවමින් ඊශ්‍රායලය වෙත සැලකිය යුතු උපරිම ආරක්ෂාවක් සැපයීමට නියෝග ලබා දී ඇත. ඒ අනුව USS Bulkely, USS Roosevelt, USS Cole, USS Laboon, USS Russell සහ USS Michael Murphy යුද නැව් ඊශ්‍රායලය වෙත සමීප කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය එල්ලවිය හැකි ප්‍රහාරයන් සදහා සූදානම් වෙමින් උමං සහ භූගත බංකරයන් ඉදිකරමින් පවතින බව වාර්තා කරන අතර ගුවන් ආරක්ෂණ පද්ධති සියගණන් සක්‍රීය කර ඇතිබවද සදහන් වේ. මේවනවිට ඉරානය 🇮🇷 විසින් සිය ගුවන් සීමාව වසා දමා මහාපරිමාණ ප්‍රහාරයක් සදහා සූදානම් වෙමින් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය 🇮🇱 පවසන්නේ තමන් ඉරානය නැමැති බූවල්ලාගේ හිස ගසා දැමීමට සියල්ල සූදානම් කර ඇතිබවයි. එම බූවල්ලාගේ අඩු ලෙසින් හූති, හමාස්, හිස්බුල්ලා සහ ඉරාකයේ ඉරානය වෙත සහයදෙන කණ්ඩායම් හදුන්වා තිබෙනවා.

    ඔලිම්පික් රන් පදක්කම් සටහනේ ඉදිරියට පැමිණීමට චීනය 🇨🇳 සමත්ව තිබෙනවා. ඒ රන් පදක්කම් 21 ක් ලබා ගනිමිනි. චීනය විසින් රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් හිමිකරගනිමින් සමස්ත පදක්කම් ප්‍රමාණය 53 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙනවා. කෙසේවෙතත් වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ ඇමෙරිකාවයි 🇺🇸. ඒ පදක්කම් 78 ක් ලබාගනිමිනි. ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 13 ක්, ප්‍රංශය සහ එංගලන්තය 12 බැගින්, දකුණු කොරියාව 11 ක් සහ ජපානය 10 ක් හිමිකරගනිමින් මුල් ස්ථානවල රැදී සිටියි. ඔලිම්පික් උළෙලට සහභාගී වූ රටවල්වලින් 67 ක් පදක්කම් 🥇 දිනාගැනීමට සමත්ව ඇත. අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11:05 ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුර දර්ශන 🇱🇰 මීටර් 400 අවසන් පූර්ව තරගයට සහභාගීවීමට නියමිතය. ඔලිම්පික් උළෙල නිමාවීමට ඇත්තේ තවත් දින 6 ක් පමණයි.

    - Supun Hirushka 🇱🇰 -