විදේශීය කිරි පිටි වර්ග ආනයනය සම්පූර්ණයෙන
නොකියූ කතාව ෆේස්බුක් පිටුවෙන්
https://www.facebook.com/NokiyuKathawa/
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ආනයනික කිරි පිටි වල ඇති සෞඛ්‍ය අවදානම ගැන මහජනයා දැනුවත් කිරීම සඳහා නිල වශයෙන් නිවේදනයක් අද නිකුත් කළා.
ආනයනික කිරි පිටි භාවිතයෙන් මම මිදුන හැටි කියවන්න :
"විදේශීය කිරි පිටි වර්ග ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට යෝජනා කරන අතර, එමඟින් වර්තමානයේ වසරකට විදේශීය කිරි පිටි ආනයනයට වැය කරන බිලියන 54ක මුදල ලංකාව තුළ රඳවා ගැනීමට අපේක්ෂා කරන අතර එම මුදල දේශීය කිරි ගොවියා සවිමත් කිරීමට යෙදවෙනු ඇත. සෑම පුද්ගලයෙකුටම පහසුවෙන් ලබා ගත හැකි පරිදි දේශීය දියර කිරි ව්‍යාප්ත කරනු ඇත. සෑම පාසල් දරුවෙකුටම නොමිලේ කිරි වීදුරුවක් ලැබෙනු ඇත."
"සර් තේ එක!"
පසුගියදා පාර්ලිමේන්තුවේ කියැවුනු අයවැයට සවන් දෙමින් සිටියදී නින්ද ගිය මා ඇහැරවන්නේ සේවක නිමල්ය. මා වේලාව බැලීමි.
සවස 3 යි.
අදට මම පිටි කිරි භාවිතය සම්පූර්ණයෙන් නතර කර වසර දෙකකට වැඩිය. විශ්ව විද්‍යාලයට පැමිණි කළ සිටම දැඩි උත්සාහයක් දැරුවත් හැමෝටම උදේට ලැබෙන කිරි තේ එකට මම ඒ තරම්ම ඇබ්බැහි වී සිටියෙමි. උදෑසන 5ට අවදි වූ මා හට උදෑසන 7.30ට පමණ ගන්නට ලැබෙන උදෑසන ආහාරය දක්වා දවස ඇදගෙන යාමට අවශ්‍ය ශක්තිය ජවය ලබා දුන්නේ කිරි තේ කෝප්පයයි. කොටින්ම කිරි තේ එක නැතුව මට ඇඳෙන් බැස ගැනීමටවත් නොහැකි විය.
සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස දුර බැහැර මූලික රෝහලකට පැමිණි මාහට පිටි කිරි තේ හද හද ඉන්නට වේලාවක් නොතිබුන නිසා දියර කිරි සමඟ කෝර්න් ෆ්ලේක්ස් උදෑසන කෙටි ආහාරය බවට පත් කරගත්තෙමි. එතැනින් පටන් ගත් මා අද වනතුරුත් බොන්නේ දියර කිරිය. දැන් සේවය කරන රෝහලේ තේ හදන නිමල්ට කිරි පිටි නොදමන්නැයි කිව්වේ ආපු දවසේමය.
වෛද්‍යවරයෙකු ආදර්ශයෙන් මඟ පෙන්විය යුතු බව මම තරයේ විශ්වාස කරමි. කකුට්ටා හරහට ගොස් පැටවුන්ට කෙලින් යන්නට කීම මට නම් මහා විහිලුවකි.
ළදරු කාලයෙන් පසු ජීවිතාන්තය දක්වා කිරි බොන මිහිමත ජීවත්වන එකම සත්වයා මනුෂ්‍යයාය. මව් කිරි පවා මුල් මාස 6න් පසු අවශ්‍ය සියලු පෝෂක සපයන්නේ නැත. ඉතින් අපි තවත් කිරි බිව්වේ ඇයි?
මේ පුරුද්ද කාලයක් තිස්සේ අපේ ඔලු ගෙඩි වලට ක්රමාණුකූලව ඇතුලු කළ දෙයක්. ලංකාවට කිරි පිටි ගෙන්වන බහුජාතික සමාගම් තම සූක්ෂම ප්‍රචාරණ කටයුතු හරහා "කිරි පිටි නොබීමෙන් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කළ නොහැකියි" යන බොරුව කාලයක් තිස්සේ තදින්ම සමාජගත කර තිබේ. කිරි පිටි නොබීමෙන් ඔස්ටියෝපොරෝසිස් හැදෙන බව එක පැත්තකින් කියන විට බහ තෝරන දරුවා ඔල මොට්ටලයෙක් වන්නේද ඒ නිසාම බවයි විනාඩි පහෙන් පහට යන රූපවාහිනී දැන්වීම් අපිට හුවා දැක්වූයේ.
කිරි බීමේ වැරැද්දක් මම නොදකිමි. එය ඉතා පහසුවෙන් ලබා ගත හැකි ශක්ති ප්‍රභවයකි. වැරැද්ද ඇත්තේ අපි ආනයනය කර පිටි කිරි දෛනිකව බොන්නට පටන් ගැනීමත් සමඟය.
කිරි භාවිතය ලෙඩ රෝග 21කට අත වනන බව පර්යේෂණ වලින් ඔප්පු කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි වසරකට විදේශීය කිරි පිටි ආනයනයට වැය කරන මුදල බිලියන 54ක් පමණ වේ. එය අධ්‍යාපනය වෙනුවෙන් වසරකට රජය වෙන්කරන මුදලට වඩා වැඩිය.
සම්පත් වලින් සපිරුනු එහෙත් වර්තමානයේ ණය බරින් මිරිකී වෙනත් රටවලට සින්න වෙන්නට ඔන්න මෙන්න සිටින අපිට කිරි බොන්නටම ඕනෑ නම්, අපේ කිරි ගොවියා නැවත ශක්තිමත් කර ඒ අවශ්‍යතාවය සංසිඳුවා ගන්නට බැරි උනේ ඇයි? මේවා උත්තර නැති ප්රශ්නය.
නමුත් රටේ ජනයා වශයෙන් අපට වගකීමක් ඇත. විදේශීය කිරි පිටි අප විසින් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට දේශීය කිරි ගොවියා දෙසට හැරුනහොත්, පාලකයන් නොකළ දේ අපිට කරන්නට හැකි වනු ඇත. විදේශීය පිටි කිරි සමාගම් තවත් අපේ රටට ඇඟිලි නොගසනු ඇත.
------------------------------------------------------------------------------
පීරිසියෙන් වසා බන්දේසිය මත තිබූ තේ කෝප්පය මම අතට ගෙන පීරිසිය ඉවත් කළෙමි.
"ඇයි කිරි තේ? මම කියලා තියෙනවනේ මට පිටි කිරි දාන්න එපා ප්ලේන්ටී විතරයි කියලා."
"අමතක වෙලා සර්ගේ එකටත් පිටි කිරි කලවම් උනා සර්."
සත්‍ය සිදුවීමකි. නම් ගම් මනඃකල්පිතයි.
වෛද්‍ය චන්දිම ජයසිංහ [07-03-2019]