විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

වි.ජ. ක්‍රමය අවශ්&#820

  • Total voters
    61
  • Poll closed .

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    මේ දවස්වල ලොකු කතාවක් රට පුරා යනවනේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අපේ රටට අවශ්‍යද? නැද්ද? කියලා. මං හිතුවා ඉතින් ඒ ගැන එළකිරියේ අපේ කට්ටියගේ අදහස දැනගන්න.:nerd:

    ඔබ සිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට අවශ්‍යද?
    Poll එකේ Options 6 ක් තියනවා. (වි.ජ. = විධායක ජනාධිපති)

    1. ඔව්. දැනට පවතින වි. ජනපති ක්‍රමය එලෙසම ගෙනයායුතුයි
    2. ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයේ බලතල අඩුකළ යුතුයි
    3. ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයට වැඩිපුර බලතල දිය යුතුයි
    4. අවශ්‍ය නැහැ. වි.ජ. ක්‍රමය අහෝසි කල යුතුයි
    5. වි.ජ. ක්‍රමය තිබ්බත් එකයි නැතත් එකයි
    6. වෙනත් අදහස් (කරුණාකර අදහස පලකරන්න)

    ඔබ දැනට පවතින විධායක ජනපති ක්‍රමයේ බලය අඩු හෝ වැඩි කිරීමට සුදුසුයැයි සිතයිනම්, ඔබ සිතන ආකාරයට කුමන බලතල අඩුවිය යුතුද? වැඩි විය යුතුද?. මෙම ක්‍රමය අහෝසි කිරීම හොඳනම් කුමන ආකාරයක ක්‍රමයක් රටට උචිතයැයි ඔබ සිතන්නේද? ඔබ මෙම වි. ජනාධිපති ක්‍රමයේ දකින වාසි අවාසි මොනවාද? ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙම නුලේ කරුණාකර පලකරන්න. සියලුදෙනාටම සංවාදය විවෘතයි. :yes:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔව්. දැනට පවතින වි. ජනපති ක්‍රමය එලෙසම ගෙනයායුතුයි
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    6. වෙනත් අදහස්

    ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයේ බලතල සංශෝධනය කළ යුතුයි:yes::yes:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔව්. දැනට පවතින වි. ජනපති ක්‍රමය එලෙසම ගෙනයායුතුයි

    ස්තුතියි ඔබගේ අදහසට

    6. වෙනත් අදහස්

    ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයේ බලතල සංශෝධනය කළ යුතුයි:yes::yes:
    ඔබ සිතන්නේ එම සංශෝදනයන් සමස්තයක් වශයෙන් පවතින ක්‍රමයේ බලතල අඩු කිරීමක්ද? වැඩි කිරීමක් ද? කුමන සංශෝධනද ඔබතුමා යෝජනා කරන්නේ? :rolleyes: ස්තුතියි ඔබගේ අදහසට
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයේ බලතල අඩුකළ යුතුයි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,068
    9,770
    113
    එක තැනක නෑ
    වි.ජ. ක්‍රමය තිබ්බත් එකයි නැතත් එකයි

    පත්වෙන එකෙක්වත් රටට දෙයක් කරන්නේ නැහැ බන්. උන්ගේ මල්ල පුරවගන්නවා ඇරෙන්ඩ. පාර්ලිමේන්තුව ආවත් ඔය එකෙක්වත් රටට කරන්නේ නැහැ. එක්කෝ අනිත් රට වල සල්ලි වලට හෝ මෙහෙ ලොක්කෝ කියන එවුන්ට යටවෙලා වැඩ කරයි,, කොහෙන් ගියත් අපිට කෙලවෙනවා අන්තිමේදී. ඕක නැති කරත් බලපල්ලකො වෙන දේ. හිතන තරම් වෙනසක් වෙන්නේ නැති වෙයි. අනේ මන්ද මේ මගේ පවුද්ගලික මතය. බලමු නේද! :)
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ස්තුතියි.

    ස්තුතියි මචන් අදහසට. කුමන ක්‍රමය යටතේ වුවද බලයට පත්වන පාලකයින්ගේ හොඳ නරක එම ක්‍රමයට බලාපාන බව මාද පිළිගනී. නමුත් යම් ක්‍රමයක බලය විමධ්‍යගත වුවොත් යම්තාක් දුරට පාලකයින්ගේ අහිතකර බලපෑම අවම කරගැනීමට හැකිවේය යන්න මාගේ අදහසයි.

    ඔව් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එත් බලතල යම් දුරකට අඩු කල යුතුයි.

    ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයේ බලතල අඩුකළ යුතුයි

    කුමන ආකාරයක බලතල අඩුවිය යුතුයැයි ඔබ දෙපල සිතනවාද ? ස්තුතියි අදහස් දැක්වීමට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    6. වෙනත් අදහස්

    වි.ජ. වෙනස් කරනවානම් අනිවාර්යයෙන් වියවස්තාව සහ සමානුපාතික චන්ද ක්‍රමයද වෙනස් කල යුතුය.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    6. වෙනත් අදහස්

    වි.ජ. වෙනස් කරනවානම් අනිවාර්යයෙන් වියවස්තාව සහ සමානුපාතික චන්ද ක්‍රමයද වෙනස් කල යුතුය.

    ස්තුතියි මචන් අදහස් දැක්වීමට. :) සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට කේවල ආසන ක්‍රමයක්ද ඔබතුමා යෝජනා කරන්නේ? නැත්තනම් වෙන ක්‍රමයක්ද? වි.ජ. ක්‍රමය වෙනස් කරන්නේනම් ව්‍යවස්ථාවේ සිදුවිය යුතු ප්‍රධාන වෙනස්කම් කවරක්ද?
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    විධායක ජනපති ක්‍රමයෙහි ඇති අසිමිත බලය සිමාකිරීම උදෙසා පෙන්සිටින උදය ගම්මන්පිල මහතා සහ චම්පික රණවක මහතා ඒ පිළිබඳව ලියා ඇති ලිපි.

    http://udayagammanpila.com/story/විධායක-ජනපති-ක්‍රමය-සුරක/

    http://www.divaina.com/2014/10/13/feature01.html ( වි.ජ. ක්‍රමය පිළිබඳව ඇත්තේ ලිපියේ මුල් කොටසේ පමණකි)

    විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනීසිටින ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ අදහස් ඇතුලත් වීඩියෝවක්.
    http://www.youtube.com/watch?v=z4SLVKKpHE0

    එතුමාගේම ඉංග්‍රීසි ලිපියක් ඇසුරෙන් සිංහලට පරිවර්තනය කරනලද ලිපියක්. (2013 පලවූවකි)
    http://sinhala.theindependent.lk/index.php/feature/2013-07-03-10-29-11/415-2013-07-04-16-08-31

    කණ්ඩායම් දෙකේම ලිපි තුල ඔවුන්ගේ පෞද්ගලික දේශපාලනික න්‍යාය පත්‍රයන් නියෝජනය කිරීමක් සිදුකර ඇති නමුත් මේවායෙහි ගතයුත්තක් තිබේයැයි පෙනීයන නිසා මා මෙලෙස සබැඳියන් පලකරමි. එම ගතයුත්ත තීරණය කිරීම ඔබේ බුද්ධියට මා බාර කරමි. මෙවැනි ශ්‍රී ලංකාවේ විධායක ජනපති ක්‍රමය හෝ ඒ වෙනුවෙන් පලවී ඇති විකල්ප ක්‍රමයන් පිළිබඳව ඇති ලිපි ඇත්නම් බෙදාගන්නා ලෙස මා ඉල්ලා සිටිමි.
     
    • Like
    Reactions: GuneBhai

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    විධායක ජනාදිපති ක්‍රමයේ බලතල අඩු කරන්න ඕන.
    පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපතිවරයෙක් හා නාමමාත්‍රික නොවන අගමැතිවරයෙක් අවශ්‍යයි
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    api mona kiwath karath wedak wen ne,serama ekai
    එහෙමමත් කියන්න එපා මචන්. පුංචි පුංචි ඇල දොළ එකතු වෙලා තමයි ලොකු ගංගා හැදෙන්නේ. පුංචි පුංචි අදහස් එකතුවෙලා තමයි වෙනසක් ඇතිවෙන්නේ. ජනතාවට තියන බලය තමයි ලොකුම බලය. එත් ඒක අපි තෙරුම් ගන්නේ නැතිතාක්කල් පාලකයෝ තමන්ට හිතුමතේ ඔවුන්ට වාසි දේ කරනවා

    විධායක ජනාදිපති ක්‍රමයේ බලතල අඩු කරන්න ඕන.
    පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපතිවරයෙක් හා නාමමාත්‍රික නොවන අගමැතිවරයෙක් අවශ්‍යයි

    හොඳ අදහසක් මචන්.. ස්තුතියි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ස්තුතියි මචන් අදහස් දැක්වීමට. :) සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට කේවල ආසන ක්‍රමයක්ද ඔබතුමා යෝජනා කරන්නේ? නැත්තනම් වෙන ක්‍රමයක්ද? වි.ජ. ක්‍රමය වෙනස් කරන්නේනම් ව්‍යවස්ථාවේ සිදුවිය යුතු ප්‍රධාන වෙනස්කම් කවරක්ද?

    kewalath nowena proportiante nowena... mix ekak thama yojana karanne..... oka danatama hadala thiyenne......

    wayawasthawa nan ban wenas wenna one ewa balala thama kiyanna wenne... kohomahari anthime shakthimath parlimenthuwak hadenna one...... shakthimath widayake wenuwata.....
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    kewalath nowena proportiante nowena... mix ekak thama yojana karanne..... oka danatama hadala thiyenne......

    wayawasthawa nan ban wenas wenna one ewa balala thama kiyanna wenne... kohomahari anthime shakthimath parlimenthuwak hadenna one...... shakthimath widayake wenuwata.....

    මචන් සන්ධාන ආණ්ඩුව යෝජනා කරන මිශ්‍ර ක්‍රමය තුල කේවල ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට කියක් ගන්නවද? සමස්ත මන්ත්‍රීවරු ගාන කීයද කියල අදහසක් තියනවද?

    ඇත්ත මචන් පාර්ලිමේන්තුව දැනට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ. හැබැයි විධායක ජනපති ක්‍රමයත් තියන්න ඕනේ යම් යම් සීමාසහිත බලතල සහිතව මට හිතෙන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් සන්ධාන ආණ්ඩුව යෝජනා කරන මිශ්‍ර ක්‍රමය තුල කේවල ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට කියක් ගන්නවද? සමස්ත මන්ත්‍රීවරු ගාන කීයද කියල අදහසක් තියනවද?

    ඇත්ත මචන් පාර්ලිමේන්තුව දැනට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ. හැබැයි විධායක ජනපති ක්‍රමයත් තියන්න ඕනේ යම් යම් සීමාසහිත බලතල සහිතව මට හිතෙන්නේ.

    mix system eken 175 withara ganna thama yanne... ithuruwa proprtionate system ekenuyi 25 nominated seats... okkoma 225.

    mehemayi... widayakaya thiyenawa nan.. parliment eka durwala unata awlak naa.... habayi weak executive ekak nan aniwa parliment eka strong wenna one.. ee kiyanne hama parama chandayak thibbama anduwak 120+ asana ena widiyata thiyenne one.. naththaan ithin kaalayak yanakan weak parliments thama hadenne... oya seats 105-110 wage thiyena...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අවශ්‍ය නැහැ. වි.ජ. ක්‍රමය අහෝසි කල යුතුයි

    Ape goiyanta oka hari yanne naa. Parliment ekata vaga kiyana PM hitiyama athi. Anika usaviyata answer nathi eka henama case ekak.
     
    ස්තුතියි තොරතුරු බෙදාගත්තට.

    හ්ම් වෙනස් අදහසක්. ඒ කියන්නේ සමස්ථ රටේම වැඩිම චන්ද හෝ ආසන ගන්න පක්ෂයට වැඩිපුර ප්‍රසාද ආසන ප්‍රමාණයක් ලබාදෙනවා කියන එකද මචන් 120 සම්පුර්ණ කරගන්න?

    අවශ්‍ය නැහැ. වි.ජ. ක්‍රමය අහෝසි කල යුතුයි

    Ape goiyanta oka hari yanne naa. Parliment ekata vaga kiyana PM hitiyama athi. Anika usaviyata answer nathi eka henama case ekak.

    ස්තුතියි මචන් අදහසට. විධායකයට එරෙහිව අධිකරණයේ නඩු දාන්න බෑ වගේම අධිකරණයේ ස්වාධිනත්වයටත් දැනට තියන ව්.ජ. ක්‍රමය බලපෑමක් එල්ල කරනවා. ස්වාධින අධිකරණ, පොලිස් කොමිෂන් සභා නැවත පිහිටවීමත් වැදගත් වි.ජ. ක්‍රමය පවත්වාගෙන යනවනම්.