විධායක ජනාධිපති ක්‍රමය ඕනෙද? එපාද

විධායක ජනාධිපති ක්‍රමය ඕනෙද? එපාද

  • විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයයි

    Votes: 21 63.6%
  • විධායක ජනාධිපති ක්‍රමය එපා

    Votes: 12 36.4%

  • Total voters
    33

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,643
    113
    ඉදිරියේදී විධායක ජනාධිපති ක්‍රමය ඕනෙද? එපාද? කියලා රනිල් හාමු ජනමත විචාරණයක් ගෙනාවොත් උඹේ මනාපය කුමක්ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,992
    54,597
    113
    Colombo
    ඉදිරියේදී විධායක ජනාධිපති ක්‍රමය ඕනෙද? එපාද? කියලා රනිල් හාමු ජනමත විචාරණයක් ගෙනාවොත් උඹේ මනාපය කුමක්ද?

    ඒක ජනමත විචාරනයෙදි කියපුවාම ඇතිනෙ.මෙතන කියන්න ඕනෙ නෑනෙ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    විධායකය මිනිසුන්ගේ ඡන්දයෙන් පත්කරන එක හොදයි. ව්‍යවස්ථාදායකයේ වැඩි කැමැත්ත තියන කෙනාට ඒ බලතල දෙනවාට වඩා...

    කරන්න ඕන විධායකය රටේ නීතියට වග කියන තත්ත්වයට ගෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන එක...

    ඔය ඔක්කොම හරියට වෙන්න මිනිස්සූ දේශපාලනිකව සබුද්ධික වෙන්න ඕන. ලේසි වැඩක් නෙවෙයි...
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ක්‍රමය ඕනෙ වෙන්නෙ හරි නැති වෙන්නෙ අනික් සාධක මත. ඔය කිව්වට ෆෙඩරල් එකකින් ප්‍රශ්න විසඳපු රටක් නැති තරම් නෙ. ඉන්දියාව ගත්තත් එහෙමයි.
    මැතිවරණ ක්‍රමයයි, මිනිස්සුයි වෙනස් උන දවසක විධායක ජනපතියෙක් ඕනි වෙන එකක් නෑ.. හැබැයි ඒ වෙනසට කැපවීමක් කරන්න ද්‍රවිඩ, මුස්ලිම් ජාති වල නියෝජිතයෝ ඒකීය ලංකාවක් පිලි අරගෙන එක රටක් එඅක ජාතියක් හැටියට පෙනී ඉන්න ඔනි. ලංකාවෙ ඕනෙම තැනක ඕනෙම කෙනෙක්ට ඕනෙම ආගමක් අදහන්න පුළුවන් වෙන්න ඕනි. ඉඩමක් අරන් පදිංචි වෙන්න පුළුවන් වෙන්නත් ඕනි. අනවශ්‍ය විදිහට අලුතින් ආගමික ස්ථාන ඉදිකිරීම සීමාසහිත කරලා ජන ඝනත්වයකට සීමවක් පනවන්න ඕනි. ලංකාවෙම පුරාවිද්‍යා ස්ථාන ආගමකට ලඝු නොකර රකින්න ඔනි.
    මෙව්ව කරන්න පුළුවන් කොන්ද පණ ඇති රාජ්‍ය නායකත්වයකට සහ අවබෝධයක් ඇති ජනතාවකට විතරයි.
     
    • Like
    Reactions: Colours

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ඕක අහෝසි කරනවනම් හොදයි එතකොට අපේ රටේ මිනිස්සු එක එක චරිත වල depend වෙන එක නතර වෙනවා මතකනේ සරල ගැමියා , රට කරන විරුවා ඔය වගේ තව චරිත එනවා ඉස්සරහට , අලුත් ක්‍රමයක් තමයි ගෙන්න ඕන කවුරු හිටියත් process එකේ ඇවිල්ල හරි දේ හරියට කරන්න.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕක අහෝසි කරනවනම් හොදයි එතකොට අපේ රටේ මිනිස්සු එක එක චරිත වල depend වෙන එක නතර වෙනවා මතකනේ සරල ගැමියා , රට කරන විරුවා ඔය වගේ තව චරිත එනවා ඉස්සරහට , අලුත් ක්‍රමයක් තමයි ගෙන්න ඕන කවුරු හිටියත් process එකේ ඇවිල්ල හරි දේ හරියට කරන්න.
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ සිතීමේ හැකියාව තමයි. මිනිස්සුන්ගෙ මොළ සෝදලා, කුණු පුරවලා මෝඩ ජාතියක් බිහි කරගන්න කොයි පාලකයත් කැමතියි. පාර්ලිමේන්තු යවන සමහර උන් දිහා බැලුවහම උන්ට බැන්නට උන්ව යවපු මිනිස්ස්සු ගැන කතා කරන්නෙ නෑ.
    ප්‍රොසෙස් එක හදන්නත් පටන් ගන්න වෙන්නෙ මෙ තියෙන සිස්ටම් එකෙන්ම තමයි. මේකට පිටින් අමුතු එව්ව කරලා අපිට තියෙන අත්දැකීම් එකක්වත් හොඳ එව්වා නෙමෙයි.

    මොකා ආවත් ලංකාවට එක දර්ශනයක් තියෙන්න ඕනි, කාලෙන් කාලෙට ආශ්චර්‍යයි, තව මොකක් හරියි නැත්නම් අහල පහල රටකුයි වගේ කරන්න ඔනි වෙන්නෙ නෑ. Process / System ගැන විශ්වාස කරලා වැඩ කරන්න ඕනි.
    මෙව්වා කිව්වට කරන්න එකෙක් නැති එකයි කරන් එකෙක්ට දෙන්නෙ නැති එකයි විසඳගෙන එන්න වෙනවා මුලින්ම
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කාලකන්නි බල්ලෝ ටික මේ වෙලාවේ ඕක ගෙන්න හදන්නේ තව අවුරුද්දක් මේ රට කන්න ඕනේ නිසා...පුකට ගහල එලවන්න ඕනේ උන්ව තාම තියාගෙන ඉන්න නිසා තමයි මේ කැරුමේ...

    අනිවාර්යෙන් මේ වෙලාවේදී විදායක ජනාදිපති කම අහෝසි කරන එකට විරුද්ද වෙන්න ඕනේ,,මොකද හැමදාම වගේ ඕක යට තියෙන්නේ හොඳ අරමුණක් නෙමෙයි නිසා...කොටින්ම ඕක ගේන්නේ රට වෙනුවෙන් වත් , මිනිස්සු වෙනුවෙන් වත් නෙමෙයි..කාලකන්නි බල්ලෝ ටිකකගේ පැවැත්ම වෙනුවෙන්...

    ඒ නිසා විධායක ජනාදිපති ක්‍රමය තියලා, එන්න තියෙන ජනාදිපතිවරණයෙන් මේ රට කාපු හොරිකඩයෝ ගෙදර යවල, අලුත් පාලනයක් යටතේ රටට ගැලපෙන විදිහට ඕව වෙනස් කරන්න ඕනේ...

    හොරුන්ට දඬුවම් දීල, රටේ මංකොල්ල කාපු සල්ලි ටික ගන්න විධායක ක්‍රමය අවශ්‍යයි.


    කෙටියෙන් සරලව කිව්වොත්: මේ වෙලාවේ පොනිලා ඕක ගෙන්න හදන්නේ ජනාදිපතිවරණ චන්දය නවත්තන්න...ජනාදිපතිදූරයක් නැහැ කියන්නේ චන්දයක් තියන්න අවශ්‍ය නැති නිසා..2025 අගෝස්තු වෙනකන් එතකොට මේ හොරු ටිකට බලය අතේ තියාගන්න...අපිට හොඳක් කරන්න නෙමෙයි..

    ඒ නිසා කවුරු උනත් මේ වෙලාවේ මේකට විරුද්ද වෙන්න..
     
    • Like
    Reactions: allrights

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    1696782531218.png