Questions 🔴 විධායක ජනාධිපති ක්‍රමය

විධායක ජනාධිපති ක්‍රමය ගැන මොකද හිතන්නේ?

  • අවුලක් නෑ. මේ තියෙන විදිහටම තියාගමු

  • එච්චරම නරක නෑ. බලතල සංශෝධනය කරලා තියාගමු

  • අහෝසි කරමු

Results are only viewable after voting.

shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,704
    113
    ආශ්චර්යමත් රටක
    මං නං කියන්නෙ තියාගන්න ඕන. හැබැයි එහෙම තියාගන්න හරිහමන් එකෙක් ඉන්න ඕන. ඒ කිව්වෙ අවංකව රටට දෙයක් කරන්න අවශ්‍යතාව තියෙන සහ ඒක පුලුවන්, පල් හොරෙක් නොවෙන එකෙක්. එහෙම එකෙක් මෙච්චර කල් ඕකෙ හිටියෙ නෑ. ඒකයි අවුල.

    ඒ අවුල හදල තමයි බලන්න ඕන මුලින්.
     
    • Like
    Reactions: emoji diaries

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අලුත් ව‍යවස්තාවක රාජ්‍යයේ ස්වභාවය මොකද්ද ?වැදගත්ම ප්‍රශ්නේ ඒක නේද
    අනිවාර්යෙන්ම වැදගත්ම ප්‍රශ්නය මේක තමයි. ලංකාවේ මිනිස්සු ඉතිහාසය පුරාම ඒකාධිපතියෙක් යටතේ ඉඳලා වහල් මානසිකත්වය අදටත් තියාගෙන ඉන්නවා. බහුතරයක් මිනිස්සු විශ්වාස කරන්නේ කවුරු හරි වැඩකාරයෙක් ඇවිල්ලා මේ රට ගොඩදාන්න ඕන කියන එකයි. දියසෙන් කතන්දරේ ඇත්ත ඕකනේ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියලා බහුතරයකට හිතෙනවා. තනි මිනිහෙකුගේ අභිමතයට අනුව රට පාලනය කරන්න ජනාධිපති කෙනෙක් පත්කර ගන්නවා. මහජන නියෝජිතයෝ පත් කරගැනීමත් ඊට දෙවෙනි නෑ. මහජනතාව දේශපාලනයට මැදිහත් වෙන්නේ මැතිවරණයකදී විතරයි. ඒ අතරතුර මැදිහත් වෙන්න කිසිම අවස්ථාවකුත් ලබාදීලා නෑ මේ පවතින ක්‍රමය යටතේ. මිනිස්සුන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හුදු මැතිවරණය කියන තැනට සීමාවෙලා තියෙන්නේ. අවුරුදු හයකට නියෝජිතයෙක් පත්කර ගත්තාම ඒ අවුරුදු හය පුරාවට ඌට කැමති විදියකට ඕන ගේමක් ගහගෙන ඉන්න පුළුවන්. එහෙම බැලුවාම පක්‍ෂය මාරු කළොත් මන්ත්‍රී ධූරය අහෝසි වෙන විදියට නීති සම්පාදනය කර තිබීම වටිනා දෙයක්. මැතිවරණයක් තියලා අවුරුද්දක් යද්දී පාර්ලිමේන්තුවේ බහුතර මතය රටේ බහුතර ජනමතය ට විරුද්ධව යාම මේ ක්‍රමයේ තියෙන ලොකුම විකෘතියයි. ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදීත් මහජන නියෝජිතයාගේ අභිමතය පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඌ ඒක බිස්නස් එකක් කරගන්නවා.
    ඒ නිසා මැතිවරණ තිබ්බත් නැතත් මහජනතාවට යම් මට්ටමකින් වත් දේශපාලනය ට මැදිහත්වෙන්න අවස්ථාව ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍යයි. ජනතාව පත්කරගත්ත නියෝජිතයා ජනාධිපති වුනත් මන්ත්‍රී කෙනෙක් වුනත් ඌ ජනතා මතයට එරෙහිව කටයුතු කරනවා නම් ඌව පන්නලා දාන්න අවස්ථාවක් ජනතාවට තිබියයුතුයි (අඩු ගානේ අවුරුදු දෙකකට පස්සේ වත්). නීතිපති දෙපාර්තමේන්තුව වගේ තැන් එක පුද්ගලයෙකුගේ අභිමතයට නැටවෙන රුකඩ ආයතන නොවිය යුතුයි. අගවිනිසුරු ඇතුළු විනිසුරන් පත්කිරීමට ජනාධිපතිට තියෙන බලය අනිවාර්යෙන් අහෝසිකළ යුතුයි.
    පවතින මැතිවරණ ක්‍රමයේ ඉඳලා මේ කියපු සියලු දේවල් වෙනස් කරලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන.
    --
    ps. ජනාධිපතිගේ සහ සියලුම මන්ත්‍රී වරුන්ගේ අනවශ්‍ය වරප්‍රසාද නැති කරලා හොරෙකුට දේශපාලනේට එන්න හිතෙන තත්වය වෙනස් කිරීමත් බෝම වැදගත් .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනිවාර්යෙන්ම වැදගත්ම ප්‍රශ්නය මේක තමයි. ලංකාවේ මිනිස්සු ඉතිහාසය පුරාම ඒකාධිපතියෙක් යටතේ ඉඳලා වහල් මානසිකත්වය අදටත් තියාගෙන ඉන්නවා. බහුතරයක් මිනිස්සු විශ්වාස කරන්නේ කවුරු හරි වැඩකාරයෙක් ඇවිල්ලා මේ රට ගොඩදාන්න ඕන කියන එකයි. දියසෙන් කතන්දරේ ඇත්ත ඕකනේ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියලා බහුතරයකට හිතෙනවා. තනි මිනිහෙකුගේ අභිමතයට අනුව රට පාලනය කරන්න ජනාධිපති කෙනෙක් පත්කර ගන්නවා. මහජන නියෝජිතයෝ පත් කරගැනීමත් ඊට දෙවෙනි නෑ. මහජනතාව දේශපාලනයට මැදිහත් වෙන්නේ මැතිවරණයකදී විතරයි. ඒ අතරතුර මැදිහත් වෙන්න කිසිම අවස්ථාවකුත් ලබාදීලා නෑ මේ පවතින ක්‍රමය යටතේ. මිනිස්සුන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හුදු මැතිවරණය කියන තැනට සීමාවෙලා තියෙන්නේ. අවුරුදු හයකට නියෝජිතයෙක් පත්කර ගත්තාම ඒ අවුරුදු හය පුරාවට ඌට කැමති විදියකට ඕන ගේමක් ගහගෙන ඉන්න පුළුවන්. එහෙම බැලුවාම පක්‍ෂය මාරු කළොත් මන්ත්‍රී ධූරය අහෝසි වෙන විදියට නීති සම්පාදනය කර තිබීම වටිනා දෙයක්. මැතිවරණයක් තියලා අවුරුද්දක් යද්දී පාර්ලිමේන්තුවේ බහුතර මතය රටේ බහුතර ජනමතය ට විරුද්ධව යාම මේ ක්‍රමයේ තියෙන ලොකුම විකෘතියයි. ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදීත් මහජන නියෝජිතයාගේ අභිමතය පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඌ ඒක බිස්නස් එකක් කරගන්නවා.
    ඒ නිසා මැතිවරණ තිබ්බත් නැතත් මහජනතාවට යම් මට්ටමකින් වත් දේශපාලනය ට මැදිහත්වෙන්න අවස්ථාව ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍යයි. ජනතාව පත්කරගත්ත නියෝජිතයා ජනාධිපති වුනත් මන්ත්‍රී කෙනෙක් වුනත් ඌ ජනතා මතයට එරෙහිව කටයුතු කරනවා නම් ඌව පන්නලා දාන්න අවස්ථාවක් ජනතාවට තිබියයුතුයි (අඩු ගානේ අවුරුදු දෙකකට පස්සේ වත්). නීතිපති දෙපාර්තමේන්තුව වගේ තැන් එක පුද්ගලයෙකුගේ අභිමතයට නැටවෙන රුකඩ ආයතන නොවිය යුතුයි. අගවිනිසුරු ඇතුළු විනිසුරන් පත්කිරීමට ජනාධිපතිට තියෙන බලය අනිවාර්යෙන් අහෝසිකළ යුතුයි.
    පවතින මැතිවරණ ක්‍රමයේ ඉඳලා මේ කියපු සියලු දේවල් වෙනස් කරලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන.
    ඕකත් එකක් හැබැයි කවුරුවුනත් කියන්න ඕනේ අපි ගේන්නේ
    ඒකිය රාජ්‍යක්ද
    සන්ධිය රාජ්‍යක්ද
    නැත්තන් පුර්ණ ස්වයං නිර්ණ බලය සහිත පෙඩරල් එකක්ද කියලා.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    පාර්ලිමෙන්තුවට කෙටුම්පතක් දැම්මොත් MP ලා බැ කියන්නැ බං. උන්ටනේ බලේ යන්⁣නේ. අත උස්සයි එකෙන්ම. ප්‍රයෝගිකව කරන්න බැරි නැ.

    නමුත් බලේ ආවාම ඔකේ බලේ දැනුනම ඕවා අහෝසි කරන්න අදිමදි කරනවා කවුරු උනත්. අනික jvp එක මේ කියන වැඩ ටික කරන්න උන්ට විධායක ජනාධිපති බලය ඕනාම වෙනවා.
    Meka attac :yes:
     
    • Like
    Reactions: Lovtus