විනය නීතිය vs රථවාහන නීතිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    මූ නීති හදනව .
    ඔලුවක් තියනවනම් අනිත් මිනිස්සු අමාරුවේ නොදා හෙල්මට් එක දාගෙන පල කියලා කිව්වනම් ඉවරයි .
    නැත්නම් මුන් හෙල්මට් දාගෙන නැතුව ගහින් කොහේ හරි වාහනයක වද්දල වැටිලා ඔලුව වැදිලා අපවත් උනාම අනිත් වාහනේ ඉන්න උන්ට තමයි කරදරේ .

    ඇත්තටම විනය නීතියේ මෙහෙම එකක් කියලා තියෙනවාද?
    විනය නීතියේ තියනවද smart phone පාවිච්චි කරනන් පුලුවන් කියලා ?
    ------ Post added on Mar 10, 2025 at 4:46 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කේස් එක මේකයි... ඉස්සර බයික් වාහන තිබ්බෙ නෑ නේ ..
    හාමුදුරුවන්ට වාහන තහනම් කරල විනය පිටකය වෙනස් කරා නං හරි .. ඔය ප්‍රශ්න මුකුත් නෑ...
    වඩින තැනකට පයින්ම වඩින්න තියෙන්නෙ නියම බුද්ධ පුත්‍රයො වගේ :love2:
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    නීති තියෙන්නේ තමන්ගේ, අන්අයගේ ආරක්ෂාව, රැකවරණයට කියලා තේරුනානම් මෙහෙම වෙන්නේ නැහැනේ.
    A Level විභාගේ ඉවරවෙලා මගේ යාළුවෙක් තව යාළුවෙක් එක්ක බයිසිකලේක යන්න හැදුවා. මං ඌට කිව්වා හෙල්මට් නැතුව යන්න එපා කියලා. ඌ මට කියනවා ඉස්කෝලේ යුනිෆෝම් ඉන්නවා නම් හෙල්මට් ඕනේ නැහැ කියලා. මං ආයේ මුකුත් කියන්න ගියේ නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කේස් එක මේකයි... ඉස්සර බයික් වාහන තිබ්බෙ නෑ නේ ..
    හාමුදුරුවන්ට වාහන තහනම් කරල විනය පිටකය වෙනස් කරා නං හරි .. ඔය ප්‍රශ්න මුකුත් නෑ...
    වඩින තැනකට පයින්ම වඩින්න තියෙන්නෙ නියම බුද්ධ පුත්‍රයො වගේ :love2:
    හමුදුරුවොන්ට සල්ලි පරිහරණය කරන්න බෑ බන් විනය පිටකටයට අනුව. දැන් ඉන්නේ ඔක්කොම හොර ඝනයෝ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    I can understand the confusion from both the parties.
    Monks don't wear head gear and you can't travel in a bike without helmets.
    Government needs to state which one is actually the law

    කේස් එක මේකයි... ඉස්සර බයික් වාහන තිබ්බෙ නෑ නේ ..
    හාමුදුරුවන්ට වාහන තහනම් කරල විනය පිටකය වෙනස් කරා නං හරි .. ඔය ප්‍රශ්න මුකුත් නෑ...
    වඩින තැනකට පයින්ම වඩින්න තියෙන්නෙ නියම බුද්ධ පුත්‍රයො වගේ :love2:
    විනය පිටකය තමන්ට ඕනි ඕනි විදිහට වෙනස් කරන්න රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෙවේනේ. මම කිසිම ආගමක් ලොකුවට අදහන්නේ නෑ ඒ හින්ද හමුදුරුවෙක්ගේ පැත්තක් ගන්නේ නෑ. හැබැයි හමුදුරුවොන්ගේ පැත්තෙනුත් හරි කියන දේ. රටේ ආගමික නීතියටයි රටේ නීතියටයි හරි තැනක් දීල නෑනේ. කෝකද උඩින් තියෙන්නේ කියල හරියට කියන්න ඕනි. රටේ නීතිය නං උඩින් තියෙන්නේ බුර්කාව ගොඩක් තැන් වලදී තහනං වෙනවා.
    ------ Post added on Mar 10, 2025 at 5:26 PM
     
    • Like
    Reactions: Bunji Kuraki

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    In Tibet the Buddhist monks wear hats. :unsure:
    28AN8uk.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113

    ඇත්තටම විනය නීතියේ මෙහෙම එකක් කියලා තියෙනවාද? ලගින් යන එකක් හරි.. හෙල්මට් නෙමේ හිස් වැසුම් හරිවත්

    කවුරු හරි පින්වතෙක් හෙල්මට් එකක් අරන් තැම්බිලි පාට ගාලා උට දීපන්

    I can understand the confusion from both the parties.
    Monks don't wear head gear and you can't travel in a bike without helmets.
    Government needs to state which one is actually the law

    විනය පිටකය තමන්ට ඕනි ඕනි විදිහට වෙනස් කරන්න රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෙවේනේ. මම කිසිම ආගමක් ලොකුවට අදහන්නේ නෑ ඒ හින්ද හමුදුරුවෙක්ගේ පැත්තක් ගන්නේ නෑ. හැබැයි හමුදුරුවොන්ගේ පැත්තෙනුත් හරි කියන දේ. රටේ ආගමික නීතියටයි රටේ නීතියටයි හරි තැනක් දීල නෑනේ. කෝකද උඩින් තියෙන්නේ කියල හරියට කියන්න ඕනි. රටේ නීතිය නං උඩින් තියෙන්නේ බුර්කාව ගොඩක් තැන් වලදී තහනං වෙනවා.
    ------ Post added on Mar 10, 2025 at 5:26 PM
    Rate neethiya thamai neethiya. Aagamika boru neethi adhaala na
    ------ Post added on Mar 10, 2025 at 5:28 PM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    ehema vinaya nithiyak thiyenawa. hoda silwath gunawath hamuduru e nisa motorcycle wala yanne na, buduhamuduruwo kiyala thiyenawa vinaya nithiyata udin rate nithiya thiyenne kiyala.
     
    • Like
    Reactions: Bunji Kuraki

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මම දන්නා තරමට නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා , තමන් ඉන්න දේශයේ නීතියට අනුගත වෙන්න කියලා
    ඒකනේ මුන් බුදුන්ටත් වඩා උඩින් යන්න හදනවනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    කවුරු හරි පින්වතෙක් හෙල්මට් එකක් අරන් තැම්බිලි පාට ගාලා උට දීපන්

    Rate neethiya thamai neethiya. Aagamika boru neethi adhaala na
    ------ Post added on Mar 10, 2025 at 5:28 PM
    එහෙම scene එකක් නෑ. රටේ නීතිය හැමවෙලේම අදාළ නෑ හැම එකටම. Foriegn VIP ලට vehicle escort දෙන එක රටේ නීතියක් නෙවේ. ජනාදිපතිව උද්ගෝෂණ කරලා එලෝන එක රටේ නීතියක් නෙවේ. ඒක consider කරන්න පුළුවන් ත්‍රස්ත ක්‍රියාවක් කියල. හැබැයි අපි කරේ. පස්සේ නීත්‍යනුකුලව ජනාදිපති resignation එක දෙන එක ගැන නෙවේ කිව්වේ .
    civil war ඇති වෙන එක රටේ නීතියක් නෙවේ. රටේ නීතියක් තිබ්බ කියල හැම වෙලේම ඒක පිලිපැදෙන්නේ නෑ. hilton hotel එකට amarican set එකක් බැහැල තිබ්බ බෝම්බ කාලේ කිසිම පරීක්ෂාවක් කරන්න නොදී. ඒකට කරන්න දෙයක් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියල රජයෙන්ම කිව්වා. උසාවි අරන් ගියොත් උසාවියෙන් කියයි රටේ නීතිය අනුව මෙහෙමයි කියල හැබැයි ප්‍රායෝගිකව එව්වා ක්‍රියාත්මක කරන්න බැරි scenarios ඕනි තරන් තියෙනවා ලෝකේ. රටේ නීතිය කියන්නේ මිනිස්සු මිනිස්සු කතාවෙලා හදාගත්ත guidelines ටිකක්. එව්වා ඕනි වෙලේක වෙනස් වෙන්න පුළුවන්. දැන් Messi හරි බෙකම් හරි ලංකාවට ඇවිල්ල බීල පිස්සුවක් කෙලියයි කියල ලංකාවේ හිරේ දාන්න ගියොත් අවුරුද්දකට දෙකකට විතර *** පලාගන්න වෙන්නේ :lol: ලංකාවේ මිනිස්සු බහුතරයක් ආගමිකයිනං ආගමික සංස්කෘතියට ලොකු තැනක් තියෙනවා. ආගමික නැත්තන් ආගමික සංස්කෘතීන් ලොකු නෑ. කෝවිඩ් වෙලේ මුස්ලිම් උන්ව ආදාහනය කරන්න කියල නීතියක් ගෙනල්ල කාපු ටොපියක් මතක නැ?
     
    • Like
    Reactions: Dusty Killer

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    බුදුන් වදාළ ධර්මයට අනුව පවත්නා නීතියට රටේ සාමාන්‍ය වැසියා මෙන්ම පාලකයා ද අවනත විය යුතුය. එසේ පැවසීමත් සමග ම හැගවෙන්නේ භික්‍ෂුව ද රජුගේ නීතියට අවනත විය යුතු බවයි. භික්‍ෂුව ද මහා සමාජයේ උප කුලකයකි. සංඝ සමාජය පරමාදර්ශී සමාජයකි. එම පරමාදර්ශී සමාජයේ පැවැත්මට බුද්ධ දේශිත විනය ප‍්‍රතිපත්ති ප‍්‍රමාණවත් බව සත්‍ය වෙයි. එහෙත් රජය පනවන නීතිරීතිවලට ගරු කිරීම සහ අවනත වීම නීතිමය යුතුකමක් වනවා මෙන්ම, නීතියේ ආධිපත්‍ය පිළිගැනීමක නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ ය යන්න ප‍්‍රසිද්ධ කියමනකි. සදාචාරාත්මක මිනිස් සමාජයක යථා පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින භික්‍ෂුවට නීතිය පිළිබඳව නිරවුල් අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය වේ. නූතනයේ බොහෝ භික්‍ෂූන්ට පවතින නීතිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැත.

    එමනිසා රජයේ නීතියෙන් දඩුවම් ලබන අවස්ථා ද බොහෝය. රාජ්‍ය අධිකාරී බලය පදනම් කරගෙන නීතිය ක‍්‍රියාත්මක වන හෙයින් නීතිය කඩ කළ විට දඩුවම් ලැබේ. එම දඩුවමට භික්‍ෂුව ද යටත් ය. භික්‍ෂුව රජයේ නීති රාමුවෙන් ඉවතට ක‍්‍රියා කළ නොහැකි බව ඇතැම් භික්‍ෂූන් නොදැන සිටීම සංඝ සමාජයේ පැවැත්මේ අර්ථය පවා ප‍්‍රශ්න කරන්නකි. භික්‍ෂූත්වය නීති කඩ කිරීමේ නිලයක් ලෙස භාවිතා නොකළ යුතුය. පොදු සමාජ යහපත සදහා පුරවැසියන් විසින් ඉටු කළ යුතු බවට රාජ්‍යයේ නීතිය මගින් විධානය කර ඇති කාර්යයන් නීතිමය යුතුකම් ලෙස හැඳින්වේ. එම නීතිමය යුතුකම් පිළිබඳව ද අපේ සමහර භික්‍ෂූන්ට අවබෝධයක් නැත. රාජ්‍ය මගින් පනවන නීති පිළිපැදීම, අයබදු ගෙවීම, රජයට අවනත භාවය දැක්වීම (ආණ්ඩුවට නොවේ) යන නීතිමය යුතුකම් භික්‍ෂුව පිළිපදින විට මහා සමාජය ද එයට අවනත වීමට හුරු වීම නිරායාසයෙන් ම සිදුවනු ඇත.

    ග‍්‍රීක දාර්ශනික ප්ලේටෝ පෙන්වා දී ඇත්තේ පරමාදර්ශී රජයකට නීතිය අවශ්‍ය නොවූව ද මිහිතලය මත පවතින සාමාන්‍ය සමාජය තුළ නීතිය අත්‍යාවශ්‍ය වන බවය. නීතිය නමැති ස්වර්ණමය නූලෙන් සමාජය බැඳ තැබිය යුතුය යන්න අවධාරණය කරන ප්ලේටෝගේ අදහස එදාට වඩා අදට වැදගත්ය. නීතිය නමැති ස්වර්ණමය නූලෙන් භික්‍ෂු සංස්ථාව බැඳ තැබිය යුතු නැත. නීතියේ රාමුව තුළ භික්‍ෂුව ජීවත් විය යුතුය.

    ඇරිස්ටෝටල් පෙන්වා දී ඇත්තේ සියලූම සත්වයින් අතරින් උසස්ම සත්වයා මිනිසා බවත් නීතියෙන් සහ යුක්තියෙන් ඔහු වෙන් කළ විට සියලූ සතුන් අතරින් නරකම සත්වයා ද මිනිසා බවත්ය. බෞද්ධ සදාචාරයේ මස්තකප‍්‍රාප්තිය නිර්වාණයයි.

    භික්‍ෂුවගේ අවසාන පරමාර්ථය ද නිර්වාණය යි. නිවන කරා යාමට සූදානම් වන අපට නීතිය හා සදාචාරය අතර ඇති බැඳියාව පිළිබඳ හොඳ කියමනක් අවශ්‍යම වේ. එසේ නොවන විට මාලිමාවක් නොමැති නෞකාවක් මෙන් සංඝ සමාජය ඉබාගතේ පාවිය හැක. ජාතික ගීය, ජාතික කොඩිය රජයක් නියෝජනය කරන ජාතික සංකේතයන් ය. එයට ගරු කිරීම යනු තමා ජීවත් වන දේශයට ජාතියට ගරු කිරීමයි. ඇතැම් රටවල එය නීතියකි. තවත් රටවල නීතිමය යුතුකමකි. ලාංකිකයින් වන අප හැමෝම ජාතික සංකේතවලට ගරු කිරීමට සදාචාරාත්මකව බැඳී ඇත.

    එම බැඳීම්වලින් භික්‍ෂුව ඉවත් වීම පරමාදර්ශී සමාජයක් වන භික්‍ෂු සමාජයට අභියෝග කිරීමකි. බෞද්ධ දර්ශනය විශ්වයටම අයත් බව සත්‍යයකි. එහෙත් යම් රටක ජීවත් වන පුරවැසියෙකු වශයෙන් එම රටේ නීතිරීතිවලට ගරු කිරීම, ජාතික සංකේතවලට ගරු කිරීම ජාතික යුතුකමක් ද වේ. රටක් ශිෂ්ටාචාරගත ද නැද්ද යන්න තීරණය කිරීමේ ප‍්‍රධාන නිර්ණායකයකි එරට වැසියන් නීතියට සදාචාරයට ගරු කරනවාද නැද්ද යන්න. ඇතැම් හිමිවරුන් නීතිගරුකව පැවිදි ජීවිතය ආදර්ශවත් ලෙස ගත කරද්දී තවත් පිරිසක් රටේ නීති කඩ කරමින් අසංවර ගිහියන් ලෙස හැසිරීමෙන් පිළිබිඹු වන්නේ භික්‍ෂු සමාජයේ බිඳ වැටීමයි.

    පැවිදි සංස්ථාවට අභිනවයෙන් එකතු වන සාමනේර හිමිවරුන්ට රටේ පවතින නීතිරීති පිළිබඳව අවබෝධයක් ලබාදීම වැඩිමහලූ භික්‍ෂූන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. එම වගකීමෙන් නූතන වැඩිහිටි භික්‍ෂුව ඉවත් වෙමින් සිටින්නේදැයි විටෙක හැෙග්. බොහෝ ලොකු හාමුදුරුවරු පන්සලෙහි පිරිවෙන් පවත්වාගෙන යාම පමණක් ම අරමුණු කර ගනිමින් ළමුන් පැවිදි කරන බව පෙනී යයි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් බොහෝ සාමනේර හිමිවරුන් සාමාන්‍ය නීති පවා උල්ලංඝනය කරනුයේ කිසිදු පිළිවෙතකින් නොවෙයි. පසුගිය කාලයේ නීතිරීති කඩන ලඳ භික්‍ෂූන් පිළිබඳව මාධ්‍යවලින් වාර්තා විය. එම තත්වයෙන් පොඩි හාමුදුරුවරුන් මුදවාගෙන නීතිගරුක මෙන්ම විනයගරුක භික්‍ෂූ පිරිසක් බිහි කර ගැනීමට මහා නාහිමි වරුන් ඇතුඑ වගකිව යුතු වැඩිහිටියන්ගේ හා පාලන තන්ත‍්‍රයේ පරම යුතුකම බව මතක තබාගත යුතුය.

    ශාස්ත‍්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි හිමි

    https://divaina.lk/භික්‍ෂුවත්-නීතිගරුක-විය/
     
    • Like
    Reactions: Dusty Killer

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම scene එකක් නෑ. රටේ නීතිය හැමවෙලේම අදාළ නෑ හැම එකටම. Foriegn VIP ලට vehicle escort දෙන එක රටේ නීතියක් නෙවේ. ජනාදිපතිව උද්ගෝෂණ කරලා එලෝන එක රටේ නීතියක් නෙවේ. ඒක consider කරන්න පුළුවන් ත්‍රස්ත ක්‍රියාවක් කියල. හැබැයි අපි කරේ. පස්සේ නීත්‍යනුකුලව ජනාදිපති resignation එක දෙන එක ගැන නෙවේ කිව්වේ .
    civil war ඇති වෙන එක රටේ නීතියක් නෙවේ. රටේ නීතියක් තිබ්බ කියල හැම වෙලේම ඒක පිලිපැදෙන්නේ නෑ. hilton hotel එකට amarican set එකක් බැහැල තිබ්බ බෝම්බ කාලේ කිසිම පරීක්ෂාවක් කරන්න නොදී. ඒකට කරන්න දෙයක් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියල රජයෙන්ම කිව්වා. උසාවි අරන් ගියොත් උසාවියෙන් කියයි රටේ නීතිය අනුව මෙහෙමයි කියල හැබැයි ප්‍රායෝගිකව එව්වා ක්‍රියාත්මක කරන්න බැරි scenarios ඕනි තරන් තියෙනවා ලෝකේ. රටේ නීතිය කියන්නේ මිනිස්සු මිනිස්සු කතාවෙලා හදාගත්ත guidelines ටිකක්. එව්වා ඕනි වෙලේක වෙනස් වෙන්න පුළුවන්. දැන් Messi හරි බෙකම් හරි ලංකාවට ඇවිල්ල බීල පිස්සුවක් කෙලියයි කියල ලංකාවේ හිරේ දාන්න ගියොත් අවුරුද්දකට දෙකකට විතර *** පලාගන්න වෙන්නේ :lol: ලංකාවේ මිනිස්සු බහුතරයක් ආගමිකයිනං ආගමික සංස්කෘතියට ලොකු තැනක් තියෙනවා. ආගමික නැත්තන් ආගමික සංස්කෘතීන් ලොකු නෑ. කෝවිඩ් වෙලේ මුස්ලිම් උන්ව ආදාහනය කරන්න කියල නීතියක් ගෙනල්ල කාපු ටොපියක් මතක නැ?

    රටක නීතිය සහ ව්‍යවස්තාව හැමට එක සේ සැලකිය යුතුයි. ඒක එහෙම නෙවෙයි ලංකාවෙ ඒක වෙනම කතාවක්.. එහෙම නැහැයි කියල.. අපිට එහෙන ජීවිතයක් අත්විඳල පුරුදු නැති නිසා දැන් තියෙන ක්‍රමේ හරි වෙන්නෙ නෑ..

    ඔය හාමුදුරුවොත් පිටරටකට ගියා නං කටපුක වහගෙන හෙල්මට් එක දාගෙන යයි.. එක්කො බයික් වල නොයාම ඉඳී.. ඇයි ? ආගම කියන්නෙ පුද්ගලානුබද්ධ දෙයක්.. පෞද්ගලික විශ්වාසයක් සහ ඇදහීමක්.

    මිනිස්සුන්ට එහෙම පුද්ගලික විශ්වාස සහ ඇදහිලි මත රඟන්න දෙනකොට ඒක සිවිලයිස්ඩ් සමාජයක් නෙවෙයි.. වනචාරී සමාජයක් වෙනව. ඒක එහෙම නොවෙන තැනට වර්තමාන ලෝකෙ භාවිතා කරන ටූල් එක තමයි , law and order.

    කිසිම ආගමකට, පුද්ගලයෙක්ට, ජාතියකට, විශේශ සැලකිලි නැතුව මේ රටේ නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක එහෙම නොවෙන එක අවාසනාවට කරුණක්
     
    • Like
    Reactions: hi.dushan

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    හමුදුරුවන්ට "ඔළුවක්" තියනවනම් හෙල්මට් එක දැමීම අනිවාර්යයි. එක තමා රථවාහන නීතිය. එහෙම කැමති නැත්තම් බයික් වල නොගිහින් ඉන්න ඕනේ.

    බුද්ධ දේශනාවෙන් කියනවා කිසියම් රටක ජීවත් වනවා නම් එම නීතියට හාමුදුරුවරුත් අනුගත වෙන්න ඕනේ කියලා. හාමුදුරු කෙනෙක් වීම නිතියෙන් රිංගා යාමට හේතුවක් නෙමෙයි