වින්ඩොස් ට්‍රික්ස් ටිකක්

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    වින්ඩොස් ට්‍රික්ස් ටිකක්

    ඔන්න මගේ පළවේනි ත්‍රෙඩ් එක
    ගොඩක් අය සමහරවිට දන්නවත් ඇති ;);). සමහරවිට රීපොස්ට් වෙන්නත් ඇති(එහෙමනම් සොරි වෙන්න ඕන:()
    මේක කමාන්ඩ් ලයින් එක්ක කරන්න තියන පොඩි වැඩක්....;) ඔය අපේ පප්පලාගේ මතකපත්‍ර:shocked::shocked:(පෙන්,මෙමරි කාඩ්) වයිරස් ඇටැක් වලට එහෙම අහු උනාම එකේ තිබුනු ඕන කරන් ෆයිල් ටික (ඔවු ඔවු ඒවා එහෙම තාමා;) ) පෙන්නන්නේ නැති උනාම මේ කමාන්ඩ් ලයින් එකෙන් වැඩේ ගොඩ දාගන්ඩ පුළුවන්

    ඉස්සරලාම කමාන්ඩ් ලයින් එක ඕපොන් කරගන්න

    start > all programs > accessories > command prompt නැත්නම් win key + r ගහලා රන් ඩයලොග් එකෙ cmd ටයිප් කරලා එන්ටර් කොරන්ඩ

    දැන් කමාන්ඩ් ලයින් එකේ ඉස්සරලාම ගහන්ඩ අදාල ඩ්‍රයිවර් එකේ ලෙටර් එක උදා- E: , F: , G:
    දැන් එන්ටර් කරලා මේ කමාන්ඩ් ගහන්න එකින් එක එන්ටර් කරන්න වෙනවා ඔන්න

    E: [enter]
    dir/aa [enter]
    dir/ad [enter]
    attrib -h -s [enter]

    දැන් දුවලා ගිහින් මයි කොම්පියුටර් එකේ අදාල ඩ්‍රයිවර් එක ඕපොන් කරලා බලන්න බඩු ඇති මේන් කියලා


    අනිත් එක ඩිස්ක් පාර්ට් එකෙන් ෆොමැට් කරන එක. මේක පෙන් ඩැමේජ් වෙලා මෙමරි ප්‍රමානය එහෙම පෙන්නන්නේ නැතිව තියනකොට ජාමේ ගොඩ දා ගන්න පුලුවන්.

    කලින් වගේම කමාන්ඩ් ලයින් වලට යන්න .කමාන්ඩ් ලයින් එකේ Diskpart ටයිප් කරා එන්ටර් කරා. එතකොට එයි ඩිස්ක් පාර්ට් වින්ඩො එක මේක කමාන්ඩ් ලයින් එකේ නිවුන් සහොදරයා වාගේ පෙනුමෙන් එක වාගේමයි
    list disk [enter]
    මේ කමාන්ඩ් එක ගහපුවාම ඩ්‍රයිවර් ලිස්ට් එකක් එනවා එකේන් පෙන් එකට,මෙමරි කාඩ් එකට අදාල ඩ්‍රයිවර් එක ‍තෝරා ගන්න වැරදිලා හාර්ඩ් ඩිස්ක් එහෙම තොරා ගන්න එහෙම එපා
    select [driver no Ex- disk 01,disk 02]
    [enter]
    clean [enter]
    create partition primary[enter]
    select partition 1 [enter]
    active [enter]
    මේ විදිහට කමාන්ඩ් ටික ගහගන යන්න හැම කමාන්ඩ් එකක්ම එන්ටර් කරන කොට අදාල කමාන්ඩ් එක හරි නම් සක්සස් මැසේජස් එනවා.. වැරදුනොත් අහු වෙනවා
    අවසානෙට අදාල ඩ්‍රයිවර් එක ෆොමැට් කර ගන්න මේ කමාන්ඩ් වලින් තමන්ට ගැලපෙන එකකින්

    format fs=NTFS or format fs= NTFS quick or format fs=fat32

    ෆොමැට් එක ඉවර වුනාම වැඩේ ගොඩ

    මේ ඩිස්ක් පාර්ට් ෆොමැට් එක බූටබල් පෙන් එකක් හදන්න ගන්නත් පුළුවන් කරන්න තියෙන්නේ බූට් dvd/cd එකේ ෆයිල් ටික ඩිස්ක් පාර්ට් වලින් හදපු පෙන් එකට කොපි කරලා මැසිමට ගහලා බූට් කොරන එක තමා ඉතින්.............


    හොදයි නම් බම්පියක් වත් දාන්න ............


    ජයීන් ජයීම වේවා!

    Shanur
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හරියන්නැ ඔයි.. ආත්ම ගානක ඉදල එන 32GB පෙන් එකක් තියෙනවා.හැම කට්ටඩිකමක් ම කලා..! මොන මගුලක් වත් කරන්න බැ.තියෙන ෆයිල් ටික ගනත් බැ, අලුතින් කොපි කරනත් බැ.. හැබැයි play වෙනවා. format කරනත් බැ යකෝ.The disk is write protected උට්ටක් එනවා
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    හරියන්නැ ඔයි.. ආත්ම ගානක ඉදල එන 32GB පෙන් එකක් තියෙනවා.හැම කට්ටඩිකමක් ම කලා..! මොන මගුලක් වත් කරන්න බැ.තියෙන ෆයිල් ටික ගනත් බැ, අලුතින් කොපි කරනත් බැ.. හැබැයි play වෙනවා. format කරනත් බැ යකෝ.The disk is write protected උට්ටක් එනවා
    zqjvzX3.jpg

    මෙහෙම කරලා බලාපන් යාළු
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    බම්පි බම්පි දාලා රෙප් දීලා දිරිමත් කරන යාළුවන්ට ගොඩාක් ස්තුතී
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    එක හරියන්නෙත් නැ ..
    බොන්න වෙන ප්‍රශ්නයක්..:lol: ඉදපන් මම ඔක ගොඩ දාන්න ක්‍රමයක් කියන්නම්... ඩිස්ක් පාර්ට් එකෙන් මමනම් ගොඩක් පෙන් චිප් ගොඩ දාලා තියනවා බන් ... ආය ට්‍රයි එකක් දාලා බලාපන් නිකමට වාගේ:lol: