කාලෙකින් පොඩි දෙයක් දාන්න හිතුනා. ඒක දාන්නෙ විනිමය මුදල් ගැන පොඩිවට සරලව.
මුදලේ අගය තීරනය වෙන්න සංකීර්ණ හේතු ගොඩක් බලපෑවට අපි මේක සරලව තේරුම් ගන්න බලමු. ඇත්තටම මුදල් භාවිතා වෙන්නෙ භාන්ඩ හෝ සේවා ගනු දෙනු කරන්න්නෙ. අපි ඉතුරු කරන් බැංකු වල දාගෙන හිටියට මුදල් ඒකක භාවිතාවට ආවෙම මිනිසුන්ට අගයන් වටිනාකම් හුවමාරු කරගන්න එක පැහැදිලි දෙයක් නෙ.
ලංකාවෙ මේ දවස් වල සැහෙන්න කතා වෙන භීතිකාවක් නේ මේ ඩොලර් රුපියල් 300ට යනවයි හෙට 250යි එලියෙන් ගන්න නෑ විකුනන්නෙ නෑ ඇත්ත ගාන අරකයි මේකයි බයිල ගොඩක් . මේකත් ඇත්තටම කියනව නම් කාර් මිල වගේ බිල්ලෙක් තමා (ඊටත් වඩා).
හිගයක් නිර්මානය කරල වෙලදපොලක් හදන එක ප්‍රාථමික වෙලද ගැටයක්. ලංකාව වගේ මූල්‍ය යාන්ත්රනයක් තියන රටක් විදියට ඇත්තටම විදේශ මුදල් සාමාන්‍ය ජනතාව අතට අවශ්‍ය නෑ. එහෙම එක එක මුදල් ඒකක රටේ සංසරණය වෙන්න ගන්න එක ඇත්තටම නැති ප්‍රශ්න ඇති වෙන හේතුවක් වෙනව වගේම රටේ සාමයටත් බාධා වෙනන් පුලුවන් කලු කඩ ව්‍යාපාර විවිධ අපරාද වැඩි වීමෙන්.
සමහර අප්‍රිකානු රටවල් විශේෂයෙන් මුදල් ඒකකය අකර්මන්‍ය උන තැන් වල විවිධ මුදල් ඒකක භාවිතා වෙන්න පුලුවන්. ඒ වගේම කොමියුනිස්ට් හා සමාජවාදී පිස්සො පාලනය කරන රටවලත් දේශීය මුදල් වල වටිනාකමක් නැති තරම් නිසා වෙනත් රටවල මුදල් සාමාන්‍ය ජනයා අතර ගැවසෙනව. ( කියුබාවෙ මේ දවස්වල තියන තත්වය හොද උදාහරනයක්.( ජෙප්පො කෝ වරෙව්) ( Eg Central Asian, Some African regions )
මුදලේ අගය තීරණය වීමට බොහෝ දේවල් හේතු වෙන්න පුලුවන්. එක පැත්තකින්මුදලේ අගය ඒ රටේ මිනිස්සුන්ගෙ වත්කම් වල අගය නිරූපනය කරනව. අරාබි රටවල මුදල් අගයට තිබෙන ඉල්ලුම බොහෝ දුරට ඔවුන් විසින් සපයන තෙල් සහ ගෑස් වල ඉල්ලුම සහ තරගය මත තීරණය වෙනව වගේම වෙනත් රටවල් සමග ඇති කරගෙන තිබෙන ආර්ථික සම්බන්ධතාවයන් අතිශයින්ම මුදලේ වටිනාකමට බලපාන දෙයක්. ඉරානය සිරියාව වගේ රටවල් වලට තියන සම්බාධක නිසා ඔවුන්ට තෙල් හෝ ගෑස් වෙලදපොල තරග කරන්න හැකියාවක් නැති නිසා සහ වෙනත් රටවල් සමග නිත්‍යානුකූල ගනුදෙනු කරන්නත් බැරි හේතුව නිසා රටේ මුදල් වල අගය අස්ථාවර තත්වයක් ගන්නව. (අද ඔබට ඉරාන මුදල් වලින් ලක්ශයක් ලැබුනොත් ටොයිලට් පේපර් වෙනුවට තමා පාවිච්චි කරන්න වෙන්නෙ.)
සිම්බාබ්වේ වෙනිසියුලාව වගේ රටවලත් තත්වය මීට සමාන වෙන්නෙ වෙනත් රටවල් සමග ගනුදෙනු කරන්න බැරි තරමට දේශපාලන හා ආර්ථික වශයෙන් ලෝකයෙන් කොන් වී සිටීම නිසායි.
තව පැත්තකින් අපිට වෙන රටකින් කිසියම් දෙයක් ගන්න නම් අපේ වත්කම් අපි හුවමාරු කරගන්න සිද්ධ වෙනවනෙ. ඒ කියන්නෙ අපේ සල්ලි. සල්ලි වල අගයක් ලැබෙන්නෙ අපේ සල්ලි අරන් ඔවුන්ට ඒ දේ වියදම් කරල කරන්න යම් දෙයක් තිබේද කියන දේත් සාධකයක් වෙනව.
වර්ථමානයේ ලොකයේ ඔනෑම රටක පැවැත්මට විදේශ සම්බන්ධතාවන් අතිශයම මූලික අවශ්‍යතාවක් වෙනව මොකද සියල්ල සපිරි කිසිම රටක් නොමැති නිසා. ලොකෙ වැඩිම තෙල් සංචිත තියන වෙනිසියුලාවෙ එවුන්ට තෙල් බීල ජීවත් වෙන්න බෑ. උන්ගෙ තෙල් ගන්නෙත් නෑ උන්ට ණය දෙන්නෙත් නෑ නිකන් බඩු දෙන්නෙත් නෑ. ඉතින් උන්ගෙ රටේ මිනිස්සු අතේ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ. ඉරානෙ සිරියාව උතුරු කොරියාව වගේ රටවලටත් තත්වය සමානයි නමුත් ලග පාත රටවල් සමග හොර පාරෙන් ගනුදෙනු කරල යම් තාක් දුරකට අවශ්‍යතා සපුරා ගන්නව.
මූල්‍ය නියාමනය කිරීම වෙනුවෙන් බලය තියන රටක මධ්‍යම බැංකුවකට මුදල් නිර්මාණය කරන්න පුලුවන්. ඒ කියන්නෙ හිතන්න රට ඇතුලෙ මිනිස්සු 100ක් ඉන්නව උන්ට රුපියල ගානෙ බැංකුවෙන් දෙනව. දැන් ඒ මිනිස්සුන්ට පුලුවන් ඒ මුදල් වියදම් කරල එකිනෙකා අතර ගනුදෙනු කරගන්න. නමුත් මෙතන තව ප්‍රශ්නයක් එනව. ඒ තමා මේ හැම එකාටම ලැබුන රුපියල දීල ගන්නෙ මොනවද කියන එක. මේ ඉන්න 100 දෙනා මොකුත් නිශ්පාදන කරන්නෙ නෑ කියමු. එතකොට උන්ගෙ අතේ තියන සල්ලි වලින් කරන්න දෙයක් නැති වෙනව. ඔන්න ඔය වගේ තත්වයක් තමා මැදපෙරදිග තියෙන්නෙ. උන් කිසිම දෙයක් කරන්නෙ නෑ ගොඩක් උන් නමුත් රටේ පොලොවෙන් මතු වෙන තෙල් නිසා ඒක ලොකු ගැටලුවක් නෑ. ඒ රටවල උන්ට අවශ්‍ය බඩු ඒ තෙල් වල වටිනාකම නිසා පියවලා අර නිකම්මු සෙට් එකට බෙදල ආතල් ගන්න දෙන්න පුලුවන් (Libya). නමුත් සිංගපූරුව හොංකොන් වගේ රටවල් නිදසුනට ගත්තොත් ඔවුන්ගෙ මුදල බොහො දුරට වෙලද ගිවිසුම් සහ සේවාවන් නිසා හදා ගන්න තත්වයක් පේනව. මේකට අනිවාර්යයෙන් වෙනත් රටවල් ඔවුන්ගෙන් සේවා හා භාන්ඩ ලබා ගන්න තැනට පත් වෙලා සිටීම වැදගත්. ඉතින් විවිද රටවල් තමන්ගෙ මුදලෙ අගය විවිධ දේවල් මූලික කරගෙන නිර්මාණය කරගන්නව. අවසානයේදි යම් කිසි කාල රාමුවක් තුලදි මුදලක අගය ඉල්ලුම් සැපයුම් නීතියට අනුව තීරණය වෙනව.
යම් කාලයක් එන්න පුලුවන් රටකට විදේශයෙන් එන බාන්ඩ හෝ සේවා වලට ඉල්ලුම අඩු වෙන්න පුලුවන්. ඒ වගේම අනිත් පැත්ත වෙන්නත් පුලුවන් විදේශ දේට ඉල්ලුම වැඩි වීම නිසා දේශීය මුදල් වැඩියෙන් වියදම් කරල ඒ දේවල් ලබා ගන්න අවස්ථාවල්. ඉතින් මෙහෙම ඉල්ලුම සැපයුම මත සිද්ධ වෙන මුදල් අගය අඩු වැඩි වීම සාමාන්‍ය දෙයක්.
අපි දැන් ලංකාවට එමු. අපේ රටේ සියල්ල නිශ්පාදනය කරන්න හැකියාවක් තියන රටක් නෙවෙයි නේ. ඒ වගේම පොලොවෙන් මිනිස්සු මතු උනාට තෙල් හෝ ගෑස් මතු වෙන්නෙත් නෑ ඒවා ගන්න එවුනුත් නෑ නෙ (ත්රිකුනාමල වරාය ආශ්‍රිතව තිබුන බ්‍රිතාන්‍ය නාවික කදවුර නැවත ලංකාවට පවරා ගත් දවසේ ඉදන් ඒ තෙල් ටැංකි සංකීර්ණය නිකන් කැලයක් වෙලා තියන එක උදාහරණයක්).
අන්න ඒ හේතුව නිසා තමා ජන්ගි විකිනීම ඉතාමත් තීරණාත්මක දෙයක් වෙන්නෙ. එතකොට මොබයිල් ෆෝන් වගේ දේවල් මෝටර් කාර් වගේ දේවල් හදන්නෙත් නැති නිසා ( හදන්නෙ සුපර් කාර්නේ) , හැදුවත් අමුද්‍රව්‍ය කොහෙන් හරි ගේන්න ඔනෙ නිසා අනිවාර්යෙන් විදේශ භාන්ඩ හෝ සේවා වලට නිශ්චිත ඉල්ලුමක් තියන එක නොවැලැක්විය හැකි දෙයක්. අපේ රටේ මුදල් ඒකකය තවත් පහරක් වදින්න දෙයක් අද සිද්ධ වෙලා තියනව මම දැක්ක. කවුරු හරි මරි මෝඩයෙක් චීන කොමියුනිස්ට් පක්සය කියල ගහපු 1000 කාසියක් ගහල නිකුත් කරල. මේවා දකින ප්‍රජාත්‍රන්ත්‍රවාදය මූලික කරගත් රටවල් ලංකාව සමග ඉදිරියේදී ගනුදෙනු කිරීමට දෙපාරක් හිතන්න පුලුවන්. සමහර රජයන්/රටවල් සහ ව්‍යාපාර සංවිධාන වල ප්‍රතිපත්තිමය තීරන තියනව මේ වගේ දේවල් නිසා අවාසි වන. ( (Eg Fair Trade Act, GSP , GSP+)
මේක ඉතින් ඉවර කරන්න ලේසි නෑ අත රිදෙන නිසා ඉවර කරල දානව. එහෙනම් කොල්ලො අපි ගියා.
වැදගත් දෙයක් තියනව නම් හොද කරුනු එකතු කරන්න.

bank ekata passport eka pennapan ethakota denawa...