විනිවිද පෙනෙන අරුම පුදුම සතුන්

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    විනිවිද පෙනෙන අරුම පුදුම සතුන්

    විනිවිද පෙනෙන්නේ වීදුරු වල වුවද සත්ව ලෝකයේ සමහර සත්වයන් හටද මේ විනිවිදභාවය ස්වභාව ධර්මයා විසින් ලබා දී තිබේ. ලෝකයේ එලෙස විනිවිද පෙනෙන අරුම පුදුම සත්තු රැසක් සිටිති.


    මූණ පොතේ ලොව සුපැතුම් Group : http://www.facebook.com/groups/worldwish/
    මූණ පොතේ ලොව සුපැතුම් Fan Page : http://www.facebook.com/pages/World-...08377999180189
    උපුටා ගැනීම : http://worldwish.info/?p=939



    405676_205826219504668_100002318741910_437846_409988756_n.jpg

    විනිවිද පෙනෙන මේ ගෙඹි විශේෂය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. ගෙම්බාගේ බිත්තර ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති ආකාරය පවා පැහැදිලිව දක්නට හැකිවීම විශේෂත්වයක්.

    379436_205826266171330_100002318741910_437847_1943490122_n.jpg
    විනිවිද පෙනෙන මේ මිරිදිය පොකිරිස්සා සොයා ගන්නා ලද්දේ උතුරු ඇමරිකාවේ ගල්ගුහාවකින්.

    399865_205826299504660_100002318741910_437848_2146144695_n.jpg
    මේ ගෙඹි විශේෂය ජීවත්වන්නේ වෙනිසියුලාවේය. වීදුරු ගෙම්බා හෙවත් ග්ලාස් ෆ්රොග් ලෙස හඳුන්වන මොවුන්ගේ උදර ප‍්‍රදේශය විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ.

    393247_205826346171322_100002318741910_437849_1069261136_n.jpg
    ආලෝකයට ඉතාමත් සංවේදී මේ මත්ස්‍යයාගේ හිස කොටස විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ. ගැඹුරු මුහුදේ ජීවත් වන මොවුන් බැරල් අයි යනුවෙන් හඳුනවයි.

    388700_205826382837985_100002318741910_437850_1006356775_n.jpg
    වීදුරු බෝලයක් මෙන් ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන මේ දැල්ලන් විශේෂය වීදුරු දැල්ලා යනුවෙන් හඳුන්වයි.

    374690_205826402837983_100002318741910_437851_357690214_n.jpg
    මේ සමනළයාගේ පියාපත්වල ඇතැම් කොටස් විනිවිද පෙනෙන ආකාරය මේ ඡායාරූපයෙන්ම පැහැදිලිවේ.

    393725_205826446171312_100002318741910_437852_839058036_n.jpg
    ක්‍රොකඩ‍්‍රයිල් ෆිෂ් හෙවත් කිඹුල් මාළුවා යනුවෙන් හඳුන්වන මේ සත්ත්වයාගේ රුධිරය පවා අවර්ණ බවයි විද්‍යාඥයන් පවසන්නේ . දකුණු අර්ධගෝලයේ ශීත මුහුදේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.

    385536_205826472837976_100002318741910_437853_1928987432_n.jpg
    උතුරු අත්ලාන්තික් සාගර පත්ලේ කළ පර්යේෂණ වලදී මේ වීදුරු ඉස්සා සොයාගෙන තිබේ.

    385987_205826496171307_100002318741910_437854_701809864_n.jpg
    විනිවිද පෙනෙන බෝලයක් ද රැගෙන පිහිනා අයන ආකාරයක් පෙනෙන මේ ජීවියා ඉතාමත් කුඩා කූණිස්සෙකි.

    396665_205826536171303_100002318741910_437855_342571165_n.jpg
    සෙන්ටි මීටර 10 ක් පමණ දිගැති මේ ජෙල් ෆිෂ් ද විනිවිද පෙනෙන සත්ත්වයකු ලෙස ප‍්‍රකටයි.

    387755_205826572837966_100002318741910_437856_2053515441_n.jpg
    වීදුරු වලින් සැකසුණු පියාඹන පීරිසියක් සේ දිස්වන මේ අපූරු සත්ත්වයා ඉතාමත්ම කුඩා ජෙල් ෆිෂ් විශේෂයක්.

    409030_205826596171297_100002318741910_437857_118759829_n.jpg
    ගැඹුරු මුහුදු පත්ලේ ජීවත් වන මේ පැතලි මාලූවා තම ශරීරයේ අස්ථි සැකැස්ම සම්පූර්ණයෙන්ම දැකිය හැකි තරම් විනිවිද පෙනෙන අපූරු මත්ස්‍යයෙකි.

    403151_205826626171294_100002318741910_437858_1411316135_n.jpg
    විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා අඳුරු සාගර පත්ලේදී සතුරන්ගෙන් සැ`ගව සිටින්නේ සිරුරේ මේ අපූරු ස්වභාවය උදව් කරගනිමිනි.

    390643_205826666171290_100002318741910_437859_818515299_n.jpg
    විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා සොබා දහමේ නිර්මාණයක් නොව මිනිසා විසින් ජාන වෙනස් කම්වලට භාජනය කර කෘතිමව අභිජනනය කරනලද මත්ස්‍යයෙකි.

    383203_205826709504619_100002318741910_437860_1236008939_n.jpg
    මේ ඉස්සාද ගැඹුරු මුහුදු පත්ලෙන් හමුවූ තවත් විනිවිද පෙනෙන සත්ත්ව විශේෂයකි.

    Image Credit : ලංකාදීප පුවත්පත