විපක්ශය රට කොටියට දීම
LqNUCV3_OHE
එකපාරක් හිටපු ජනාධිපතිතුමියට මැතිවරණ වේදිකාවකදි කොටින්ගේ බෝම්බ ප්‍රහාරයක් වැදුනා, එක්සත්ජාතික පක්ශ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතගේ පියාණන් වගේම පක්ශ නායක රණසිංහ ප්‍රේමදාස මහත්මයා මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකින් මියගියා ඒවගේම එක්සත් ජාතික පක්ශේ දැවැන්ත නායකයො වෙන ගාමිණී දිසානායක වගේ නායකයො කොටි බෝම්බ වලින් මියගියා. යුද්දය පවතින සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා මරණය අභියසටම ගියා. එහෙව් කොටි කෙනෙහිලි වලට පත්වුන එක්සත්ජාතික පක්ශය, චන්ද්‍රිකා මහත්මිය, සරත් ෆොන්සේකා මැතිතුමා, සජිත් ප්‍රේමදාස මහතා, නවීන් දිසානායක මහතා වගේ අය එකතු වෙලා කොටින්ට රට පාවලා දෙයිද? ඒ ඉන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් හිතක් පපුවක් තියනවා. ඒ මිනිස්සු එකතුවෙලා දේශද්‍රෝහී වෙලා රට කොටියට දෙන්න හදනවා කියන තර්ක ගේන මිනිස්සුත් ඒවා විශ්වාස කරන මිනිස්සුත් කොයි තරම් මෝඩද?
LqNUCV3_OHE



