විප්ලවේ දුරයි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    විප්ලවේ දුරයි !
    =========

    🔺JVP නොවන දේශපාලන මතවාද දරන්නන් "වහල්ලු" වන අතර පුත්තලමේ සිට ගඩොල් පුච්චා අතින් වියදම් කරං JVP පක්ෂ මුලස්ථානයට එවන්නන් "සහෝදරයෝ" වේ.

    🔺JVP නොවන දේශපාලනඥයන්ට ලැබෙන තෑගි "අල්ලස්" වන අතර JVP නායකයන්ට ලැබෙන තෑගි "උපකාර" වේ.

    🔺රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම "නිදහස් අධ්‍යාපනයේ මළගම" වන අතර JVP නායකයන් ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම "අධ්‍යාපනයේ සම අවස්ථා ලැබීම" වේ.

    🔺JVP නොවන දේශපාලන මතවාදයන් දරන භික්ෂූන් වහන්සේලා "කහකඩයන්" වන අතර JVP සමුළුවට එන භික්ෂූන් වහන්සේලා "සුපේක්ෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා" වේ.

    🔺වෙනත් පක්ෂවලට සහය දෙන උගතුන් "කඩේ යන්නන්" වන අතර JVPයට සහය දෙන උගතුන් "විද්වතුන්" වේ.

    🔺 රාජ්‍ය ආයතනවලට ආණ්ඩුව පත්කළ තනතුරු දරන්නන් "හෙංචයියන්" වන අතර JVPයට මුදල් වියදම් කළ ඊබ්‍රාඃහිම් නානා ජාතික ලැයිස්තුවට දැමීම "සුදුස්සාට සුදුසු තැන දීම" වේ.

    🔺JVP නොවන දේශපාලන ලිපි ලියන්නන් "කුලී ලියන්නෝ" වන අතර JVP‍ය වෙනුවෙන් ලිපි ලියන්නන් "දාර්ශනිකයෝ " වේ.

    🔺වෙනත් රටවලින් ණය, ආධාර ගැනීම "හිඟාකෑම" වන අතර JVP නායකයන් පාක්ෂිකයන්ගෙන් පිනට යැපීම "අභිමානය" වේ.

    🔺වෙනත් පක්ෂවලට සහය දෙන රංගන | ගායන ශිල්පීන් "නලාකරුවෝ" වන අතර JVPයට සහය දෙන රංගන | ගායන ශිල්පීන් "ප්‍රතිභාපූර්ණ කලාකරුවෝ " වේ.

    🔺වෙනත් පුද්ගලයන් ගස් කැපු විට "ඔක්සිජන් හිඟ වෙන" අතර මහියංගනේ JVP සහෝදරයන් ගස් කපා පක්ෂ මුලස්ථානයට එවූ විට " ඔක්සිජන් වර්ධනය" වේ.

    🔺අනෙකුත් දේශපාලනඥයන් කියනා මුසාවාද "බොරු" වන අතර JVP නායකයා කියනා බොරු "පරම සත්‍ය" වේ.

    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි,
    3% යි,
    විප්ලවේ දුරයි !

    =================
    සොනාල ගුණවර්ධන
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
    සොනාල ගුණවර්ධන
     
    • Love
    Reactions: vinuga

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි,
    3% යි - හැබැයි සෑහෙන බයයි.....!


    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි,
    3% යි,
    විප්ලවේ දුරයි !
    =================
    සොනාල ගුණවර්ධන