ලංකාවේ අකාර්යක්ෂම ආයතනයක් බවට විභාග දෙපාර්තමේන්තුව පත්වීම කණගාටුවට කරුණකි. එහි කිසිම දුරකථන අංකයකින් ඇමතුමක් ලබා ගැනීම අපහසුය. 1911 Hotline අංකයද එසේමය. එක් දින සේවාව ඔස්සේ විදේශයක සිට සහතික පිටපතක් ලබා ගැනීමට දැරූ උත්සාහයකදී ලාංකිකයෙකු දැඩි අපහසුතාවයට පත්ව ඇත්තේ සහතිකය ලබා දීමට ඇති අපහසුතාවය පිළිබඳ කිසිම තොරතුරක් දැන ගැනීමට නොමැති වීම නිසාය. බොහොම වාර ගණනක් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ගත් උත්සහය නිරර්ථක වී ඇත. විද්යුත් තැපැල් පණිවුඩ 20කට පමණ සාර්ථක පිළිතුරක් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුවේ ආදාළ කාර්ය මණ්ඩලය අසමත් වී තිබේ.
