අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ වසර පහක කාලය තුළ උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 02 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ශඩේන් මහතා අද (14) තීරණය කළේය.



