විමල්ගේ නිවසේ මරණයක් නොව ඝාතනයක්!

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
වීරවංශ මහතාගේ පුත්‍රයා වන විභූදි විශ්වජිත් වීරවංශ තරුණයාගේ මිත්‍රයෙකු වන ළහිරු ජනිත් දිසානයකගේ මරණය පිලිබද පොලිස් පරීක්ෂණ මේ වනවිට වෙනත් අතකට යොමුවී ඇතැයි වාර්තාවේ. ඒ විමල් වීරවංශ මහතාගේ දියණිය හා මෙම තරුණයා අතර පැවති ප්‍රේම සම්බන්ධයක් හේතුවෙනි.

මෙම මියගිය තරුණයා මන්ත්‍රීවරයාට ඥාති සම්බන්ධතාවක් තිබෙන බවද නිතරම මෙම නිවසට පැමිණි බවද කියවේ. දියණිය සහ ළහිරුගේ මෙම ප්‍රේම සබධතාවයට විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය තදින්ම විරෝධය පලකර ඇත.

තලංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සිද්ධියට අදාළව ඊයේ පොලීසියට පැමිණි විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශගෙන් හා විමල් වීරවංශගේ පුත්‍ විභූදි විශ්වජිත් වීරවංශගෙන් දීර්ඝ කටඋත්තරයක් ලබාගෙන ඇත.

ශෂී විරවංශ මහත්මිය පොලිසියට පවසා ඇත්තේ මෙම තරුණයා සුපුරුදු පරිදි තමන්ට වැඳ ඉහල මාලයේ කාමරයට ගොස් නිදා ගත් බවයි. තරුණයාගේ මව කියා සිටින්නේ මරණ පරීක්ෂණයෙන් සිදුවුයේ කුමක්දැයි දැනගන්නවා මිස තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවයි. වීරවංශ මහතාගේ නිවසේ පොලිස් පරීක්ෂණ මේ වනවිටත් සිදුවෙමින් පවතී.

මේ පිලිබදව අදහස් දක්වන මිය ගිය තරුණයාගේ මව පවසන්නේ මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් ඇති බවයි. තම පුතු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවත් පශ්චාත් මරණ පරීක්ෂනය සිදුවන තෙක් බලා සිටින බවත් ඇය වැඩිදුරටත් සදහන් කර ඇත.
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    වීඩියෝ එකේ 1.05 -1.10 බලපන් ගොනෝ. සැකයක් නෑ කියලා කියන්නේ. ඒත් වුන දේ දන්නෙ නැති බවයි කියන්නේ කරෝලයෝ.