ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේනව කීව දවසේ ඉඳන් ඒකට අකුල් හෙලපු ලංකාවේ කාලකණ්ණි හැන ලොකුවට කතා කරල තේරුමක් නැතිනිසා ඒ ගැන කතා නොකර හිටියේ..
පළවෙනිම කාරණාව..
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළට ගමන් කරන ඕනෑම ලේඛණයකය ඇතුළත් වෙන අඩුපාඩුවක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගේ සිට වගකිවයුතු නිලධාරීන් සියල්ලම වගකීම ගන්න ඕනි කියන එකට කිසිම තර්කයක් නෑ..
ඒ වගේම හරිනි අමරසූරිය මේ උක්‍ත ප්‍රශ්නයේ වගකීම බාරහෙම අධ්‍යාපන ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතු බවටත්..
සෞඛ්‍ය ඇමති විදියට ඉන්න නලින්දත් බෙහෙත් ප්‍රශ්නේ සම්බන්ධයෙන් සමාව අරන් ඉල්ලා අස්විය යුතු බවටත් පක්ෂ විප්ක්ෂ කවුරු මොනා කීවත් එතන තර්ක කරන්න දෙයක් නෑ..
"මොකද ඒක තමා එයාල වෙනස් කරනව කිව්ව දේශපාලන සංස්කෘතිය"
දැන් මේකයි වැඩේ..
ඔයාල හිතනවනම් කවුරුමහරි මේ දේශපාලන ගේම් එකේ එච්චර ගේමක් ගහල 3% ඉඳන් මේ දක්වා බලය වර්ධනය කරගත්තු බල කඳවුරක් විදියට හරිනිල ගොඩනගාගෙන තියෙන වර්තමාන බලයෙ ස්වරූපයේ හැටියට..
ඔවුන්ට ඇත්තටම සමසිරි සම්බන්ධතා ප්‍රවර්ධනයක් කරන්න ඕනිම උනත්.. ඒකට මෙච්චර ලොකු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙනල්ලා හය වසරේ පොතකට ඔය වගේ ලින්ක් එකක් දාල ඕක ප්‍රචාරය කරන්න ඕන කියලා..
යකෝ, ස්කෝලයක් ළඟ ඔය බාර් කොඩ් එක දාපු ලීෆ්ලට් ටිකක් බෙදුවත්.. ඕක කරගත හැකිනේ..
වෙන විදි දාහක් තියෙන දෙයක් වෙනුවෙන් හරිනි වගේ කෙනෙක් හෝ ආණ්ඩුවක් හය වසරෙ පොතක පිටුවකට ඕක දැම්මා කියලා හිතනවනම් ඉතින් උඹලට ඔළුවක් තියෙන්නෙ බෙල්ලේ පාලුවට.. මොළයක් තියෙනව හැබැයි ඒක තියෙන්නේ කොහෙද කියල උඹල දන්නෙත් ණෑ..
පොඩ්ඩක් කල්පනා කරපල්ලා.. මේක තමා ගේම් එක.. ඒ වගේ ගේම් වලට අහුවෙන්න තරම් හරිනිලා ළදරුයි.. එයාලට මේ බලය පාලනය කරගන්න තේරෙන් නෑ..
හැබැයි මේව හරිම කැත පහත් දේශපාලන ගේම්..
මේක ගේම් එකක් කියලා තේරුම් ගත්තත් අධ්‍යාපන ඇමති විදියට හරිනි ඉල්ලා අස් වෙන්නනම් ඕනි..
මෙයාලට පොතක් හරියට බලල ප්‍රින්ට් කරගන්න බැරිනම් ඉතින් කෝම රටක් පාලනය කරන්නද..
හැබැයි ඉතින් පොතක පිටුවක් ගානේ හරිනි බලනවද කියලනම් මන් දන්නෙත් නෑ..
එහෙම බලනවද?