විමල් නැමැති බල්ලා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    විමල් නැමැති බල්ලා

    විමල් නැමැති බල්ලා

    za1dm9.jpg


    මට මතක් වෙනවා 2008 අප්‍රේල් 8 වෙනිදා ජවිපෙන් ඉවත්වී විමලසිරි පාර්ලිමේන්තුවේ දී කල කතාවෙන් බිඳක්,

    ෴ මම බස් එකේ යද්දී මගේ තාත්තා ටයර් සෑයක දැවෙන මගේම සහෝදරයෙක් ගේ සිරුරක් දිහා බලාගෙන ඉන්නවා. ඒ බැලුව මාවද දැවෙන්නේ කියල. පස්සේ මම දන්නේ මාත් එක්ක එකටම වැඩ කරපු සෙනෙවි සහෝදරයා තමයි ඒ මරල දාලා තිබුනේ කියල ෴

    මේ කතාවේ සංවේදී කම ඉහවහා ගියත් 2015 දී මට විමලේ ගෙන් අහන්න තියෙන්නේ උඹ එක්ක එකට ජිවිතේ පරදු අල්ලපු සෙනෙවිට උඹ සාධාරණයක් ඉටු කළා ද කියල. උඹ එදා වේදිකාවේ දී මියැදුණු සහෝදරයන් වෙනුවෙන් කිව්වේ "තදින් වැළඳගමි නුඹේ විරු දෑත" කියල. අද මම උඹෙන් අහනවා උඹ තාමත් ඒ දෑත තදින් වැළඳගෙන ද ඉන්නේ කියල. කොටින්ම උඹ දැන් ඉන්නේ එකට ලේ හලාගෙන සටන් කරලා මියැදුණු සෙනෙවි සහෝදරයා ප්‍රර්ථනා කරපු ලෝකය හදන්න පුළුවන් තැනකද කියල...??

    නෑ.. උඹට උත්තර නෑ.. උඹට මේවට කිසිම වෙලාවක උත්තර නෑ...

    ජවිපෙ කියන්නේ එකම එක චන්දය වෙනුවෙනුත් සටන් කරන පක්ෂයක් මිසක් ලේසියෙන් කෙනෙක් නෙරපන පක්ෂයක් නොවෙන බව උඹ, මට වඩා හොඳට දන්නවා. උඹව පක්ෂයෙන් අයින් කරනේ, පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දෙමින් පරාර්ථයට වඩා මමත්වය කරට ගත් නිසා බව එදා අපි දැනගත්තත්, අපි ඒ කතාව විශ්වාස කරන්නට මැලි උනා. ඒත් අද මේ 2015 දී උඹේ මාසික විදුලිබිල දිහා බලනකොට, උඹේ ජිවන රටාව දෙස බලනකොට එදා 2008 දී ජවිපෙ උඹව පක්ෂයෙන් නෙරපීම උඹම සාධාරණීකරණය කර තිබෙනවා. දැන් අපිට බොහොම පැහැදිලි උඹ පිඩිත පංතිය වෙනුවෙන් පෙනී සිටි පාදඩයෙක් බව.

    උඹේ දරුවන්ගේ ජාත්‍යන්තර පාසල වෙනුවෙන්, උඹේ බිරිඳගේ සිතැඟි වෙනුවෙන් උඹ කටුක සමාජවාදී ආකල්ප වලින් බැහැරවී සුඛවිහරණය සෙවීම ලිබරල් මතයක ඉන්න මාව, බෞද්ධ දර්ශණයේ ඉගැන්වෙන පුද්ගල චීත්ත ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තියන මාව, පුදුමයට පත් කරවන දෙයක් නෙවෙයි. ඒත්, තමන්ගේ සගයා තමන් ගේ ඇස්දෙක ඉදිරිපිට දැවෙනවා දැක දැක ඒ අතීතය අමතක කරමින් සුර සැප විඳීමට තරම් කෘර හදවත් උඹට තියන එක ගැන තමයි පුදුමය.

    මිනිසත්කම වෙනුවෙන් පෙනි හිටපු උඹේ අතීතය 2008 අප්‍රේල් 8 දා මරලා දාල උඹ හිතන්න පටන් ගන්නේ "මම දැන් මගේම කියල දෙයක් කරගන්නේ කොහොමද" කියල. මහින්දට එකතුවෙන උඹ, මහින්දගේ අවසන් මොහොත දක්වාම මහින්ද එක්ක ඉන්නේ, "විජාතික, පරගැති, දේශද්‍රෝහී" වගේ වචන වලට මුවාත ලැබෙන්නේ මහින්දගේ උඩු රැවුලේ උලච්චි කලොත් විතරයි කියල උඹ හොඳටම දන්නා නිසා.

    ජනවාරි 8 මහින්ද පරාදයි. දැන් උඹ බලන්නේ මහින්ද නැති උනොත් උඹේ ජීවිකාව රැකෙන්නේ කොහොමද කියල. උඹ හොඳටම දන්නවා වාසුදේව වගේ, තිලක් කරුණාරත්න වගේ දිනේෂ් ගුණවර්ධන වගේ, හේම කුමාර නානායක්කාර වගේ තනියම පාර්ලිමේන්තුවට ගියාට වැඩක් වෙන්නේ නෑ කියල.

    ඒ වගේම තමයි "හුටං" කියාගෙන ජනාධිපති සටන පටන් ගත්තු උඹ හොඳටම දන්නවා, මෛත්‍රී උඹව නිදහස් පක්ෂයට වැද්ද ගන්නේ නෑ කියන එක. උඹ පක්ෂයක් පිහිටුවා ගත්තේ නමට විතරයි කියල මේ රටේ නොදන්නා එකෙක් නෑ. එහෙම වටපිටාවක උඹට මහින්ද නැතුව උඹේ පක්ෂයෙන් චන්දෙ ඉල්ලලා ඇපයවත් බේරාගන්න බැරි බව උඹේ කපටි මොළේ හොඳටම දන්නවා..

    මහින්ද කියන්නේ විනාඩියට මුරුංගා ඇත්තේ කරටියේ දල්ලේම තියන්න පුළුවන් කියල මුඛරි කම තියන ජැක්සන් ඇන්තනිත් වගේ උඹත් හොඳටම දන්නවා. උඹේ කෘර නින්දිත ප්ලෑන් එක එලියට එන්නේ මෙන්න මේ වෙලාවේ තමයි.

    අනන්ත මිනිස්සු ඇවිල්ල මහින්දට කියන්න ඇති "ඔබතුමා මේ එකතු කරගත් හොඳ නම තියාගෙන ජිවිතයේ සැදෑ කාලය නිදහසේ ගත කරන්න" කියල. ඒත් උඹ ගිහිලා ඒ මිනිහා පත්තු කරලා තියල එනවා. ඒ මනුස්සයාට එක දවසක් උඹ නිදහසේ ගතකරන්න ඉඩ දුන්නේ නෑ. ඒ මනුස්සයා නොකා වතුර එක බිලා වේදනාව මිරිකාගන්න කොට උඹ ඒ මනුස්සයා ළඟ තියාගෙන රුවන්වැලි සෑය වගේ බත් එකක් කනවා. මහින්ද පැරදුනු නිසා සති ගානක් බතක් නොඉදුණු ගෙවල් තියන බව උඹ කිව්වට, උඹ හොඳට කාලා ඇඳලා හිටිය කියල අපිට උඹේ වැඩපිළිවෙලින් පෙනුන.

    අපි අපේ අනාගතය අවුරුදු ගානක් ඉදිරියට හිතුවට උඹ හිතන්නේ බොහොම ළඟ කාලයක් ගැන. උඹට ඕනි ඊළඟ අවුරුදු 5හ කොහොම හරි ගතකර ගන්න. 2020 දී පුළුවන් තව අලුත් ප්ලෑන් එකක් ගහන්න. ඒ ගැන දැම්ම ම හිතන්න ඕනි නෑ. අන්න ඒ නරුම අදහස, යම් යම් අවස්ථාවලදී ඇතිවී නැතිවී යන කෛරාටික හිනාවකින් එලියට පනිනවා.

    මේ මාස්ටර් ප්ලෑන් එකට උඹට තනියම යන්න බැරි නිසා උඹ අනික් දේශපාලන අනාථයෝ ටික කොටුකරගන්නවා. උඹට මතක නම් මහින්ද පැරදුන දවසේ ඉඳලා උඹ කලේ හොරු සෙට් එක එහෙම නැත්තං ඊළඟ චන්දෙන් අතුගෑවිලා යන සෙට් එක එකතුකර ගන්න එක. මේ මාස්ටර් ප්ලෑන් එකට මහින්ද අහුවෙන්නේ සෙනග ඉන්න තරමට තමයි කියල උඹ හොඳට දන්නවා.

    මහින්දට උපදේශකයෝ විශාල සංක්‍යාවක් හිටියත් "සර් මෛත්‍රී වගේ ඩමියක් ලඟින් තියාගෙන චන්දෙ දාන්න යන්න එපා, ඒක සර්ට හොඳ නෑ... " කියල කියන්න තරම් කොන්දක්, මොළයක් තියන එකෙක් හිටියේ නෑ. අන්න ඒ වගේ උඹේ කූට උපාය මොකද්ද කියල මේ මනුස්සයාට කියල දෙන්න එකෙක් හිටියේ නෑ.. අඩුමගානේ පුතාටවත් තෙරෙනේ නෑ උගේ අනාගත දේශපාලනේම විනාශ වෙන බව.කොහොම උනත් උඹේ ප්ලෑන් එක ටක්කෙටම හරි ගිහිලා තියනවා. මහින්ද මෛත්‍රී එකතු වුනොත් ඒකත් හරහට ඉන්නේ උඹ කියල දේශපාලනේ ගැන දන්නෝ දන්නවා.

    දැන් මහින්ද ප්‍රකාශ කරලා තියනවා චන්දෙ ඉල්ලන බව. මහින්දට දැන් 72යි. පාර්ලිමේන්තු ගිහිලා කරන්න පුළුවන් දෙයක් නෑ. ජනවාරි 8 ලංකවේ චන්දෙ දෙන්න තෝරන්න හිටියේ දෙන්නයි. මේපාර මිනිස්සු කතිරේ ගහන්නේ ගමේ එකාට. තමන්ට උදව් කරපු එකාට. ආයෙත් මහින්දට චන්ද ලක්ෂ 58ක් නෑ කියල දේශපාලනේ ගැන සොච්චං අවොබෝධයක් තිබුනත් හිතාගන්න පුළුවන්. ඒත් උඹ වේදිකාවක් වේදිකාවක් ගානේ කෑගැහුවේ ලක්ෂ 58 ගැන. උඹ හොඳටම දන්නවා ලක්ෂ 58ක් කොහොමත් නෑ කියල. කෑගහපු තරමට තමයි වෙළඳාම වැඩි වෙන්නේ. උගුර ලේ රහ උනත් අවුලක් නෑ පාර්ලිමෙතුවට රිංග ගන්න පුළුවන් නම්. උඹ මේවා ඔක්කොම දන්නා සට කපට චරිතයක්. උඹට ඕනි මහින්දගේ කරට අඩිය තියල මේපාර පාර්ලිමේන්තු යන්න. අනිවා ඒක වෙනවා. මහින්ද අගමැති උනා නොවුනා උඹට වැඩක් නෑ. බොහෝ විට 2020 වෙනකොට මහින්ද සිහි කල්පනාව නැති වෙන්නත් පුළුවන්. එදාට උඹ මහින්ද ළඟ ඉන්නේ නෑ. උඹ එහෙම දුකේ දී සැපේදී එකට ඉන්න චරිතයක් නෙවෙයි.

    අගෝස්තු 17 වෙනිදා මහින්ද මහත්තයා නමේ ඉතුරු ටිකත් නැතිකරගන්නවා. උඹට ඒ ගැන සතපහක ගානක් නෑ. උඹේ වැඩේ කෙරිලා ඉවරයි. උඹ තමයි පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වෙන්නේ.

    මහින්ද අකුලාගෙන ගෙදර යන්නේ හිස් අතින්. ඒක පිරිසිදු වතුර බිඳක් වගේ පැහැදිලියි. මහින්ද මොනයම් හෝ නමක් දිනාගත්තා ද උඹ තමයි ඒ නම නැත්තට නැති කලේ. මහින්ද ජනවාරි 8 දක්වා යම් ගරුත්වයක් රැකගත්තා ද ඒ සියල්ල විනාශ කිරීමේ පාපය උඹ බාර ගත යුතුයි. උඹ එක්ක එක බත්පත කාපු, එක පැදුරේ වැටිලා ගිමන් හැරපු, විටකදී කවටකම් කරපු විටකදී වැළඳ ගත්තු සෙනවි සහෝදරයා වගේ සහෝදරවරු සියදාස් ගානක් අමතක කරපු උඹට 17න් පස්සේ මහින්ද අමතක කරලා දාන එක සිම්පල් ප්ලෑන් එකක්.

    පරාභව සුත්‍රයේ එක තැනකදී තියනවා අසත්පුරුෂ ඇසුර ජීවිතය වල පල්ලට යනවා බව, තවත් තැනකදී මංගලකාරණාවක් විදියට අසේවනාච බාලානං කියල අපිට කියල දෙනවා. මහින්ද කොපමණ පන්සල් ගියත් උකහාගන්න ඕනි දේ උකහා ගත්තේ නෑ. එකෙන් අවැඩක් වෙන්නේ එතුමාටමයි. ඒ අවැඩ මොනවගේද කියල අපි හැමෝටම දැකබලාගන්න වැඩි කාලයක් යන්නේ නෑ..

    කොහොම උනත් විමලසිරි, දුෂ්ඨ චේතනා වලට වැඩි ආයුෂ නෑ... ඒක ලෝක ධර්මතාවයක්..

    - සම්පත් ප්‍රනාන්දු
     
    Last edited:
    • Like
    Reactions: AshenTM

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    විමල්ට මේක දැකලා සැහෙන්ට අවුල් යයි .
    උ දේශපාලනයෙන් සමු ගනීවිද බන් .
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol::lol:
    මඩ මඩ මඩ
    හොරා හොරා
    රත්තරන් අශ්වයෝ රත්තරන් අශ්වයෝ රත්තරන් අශ්වයෝ
    ලම්බෝගිනි ලම්බෝගිනි ලම්බෝගිනි
    හෙලිකොප්ටර්
    හමුදා කුමන්ත්‍රණ
    රත්තරන් කඩුව

    උඹලා ඔය බොරු මඩ ගහලා දාන පොස්ට් කියවන්නෙත් නෑ බන්...
    :lol:
    :lol::lol::lol:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම විමල්ව ටිකක් දන්නවා.
    අාරම්භය හොදයි - අවසානයය..????
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විමලේට බනින්නේ විමලේ කියපුවා දිරහා ගත නොහැකි පුද්ගලයන්ය.

    විමල්ට බනින් උන් රනිල් අගමැති වෙච්ච විදියත් සලකලා බැලුවොත් හොදය.....
     
    • Like
    Reactions: dilshanjvc
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    18 paandara weddi wimalayata gewal daala yanna tama wenne :lol:

    mahindata mewa gena noterenawa newe ... eth minihath aye enna balanne karapu jara weda tika wahaganna.

    horakam kale nethnam mon magulata da 8 wenida peredilath aye illanne :dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    18 paandara weddi wimalayata gewal daala yanna tama wenne :lol:

    mahindata mewa gena noterenawa newe ... eth minihath aye enna balanne karapu jara weda tika wahaganna.

    horakam kale nethnam mon magulata da 8 wenida peredilath aye illanne :dull:

    ethakota ranil 29 parak paradi paradi illanne ratata adare nisada.....
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මඩ මඩ මඩ
    හොරා හොරා
    රත්තරන් අශ්වයෝ රත්තරන් අශ්වයෝ රත්තරන් අශ්වයෝ
    ලම්බෝගිනි ලම්බෝගිනි ලම්බෝගිනි
    හෙලිකොප්ටර්
    හමුදා කුමන්ත්‍රණ
    රත්තරන් කඩුව


    mal pochchiya.......
    rattaran parawal
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විමලේට බනින්නේ විමලේ කියපුවා දිරහා ගත නොහැකි පුද්ගලයන්ය.

    විමල්ට බනින් උන් රනිල් අගමැති වෙච්ච විදියත් සලකලා බැලුවොත් හොදය.....
    :yes::yes::yes::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොහොම උනත් විමලසිරි, දුෂ්ඨ චේතනා වලට වැඩි ආයුෂ නෑ... ඒක ලෝක ධර්මතාවයක්..