විමල්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    විමල්ට-ශෂි දරුවන්ගේ උප්පැන්න වලට හොර උපන්දින දිලා

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ හා ඔහුගේ බිරිදට අපල කාලයක් උදාවි ඇති බව BlackBox.lk වෙත වාර්ථා වෙයි.

    Shashi.jpg


    උපුටා ගැනීම http://www.blackbox.lk/

    රහස් පොලිසිය විසින් අද දිනයේදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය හමුවෙ ප්‍රකාශ කරමින් කියා සිටියේ පාර්ලිමෙන්තු මන්ත්‍රි වීමල් වීරවංශ හා ඔහුගේ බිරිද විසින් සිය දරූවන්ගේ උප්පැන්න සහතික පත් දෙකටද යොදා තිබෙන්නේ ව්‍යාජ උපන්දිනයන් බවය.


    විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඉපදි ඇත්තේ 1965 වසරේ මාර්තු මාසයේ 7 වනදා අතර සිය දරුවන්ගේ උප්පැන්න සහතික සදහා භාවිතා කර ඇත්තේ සිය උපන් දිනය 1970 මාර්තු මස 7 වනදාය. එමෙන්ම ශෂි වීරවංශ ගේ නියම උපන් දිනය 1967 පෙබරවාරි 01 වෙනිදා වන අතර ඇයද සිය දරුවන්ගේ උප්පැන්න සහතික සදහා ලබාදි තිබෙන්නේ 1971 පෙබරවාරි 03 වෙනිදා ලෙසින්ය.


    වැඩි දුරටත් රහස් පොලිසිය විසින් අධිකරණයේදි ප්‍රකාශ කර සිටියේ ශෂි වීරවංශ සතුව එකින් එකට වෙනස් අංක සහිත ජාතික හැදුනුමිපත් දෙකක් තිබි ඇති බවත්, එම හැදුනුමිපත් උපයෝගි කරගනිමින් ඇය විසින් බැංකු හා මුල්‍ය සමාගමි හරහා ණය ලබාගෙන ඇත්දැයි යන්ණ ගැන පරික්ෂණ සිදු කරන බවයි.

    අසනිප බව හගවමින් මාලඹෙි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිටින විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ බිරිද පරික්ෂා කිරිමට රහස් පොලිසිය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් රැගෙන ගිය අතර, ඇයව පරික්ෂා කල අධිකරණ වෛද්‍යවරයා කියා ඇත්තේ ශෂි වීරවංශ මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඇයට ඉහින් බහින රෝගයක් නැති බවයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව යලි අගමැති කරවීමට කටයුතු කරන බැවින් රජය හා නිදහස් පක්ෂය එක්ව තමන්ව විනාශ කිරිමට මෙහෙයුමක් ආරමිභ කර ඇතැයි විමල් විරවංශ මන්ත්‍රිවරයා සිය සමිපතයෙකුට පවසා ඇතැයි BlackBox.lk වෙත වාර්ථා වෙයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයව පරික්ෂා කල අධිකරණ වෛද්‍යවරයා කියා ඇත්තේ ශෂි වීරවංශ මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඇයට ඉහින් බහින රෝගයක් නැති බවයි.
    මුන්ට තියන ලෙඩ දොස්තරලටවත් හොයාගන්න බැ බන්