වියට්නාම යුද්ධයේ රහස්-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වියට්නාම යුද්ධයේ රහස්-2

    MjYZFOz.jpg

    වියට්නාම යුද්ධය ජයග්‍රහණය කිරීමට වියට්කොංවරුන්ට වඩා තාක්ෂණය අතින් ප්‍රබල ස්ථානයක සිටි එක්සත් ජනපදයට නොහැකිවූයේ ඔවුන්ගේ හමුදා සාම්ප්‍රදායික සටන් සඳහා පුහුණුව ලබා සිටි අයවලුන් වීම නිසාය.නමුත් වියට්කොංවරු ගරිල්ලා සංග්‍රාමයේ කෙළ පැමිණි පිරිසකි.වියට්කොංවරුන් උතුරු වියට්නාමයට සීමා වී නොසිටියහ. ඔවුන් ඇමෙරිකානු හමුදාවේ පාලනය යටතේ තිබූ දකුණු වියට්නාමයේ සටන් වැදුණි.උතුරු වියට්නාම හමුදාවල රහසිගත සංචලනයන් පෙර තියා දැනගැනීමට ඇමෙරිකානුවන් යුද්ධයේ අවසන් සමයේදී විශේෂිත ගුවන් යානයක් යොදාගන්නා ලදි.මෙය YO-3 නමින් හැඳින්වීය.

    oFTmcz7.jpg

    මෙය ලොක්හීඩ් සමාගම විසින් නිර්මාණය කල මෙම යානය තනි එන්ජිමේ ගුවන් යානයකි.YO-3 යානයේ තිබූ විශේෂත්වය වන්නේ සටන් බිමේ පහළින්,හැකි තරම් නිහඬව පියාසර කරමින් භූමිය නිරීක්ෂණය කිරීමයි.රාත්‍රී කාලයේදී මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.

    iiMu2KL.jpg

    Schweizer SGS-232 ග්ලයිඩරය වෙනස් කිරීමෙන් මෙම යානය නිර්මාණය කර තිබේ.රාත්‍රී කාලයේදී පොළොවට අඩි 1200ක් පමණ ඉහළින් මෙය පියාසර කරන ලදි.නමුත් සමහර නියමුවන් අඩි 1000 හෝ ඊටත් පහළින් පියාසර කරවු අවස්ථා තිබේ.YO-3 වර්ගයේ ගුවන් යානා 11ක් නිපදවා තිබේ.ඉන් ගුවන් යානා නවයක් 1970 වර්ෂයේදී වියට්නාමයට යවා තිබේ.එක් යානයක නියමුවා ඇතුලුව දෙදෙනෙක් ගමන් කරයි.එක් අයෙක් නිරීක්ෂණ කටයුතුවල යෙදෙයි.මේ සඳහා නයිට් විෂන් තාක්ෂණය සහිත පරීක්ෂයක් යානය සතුවිය.එක් යානයක් ලේසර් කිරණ වලින් ඉලක්ක සලකුණු කරන උපකරණයකින් සමන්විත වුවද එම පද්ධතියෙන් ප්‍රයෝජනයක් ගෙන නොමැත.

    yF1EfOu.jpg


    9V7cU0k.jpg


    swtxyUY.jpg


    VrpFzIv.jpg

    යුද්ධයෙන් පසුව මෙම යානා නාසා ආයතනය සහ එෆ්බීඅයි ආයතනය භාවිතා කර තිබේ.අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා එෆ්බීඅයි ආයතනය YO-3 යානයක් භාවිතා කර තිබේ. FBI ආයතනය තමන්ගේම ගුවන් යානා සතු කරගත්තේ 1970 දශකයේදීය.ඔවුන් ව්‍යාජ ගුවන් යානා සමාගම් යොදාගෙන එක්සත් ජනපද ගුවනේ ඔත්තු බැලීමේ මෙහෙයුම් සිදුකර තිබේ.

    YO-3 යානයක් ඇතුලත දර්ශන

    lr6utyk.jpg


    1AInxCd.jpg

    1974 වර්ෂයේදී එෆ්බීඅයි ආයතනය එරට යුද හමුදාවෙන් ගුවන් යානා දෙකක් ලබාගෙන තිබේ.ඒවන විට වියට්නාම් යුද්ධය අවසන් වී තිබිණි.යුද්ධයේදී රහසිගතව වියට්කොන්ංවරුන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනයට යෙදවූ අතිශය නිශ්ශබ්දව පහළ උසකින් පියාසර කල හැකි YO-3 යානා 2ක් එෆ්බීඅයි ආයතනය යුද හමුදාවෙන් ලබාගෙන තිබේ.මෙම යානාවල තිබෙන විශේෂත්වය වන්නේ වියට්නාම යුද්ධයේදී කිසිම සතුරු ප්‍රහාරයකට ලක් නොවීමයි.




    Source:gizmodo.com

    -HarshaLulzSec-
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    Similar threads