Rangana Kuruwita
39 m ·මම වෛද්‍යවරයෙක්. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ වෘත්තියට අයත් අය කීප දෙනෙක් ම ඒ වෘත්තීය නම සහ ඔවුන් උගත් බුද්ධිමත් අය ය යන දේ මාකට් කරලා, ජනාධිපතිතුමාට සම්බන්ධ වියත් මග කියන සංවිධානය තුළින් පාර්ලිමේන්තු ගියා. මේ ඒ අය.
1. වෛද්‍ය සීතා අරඹේපොළ - උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්.
2. වෛද්‍ය චන්න ජයසුමන - රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක්.
3. වෛද්‍ය තිලක් රාජපක්ෂ - හිටපු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයෙක්.
4. වෛද්‍ය උපුල් ගලප්පත්ති - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු දිස්ත්‍රික් සංවිධායකවරයෙක්. මමත් ඒ සංගමයේ සාමාජිකයෙක්.
බොහෝ අය "වියත්මග" අපේක්ෂකයන්ට ඡන්දෙ දුන්නේ ඔවුන් දූෂිත දේශපාලනය වෙනුවට ඇත්ත වෙනුවෙන් හඬ නගයි කියලා. ඔවුන් පාර්ලිමේන්තු ගියේම ඒක මාකට් කරලා. ඔවුන්ට ඡන්දය දුන්න අයට දැන් කල්පනා කරලා බලන්න පුළුවන් ඔවුන්ගෙයි, අට පාස් මන්ත්රීවරයෙක්ගෙයි වෙනසක් තියෙනවාද නැද්ද කියලා.
මම මේ වෛද්‍යවරුන් උදාහරණයක් හැටියට ගත්තේ ඒක මගෙත් වෘත්තිය නිසා. මේක හැම වෘත්තියකටම අදාළ යි. අට පාස් නැති එකා රටට කරන විනාශයට වඩා විනාශයක් තමයි කරන්නේ යමක් ඉගෙන ගෙනත් දූෂිත දේශපාලනයම නියෝජනය කරන අවස්ථාවාදීන්.

