වියතුන් මග දමා පොහොට්‍ටුවන් පරන මගට බසී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඊට සහභාගී වූ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයේදී තරග කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ සමග සාකච්ඡාවක් ඊයේ පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.
මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් , පොදු සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂත් සහභාගි වුණි.
මෙහිදි ඉදිරි මහමැතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරාගැනීම නාමයෝජනා කමිටුවක් මගින් සිදුකිරීමටත්, එය කඩිනමින් ඉටු කිරීමටත් එහිදී අවධානය යොමු වී තිබේ.
එමෙන්ම මැතිවරණයේදී ඉදිරිපත් වන ලකුණ පිළිබඳවද සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරග වැදීමටයි.
උතුරු, නැගෙනහිර පළාත්වල සන්ධානය නියෝජනය කරන පක්ෂ වෙනම තරග කිරීමටත් මෙහිදී අවධානය යොමුවී තිබේ.
කෙසේ වෙතත් වියත්මගේ වියතුන් කියාගන්නා පුද්ගලයන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා දීම මේ අවස්ථාවේ සිදුකළ නොහැකි බවත්, අලුත් මුහුණු හඳුන්වා දීමට යනවාට වඩා ජනතාවට සුපුරුදු මුහුණු මැතිවරණයට ඉදිරිපත් කිරීම තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් බව මෙහිදී අවධාරණය වී ඇත.

මේ වගේ වියතෙක් එළකිරියේ කාලේ කන එක අපරාදයක් පාර්ලිමේන්තුවෙයි ඉන්න ඕනේ