මම බස් වල අමුතු modification දාගෙන යනවට පුද්ගලිකව කැමති නෑ. මම බස් එකක යනවා නම් ඒකේ දාලා තියෙන සින්දුව/video එකට මම අකමැති වෙන්න පුළුවන්. ඒත් බස් එකක ගමනක් යද්දි එතන මගියො ගොඩක් ඉන්නවා. ඔය හැමෝගෙම රස වින්දනයට ගැලපෙන දේවල් දාන්න බෑනේ. ඒක මම තේරුම් අරගෙන ඉන්නේ.
මෙතන trip එකක් යද්දි තමන්ට ගැලපෙන බස් එකක් තෝරගන්න එක යන කට්ටියගේ වැඩක්. මේ lights දාලා trip යද්දි ඒවට කැමති අය භාවිතා කරා කියලා අනික් මිනිස්සුන්ට කරදරයක් නැත්නම් ප්‍රශ්නයක් නෑනේ. ඒක ඒ මිනිස්සු විනෝද වෙන විදිහ. දැන් අමරදේවගේ සින්දු අහන අය, ජෝතිපාලගේ සින්දු අහන අයට බැනලා වැඩක් නෑනේ. ඒක ඒ ඒ අයගේ රස වින්දනය. night club එකකට ගිහිල්ලා මේ අත් දැකීම ගන්න බැරි අය බස් එකක light දාලා නටලා ඒ අත් දැකීම ගන්නවා, ඒකේ වැරැද්ද මොකක්ද, අනෙක් අයට කරදරයක් නැත්නම්?