විරතු_හිමියන්_හැනා_බීච්_වෙත_ලියූ_විවෘත_ලි&#350

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
විරතු_හිමියන්_හැනා_බීච්_වෙත_ලියූ_විවෘත_ලි&#350

බුරුමයේ බෞද්ධ ත්‍රස්‌තවාදය ??????
ඇත්ත කතාව......................
ca5fb47a3d315748e7dd38d8b30c2833.jpg
"ඔබ යමක්‌ කරන්නේ නම් එය ජාති ප්‍රේමියකු ලෙස කරන්න. ඔබ යමක්‌ දකින්නේ නම් එය ජාතික ඇසකින් දකින්න.ඔබ කන්වලින් යමක්‌ අසන්නේ නම් එය ජාතිකත්වයෙන් අසන්න. ඔබ කරන සෑම දෙයක්‌ම ජාතිකත්වයෙන් යුතුව කරන්න. ජාතිකත්වය ඔබේ ජීවන රටාව විය යුතුය. ආහාර ගන්නා විට, පාරේ ගමන් කරන විට, ඔබ ව්‍යාපාර කටයුතු කරන විට ජාතිකත්වයෙන් හැසිරෙන්න.

අප සමාජයට ජාතිකත්වය අමතකවීම මා මෙම දේශනාව පැවැත්වීමට හේතුවයි. නමුත් ඔවුන් එසේ නොවේ. ඔවුන් සෑම දෙයක්‌ම කරන්නේ තමන්ගේ මිනිසුන් වෙනුවෙන්. මේ ආණ්‌ඩුවට පෙර හමුදා පාලනය තිබුණු කාලයේදී ඔවුන් ජෙනරාල්ලා සමග මිත්‍ර වී තම ආගම වෙනුවෙන් වැඩ කරගත්තා. දැන් යෑන්ගුන් අගනුවර වෙළෙඳ බලය ඔවුන් සතුවී ඇත්තේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසයි. ඔවුන් හමුදාවට ආදරේ යෑයි සිතන්න එපා. තම ජනයාගේ යහපත වෙනුවෙන් පමණයි ඔවුන් ජෙනරාල්වරුන් සමග මිත්‍රතා ගොඩනඟා ගත්තේ.

මේ ආණ්‌ඩුව බලයට පත් වූ විගස ඔවුන්ගේ පිරිස්‌ ආණ්‌ඩුවට එකතු වුණා. ඔවුන් දේශපාලන පක්‍ෂවලට එකතු වෙන්නේ දේශපාලනය කරන්න නොවෙයි. මානව හිමිකම්වලට ගරු කරන නිසාත් නොවෙයි, ඔවුන්ගේ ආගම වෙනුවෙනුයි. මානව හිමිකම්වලට වැඩිම හානියක්‌ කරන්නේ ඔවුන්ගේ ආගමයි. තමන් කැමැති ආගමක්‌ ඇදහීමේ නිදහස විනාශ කෙරෙන්නේ ඔවුන් විසින්. ඔවුන් මේ ආණ්‌ඩුවට එකතු වුණේ තනතුරු ලබාගන්න. ඔවුන්ගේ ජනතාවගේ වැඩ කරගන්න. ඒකටයි ඔවුන් එකතු වෙන්නේ."

අශින් විරතු හිමියන් මේ ධර්ම දේශනය පවත්වන්නේ මියන්මාරයේ දස දහස්‌ ගණන් බෞද්ධ පිරිසක්‌ ඉදිරියේය. උන්වහන්සේ අද මියන්මාරයේ වීර චරිතයකි. මියන්මාරයේ ප්‍රබල චරිතයක්‌ වූ උන්වහන්සේ ලෝක ප්‍රකට චරිතයක්‌ බවට පත්වන්නේ නවතම ටයිම් සඟරාවේ කවරය උන්වහන්සේගේ රුවෙන් සැරසී තිබීම නිසාය. උන්වහන්සේගේ උඩුකයෙන් සැරසුණු ටයිම් සඟරාවේ කවරයේ ඡායාරූපය මත, උන්වහන්සේගේ චීවරය තිබෙන ප්‍රදේශයේ සඳහන්ව ඇති ඉංගී්‍රසි වාක්‍යයේ සිංහල තේරුම වන්නේ ත්‍රස්‌තවාදයේ බෞද්ධ මුහුණුවර යන්නයි. මෘදු ලෙස ධර්ම කථනයේ යෙදෙන විරතු හිමියන්ට ටයිම් සඟරාවෙන් එල්ලවූ රෞද්‍ර චෝදනාව එක්‌ රැයකින් මියන්මාරය කලඹවන්නට විය. ඊළඟ රැය එළැඹෙන විට එය බෞද්ධ ලෝකයම කළඹවන්නක්‌ විය.

මියන්මාර් ජානධිපති කාර්යාලය මෙම කලබගෑනිය පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරමින් විරතු හිමියන් වෙනුවෙන් පෙනී සිට තිබේ. එසේම ටයිම් සඟරාවේ ජුලි කලාපය මියන්මාරය තූළ තහනම් සඟරාවක්‌ ද කර තිබේ.

................

විරතු හිමියන්ගේ උපත සිදුවන්නේ 1968 දීය. 1984 දී මහන දම් පිරීමට යොමු වන උන්වහන්සේ, මුස්‌ලිම් ආක්‍රමණයක්‌ බුරුමය තුළ සිදුවන බැවින් එයට එරෙහිව නැඟී සිටීමට සංවිධානය වෙයි. ඒ වනවිට මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුරුම බෞද්ධයෝ පීඩාවට ලක්‌ව සිටියහ. එම පීඩාවෙන් බේරීම සඳහා 969 නම් සංවිධානයක්‌ විරතු හිමියෝ විසින් පිහිටුවා ගන්නා ලදී. මෙම සංවිධානයේ නමේ තේරුම වන්නේ, පළමු නවයේ ඉලක්‌කමෙන් බුදු ගුණ නවයද ඊළඟ හයේ ඉලක්‌කමෙන් ධර්මයද, අවසාන නවයේ ඉලක්‌කමෙන් සංඝයා ද ලෙසය. මුස්‌ලිම් ජනයා විසින් සංවිධානාත්මකව දියත් කර ඇති පීඩාකාරී හැසිරීම් නිසා අසරණවී සිටින මියන්මාර් බෞද්ධයන්ගේ බලාපොරොත්තුව බවට විරතු හිමියන් හා 969 පත්වන්නේ ඒ අනුවය. 2003 වසරේදී විරතු හිමියන් සිපිරිගෙට යෑවෙන්නේ ආගමික හැඟීම් ඇවිස්‌සීම සඳහා පත්‍රිකා බෙදීමේ චෝදනාව යටතේය. උන්වහන්සේගේ දානවේල සිරගෙදරින් වසර නවයක්‌ පුරා ලබාගත් පසුව ජෙනරාල් අමන්සම් විසින් උන්වහන්සේට නිදහස හිමිකර දෙන ලද්දේය.

මේ විරාතු හිමියන්ගේ ගමන ගැන සැකෙවින් කතාවයි.

විරාතු හිමියන්ගේ චෝදනාවේ පදනම වන්නේ සංස්‌කෘතිය, ශිෂ්ඨාචාරය ගොඩනැඟූ ජාතියට පිටින් පැමිණි පිරිසක්‌ කරන හිරිහැර සම්බන්ධය. නමුත් ඒ චෝදනාව මානව හිමිකම් කෝණයෙන් බලන බටහිර අවශ්‍යතාවය විසින් නිර්වචනය කරන්නේ සුළුතරයට බහුතරය කරන පීඩාවක්‌ ලෙසය. විරතු හිමියන් ඒ චෝදනාවට දෙන පිළිතුර ද සිත්ගන්නා සුළුය. "ඔවුන් මියන්මාරයට පසුව පැමිණි සුළු පිරිසක්‌ වුවත් ඔවුන් නඩත්තු වන්නේ ලොව පුරා සිටින මුස්‌ලිම් අන්තවාදීන් අතිනි. මැදපෙරදිගින් මෙම පිරිසට සිය ආක්‍රමණයට අවශ්‍ය මුදල් ගලා එනවා." එතැනදී සුළුතරය වන්නේ බෞද්ධයන් බව මානව හිමිකම් තැරැව්කරුවෝ තකන්නේ නැත.

මියන්මාරයේ ජනගහනයේ 90% කට ආසන්න ප්‍රමාණයක්‌ බෞද්ධයන්ය. මුස්‌ලිම් ජන පිරිස්‌ මියන්මාරයට සංක්‍රමණය වන්නට පටන් ගනු ලබන්නේ සියවසකට පමණ පෙර එකළ ඉන්දියාවේ බෙංගාලි ප්‍රදේශයෙන්ය. අද බංගලිදේශය නම් ප්‍රදේශයේ සිට එදා සංක්‍රමණය වූ මුස්‌ලිම් පිරිස්‌, අද මියන්මාරයට ව්‍යසනයක්‌ බවට පත්ව තිබේ. මියන්මාරයේ නාගීන් ප්‍රදේශයට 2008 වසරේදී සුළි කුණාටුවක්‌ පැමිණියේය. එයින් මියන්මාර්වාසී එක්‌ ලක්‍ෂ හතළිස්‌ දාහකට ආසන්න පිරිසක්‌ මියගියහ. "සතුරා එම සුළි කුණාටුවටත් වඩා භයානක බව ''මියන්මාර් බෞද්ධයන්ගේ අදහසය. මියන්මාරයේ සිදුවන ස්‌ත්‍රී දූෂණ සියල්ලම පාහේ මුස්‌ලිම් පිරිස්‌ වගකිව යුතු දේවල් බවට පත්ව තිබේ. බෞද්ධ දැරියන් ඔවුන් අතින් අපචාරයට ලක්‌වීම මියන්මාර් බෞද්ධයන්ගේ සිත් කම්පා කර තිබේ. 969 සංවිධානය විසින් 'මුස්‌ලිම් කඩ සාප්පු වර්ජනය කරන්න' යන සටන් පාඨය පැමිණෙන්නේ මේ පසුබිම තුළය. ආත්මාරක්‍ෂාව සඳහා මියන්මාර් බෞද්ධයන් 969 සංවිධානය හෙවත් විරතු හිමියන්ගේ නායකත්වයෙන් පෙළගැසෙන්නේ මේ හේතුවෙනි.

විරතු හිමියන් සමග ටයිම් සඟරාවේ මාධ්‍යවේදිනී හැනා බීච්, සාකච්ඡාවට පැමිණෙන්නේ මෙම පසුබිම තුළය. විරතු හිමියන් පවසන්නේ හැනා බීච් විසින් උන්වහන්සේගේ වචන වෙනුවට ඇයගේ වචන යොදා සාකච්ඡාව විකෘති කර ඇති බවය. 'ඔබට ඕනෑම කෙනකුට මෛත්‍රි කළ හැක. නමුත් පිස්‌සු බල්ලෙකු සමඟ නිදාගත නොහැක' යනුවෙන් තම ධර්ම සංග්‍රාමය දියත් කළ විරතු හිමියන් ටයිම් සඟරාවෙන් අසන්නේ, "මුස්‌ලිම් ආක්‍රමණයට එරෙහි සටන් කරන මා බෞද්ධ ත්‍රස්‌තවාදියෙක්‌ නම්, මුස්‌ලිම් රටවලට ඇතුල් වී පහර දෙන ඔබාමා කුමන ත්‍රස්‌තවාදියෙක්‌'' ලෙස ටයිම් සඟරාව විග්‍රහ කරනවාද යනුවෙනි.


-------------------------------------------------
ටයිම් සඟරාවේ මාධ්‍යවේදිනී හැනා බීච් වෙත
විරතු හිමියන් ලියූ විවෘත ලිපිය


d3.jpg
දයාබර සොහොයුරි,
හැනා බීච් මහත්මිය වෙතයි,

ඔබට මෙම ලිපිය ලියන මම ජාති ප්‍රේමී බෞද්ධ භික්‍ෂු නමක්‌ වන යූ. විරතු හිමියන් වෙමි. ඔබ හා ඔබගේ ඡායාරූප ශිල්පියා අප වෙත පැමිණි මොහොතේ අප විසින් ඔබ දෙපළ සාදර සංග්‍රහයෙන් පිළිගත්තෙමු. ඔබ දන්නා පරිදි අප විසින් ඔබ දෙපළට ඔබගේ කාර්යය ඉටුකර ගැනීම සඳහා සම්පූර්ණ සහය ලබා දුන්නෙමු.

අපගේ එම උපරිම සහාය ලබාදීමේ සද් ෙච්තනාව වූයේ, මාධ්‍යයට සත්‍ය හා නිවැරැදි තොරතුරු ලබාදීමේ වුවමනාවය.

ටයිම් සඟරාව වැනි බටහිර ලිබරල් මාධ්‍යයන්ට අපි ගරු කළෙමු. අප විසින් ඔබට සහාය දෙන ලද්දේ එම නිසාය. ඔබ විසින් බොරු ගොතා ලෝකයා පුරා පතුරුවා හරිතැයි ඒ මොහොතේ අප විශ්වාස නොකළෙමු. මාධ්‍යයේ ආචාරධර්ම හා වගකීම් ඔබ විසින් නොතකා හරිතැයි අපි නොසිතුවෙමු.

මට මෙතෙක්‌ හමුවූ නරකම අමුත්තා ඔබ බව දැන් මම දනිමි. ඔබගේ සිනහව පිටුපස තිබෙන වෛරය දැකීමේ හැකියාවක්‌ මට නොතිබිණි. ඔබගේ මෘදු බව පිටුපස තිබෙන කෲරත්වය මම නොදුටුවෙමි. පැණි තවරන ලද පිහි තලයක්‌ වැනි ඔබගේ මිහිරි වචන තුළ ඇති රැවටිල්ල මම නොදුටුවෙමි. මුළු ලොවම කම්පා වන ආකාරයේ කෲර හදවතක්‌ ඔබට ඇතැයි මම නොසිතුවෙමි. එවැනි හැඟීම් මගේ මනසේ, ඒ මොහොතේ පහළ නොවුණේ, ඔබ විසින් මා හඳුන්වා දී ඇති පාදඩයා යන පසුබිම මට නොමැති නිසාය.

මා ඔබට පැවසූ පරිදි මුස්‌ලිමුන් විසින් ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියේදී තට්‌ට නාසියා, නව නාසියා, බුරුමයේ බින්ලාඩන් වැනි නම් අප වෙත භාවිත කර තිබේ. ඔබ වැනි මාධ්‍ය ආයතනද භික්‍ෂූන් වහන්සේ නමකට සිතාමතා, තර්ජනාත්මක ලෙස බුරුම බින් ලාඩන්, ලෝහිත සිවුර හැඳි මිනිසා යන යෙදුම් භාවිත කරයි.

ඔබ සදාචාරාත්මක කාන්තාවක්‌ නොවෙයි. ලොවපුරා සිටින අන්තවාදීන් වැනිම කිලුටු මනසක්‌ සහිත තැනැත්තියකි. මුස්‌ලිමුන්ගේ කැමැත්ත ඇත්තේ ද මාගේ සිවුර ගලවා දැමීමටය. ඔවුන් ද මට සංඝයා වහන්සේ කෙනකු ලෙස ගරු නොකරයි. ඔවුන් මට කියන්නේ ද සිවුර හැඳි මිනිසා ලෙසය.

ඔබ කියා ඇති පරිදි මාගේ දේශනා මගින් අන්තවාදී හැඟීම් ඇතිකර ගිනි වැද්දීම් සිදුවන්නේ නැත. ඔබගේ ලිපිය නම් එවැනි අන්තවාදී හැඟීම් සමුදායක්‌ පමණය.

අපට අපහසු වීම් අමතක කළ හැක. වැරැදි නිගමන ද අමතක කළ හැක. ඒ සඳහා ඔබ විසින් මාගේ කීර්තිය ඉලක්‌ක කර ලියන ලද ශාපකාරී වචන නිවැරැදි කර ගත යුතුය.

කරුණාකර මාගේ කතාව, වචනයෙන් වචනය පරීක්‍ෂා කර බලන්න.

"මේ නිකං සිටීමට කාලය නොවේ. මේ ලේ උණුකර ගනිමින් නැඟී සිටීමට කාලයයි."

මේ ඔබේ වචනයය. මාගේ වචන මෙසේය.

"969 සංවිධානය ඇති කර තිබෙන්නේ සාමය සඳහායි. අප විසින් පූජනීය බුද්ධ, ධම්ම, සංඝ ආරක්‍ෂා කළ යුතුය. අපගේ ජාතික සංස්‌කෘති හා ආගමික අර්බුද ඇති කරන්නා වූ ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම් අපි විසින් ඉවත් කළ යුතු වෙමු. අපගේ ගෞරවනීය ත්‍රිවිධ රත්නය අප විසින් උද්යෝගයෙන්, ස්‌ථිරසාර ලෙස උත්සාහයෙන් රැකගත යුතු වෙමු. ඒ වෙනුවෙන් අපගේ ජාතියට ඇති ගැටලු අපි වහ වහා ඉවත් කළ යුතු වෙමු."

මේ මාගේ වචනයි. ඒවා පැහැදිලිය. එසේ නම් මට එරෙහිව ඔබ විසින් එල්ල කර ඇත්තේ කෲර ප්‍රහාරයක්‌ බව පැහැදිලිය. මගේ වචන වෙනුවට ඔබගේ වචන යොදවා, එම ප්‍රහාරය දියත් කර ඇත.

මුරණ්‌ඩු ලෙස නොපනත්කම් කරන ලෙස මම මහජනයාට කියා නැත. එසේ වී නමුදු ඔබ මට ත්‍රස්‌තවාදී මුදුව තබා ඇත. ශාපකාරී කතා පවත්වන්නෙකු ආක්‍රමණික ප්‍රහාර එල්ල කරන්නෙකු ලෙස මා ගැන චිත්‍රයක්‌ මවන්නට ඔබ උත්සාහ කර ඇත. මා ජනතාවට කියා ඇත්තේ, උද්යෝගයෙන් හා උත්සාහයෙන් අපගේ වටිනාකම්, හර පද්ධතීන් ආරක්‍ෂා කර ගන්නා ලෙසය.

ජාතික ප්‍රශ්නවලදී එසේ ක්‍රියා කරන ලෙස මම ජනතාවට කියා ඇත. එසේ තිබියදී මම ජනතාවගේ ලේ උණු කරවන්නට හදන බවට වන නරක චිත්‍රයක්‌ ඔබ ලෝකයාට ලබාදීමට උත්සාහ කර තිබේ. ඔබ එසේ කරන්නේ කෙසේද?

මීට
ආදර හා කරුණාබර
විරතු හිමි
2013 ජුනි 26 වැනිදා බදාදා



උපුටා ගැනීම "දිවයින"
 
  • Like
Reactions: 001flyD

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    "මේ නිකං සිටීමට කාලය නොවේ. මේ ලේ උණුකර ගනිමින් නැඟී සිටීමට කාලයයි."
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේ නිකං සිටීමට කාලය නොවේ. මේ ලේ උණුකර ගනිමින් නැඟී සිටීමට කාලයයි
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේ නිකං සිටීමට කාලය නොවේ. මේ ලේ උණුකර ගනිමින් නැඟී සිටීමට කාලයයි."
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලංකාව පකකිස්තානේ කියල හිතන් ඉන්න මල්පොන්නයෙකුට රිදිලා