විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාඡය
විරාග රාගය අතරේ තනි වු ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාග....
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිදහල දා
ඈ මුකුලිත වූ වා
කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතූ
ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා ....
නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා
ඈ ලොව අහිමි වුනා
ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා ....
ගායනය - විශාරද අමරසිරි පීරිස් - අමල් පෙරේරා
ගේය පද - බන්දුල නානායක්කාරවසම්
සංගීතය - සුරේෂ් මහලියැද්ද