විල්පත්තුවට ගිය ගමන ( Wilpaththu Safari)

gepa

Well-known member
  • විල්පත්තුවට ගිය ගමන ( Wilpaththu Safari)

    22483740091593893523199.jpg

    ඔන්න කාලෙකිං කොහේවත් ඇවිදින්න යන්න බැරිඋන නිසා පසුගිය නිවාඩු දවසක විල්පත්තු යන්න හිතුවා පුංචි සෆාරියක්..යන්න කලිං ඉඳන්ම ඉන්ටනෙට් එකේ ගියපු කස්ටිය දාලා තිබුනු විස්තර එහෙමත් කියවලා ගමන ගැන පොඩි අවබෝදයක් ඇතුව තමයි ගමනට සූදානම් උනේ.යුද්ධයෙන් පස්සේ විව්ර්ත කල නිසා වැඩි දෙනෙකුට සංචාරය කරන්න මග හැරුනු ප්‍රදේශයක් තමයි විල්පත්තු වනෝද්යානය.

    උතුරට මෝදර ගම් ආරුවත්,දකුනින් කලා ඔයත් බටහිරින් ඉන්දියන් සාගරයටත් මායිම් වෙලා තමයි විල්පත්තු පිහිටා තියෙන්නේ..විල්පත්තු යනවා නම් දැනට වනාන්තරයට පිවිසෙන්න පුලුවන් අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාරගයේ විල්පත්තු හංදියෙන්.එතනින් තමයි ප්‍රධාන පිවිසුමට ඇතුල් වෙන්න තියෙන්නේ.පුත්තලමේ ඉඳන් එනවනම් විල්පත්තු හංදියට හරියටම කිලෝමීටර් 54ක් තීයනවා.ඒ වගේම අනුරාධපුරේ ඉඳන් ගත්තූත් විල්පත්තු හංදියට කිලෝ මීටර් 32ක්.මේ විල්පත්තු හංදියේ ඉඳන් ප්‍රධාන පිවිස්මට තව කිලෝමීටර් 7යි මීටර් 700ක් එන්න ඕනි හුනුවිලගමට.

    අපේ ගමනට අටදෙනෙක් සහභාගි උනා.ඉතින් මුලින්ම කරන්න ඕනි ගමන යන්න ෆෝවීල් වාහනයක් හොයාගන්න එක..තම්න්ගේ වාහනයක උනත් මේ ගමන යන්න පුලුවන්.ඒත් හොඳම වැඩේ වාහනයක් මෙතනින් අරන් යන එක.මොකද ඒ අයට වනාන්තරේ පාරවල් ගැන හොඳ අවබෝදයක් තියනවා.සෆාරි ජිප් එකක් වනෝදයානය අවටින් හොයා ගන්න පුලුවන්.සෆාරි ජිප් එකක් දවසක සංචාරයක් සඳහා 7500ක් විතර අය කරනවා.ඔක්කොගෙම මේක තමයි ගාන.මම පොඩි ඇඳුරුම් කමක් හදාගෙන වැඩේට බැස්ස නිසා 6000කට වගේ ජීප් එකක් හොයාගන්න ලැබුනා.අපේ රියදුරු ජයතිලක මහත්මා..ටිකක් වයසක අංකල් කෙනෙක්.ඒ නිසා හොඳට විල්පත්තුවේ සංචාරය කරල නිසා ත් ලොකු වාසියක් උනා.

    විල්පත්තු යනව නම් උදේ පාන්දරින්ම වනයට ඇතුල් වෙන එකයි හොඳම වැඩේ.වනෝද්යානය උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් විවුර්තව ත්යනවා..ඒ නිසා උදේ හයට එනවා නම් ගොඩක් හොඳයි.අපි නම් 6.30 වෙනකොට ප්‍රදාන පිවිසුමට ලඟා උනා.ප්‍රධාන පිවිසුමෙන් මුලින්ම ටිකක් පතක් ගන්න වෙනවා.. වැඩිහිටි ටිකට් පතක් 120 යි බාග 60යි. වාහෙනේට රුපියල් 250ක් අය කරනවා..ඒ වගේම රුපියල් 300ක් සේවා වියදම්..ඒ කියන්නේ අපිට ලබාදෙන මාර්ග උපදේශකටත් එක්ක මගේ හිතේ.ගමන යන්න අපිට සෙට් උනු ගයිඩ් අයියගේ නම ඉශාර.ඉශාර අයීයත් වාහනේට දාගෙන අපි ඇතුල් උනා විල්පත්තුව ට..මෙතන ඉඳන් කියන්න වෙන්නේ එයාගෙන් දැනගත්තු විස්තර සහ මම ඇසින් දු‍ටු දේ..

    ගමන පටන් ගන්න කොටම ගයිඩ් මහත්තය අපිට විල්පත්තුව ගැන මූලික විස්තරයක් කිව්ව .ඒ අනුව විල්පත්තුව තමයි ලංකාවේ විශාලතම වනෝද්‍යානය.මේකේ භුමි ප්‍රමානය අක්කර තුන්ලක්ශ තිස්දහසකට ආසන්න වෙනවා.විශේශම දේ විල්පත්තුවේ සියලු කලාප වලට අයත් වනාන්තර දැක බලාගන්න පුලුවන් වීම.තෙත් ශුශ්ක වගේම වියලි වන පත්තති දැක බලාගන්න ප්ලුවන්.මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 15ක් උසින් මන්නාරම අනුරාධපුර,පුත්තලම කියන ප්‍රදේශ වලට මායිම් වෙලා තමයි විල්පත්තුව පිහිටලා තියෙන්නේ.

    මේ වනෝදයානයේ එක් මායිමක් ඉංදියන් සාගරය කියල මම කලින් කිව්වනේ.ඉතින් ඒ හරහා ලංකාවේ ආර්‍ය සිංහල ජනාවාස තිබුනු බවට පැහැදිලි සාදකත් බොහොමයක් විල්පත්තුවේ පිහිටා තියනවා.කස්ටියම අහලා ඇතිනේ විජය රජ්ජුරුවෝ එනකොට කුවේනි කපු කටිමින් ඉඳපු තම්බපන්නිය..ඔන්න ඔයාලත් විල්පත්තු එනව නම් තම්බපන්නි යන්නත් පුලුවන්.ඒ ඉතිහාසික වටිනා කම.ඒ වගේම වැව් ගංගා ඇල දොල දිය උල්පත් වගේම වනෝද්‍යානයා වටා ඇති විල්ලු සමුහයකින් යුක්තයි..මේ වනෝද්‍යානයට විල්පත්තු ව කියලා නම ලැබෙන්නත් හේතුව විල්ලු සමුහයක් තිබ්නු නිසා බවයි දැන ගන්න ලැබ්නේ.විල්ලු 40ක් පමන තියන බව තමයි දැන ගන්න ලැබුනේ ඒ අතර කරදිය මිරිදිය කිවුල්දිය විල්ලු ඇතුලත්.කොක්කාරිය සහ ලුනුවිල කියන්නේ ඒ කරදිය විල්ලු.දෙමට විල විල්ලු ව ප්‍රදාන කිවුල්දිය විල්ලු වක්. ඒ වගේම විශාල ප්‍රමානයක් මිරිදිය විල්ලු තියෙයි..

    p1010007v.jpg

    මූලික විස්තරේ ටිකක් වැඩි උනාද මන්දා..කොහොමින් හරි ඔය විස්තරත් දැනගන්න ගමන් අපි ටික ටික වනාන්තරය ඇතුලට ගමන් කලා..නිතර නිතර අපේ ගයිඩ් මහත්තයා වහනේට වේගෙන් ඉස්සරහට යන්න කිය කිය ගියේ.ඒ වෙනකොට මොන හේතුවක් නිසාද කියල තේරුන් නෑ..කොහොම උනත් ගමනේ මුල් ටිකේ වැඩිය වන සත්තු දැක්කේ නම් නෑ..ගමට කිට්‍ටු නිසාද මන්දා..ඒත් කිමි පහලවක් විතර යනකොට එක පාරට අපේ වාහනේ ඉස්සරහින් සතෙක් පැන්න..මම දැක්කේ නිකන් බලු පැටියෙක් වගේ එකෙක්..ටිකක් ලං කලාහමයි දැක්කේ ඒකා වැලි මුවෙක්.ඔහොම ඉස්සරහ තවත් යනකොට මොනරු මුවෝ අපිට බහුලවම බලාගන්න පුලුවන් උනා..මුල හරියේ නම් ශුශ්ක වන පද්දතියට අයත් ලක්ශන තමයි පේන්න තියෙන්නේ.අපේ ගයිඩ් මහත්තය නිතර නිතර කලේ දෙපැත්ත ගැන හොඳ අවදානයෙන් තමයි හිටියේ..ඔහොම බලන් යන ගමන් ටිකක් වාහනේ හෙමීට යමු කියන සංඳවක් දෙනව දැක්ක..ඉතිං ඔන්න අපිත් ටිකක් විමසිලිමත් උනා මොකක් වෙන්න යන්ව්වද කියලා..වාහනේ ටිකක් නවත්තල බැලුවා වැලි පොලවා දිහා.බලලා කියනවා ලඟම දිවියෙක් ඉන්නවා හොඳට දෙපැත්ත බලාගෙන යන්නලු.එයා ඒ දේ කිව්වේ වැලි පාරේ තිබ්නු විශාල ප්‍රමානයේ දිවියෙක්ගේ අඩි සලකුනු දැකලා..අපිත් දැක්කේ එයා පෙන්නුවහමයි.ගොඩාක් ලොකුයි..අපිත් ඉතින් වාහනේ ඒ අඩි පස්සෙන් අරන් ගියා මීටර් 500ක් විතර..එහෙම ගිය අඩි පාර මීටර් පන්සීයෙන් කැලේ පැත්තට හැරිලා තිබ්නා.ඒ කියන්නේ සතා කැලේ ඇතුලට රිංගලා..

    p1010005go.jpg


    p1010008ix.jpg



    අපේ ගයිඩ් මහත්තයට අනුව විල්පත්තු ඇවිත් දිවියෙක් දකින එකයි ලොකුම දෙයක්.ඒ වගේම වලස්සු අලි..මේකේ දිවි 45ක් විතර ඉන්නව කියලා තමයි එයා කිව්වේ..මුලින්ම වාහනේ එන්න හදිස් කල කාරනවත් මේ එලිය වැටෙන්න කලින් දිවියෙක් දැක බලාගැනීම.කොහොම උනත් අපිට දිවිය මිස් උනා.. අවුව වැටෙන්න කලින් එලියට එන නිසා උදේ වරුවෙත් හවසත් තමයි එලියට එන්නේ..ඉතින් ආයෙත් සතෙක් දැක ගන්න පුලුවන් වෙයි කියලා ගයිඩ් මහත්තයගේ විශ්වාසය පිට අපි ගමන ඉස්සරහ ඇදුනා..ඔය යන ගමනේ ඉශාර අයියා දිවියා ගැන අපුරු කතා ටිකකුත් කිව්ව දිවියා ගැන. ඒ ටිකත් ඔන්න ඔහේ කියලා දාන්නම්
    .
    දීවියා කියන්නේ බොහොම කම්මැලි සතෙක්.ඇඟේ කොලයක් වත් ගැවෙනවට කැමති නැලු.දිවියෙක් උගේ ප්‍රදේශය ලකුනු කරන්නේ මූත්‍රා කරලා..වෙන දිවියෙක් ඒ ප්‍රදේශයට සාමාන්‍යයෙන් ඇතුල් වෙන්නේ නෑලු..ඇතුල් වෙනවා නම් දිවියෙකුට ඒ මූත්‍රා පාරට ඉව කරලා ඒ ප්‍රදේශයේ ඉන්න දිවියගේ වයස ශක්තිය ගැහැනු පිරිමි බව ඔක්කොම දැන ගන්න පුලුවන්ලු. තමුන්ට ඒ ප්‍රදේශයේ ඉන්න දිවියට අභියෝග කරන්න පුල්වන් නම් විතරක් තමයි දිවියෙක් ඒ ප්‍රදේශයට ඇතුල් වෙන්නේ..කොහොම උනත් එලිය වැටෙන්න කලින් දිවියෝ ප්‍රධාන පාරේ හෙමීට ඇවිදිනව ලු..වාහන ආවට අනික් සත්තු වගේ දුවලා හැන්ගෙන්නේ නෑලු.උගේ ගමන යන එකයි කරන්නේ.ලන්කාවේ ඉන්න සත්ත්න්ගෙන් හයියෙන්ම දුවන්න පුලුවන් සතත් මේ දිවියා තමයි..මූට තමුන්ගේ බර වගේ 3න්ගුනයක් බර ගොදුරක් කටින් අරන් යන්න පුලුවන්...ටිකක් ඔන්න දිවිය ගැනත් කිව්ව..ආ තව දෙයක් මේකගේ විද්යාත්මක නම වෙන්නේ පැන්තරා පාඩස් කොටියා..ඉතින් මූට කොටියා කිව්වත් ප්‍රශ්නයක් නෑ..ඒත් ඉංග්‍රීසි බසින් ටයිගර් කියන්නේ මුට නෙවෙයි.. මූ ලෙපර්ඩ්..ඔන්න අදිවිය ගැන පොඩි විස්තරයක්..

    ගමන දිගටම යනකොට විශාල වශයෙන් මුව රංචු බලාගන්න පුලුවන්..ඒ වගේම පෙලක් වෙලාවට විශාල රංචුත් අපිට බලාගන්න පුලුවන් උනා.. මුන් නම් වාහන සද්දෙට ටිකක් විතර දුවනවා..ඒත් පහසුවෙන් බලාගන්න පුලුවන් විශාල ගහනයක් ඉන්න නිසා..

    p1010057aa.jpg

    පනික්කවිල සංචාරක නිවාසය​

    අපිට මුලින්ම හම්බුනු සංචාරක බංගලාව තමයි පනික්කවිල සංචාරක බංගලාව..මේක තියෙයෙන්නේ පනික්ක විල්ලුවට මුහුන පාලා.දවසක් ‍රැයක් ගත කරන්න එනවා නම් විල්ලුවක් අසල ඇති සංචාරක බංගලාවක් වෙන් කරගෙන එකයි හොඳ..තලවිල බංගලාවත් ඒ වගේ විල්ලුවක් අසල තියන බංගලාවක්..මීට අමතරව මෝදර ගඟ අසල කොක්මොටේ බංගලාවත් ජනප්‍රිය සංචරක බංගලාවක් කියලයි දැනගන්න ලැබුනේ..ඔක්කොම සංචාරක බංගලා අතරක් ක්‍රියත්මක වෙන බව තමයි දැනගත්තේ.මේවා බත්තරම්ල්ල වනජීවී කාර්‍යාලයෙන් වෙන් කරගන්න ඕනි..‍රැයක් සඳහා 7500යි..10කට පමන නවාතැන් පහසුකම් තියනවා..ඔන්න නවාතැන් ගන්නවනම් ඒ විස්තරේත්..

    අපි ඉතින් පනික්කවිල පොඩ්ඩක් බැහැලා එතනින් තව ඉස්සරහට ගමන් ඇරඹුවා.යන අතරමග කුරුල්ලෝ නම් ගොඩක් බලාගන්න පුලුවන් කම ලැබුනා..ගොඩාක්ම විල්ලු ආසන්නව කුර්ල්ලෝ ඉන්න බව තමයි දැක්කේ.දැන ගත්ත විදියට ලංකාවේ විශාලම ජලජ පක්ශියා වෙන බහුරු මානාවා දකින්න පුල්වන් උනා.. උන් නම් ඕනි තරම්..ඒ වගේම කොක්කු වර්ග පිලිහුඩුවෝ වගේ කුරුල්ලොත් ගොඩක් දකින්න පුලුවන් උනා.ඉශාර අයියා කියපු විදියට දෙස් විදෙස් කුරුලු වර්ග 149ක් දකින්න පුලුවන්..අනික් දේ තමයි සමනල්ලු..විශාල වශයෙන් සමනල්ලු නම් දකින්න අපිට හැකියාව ලැබුනේ නෑ..ඒ මේක උන් දකින්න පුලුවන් කාලේ නෙවෙයි නිසා.ඒත් අපි යන අතරමග සමනල්ලු රෑන් දෙකක් විතර දකින්න ලැබුනා..

    p1010052g.jpg

    ඒවත් බලාගෙන ටිකක් ඉස්සරහට යනකොට විශාල ප්‍රමානයේ මුහුද් වතුර පිරිච්ච විල්ලුවක් දකින්න ලැබුනා..විශේශත්වය තමයි මුහුදු වෙරලේ වගේ වැලි සහිත වෙරලක් දකින්නත් පුලුවන්.මේක කොක්කාරිය කියන කරදිය විල්ලුව.මෙකේ කරදිය ජීවී නුත් ඉන්න බව තමයි දැනගන්න ලැබුනේ.විශාල ප්‍රමානයේ විල්ලුවක් විදියට තමයි ඒක දකින්න ලැබුන්නේ.මේ විදියට ලඟ ලඟ පරිසර පද්දති වෙනස් වෙන එක නම් ගොඩක් විශේශිතයි..පෙලක් වෙලවට තෙත් කලාපීය ලක්ශන,ආයෙත් ශුශ්ක ලක්ශන..ආයෙත් මේ වගේ කරදිය කලපු ලක්ශන..ඕවත් ඔහොම්මම බලාගෙන යනකොට ඉස්සරහට ආයෙත් පොලවේ පස ත් වැලි පසේ ඉඳන් පිහිටි පසට මාරු වෙනවා..එහෙම්මම ඉස්සරහට යනකොට අපිට දකින්න ලැබෙන ප්‍රධාන විල්ලුව ක් තමයි කාලි විල්ලුව සහ කුවේනි මලිගය.

    p1010062x.jpg

    කුවේනි මාලිගය
    මේ විල්ලුව සහ අවට ප්‍රදේශ එක්ක ගෙතුනු අපූරු කතාවක් තියනවා.ගොඩක් දෙනා මූලික කතාව අහල ඇතිනේ..ඒත් ටිකක් විතර වෙනස් අලුත් දේවලුත් ගයිඩ් මහත්තයගෙන් දැන ගන්න ලැබුනා..කියන්නම් ඔන්න ඒ කතාවත්

    දකුනු ඉංදියාවේ සිංහ බාහු සහ සිංහ සීවලි රට පාලනය කරන කාලෙක එයාලගේ පුතා විජය යම් කිසි නොකලයුත්තක් කරනවා..ඒ රටේ නීතියට අනුව කිසියම් පුද්ගලයෙක් වැරදි වැඩක් කලොත් මරනීය දන්ඩනය ලබන්න්න සිද්ද වෙනවා..ඒත් විජය රජෙක්ගේ පුතෙක් නිසා ඔහුව රටෙන් පි‍ටුවහල් කරනවා 700ක් පිරිස සමග.බුදු හිමි පිරිනිවන් පාපු දිනයක කි පු 543 දි විජය ඇතුලු පිරිස ලංකාවේ විල්පත්තු ආශ්‍රිත වෙරල ප්‍රදේශයට ගොඩ බසිනවා.විජය මේ හරියෙදි අත තියපු වැල්ල තම්බපන්නිය කියලා තමයි හැඳින්වෙන්නේ. මේ කාලේ ලංකාවේ ජීවත් වෙනවා යක්ශ නාග දේව කියන ජන කොටස්.යක්ශ කිව්වේ යපස් ආශ්‍රිත කර්මාන්ත කල පිරිසට.නාග කිව්වේ නාවික කටයුතු.ඒ කිව්වේ මුහුදේ ගිහින් මා ලු අල්ලපු අයට කිව්ව නම.ඒ වගේම දේව කිව්වේ පුද පූජ කල ජන කොට්ටාෂය.නැතුව යක්ශ කියලා නිකන් යක්කු වගේ පිරිසක් නෙවෙයි..ඒ අයගේ සංස්කෘති අනුව හැදින් වූ නම් තමයි ඒවා..කොහොම හරි විජය ඇවිත් යම් කාලයක් මේ ප්‍රදේශයේ ඉන්න කොට විජය බල්ලෙක් දකිනවා..ඒ දැක්කහම විජය හිතනවා මේ ප්‍රදේශයේ අනිවාර්යෙන්ම මිනිස් ජනාවාශයක් ඇති කියලා.ඒක නිසා එහෙම දෙයක් තියෙයි නම් සොයා ගන්න විජය තම පිරිවරෙන් එක්කෙනෙක් කැලේ ඇතුලට යවනවා.ඒ ගිය කෙනා එන්නේ නැති උනා ම තව කෙනෙක්..
    මෙහෙම එන එක්කෙනා එක්කෙනා කුවේනිය විසින් සඟවනවා මේ කාලි විල්ලුව කියන ප්‍රදේශයේ.

    මම අහගත් තු විදියට කුවේනිගේ මේ කාලේ නම මහා රානි දේවී.ඇය එවකට මේ ප්‍රදේශය පාලනය කල කලි රජුන්ගේ දියනිය..ඒ වගේම දිගු වරලසක් සහිතව බලගත් මන්ත්‍ර ශක්තියක් තිබුනු නිසා ඇය පියාගේ රාජධානියේ සේනාධි නායිකාව විදියට කටයු තු කරනවා..කොwහොම උනත් මිනිස් වාසයක් සොයගෙන ආව විජයගේ 700ක් පිරිස මේ මහා රානි දේවී විසින් හංගනවා කාලි විල්ලුව ප්‍රදේශයේ..අන්තිමට විජය තම පිරිස සොයාගෙන එනවා.මේ අවස්තාවේ විජය දු‍ටු මේ මහා රානි දේවී ඔහුට වශී වෙනවා..මොකද විජය කියන්නේ රජ කෙනෙක්ගේ පුතෙක්.කොහොමින් හරි ටික කලකදි මේ මහා රානි දේවී කල්පනා කරනවා විජය එක්ක විවාහ වෙලා තම රාජ්‍යයේ බලය විජයට ලබාදෙන්න.ඒත් පිය රජු මේකට කැමති වෙන්නේ නෑ.මොකද විජය ඔවුන්ගේ කුලයේ නොවන නිසා.ඒ නිසා මහා රානි දේ වි විජය රජ්ජෘවොයි 700ක් පිරිසයි එක්ක පැනලා යනවා මේ ප්‍රදේශය කිට්ට්වම වෙනත් පැත්තකට මාගම කියලා..මෙතනදි තම කුලයට විරුද්ද උනු නිසා කුලයට විරුද්ද වූ කාන්තාව යන නමින් කුවේනි කියන නම පට බැඳුනා කියලා තමයි දැනගන්න ලැබුනේ..

    මෙහෙම මාගම් ප්‍රදේශයට පැනලා යන කුවේනි යම් කාලයක් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනකොට මොවුන්ට දරුවන් දෙන්නෙක් ලැබෙනවා ජීවහත්ත සහ දිසාලා කියලා.එහෙම ඉන්නකොට කුවේනිට හිතනවා විජයට තාත්තගෙන් ඒ ප්‍රදේශයේ බලය අල්ලලා දෙන්න..ඉතින් කුවේනි කරන්නේ විජයටත් මන්තර යම් තාක් දුරකා උගන්නලා එවනවා කාලවිල්ලුව සහ මරවිල්ල්ව කියන ප්‍රදේශයට.එහෙම එන ගමනේදි ඒ දවසේ කුවේනිගෙ පියා ඇ තු ලු පිරිස එදා විශාල උත්සවයක්.මගුල් ගෙයක් තිබුනා කියලා තමයි කියන්නේ.මේ මගුල් ගෙදර දවසේ විජයගේ පිරිස මේ ලඟට ඇවිත් කඩු මැද්දා කියනවා..ඒ කඩු මැදපු සද්දෙට කුවේනිගෙ පියා සහෝදරවරු පිරිස ඒ ප්‍රදේශයෙන් පලා යනවා මේ ප්‍රදේශය ඇතුලෙම සිරසා වස් තු කියන ප්‍රදේශයට...ඊට පස්සේ කුවේනි සහ ලමයි දෙන්න එක්ක මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා.මෙහෙම ටික කලක් ඉන්නකොට විජයට හිතෙනවා මේ ප්‍රදේශයේ වටේම තියන මාගම්පුරය,අනුරාපුරය,සිරසාවස්තුපුරය වගේ ප්‍රදේශත් අල්ලගන්න.එහෙම අල්ලගත්ත කියන්නේ රටේ රජකම හිමිවීම.ඒත් එක අවුලක් තියෙනවා.රජ කෙනෙක් වෙන්න ආර්ය වංශියෙක්ට එයාගේ වංශෙම කාන්තාවක් විවාහ කරගන්න ඕනි.අන්න ඒ නිසා විජය කුමාරයා දකුනු ඉංදියාවෙන් කාන්තවක් ගෙන්නන්න උත්සහ කරනවා.ඒ නිසා විජය කුවේනියි ලමයි දෙන්නයි නෙරපන්න උත්සහ කරනවා.මේ හන්දා කුවේනි ගේ ලමයින් දෙන්න ජීවහත්ත සහ දිසාල කඳුකර ප්‍රදේශයට පැනලා යනවා.ඒක අපේ රටේ වැදි පරපුරේ ආරම්භය වෙනවා.

    කොහොමින් හරි කුවේනි පැනලා යනවා කුරුනැගල පැත්තේ තියෙන හච්චි කුච්චි කියන පැත්තට.එහෙ ගිහින් එහේ ජීවත් වෙනවා.එතකොට විජය තමුන්ට කියලා බිසවක් ගෙන්නගන්නවා දකුනු ඉංදියාවෙන් .ඇයගේ නම විජායි.විජය අවට ප්‍රදෙශ වල පාලන බලය අල්ලගෙන විජායි කුමරියවත් විවාහ කරගෙන ලන්කාවේ පාලන බලය අල්ල ගන්නව.මේ කාලයේ කුවේනි නැවතත් තම්න්ගේ සහෝදර පිරිස ඉන්න සිරසාවස්තුපුරයට යනවා .එහෙම යනකොට තමුන්ගේ කුලයට විරුද්ද උනු නිසා ඇයට ගල් මුල් වලින් පහර දෙනව..ඒකට ඇයට තරහා ඇතිවෙන්නේ අර විජායි කුමරියත් එක්ක.ඒ තරහට කුවේනි ඇයගේ මන්ත්‍ර ශක්තියෙන් ගෝනෙක් එවනවා විජායි කුමරියව මරන්න..ඒත් කුවෙනිම කියාදුන්නු මන්තර ශක්තියෙන් විජය ඒ ගෝනාව මරනයට පත්කරනවා..ඒ වැඩේ හරි ගිය නැතිනිසා නැවතත් කුවේනිම එනවා විජායිව මරන්න .ඒ වෙනකොට විජයට මේක දැනිලා විජායිව ගල් කුහරයක දාල කඩුවක් අතින් ගත්තු අයෙක් ආරක්ශවට යොදලා ඉන්නවා.කුවේනි විජායිව මරන්න ආවට එයාට ඇයට ලංවෙන්න ලැබෙන්නේ නෑ.අන්න ඒ නිසා ගල් කුටීරයේ යතුර් හිලෙන් දිව දැම්ම කියනවා.ඒ පාර අර මුරකරු කඩුපහරක් දීල තියන්වා දිව කැපෙන්න.ඊට පස්සේ කුවේනි ල‍තෝනි දීගෙන ගිහින් තියනවා ආයෙත් හච්චි කුච්චි කියන ප්‍රදේශයට.ඒ ප්‍රදේශයේ ගලක් උඩ ඉඳන් ල‍තෝනි දීල තියන්වා..කුවේනි ල‍තෝනි දුන්නු ගල අදටත් ‍තෝනිගල කියලා හඳුන්වන්නේ එතනින් පස්සෙයි.මේ ගලින් පැනලා කුවේනි අන් තිමට මැරෙනවා.එතනිනුයි ලංකාවේ කුවේනි ගේ කතන්දරේ ඉවර වෙන්නේ..

    p1010065nw.jpg

    කපු මලක්​

    හම්මේ..ඔන්න ඒ කතව කිව්ව..ලියන්න පටන් ගත්තේ විල්පත්තු සංචාර ය ගැන.ඒත් ඔය විස්තරෙත් දාන්නම හිතුනා.ටිකක් ජන මූලාශ්‍ර සහ මම අහගත්තු ඒවයි දැම්මේ.මේ කතාවල් සම්පුර්න බොරුවක් වෙන්නත් පුලුවන්.ඇත්ත වෙන්නත් පුලුවන්.පිලිගන්න එක ඉතින් තමුන්ගේ වැඩක්.මම කිව්වනේ මෙතන කුවේනි මාලිගේ නටබුන් තියන වා කියලා..ඒ වගේම මේ ප්‍රදේශය පුරාවටම කපු ගස් ඕනි තරම් තියනවා..ඔහොම බලනකොට මේ කතා බොරු කියලා අහක දාන්නත් බැරි තරම්.


    කොහොමින් කොහොමින් හරි අපි ගමනේ එක කෙලවරකට ලඟා වෙනවා..ඒ තම්බපන්නියට.විජය ලංකාවට බහින්කොට අත් තඹ පාට උනා කියනවනේ.අදත් ඔයගොල්ලො ගිහින් වෙරලේ අත තිබ්බොත් අත තඹ පාටක් ආවා.පුලුල් ප්‍රදේශයක මේ තඹ පාට වැලි අපිට දකින්න පුලුවන්.මේ වෙනකොට අපි විල්පත්තු ප්‍රවේශයෙන් කිලෝමීටර් 72ක් විතර ඇවිත්.මේ ප්‍රදේශයෙදි අපිට විශාල ප්‍රමානයේ කුරුල්ලෝ දකින්න පුල්වන්.. උන්ගෙ නම් වශයෙන් නම් විස්තර දැන ගන්න බැරිඋනා.

    p1010073pw.jpg

    p1010079p.jpg

    තම්බපන්නියට

    p1000433p.jpg

    ගොඩබිමත් කොරල්​


    කොහොමින් හරි ආයෙත් කෙටි දුරක් පයින් ගියාම ගමනේ කෙලවරට අපි කිට්‍ටු වෙනවා.ඒ තම්යි කුදිරමලේ තුඩුව.කුදිරමලේ පැත්තට යන්න කලින් යම් කිසි වෙනස් තාලේ තැනින් තැන උඩට ඉල්ලිප්පුනු පස් කොටස් දකින්න තියනවා..ඇත්තටම මේ මොනවදා..මේ තමයි කොරල් පර.ඒව තියෙන්නේ ගොඩබිමේ.ඒකත් ලස්සන කතාවක්.මේ විල්පත්තු මුහුදු සීමව තියන ප්‍රදේශය ඇති වෙලා තියෙන්නේ භු තල යක් මුහුදෙන් ගොඩබිම දෙසට ඉස්සීම තුලින්.ඉතින් ඒ මුහුද යට කොරල් ඇති වීමේදී උනු සංසිද්දිය අපිට ගොඩ බිම ඉඳන් බලන්න පුලුවන් වීම විශේශ දෙයක්. වෙරලක් නැති මුහුදක් දකින්න ඕනි නම් මේ කුදිරමලේ ඇතුලු ප්‍රදේශය තමයි දකුනු ආසියාවේන් තියන එකම ස්තානය.ඒ පිහිටීම ලැබිලා තියෙන්නේ භූ ස්තර උඩට ඉස්සීම නිසායි.මෙහෙම බලනකොට විල්පත්තුව සත්‍තු බලන්න විතරක් නෙවෙයි තවත් බොහොමයක් දේවලින් වටිනා ස්තානයක්.

    p1000439pe.jpg

    කුදිරමලේ​

    මේ කුදිරමලේ කියන ස්තානය සිංහලෙන් අශ්ව හිස කියන තේරුම එන්නේ.. සේද මාවත වැටිල තියෙන්නේ මේ අසල මුහුදු ප්‍රදේශයෙන්.ඉතින් ඉස්සර කාලේ අරාබි වෙලෙන්දෝ මේ පැත්තට එන්න ලයිට් හවුස් එකක් විදියට මේ කුදිරමලේ භාවිතා කරලා තියනවා කියලයි දැනගන්න ලැබුනේ..අරාබි වෙලෙන්දෝ අශ්වයන් ගෙනත් ගොඩ බාලා තියෙන්නේ මේ ස්තානයේ කියලත් කියවෙනවා.කොහොම උනත් මේ ආශ්‍රිතව තිබුනු වරාය ප්‍රදේශයට නැව් වලට එන්න පාර හොයාගන්න අශ්වයෙක්ගේ ආකෘතියක් හදලා පහනක් භාවිතයෙන් ලයිට් හවුස් එකක් විදියට යොදාගෙන තියන්වා.තවමත් අශ්වයගේ ඒ කොටස් වල නටඹුන් මේ ප්‍රදේශයේ දකින්න ලැබෙනවා.තවත් සමහරු මෙතන තිබුනේ හින්දු දේවාලෙක නටඹුන් කියලත් කියනවා.

    p1000464bq.jpg


    කොහොමින් හරි ඒ දේවල් බලලා ඉවර වෙලා අපි අන්තිමට දහවල් දෙක විතර වෙනකොට පලුගහතුරෙයි බීච් එකට ලඟා උනා.විල්පත්තු එන අයට මෙතනින් මුහුදේ නාන්නත් චාන්ස් එක තියනවා.වැඩිය මුහුද නම් ගැඹුරු නෑ.ඒත් මුහුදේ වැලි වගේම ගල් පරත් තියන බවක් දැනුනා.රලත් ටිකක් විතර සැරයි. මම ගිය කාලේ නිසාද මන්දා..පැයක් විතර ඔහොමම බීච් එකේ නාල අපි ආයෙත් එන්න පිටත් උනා..

    p1000456u.jpg

    වෙරල විනාශය

    p1000443h.jpg

    කැලේ මැදින් දිවෙන අදිවේගී මාර්ගය​


    මේ වෙලේම තවත් දෙයක් කියන්නම ඕනි. මේ විල්පත්තු කැලේ මැදින් අලුතෙන් අධිවේගී මාර්ගයක් පුත්තලම සිට මන්නාරමට හදන්න පටන් අරන්..ලේන් එක පැත්තකට දෙකකට යන්න හදන්නේ..ඒක හන්දා විශාල භූමි ප්‍රමානයක් කැලෙන් අයින් වෙලා යනවා.මේක ඉතාම ලොකු ගැටලුවක් වනසත්වයන්ගේ පැත්තෙන් ගත්තොත් නම්.මේක බලන ඕනිම කෙනෙක්ට පේන දේ තමයි කැලේ හොඳටම මේ පාර නිසා විනාශ වෙන එක.ඒව දකින් කොට නම් හිතට පොඩි දුකක් ඇති වෙනවා.. මේව කරන්න කලින් ඒවා ගැන ටිකක් බලදාරින් හිතුවොත් හොඳයි කියලයි කියන්න තියෙන්නේ..ඒ වගේම බීච් එකට වැඩි දෙනෙක්ගේ පය නොගැසුනත් දැනටමත් ආපු පිරිස අතින් විශාල වෙරල විනාශයක් වෙලා තියන බව පේනවා..පොලිතින් මත්පැන් බෝතල් හැමතනමා.ඔයාලත් මෙහේ සංචාරය කරනවා නම් පරිසරය ගේන යම් වගකීමක් අරන් ඒ දේවල් බලලා පරිසරය විනාශ නොකර එනවා නම් තමයි හොඳ..කොහොම කොහොම හරි අපි හෙමීට නැවතත් ආපසු එන්න පටන් ගත්ත..

    59849540091573093001682.jpg

    දිවියා​


    අඳුර වැටෙන්න කිට්‍ටු වෙනකොට සත්තු ආයෙත් එලියට එන්න පටන් අරන් තිබුනා..උදේ දැකපු සත්තු වගේම විශාල ප්‍රමානයේ කිඹුලෙකුත් දැකගන්න පුල්වන් උනා විල්ලුවක් අසලදි.විශේශිතම දේ එන පාරේ අයිනකට වෙලා හිටපු දිවියා..දිවියෙක් නොදැක විල්පත්ත්වෙන් ගියා නම් අඩුවක් වගේ.කොහොමින් හරි ඒ චාන්ස් එකත් අපිට ලැබුනා.අපි වාහනේ නවත්තලා දිවියා වත් හොඳට බලාගත්තා..ඌ ගේ පාඩුවේ පොඩි ඇලර්ට් එකක් දාගෙන හිටියා..ඔන්න ඔහොම හවස හය විතර වෙනකොට අපිට විල්පත්තුවෙන් එලියට එන්න පුලුවන් උනා. අපිට ගොඩක් විස්තර දැන ගන්න ලැබ්නේ ගයිඩ් මහත්තයා ඉශාර අයියා නිසා.එයාට වගේම වාහනේ එලවපු ජයතිලක අන්කල්ටත් ස්තුතිවෙන්න ඕනි අපිව පරිස්සමට ගමන ගෙනිච්චට.ඔන්න ඉතින් ඒ දෙන්නට මුව නොසැහෙන්න ස්තූති කරලා අපි අපේ ගමන විල්පත්තුවට සමු දුන්නා..අගක් මුලක් නැත්ද කියලත් හිතෙනවා ලියපුවා..සත්තු ගැනයි කැලේ ගැනයි ඉතිහාසෙයි භුගෝලේයි හැමදෙයක්ම .කියවල හිතට වැදුනනම් එහෙම පොඩි කමෙන්ට් පාරක් එහෙම දාල යන්න . ඔන්න එහෙනම් මම ගියා..

    ආ තව දෙයක්..මේක උපුටා ගැනීමක්..ඒ මගේම බ්ලොග් එකෙං


    ඔක්කොටම ජය!!!
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    good post bro ,,,,,,,,,,,

    man giya ohe wild life eke adurana uncle kenek ekka oka ai open karanna kalin :D :D

    ee kale nam saththu wadiya dakke na shock kalawa :D :D mata hitapu gee nama mathaka na :( :( villuwa kelinma issaraha :D :D

    wal uro ehema wathura bonna awa :D :D

    man giyapu kale wassa ee nisa diviyo eliyata enne nalu :D :D un maha kammali jathiyak :D kohe hari guli wela nidi athi kiyalai kiwwe ;) ;)

    nice story bro
     

    gepa

    Well-known member
  • gepa

    Well-known member
  • දඩබ්බරයා;14139378 said:
    Mamat giya machan dan aurudu 3kata withara kalin...mara gathi ban beach eka ehema...idapanko mage lagath athi photo wagayak hoyala dannam man...

    නියම ගමන බන් ,,,,
    අපිත් යන්ඩ හිතාගෙනයි ඉන්නේ..
    විස්තර ටික ගොඩාක් වැදගත්............:):)

    good post bro ,,,,,,,,,,,

    man giya ohe wild life eke adurana uncle kenek ekka oka ai open karanna kalin :D :D

    ee kale nam saththu wadiya dakke na shock kalawa :D :D mata hitapu gee nama mathaka na :( :( villuwa kelinma issaraha :D :D

    wal uro ehema wathura bonna awa :D :D

    man giyapu kale wassa ee nisa diviyo eliyata enne nalu :D :D un maha kammali jathiyak :D kohe hari guli wela nidi athi kiyalai kiwwe ;) ;)

    nice story bro



    Thanks 4 sharing :)

    thanks for comments machanlaa
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    පට්ට විස්තරේ මචන්..මේක කිය්වලා මටත් ලඟදිම විල්පත්තු යන්න ආසවක් ආව රෙප් +++
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචං. පට්ට ත්‍රෙඩ් එක :yes::yes:
    විස්තරය නම් සුපිරියි.තව පින්තූර ටිකකුත් දැම්ම නම් තවත් හොඳයි:D:D
    මාත් කුදිරමලේ නම් ගියා.විල්පත්තු පාර්ක් එක ඇතුලෙන් නෙමේ.මන්නාරම් පුත්තලම් පාරෙන් ගිහින්.....
    ඔව් ඒ පාර හදන එකනම් ලොකුම අපරාධයක්. ඒත් ඒක තමයි කොළඹ ඉඳන් යාපනේ යන්න ලඟම පාර :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • නියමයි මචං. පට්ට ත්‍රෙඩ් එක :yes::yes:
    විස්තරය නම් සුපිරියි.තව පින්තූර ටිකකුත් දැම්ම නම් තවත් හොඳයි:D:D
    මාත් කුදිරමලේ නම් ගියා.විල්පත්තු පාර්ක් එක ඇතුලෙන් නෙමේ.මන්නාරම් පුත්තලම් පාරෙන් ගිහින්.....
    ඔව් ඒ පාර හදන එකනම් ලොකුම අපරාධයක්. ඒත් ඒක තමයි කොළඹ ඉඳන් යාපනේ යන්න ලඟම පාර :sorry::sorry::sorry:



    ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි මචං..පාර හදන වැඩේ දැනටමත් පටං අරන්..එකෙං ගොඩක් විල්පත්ත්වට වෙන විනාශේ වැඩියි..මොකද මේක හයි වේ එකක් නිසා විශාල කොටසක් කැලෙන් අයින් වෙනවා