විල්පත්තුවත් ඈවරයි….

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විල්පත්තුවත් ඈවරයි….

    විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපය තුළ කලාඔය ආශ‍්‍රිත ව මොරඩවිල්ලූව හා තවුසමඩම ප‍්‍රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක‍්‍රියාත්මක වේ. පුත්තලම දිස්ත‍්‍රික්කයේ, වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි රජයේ වනාන්තර ඉඩමක මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ පුත්තලම දිස්ත‍්‍රික් ලේකම්, වනාතවිල්ලූව ප‍්‍රදේශීය ලේකම් හා වනාතවිල්ලූව ප‍්‍රදේශීය සභාවේ සභාපති යන අය විසිනි. මේ වන විට මේ වනාන්තර ප‍්‍රදේශයේ විශාල ශාක කපා ඉවත් කිරීම සිදු කරමින් පවතින අතර, එය ක‍්‍රියාත්මක කරන්නේ රාජ්‍ය දැව සංස්ථාව විසිනි. මේ දැව හෙළීම හා දැව ඉවත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබේ.

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ පිහිටි මේ වනාන්තර ප‍්‍රදේශය අලි ඇතුන් ගේ ප‍්‍රධාන ගැවසුම් භූමියකි. මේ වනාන්තර එළි පෙහෙළි කිරීම් හේතුවෙන් ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල අලි – මිනිස් සහජීවනය බිද වැටී විවිධ හානිකර තත්ත්වයන් ඇති විය හැකි ය.

    කලාඔය ආශ‍්‍රිත ව මේ වගා ව්‍යාපෘතිය සිදු කිරීම හේතුවෙන් ඒ සඳහා යොදන රසායනික පළිබෝධ නාශක හා රසායනික පොහොර වර්ග කලා ඔයට එක් වී ඒවා අවසානයේ පුත්තලම කලපුවේ සාන්ද්‍රගතවීම සිදු වේ. මේවා කලාඔය කඩොලාන තීරයේ මත්ස්‍ය විශේෂවල හා ඉස්සන්, කකුළුවන් වැනි අපෘෂ්ඨවංශීන් ගේ බෝවීම් ක‍්‍රියාවලියට ඉතා හානිකර ලෙස බලපෑ හැකි ය. එය කලපු මත්ස්‍ය අස්වැන්නට මෙන් ම ධීවර ජනතාවට ද ඉතා හානිකර ලෙස බලපානු ඇත.

    2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත පේ‍්‍රරක කලාපයේ යම් සංවර්ධන ක‍්‍රියාකාරකම් සිදු කිරීමට ප‍්‍රථමයෙන් ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන් ලබාගත යුතු ය. නමුත් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් එවන් අනුමැතියක් ලබාගෙන නොමැත.

    1990 අංක 12 දරන වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තියට අනුව ප‍්‍රකාශිත 1998 මාර්ත 27 දින 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයිම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එම නීතිමය ප‍්‍රතිපාදනය ද මෙහි දී උල්ලංඝනය කර තිබේ.

    සංශෝධිත 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධනය කිරීමේ ආඥා පනතට අනුව මෙවන් මහ පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපෘතියක ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් අදාළ සියලූ ම රාජ්‍ය ආයතනවල අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් හෝ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් හෝ ලබා ගෙන නොමැත.

    මේ නීතිමය ප‍්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් රාජ්‍ය අංශයේ මැදිහත්වීම යටතේ ඔවුන් ගේ හිතුමනාපයට සිදු කරන මේ හානිකර ක‍්‍රියාව වහා ම මැඩපැවැත්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක විය යුතු ව ඇත. එ සේ නොවුනහොත් මේ ප‍්‍රදේශයේ පාරිසරක ප‍්‍රශ්න රැුසකට හා අලි – මිනිස් සහජීවනය බිඳවැටීමට මේ ව්‍යාපෘතිය ප‍්‍රධාන වශයෙන් බලපෑ හැකි ය.


    vilpaththu-03.jpg


    vilpaththu-02.jpg


    vilpaththu-04.jpg
     
    Last edited:
    කළකිරෙනවා බන්,
    හොද ශක්තිමත් විපක්ශයක් ඕන කරන්නේ මෙන්න මේ දේවල් නිසා,
    රට දාලා යන්න හිතෙනවා මෙවගේ කාලකන්නි වැඩ දකින් නැතුව
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාර ලී තොගයක් ඇති නේද බං? හෙණ ගහයි රජතුමෝ මිනී වලටත්. පරිස්සමින්
     
    • Like
    Reactions: ABACUS

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:( ලංකාවටත් ටිකදවසකින් සෝමාලියාවට වෙච්චදේ වෙඉ වගේ.........
    මේ දේශපාලුවෝ හිතන්නේ අද බද වඩාගන්න හැටි විතරඊ. රටේ අනාගතය ??????????????
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහරජ අපි වවමු රට නගමු කියන්නේ මේකට වෙන්න ඇතිනේ . මූ බලන්යද්දී කැල පාලුවෙක්නේ .:confused::confused::confused:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අඩේ ඔව් බොලව්...:yes: මම පහුගිය මාසයක් තිස්සෙ පුත්තලමේ තමා හිටියෙ... මම එහෙ එළුවන්කුලමට ගිය වෙලේ විලපත්තුව ඇතුලෙ තියෙන ගඟකට නාන්න ගියා... එහෙම ගිය ගිහින් එද්දි දවසක් දැක්කා මේ ගස් කපන සීන්... ඒත් මම කල්පනා කරා මොකද්ද සීන් එක කියලා...:confused: දැන් නොවැ තේරෙන්නෙ...:angry::(
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මාර ලී තොගයක් ඇති නේද බං? හෙණ ගහයි රජතුමෝ මිනී වලටත්. පරිස්සමින්

    නිදහසින් පස්සේ ලංකාවේ වෙන යෝද සංවර්දන කියන්නේ මේකට වෙන්න
     

    Similar threads