ඕක දික්කසාද කරන එක අමාරු නෑ ගොඩ කාලයක් වෙන් වෙලා නේ ඉදල තියෙන්නේ. එක හින්දා ලෝයර් කෙනෙක් හම්බුවෙලා උපදෙස් ගන්න ලංකාවේ දික්කසාද වෙන්න පුළුවන් ක්‍රම තුනෙනේ ඕකට යන්න වෙන්නේ
- අනාචාරය,
- ද්වේශ සහගත අතහැර යාම
- විවාහ වන විට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය
ද්වේශ සහගත අතහැර යාම කියන එකෙන් තමා. අවුරුදු 10ක් වෙනම ඉදලා තියෙන්නේ හින්දා ඉන්න තැනක් එහෙම දන්නෙත් නැති හින්දා ඒක පාර්ශිකව නඩුව අහලා තීන්දුව මාස 5න් වගේ ගන්න පුලුවන්. දික්කසාද වලට දැන් වෙනම උසාවි තියෙනවා නඩු අහන. දැන් ඉක්මන් ඉස්සර වගේ අවුරුදු ගණන් ඇදෙන්නේ නෑ.
අනික් විවාහය උනත් පළමු විවාහය විදිහට ලියාපදිංචි කරන්න මම හිතන්නේ පුල්වන් වෙයි තීන්දුව ලැබෙන විදිහ අනුව. එතෙන්දි ඔප්පු කරන්න ඕනේ රැවටීමට ලක් උනා කියලා. ඕවගේ සමාන දෙයක් වෙලා මගේ යාලුවෙක් බැන්දා තීන්දුව ලැබුන විදිහට ආයේ බදිනකොට අලුත් විවාහය පලමු විවාහය විදිහට සලකන්න පුළුවන් විදිහට තීන්දුව ලැබුනේ.
දෙන්නා එකට නැති නිසා ද්වේශ සහගත අතහැර යෑම කියන නීතිය මාර්ගයෙන් දික්කසාදය ගන්න පුළුවන්. හැබැයි වැඩේ හොඳ නීතිඥයෙක් මාර්ගයෙන් අන් කොන් නැතුව කරගන්න . කිසිම අවුලක් වෙන්නේ නෑ . හැබැයි නොකර නම් ඉන්න එපා කොහෙන් හරි වැඩේ මාට්ටු උනොත් හිරේ යන්නත් වෙයි . දැන් කසාදෙත් කැඩෙයි .