විවාහ ගැටළුවක්

hiran nulanga

Member
Aug 30, 2021
13
25
3
මචංලා පොඩි උපදෙසක් උවමනායි (මං කිරියේ පරණ සාමාජිකයෙක්) ඒක නිසා ෆේක් කිය කිය වැලලෙන්න එපා මේක ෆේක් තමයි ඔර්ජිනල් එකෙන් මේක අහන්න මට බෑ.....
මං 2019 ජනාවාරි වල බලන්න යෝජිත මනාලියක් බලන්න ගියා (මම කොළඹ එයා නුවර)..... ගොඩක් චාම් පෙනුන නිසාත් ආගමික දහමට ලැදි ලස්සන ගෑනු ලමයෙක් නිසා හිත ඇදිලා ගියත් ටික කාලයක් කතාබහ කරලා අපි තීරණයක් ගන්න කියලා හිතාන අපි දෙන්න කතාබහකරන්න පටන් ගත්තා..... මං එයාට නංගි කියලා කතාකලා වගේම එයා මට අයියේ කියලා කතා කලේ හදවතින්මයි..... එයා නුවර කිවුවට නුවරනුත් ටිකක් ඇතුලට යන්න ඔනේ ගමනට පැය 4ක් විතර යනවා.... ඒ නිසා අපි හැමදාම කතාකලේ ෆොන් එකෙන් හැමදාම වගේ අපි දෙන්නා කතා කලා. එයා වගේම මමත් ගොඩක් පොත් කියවන්න කැමතියි. අපි දෙන්න..... සමහර දවස් වල රෑ වෙනකම් පොත් ගැන කතා කලා බැන්දට පස්සේ මොනවද කරන්න හිතාන ඉන්නේ (රුකියාව වාහනයක් ගන්න එක. අපිටම කියලා ගෙයක් හදන එක. දරැවෝ කීයක් හදනවද කියලත් කතා කලා ) අනම් මනම් හැමදේම කතා කලා කතා නොකරපු දෙයක් නෑ කොහොම හරි මාර්තු මාසේ මැද වගේ රට වැහුව නිසා අපි දෙන්නට කතා කරන්න උනෙත් දිගටම මාස ගානක් ෆොන් එකෙන්ම තමයි ඒ අතර අපි දෙන්නට දෙන්නා අදහස් වලින් ගැලපෙනවා කියලා තේරැණ නිසා අපි බදිමු කියලා අපි දෙන්නත් තීරණය කලා.....එයාට තව බාල සහෝදරයෙක් හිටියා එයා ජොබ් එකක් කරනවා ඉතින් ඒ නංගියි මමයි ආශ්‍රය කලේ ඇත්තටම නංගියි අයියයි වගේ කවදාවත් වචනෙකින්වත් වල් කතාවක්වත් කියන්න හිතුනේ නෑ (සාමානයෙන් මං එහෙම යාළුවෙත් එක්ක කෙල්ලෝ ගැන වල් කතා කියලා තිබුනත් මට ඇත්තටම හිතුනේ මේ මගේම සහොදරියක් නේද කියලා)

කොහොම හරි අපි අවුරුදු 1 1/2ක් විතර කතාබහ කරලා මේ අවුරැද්දේ ජුලි 12 වෙනිදා පොඩියට කසාද බැන්දා..... දුර නිසා වගේම රටේ කොරෝනා තත්වය නිසා අපිට අපිට විවාහයට කලින් අවුරුදු 1 1/2 ටම මුනගැහෙන්න හම්බ උනේ 4 පාරක් පමණයි.... අපි එයාගේ ගෙදරදි ඇරෙන්න වෙන කොහෙවත් ඇවිදින්න වත් ගියේ නෑ.... ආදරයෙන් නලලට කම්මුලට දීපු කිස් එකක් ඇරෙන්න වැරදි හැගීමකින් අතින්වත් ඇල්ලුවේ නෑ (අතින් ඇල්ලුවත් යාළුවෙක් සහොදරියෙක් වගේ හැගීමකින් ලං කරගත්තා විතරයි) දැනුයි ප්‍රස්නය පටන් ගත්තේ.....

අපි හනිමුන් එකට හොටෙල් එකට ගියේ නෑ රටේ තිබුන තත්වය නිසා... එක දවසේ වෙඩිමක් අරන් අපේ ගෙදරට කැන්දාගෙන ආවා.... හැබැයි මට එයා ගැන කිසිම වෙලාවක මගේ බිරිද කියලා හැගීමක්වත් ලිංගික හැගීමක්වත් ඇති වෙන්නේ නෑ ඇත්තටම එදා ඉදලා අපි දෙන්නා හැසිගෙන්නේ එකම කාමරයක ඉන්න අයියයි නංගියි වගේ සමහර වෙලාවට රෑට එයා මට තුරැල් වෙලා නිදා ගන්නවා මං නලලට කිස් එකක් දීලා උළුව අතගානවා ඊට එහා දෙයක් කරන්න මට හිත දෙන්නෙත් නෑ එයා ඉල්ලන්නෙත් නෑ අපි දෙන්න පොත් කියනවා විහිළු තහළු කරනවා.... ඒ වගේම ඒයා උදේම මට කලින් නැගිටලා මට තේ එකක් හදන් එනවා.... එයාගේ පීරියඩ් ගැන අවුලක් උනත් මාත් එක්ක විවෘතව කතා කරනවා මං එයාට පෑඩ් පැකට් එක උනත් අරන් එනවා ඇදුම් අදින්න උනත් සමහර වෙලාවට උදවු කරනවා ..... මමත් කිසිම අමුත්තක් නැතුව එයාට හැම වෙලාවෙම උදවු කරනවා එයත් මගේ වැඩ වලට පුළුවන් හැම විදිහටම කරනවා .... එයා කවදාවත් මගෙන් සැමියාව ඉල්ලුවෙත් නෑ.... මම හැමවෙලාවෙම එයාව දැක්කේ මගේම නංගි කෙනෙක් වගේ....... හැබැයි දැන් මට උවමනායි ... අපි දෙන්නා අතර විවාහ බැදීමක් ඇති කරගන්න හැබැයි එයා ලගට යනවත් එක්ක ඉබේම මාව එයාගේ අයියාගේ චරිතයට මාරු වෙනවා....

මං එයත් එක්ක මේ ගැන කතා කලා එයාටත් ඇත්තටම ඔය ප්‍රස්නෙම තියනවා දැන් බැදලා මාස 1 1/2 ක් වෙනව‍ා අපි දෙන්නගේ අම්මලා තාත්තලත් හිතන් ඉන්නේ අපි දෙන්නා හොද සතුටින් ඉන්නවා කියලා(අපි සතුටින් ඉන්නවා තමයි ඒත් ඒ සැමියයි බිරිදයි වගේ නෙමෙයි) වෙලාවකට හිතෙනවා කවුන්සලින් යන්න ඊට කලින් ඔයාලගෙන් උඵදෙසක් බලා පොරොත්තුව මේකේ දැම්මේ...... අනේ විහිළුවට ගන්න එපා මේක ඇත්තම ප්‍රස්නයක්....

(ප:ලි. මට ලිංගික බෙලහීනතාවක් නෑ බං වෙන පොඩි දේකට උනත් ගැජටි එක හොදට වැඩ කරනවා.... අවුල් තියෙන්නේ එයා ලගදී කිසාම හැගීමක් ඇති වෙන්නේ නෑ:no:)


 

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    3,359
    3,483
    113
    Dennagen ekkenek wade patan ganin 😉 then oka hari, passe tawa kiyannm. Parisaraya gedara wada karana gamn inne ☹️

    PS: Joke karanna epa bnla meka serious thread 1k wage :shocked: Hitagannath ba bn . wifeta perfume 1k use karala balapn :rolleyes:
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,577
    1
    50,837
    113
    93
    හෝමාගම
    සුජීව ප්‍රසන්නගෙ පොතක් කියෙව්ව වගේ

    කෝම උනත්,
    උබට නිකන් වත් අත පත ගාල බලන්න හිතිල නැද්ද
    ඇදුම් ගලෝල නිදාගනින් බලන්න, මොකක් හරි වෙනසක් වෙනවද කියල :confused:
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    493
    811
    93
    මේ දවස් වල ගුරු වර්ජනේ නිසා ෆෝරම් වල කුකුල්ලු අවුස්සන නරියෙක්ද උබ?

    එහෙම නැත්නම් wife එක්ක deep discuss කරපං.එයාට අවුලක් නැත්නම් උබටත් අවුලක් නැත්නම් ඔහොම හිටපන් බන්.
    වැඩිපුර වටින්නේ හිතේ සතුට.

    මන් මේක කිව්වම අපේ අය රෙදි උස්සන් එයි. එත් ඇත්තටම ඔය වගේ සිද්දි තියෙනවා ඕනේ තරම්.

    Only love is real - Dr. Brian Weiss
    කියවල බලපන්. උබේ කතාව වගේ කතා තයෙනවා.

    1630341099889.png
     
    Last edited:

    hiran nulanga

    Member
    Aug 30, 2021
    13
    25
    3
    umba gay da
    නෑ බං මට කොල්ලන්ට කැමති නෑ බං මෙයා ගැන ඇරෙන්න වෙන කෙල්ලෝ ගැන අදහසක් එනවා හැබැයි දැන් මට මගේ වයිෆ්ව පේන්නේ මගේම නංගි වගේ ඒකයි අවුල:no: