විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මේක ගැන මට හිතෙන දේ තමයි,
ඉල්ලීම් වැඩි හරියක් සාධාරණයි...

නමුත් මොවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය බැංකු වල වැටුප් තල...
මෙන්න මෙතන තමයි ප්‍රශ්ණය තියෙන්නේ...

1. බැංකුවේ පඩි ගෙවන්නේ ඔවුන් උපයා ගන්නා ලාභයෙන්. විශ්ව විද්‍යාල ලාභ උපයන ආයතනයක් නෙවේ.

2. බැංකු වල රැකියාවේ අවදානමෙන් 10% වත් මොවුන්ට නෑ. මොකද ළමයෙක් විභාගේ ෆේල් උනා කියලා ඔවුන් වග කියන්නේ නෑ. තමන් අතින් උගන්නන විශය කරුණක් වැරදුනා කියල වත් ඔවුන්ගේ රැකියාව තර්ජනයට ලක් වන්නේ නෑ.

3. බැංකු වල සේවකයන් මැරීගෙන වැඩ කරන්න ඕන බව හැමෝම දන්නවා ඇති. නමුත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් අවම වශයෙන් දිනපතා රැකියාවට වාර්තා කරන්න වත් ඕනෙ නෑ.

Just my opinion....:yes:



1. රජයේ ආයතන වල පඩි සකස් වෙන්නෙ ලාභ ලැබීම මත නෙමෙයි. රාජ්‍ය ආයතනයක මූලික අරමුණ ජනතාවට සේවය කිරීම. පාඩු ලබන ආයතන වල සේවකයන්ට අඩු පඩියකුත්, ලාභ ලබන ආයතන වල සේවකයන්ට වැඩි පඩියකුත් ලබා දීමක් සිද්ධ වෙන්නෙ නැහැ. වැටුප් ශ්‍රේණියට තමයි වැටුප සැකසෙන්නෙ.

රාජ්‍ය ආයතන වල සේවයේ ගුණාත්මක භාවය අඩු වීමට මේක ප්‍රබල සාධකයක් වෙනවා. මොකද ආයතනයට හෙන ගැහුවත්, කෝටි ගනනින් පාඩු වුනත් වැඩ කරන අයට අවුලක් නෑ.

උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතා ඉහළ වැටුප් ලබා දෙනවා. ඒ මහ බැංකුව ලාභ ලබන නිසා නෙමෙයි. ඉහළ හැකියාවක් උගත්කමක් ඇති අය එහි වැඩ කරන නිසා. එවැනි වැටුපක් නොලැබුනොත් අනිත් පෞද්ගලික බැංකු ඔවුන්ව ඩැහැ ගන්නවා.



2. විශ්ව විද්‍යාල වල උගන්නන අයට තියෙන සුදුසුකම් වලින් 10%ක් වත් මේ අයට නැහැ. දේශපාලන සම්බන්ධකම් වලින් ඇතුලට ගිය අය වැහි වැහැලා. නිවැර්දිව ඇතුලට ගිය කී දෙනෙකුට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තරම් සුදුසුකම් ඇති කියලා හිතනවද?



3. බැංකුවල වැඩ කරන අය මැරීගෙන වැඩ කරනවාද නැද්ද කියලා ඇත්තටම මම හරියටම දන්නෙ නෑ.

ඒත් තේරුම් ගන්න පඩියක් සකස් වෙන්නෙ මැරෙන ප්‍රමාණෙට නෙමෙයි කියලා.

ලොරි වලට පිටි මුට්ට පටවන කෙනෙක් ඔය හැමෝටම වඩා මහන්සි වෙනවා ඇති. එහෙම කෙනෙක්ට ලොකු පඩියක් ගෙවන්නෙ නැහැනෙ මහන්සි වුනා කියලා?



ප.ලි. - ආණ්ඩුවේ පස්චාත් අර්ධය ලෙවකන වේසාවක් මෙන් නොව බුද්ධිමත්ව ඔබේ අදහස පල කලාට ස්තූතියි. :yes::yes:

එවන් ආණ්ඩුවේ අසූචි වල ලගිමින්, කමින් ඒවා මෙම ෆෝරමයේ වමාරන මන්ද මානසික ඌරන් සමග සංවාදයට යේදීම තමන්ගේ වටිනා කාලය කා දැමීමක් බව සිහි තබාගන්න ලෙස අනෙක් මිතුරන්ගෙන් ඉල්ලමි.
 
  • Like
Reactions: supaa

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    1. රජයේ ආයතන වල පඩි සකස් වෙන්නෙ ලාභ ලැබීම මත නෙමෙයි. රාජ්‍ය ආයතනයක මූලික අරමුණ ජනතාවට සේවය කිරීම. පාඩු ලබන ආයතන වල සේවකයන්ට අඩු පඩියකුත්, ලාභ ලබන ආයතන වල සේවකයන්ට වැඩි පඩියකුත් ලබා දීමක් සිද්ධ වෙන්නෙ නැහැ. වැටුප් ශ්‍රේණියට තමයි වැටුප සැකසෙන්නෙ.

    රාජ්‍ය ආයතන වල සේවයේ ගුණාත්මක භාවය අඩු වීමට මේක ප්‍රබල සාධකයක් වෙනවා. මොකද ආයතනයට හෙන ගැහුවත්, කෝටි ගනනින් පාඩු වුනත් වැඩ කරන අයට අවුලක් නෑ.

    උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතා ඉහළ වැටුප් ලබා දෙනවා. ඒ මහ බැංකුව ලාභ ලබන නිසා නෙමෙයි. ඉහළ හැකියාවක් උගත්කමක් ඇති අය එහි වැඩ කරන නිසා. එවැනි වැටුපක් නොලැබුනොත් අනිත් පෞද්ගලික බැංකු ඔවුන්ව ඩැහැ ගන්නවා.



    2. විශ්ව විද්‍යාල වල උගන්නන අයට තියෙන සුදුසුකම් වලින් 10%ක් වත් මේ අයට නැහැ. දේශපාලන සම්බන්ධකම් වලින් ඇතුලට ගිය අය වැහි වැහැලා. නිවැර්දිව ඇතුලට ගිය කී දෙනෙකුට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තරම් සුදුසුකම් ඇති කියලා හිතනවද?



    3. බැංකුවල වැඩ කරන අය මැරීගෙන වැඩ කරනවාද නැද්ද කියලා ඇත්තටම මම හරියටම දන්නෙ නෑ.

    ඒත් තේරුම් ගන්න පඩියක් සකස් වෙන්නෙ මැරෙන ප්‍රමාණෙට නෙමෙයි කියලා.

    ලොරි වලට පිටි මුට්ට පටවන කෙනෙක් ඔය හැමෝටම වඩා මහන්සි වෙනවා ඇති. එහෙම කෙනෙක්ට ලොකු පඩියක් ගෙවන්නෙ නැහැනෙ මහන්සි වුනා කියලා?



    ප.ලි. - ආණ්ඩුවේ පස්චාත් අර්ධය ලෙවකන වේසාවක් මෙන් නොව බුද්ධිමත්ව ඔබේ අදහස පල කලාට ස්තූතියි. :yes::yes:

    එවන් ආණ්ඩුවේ අසූචි වල ලගිමින්, කමින් ඒවා මෙම ෆෝරමයේ වමාරන මන්ද මානසික ඌරන් සමග සංවාදයට යේදීම තමන්ගේ වටිනා කාලය කා දැමීමක් බව සිහි තබාගන්න ලෙස අනෙක් මිතුරන්ගෙන් ඉල්ලමි.


    ඔබ කියන කතාවෙත් ඇත්තක් තියනවා. උදාහරණයක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් වැනි විශයක් උගන්නන්න ඉන්නෙ අතලොස්සක් ආචාර්ය වරුන් ගණනක්. මේකට හේතුව වැඩි හරියක් පිටරට/පෞද්ගලික අංශයට යාම.:yes:

    නමුත් මෙහෙම එකක් තියනවා. දැන් මොවුන් ඉල්ලන වැටුප් තල මත Demo කෙනෙක් ගේ වැටුප 45000 පමණ වෙනවා. මේක අසාධාරණ නැද්ද? Demo වෙන්න අවශ්‍ය සුදුසුකම මූලික උපාධිය මෑතකදී සමත් වීම පමණයි. ඉන්පසු අදාළ අංශ ප්‍රධානියාට අවශ්‍ය ඕනෑම කෙනෙක් ගන්න පුළුවන් (අවශ්‍ය නම් 1st class කපල 2nd class ට දෙන්න, කොල්ලො කපල කෙල්ලෙකුට දෙන්න ආදී). අවශ්‍ය නම් ඉල්ලුමේ හැටියට විභාගය repeat වෙච්ච අයත් ගන්න පුළුවන් (උදා- computer lab demo)

    දැන් සංසන්දනය කරමු දීප ව්‍යාප්ත සේවයක් වන ගොවිජන සේවා නිළධාරියෙක් - මූලික උපාධියකට අමතරව තරඟකාරී විභාගයක් සහ interview එකක් පාස් කරන්න ඕන. මූලික වැටුප 17000 පමණ. ජීවන වියදම් දීමනාව සමඟ 22000 පමණ.

    ඉතින් මීට වඩා දෙගුණයකටත් වැඩිය demo කෙනෙකුට ගෙවන එක අසාධාරණ නැද්ද? අනික් අතට වෙනම සේවයක් බවට පත් කරන ඉල්ලීම 100% සාධාරණයි. නමුත් තාවකාලික පදනමකින් වැඩට ගත් අය (Deoms, Temp. lecturers) එයට අදාළ නොවිය යුතුයි.
    :yes:
     
    Last edited:

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප&

    කියවා අවබෝධ කර ගැනීම සදහා...

    අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය
    මහාචාර්ය ඒ. එම්. නවරත්න බන්ඩාර, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය


    උපුටා ගැනීම http://uteachers.blogspot.com/

    2011 දී සිය රාජකාරියට බාහිරවන පරිපාලන තනතුරු අත්හරිමින් අරඹන ලද සරසවි ඇදුරන්ගේ වෘත්තීය අරගලය මෙම වසරේදී අඛන්ඩ වැඩ වර්ජනයක් ලෙස යලි කරලියට පැමිණ දැන් දින 50 කට අධික කාලයක් ගතව ඇත.

    විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අයත් වෘත්තීය සමිති 38ක් සහභාගීව සිටින මෙම ක‍්‍රියා මාර්ගය මෙරට විශ්ව විද්‍යාල ඉතිහාසයේ දී ආචාර්යවරු විසින් සිදුකල ප‍්‍රථම අඛන්ඩ වැඩ වර්ජනය වෙයි. ආචාර්ය සංගම් මෙම ක‍්‍රියා මාර්ගයට එළඹුනේ තමන් විසින් ගිය වසරේ අත්හිටවූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය යලි ආරම්භ කරන්නට සිදුවන බවට වසරකට අධික කාලයක් කල අණතුරු ඇඟවීම්වලින් පසුව වෙනත් විකල්පයක් නොමැති තැනට ඔවුන්ව පත් කල නිසා ය.

    ආචාර්ය සංගම් නව වැටුප් ක‍්‍රමයක් පිළිබඳතම ඉල්ලීම විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්‍වය ඉහල නැංවීමට අවශ්‍යවන මානව සම්පත ගොඩ නැගීම ඉලක්ක කර ගෙන තිබෙන බව ඉතා පැහැදිලිව ගතවූ වසරක කාලය තුල බලධාරීන්ට පෙන්වා දෙන ලදි. මේ සාකච්ඡාවල දී ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍යවන පුලුල් ප‍්‍රතිපත්ති පරිසරය ඉලක්ක කර ගත් කාරණා හඳුනා ගැනීම සිදුවු අතර මෙවර තම ඉල්ලීම් පිළියෙල කරනවිට ඒවා එම පුලුල් ප‍්‍රතිපත්ති රාමුව සමඟ බද්ධ කිරීමට ආචාර්ය සංගමය විසින් පියවර ගන්නා ලදි. මේ නිසා මෙවර ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පෙර වර්ෂය සමඟ සසඳන විට ඒවාට වඩා විශාල ගූණාත්මක වෙනසක් පෙන්නුම් කරයි.

    මෙහිදී ඉතා ඉහළින් කැපී පෙනෙන්නේ රටේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම ය. නිදහස් අධ්‍යාපනය සඳහා රාජ්‍යය විසින් සිදුකරන ආයෝජනය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ නැංවීමට සැලැස්මක් අවශ්‍ය බව ආචාර්යවරු ඉල්ලා සිටිති. ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති සම්මුතියවන දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට 6 කට සමානවන ප‍්‍රමාණයක් අධ්‍යාපනය සඳහා රජයේ වියදමින් වෙන් කල යුතු බව ඔව්හු ඉල්ලා සිටිති. අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්‍වය වැඩි දියණු කරන ඉලක්ක සහිතව ක‍්‍ර‍්‍රමයෙන් ක‍්‍රමයෙන් එය ඉහල නැංවීමට පොරොන්දුවන පැහැදිලි වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ඔවුන්ගේ මතය වෙයි. මේ සඳහා අවබෝධතා ගිවිසුමක් ඔව්හු ඉල්ලා සිටිති.
    ආන්ඩුව මෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන පක්‍ෂ ද මේ සඳහා දැනටමත් මූල ධර්මීය වශයෙන් එකඟතාවයක් පෙන්නුම් කර තිබීමෙන් පෙනෙන්නේ මේ ප‍්‍රශ්ණය පිළිබඳව රාජ්‍ය ප‍්‍රතිපත්ති තීරණ ගන්නා මට්ටම වෙතට එම ඉල්ලීම ගමන් කර ඇති ආකාරයයි. මෙම ඉල්ලීම තම සටනට හුදු අලංකාරයක් ඇති කිරීමට ඉදිරිපත් කර තිබෙන්නක් යයි සමහර අංශවලින් එල්ල වූ චෝදනාව ප‍්‍රතික්ෂේපවීම එයින්ම පෙන්නුම් කර ඇත. දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධානණ, ජන මාධ්‍ය, දෙමාපියන් සහ බහූ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමට සරසවි ආචාර්ය සංගම් විසින් බොහෝ දේ සිදුකර ඇති අතර ඔවුන් අතරින් වඩා දුර යන සංවාදයක් දැන් දැන් ඇරඹෙමින් තිබේ. රාජ්‍ය අධ්‍යාපනයේ ගූණාත්මක තතත්‍වය ඉහළ නංවන අයුරින් ආන්ඩුව අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කල යුතු යයි ඉල්ලන අත්සන් දශ ලක්‍ෂයක් එකතු කිරීම සඳහා ප‍්‍රචාරක ව්‍යාපාරයක් ආචාර්ය සංගම් විසින් රට පුරා දියත් තර ඇත.
    සෑම දරුවකුටම ලබා දෙන අනිවාර්ය අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් බවට එදා පත් වූයේ අධ්‍යාපනයේ පරමාර්ථය පුද්ගලයා නිදහස් මනසක් සහිතව ගොඩ නගන්නට මූලික අඩිතාලම දමන නිසා ය. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන්නේ පුද්ගලයා වහල්, වැඩවසම්, වෙළඳපල යනාදී කිසිදු ආර්ථික විය ගසක දාසයකු කිරීම හෝ දේශපාලන හෝ වෙනත් කිසිදු බලධාරී පාලන දහරාවකට යටත් මානසිකත්වයට පත් කිරීම නොවේ. ඔහු හෝ ඇයව එබඳු බලපෑම් ඉදිරියේ අදීනව සිටින නිදහස් මිනිසකු බවට පත් කිරිම ය. අධ්‍යාපනයේ දී වැදගත් වන මෙම විමුක්තිදායක අධ්‍යාපනය (Emancipatory Education), ලබා දීමේ වගකීම රාජ්‍යය විසින් භාර ගැනීම නිදහස් අධ්‍යාපනය යනුවෙන් එදා අදහස් කරන ලදි.

    මහජන හෙවත් රාජ්‍ය (Public) යන පදනම තුල ඇත්තේ සමාජය පිළිබඳ පොදු වගකීම ය. සෑම දෙනකුටම සමානව ලබා දෙන අයුරින් අනිවාර්ය අධ්‍යාපනය පිළිබඳ වගකීම රාජ්‍ය විසින් භාර ගත්තේ එය සමාජයීය සංවර්ධනයට දායක වන නිසා ය. එම නිසා නිදහස් අධ්‍යාපනය සමාජ අයිතිවාසිකමක් වශයෙන් හඳුනා ගන්නා ලදි. එය පුද්ගලයා නිදහස් කරන අතර සමාජ ප‍්‍රගමණය ඉලක්ක ගත දිසාවකට ගෙන යාමට ඔහුගේ හෝ ඇයගේ දායකත්වය සපයා දෙයි. මේ නිසා රාජ්‍ය අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම ආන්ඩු තීරණ ගැනීමේ ප‍්‍රමුඛතාවය තුලට ඇතුල කල යුතුය යන්න ප‍්‍රශ්ණ විරහිතව පිළිගත යුතු ය. සරසවි ඇදුරු අරගලය මේ අරමුණ සමඟ සම්බන්ධ කිරීමෙන් සිදුවන්නේ සරසවි ආචාර්යවරු ඉදිරි කාලයේ දී මේ අරමුණ පිළිබඳව මුර බල්ලකු ගේ භූමිකාවට (the role of a watch dog) පණ පෙවීම ය.

    ශ‍්‍රී ලංකාව සියයට හයේ ප‍්‍රමිතිය අත් පත් කර ගැනීමට ජාත්‍යන්තර සමුලුවලදි පොරොන්දුවි ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම රාජ්‍ය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ මූලිකයන් වශයෙන් සරසවි ආචාර්යවරුන්ට පැවරෙන වගකීමකි. මෙයින් පෙන්වා දෙන්නේ සරසවි ඇදුරන් මේ රටේ රාජ්‍ය ප‍්‍රතිපත්ති ක්‍ෂෙත‍්‍රයේ අවධානයට ලක්විය යුතු ඉතා වැදගත් කරුණක් මහජනයා ඉදිරයට ගෙන ඒම මෙවර සිදුකර තිබෙන බව ය.

    මෙම ඉල්ලීම පමණක් නොව මෙවර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තම ඉල්ලීම් සියල්ලම යොමු කර තිබෙන්නේ අධ්‍යාපනය පිළිබඳ ක්‍ෂෙත‍්‍රයේ ගූණාත්මක තත්ත්‍වය ඉහල දැමීමට බාධා කරන ප‍්‍රතිපත්ති වාතාවරණය වෙනස් කිරීමට ය. මෙම ලිපිය ලියනු ලබන්නේ එම ඉල්ලීම් විසින් අවධාරණය කරන ප‍්‍රතිපත්ති ගැටුලු පිළිබඳව පිළිබඳව පැහැදිලි කිරීමට ය.

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටන වැටුප් වැඩි කර ගැනීමේ අරගලයකට ලඝු කරනු වෙනුවට එම ප‍්‍රතිපත්ති ගැටලු වටහා ගැනීමට උත්සාහ කිරීම වගකිවයුතු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ගේ වගකීම ය. ඔවුන්ගේ ඉල්ලීම් තුලින් මතු කරන මෙරට උසස් අධ්‍යාපනය පිළිබඳ අර්බූදය හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ නම් ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ආචාර්යවරුන්ගේ වෘත්තී සටනට සම්මුතිකාමී විසඳුමක් සොයා ගැනීමට හැකි බව සඳහන් කළ යුතුය.

    මෙවර ආචාර්ය සංගමය තම ඉල්ලීම් කොටස් දෙකකට වෙන් කර ඉදිරිපත් කර තිබේ. පළමු කොටස වැටුප් සම්බන්ධයෙනි. එය කෙලින්ම ඔවුන්ගේ වෘත්තීය හා සම්බන්ධය. ඒ යටතේ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත. එනම් 2011 දි ඉල්ලා සිටි නව වැටුප් ක‍්‍රමයේ දෙවන අවස්ථාව වන මූලික වැටුප සියයට 20 කින් වැඩි කිරීම සහ 2011 දී එකඟවු පරිදි විශ්ව විද්‍යාල ආචාර්ය සේවාව වෙනම සේවා කාංඩයක් බවට පත් කිරිම සඳහා පියවර ගැනීම ය.

    දෙවන කොටස ඔවුන්ගේ වෘත්තීය නිදහස් ලෙස මානසික තෘප්තියකින් ඉටු කිරිමට අවශ්‍ය ප‍්‍රතිපත්ති පරිසරය සකස් කර ගැනීමට ය. රාජ්‍ය අධ්‍යාපනයට සිදුකරන රාජ්‍ය වියදම ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ නැංවීමට පියවර ගැනීම, උසස් අධ්‍යාපනය පිළිබඳව රාජ්‍ය ප‍්‍රතිඵත්තිය පැහැදිලිව ප‍්‍රකාශයට පත් කිරීම, විශ්ව විද්‍යාල ස්වායත්තාවය යලි ප‍්‍රතිෂ්ඨාපනය කිරීම, විශ්ව විද්‍යාල දේශපාලනීකරණය අවසන් කිරීම, උසස් අධ්‍යාපනය පිළිබඳ සිදුකරන වෙනස්කම් සියලු පාර්ශවකරුවන් සමඟ සාකචිචා කර සිදුකිරිම සහ හිතුවක්කාර ලෙස විශ්ව විද්‍යාල ක්‍ෂෙත‍්‍රය සම්බන්ධයෙන් දැනට සිදුකරමින් සිටින නායකත්ව පුහුණුව වැනි ක‍්‍රියා මාර්ග වහාම අත්හිටුවීම මෙම දෙවන කාංඩයට ඇතුලත් ඉල්ලීම් ය.

    වෘත්තීය සමිතියක් ඉහත සඳහන් දෙඅංශයෙන්ම තමන්ට පැවරී ඇති සාමූහික කේවල් කිරීමේ වගකීම පාවිච්චි කිරීම වැඩ වර්ජනය කිරීමේ අයිතිවාසිකමට ඇතුලත් බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත.

    මීළඟට මෙම ඉල්ලීම් මගින් අවධාරණය කරන ප‍්‍රතිපත්ති ගැටුලු විමසා බලමු. පැහැදිලි කිරිමේ පහසුව සඳහා දෙවන කොටසේ ඉල්ලීම්වලින් පටන් ගනිමු. පුද්ගලයා නිදහස් හැකියාව ඇත්තෙක් බවට පත් කිරීම අරමුණු කරගත් අධ්‍යාපනය සෑම පුරවැසියකුගේම අයිතියකි. එම අයිතිය පාවිචිචි කිරීම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා දිගූ කිරීමට අවශ්‍ය රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කිරීම 1945 දී සිදුවිය.
    සරසවි මටිටමේ දි අපේක්‍ෂා කරන්නේ එම විමුක්තිදායක අධ්‍යාපනයේ නිම් වලලු පුලුල් කරන බුද්ධිමය දැනුම ගොඩ නැගීම සහ එය විසරණය කිරීම ය. මේ සඳහා තිබෙන ප‍්‍රධාන ක‍්‍රමවේදයන් වන්නේ ස්වාධීනව සිදුකරන පර්යේෂණ සහ පර්යේෂණාත්මක හැදෑරීම් සිදුකරන පශ්චාත් උපාධි පාඨමාලා පවත්වා ගෙන යාම ය. පශ්චාත් නොවන උපාධි පාඨමාලා යොමු කල යුත්තේ මෙම කාර්යට අනුපූරණයක් සපයන අතර උපාධි අපේක්‍ෂකයන් එම දැනුම් ක‍්‍රියාවලිය තුලින් තම සමාජ වගකීම් ඉටු කිරීමට මග පෙන්වීම ය. වෘත්තීයාභිමුඛ පාඨමාලා පැවත්වීම මගින් රැකියා වෙළඳපලට පුද්ගලයන් සූදානම් කරනවිට ද ඒ සඳහා ශිෂ්‍යයා න්‍යාය සහ භාවිතාව සමඟ එම කාර්යයට සූදානම් කළ යුතු ය. මෙම සියලුම කාර්යයන් හිදී විශ්ව විද්‍යාල වලට තම කාර්ය බියෙන් හා අගතියෙන් තොරව පවත්වා ගැනීමට අවශය නිදහස තිබිය යුතු ය. මෙම නිදහස විශ්ව විද්‍යාල ස්වායත්තාව (University Autonomy) යනුවෙන් හඳුන්වනු ලබයි.

    යුරෝපීය කොමිසම විශ්ව විද්‍යාල ස්වායත්තාව සම්බන්ධයෙන් අනුගමණය කරනු ලබන ප‍්‍රමිතිය ඉදිරිපත් කරන ලිස්බන් ප‍්‍රකාශණයට (Lisbon Declaration) අනුව විශ්ව විද්‍යාල ස්වායත්තාව පිළිබඳමූල ධර්මය තුල ස්වායත්තා ආකාර හතරක් හඳුනා ගනු ලැබේ.

    1. ශාස්ත‍්‍රීය ස්වායත්තාව ^Academic Autonomy), එනම් උපාධි සම්පාදනය, විෂය නිර්දේශ සහ ඉගැන්වීමේ විධික‍්‍රම, පර්යේෂණ විෂය ක්‍ෂෙත‍්‍ර, පර්යේෂණ සීමාවන්, ඉලක්ක සහ විධි ක‍්‍රම තීරණය කිරීම;
    2. මූල්‍ය ස්වායත්තාව (Financial Autonomy) එනම් ප‍්‍රතිපාදන ලබා ගැනීම සහ පංගු කිරීම පාඨමාලා ගාස්තු තීරණය කිරීම සහ මුල්‍ය අතිරික්තය සමුචිචනය කිරිම;
    3. සංවිධාන ස්වායාත්තාව (Organizational Autonomy), එනම් විශ්ව විද්‍යාල සංවිධාන ව්‍යුහයන් සහ ප‍්‍රඥප්ති පිළියෙල කිරීම කොන්ත‍්‍රා්ත් ඇති කර ගැනීම පිළියෙල කිරීම තීරණ නිර්මාණය කරන ආයතන සහ පුද්ගලයන් තෝරා ගැනීම;
    4. සේවක මංඩල ස්වායාත්තාව (Staffing Autonomy), එනම් බඳවා ගැනීම වැටුප් සහ උසස්වීම් පිළිබඳ වගකීම.

    1942 පිහිටවූ ලංකා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මූලික තීරණය ගත් එදා පැවති ව්‍යවස්ථාදායක සභාව සඳහන් කලේ ලංකා විශ්ව විද්‍යාලය ඒකීය unitary, නේවාසික residential සහ ස්වායාත්ත autonomous ආයතනයක් විය යුතු බව ය. මෙම මූල ධර්ම අනුගමණය කල බැවින් 1942 ලංකා විශ්ව විද්‍යාලය පිළිබඳ ව්‍යවස්ථාව නීතියකට වඩා අවබෝධතා ගිවිසුමක ස්වභාවය පිළිබිඹු කලේය. එය සැබැවින්ම විශ්ව විද්‍යාලය සහ රජය අතර අවබෝධතා ගිවිසුමක් වූයේ ය. ඉහත සඳහන් 1,2, 3 සහ 4 යටතේ අදහස්වන ස්වායත්තාවයන් යටතේ එන අභ්‍යන්තර තීරණ ගැනීමේ බල අධිකාරයන් බොහෝදුරට විශ්ව විද්‍යාල පාලනාධිකාරයන්ට පැවරී තිබුනු අතර රජය අවශ්‍ය ප‍්‍රතිපාදන සැපයීමේ වගකීම භාරව ක‍්‍රියා කලේය. 1942 ව්‍යවස්ථාව යටතේ අධ්‍යාපන ඇමතිවරයාට තාවකාලික පදනමින් ලබා දුන් නියෝජ්‍ය කුලපතිකමේ චාරිත‍්‍ර‍්‍රානුකූල කාර්යන් හැර වෙනත් කිසිදු ආකාරයකින් මැදිහත්විමේ බලයක් හිමි නොවීය.

    මේ තත්ත්‍වයන් වෙනස්විම ඇරඹෙන්නේ 1966 විශ්ව විද්‍යාල පණතින් ජාතික උසස් අධ්‍යාපන කොමිසන් සභාව පිහිටුවා අධ්‍යාපන ඇමතිවරයාට විශ්ව විද්‍යාල කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීමට අවස්තාව සැලසීම සමඟ ය. 1972 සහ 1978 පණත්වලින් මෙය තවදුරටත් ඉදිරියට ගෙන ගියේ ය. විශ්ව විද්‍යාල ස්වායාත්තාව ආරක්‍ෂා කල යුතු වගකීම් පැවරුනු ආයතන සහ තනතුරු පත් කරන විට 1978 සිටම සෘජු ලෙසම ඒවා දේශපාලන පත්වීම් බවට පත්විය. අද වන විට එය ව්‍යවස්ථානුකූලව සිදුකරන ක‍්‍රියාවක් බවට පත්වී ඇත. මෙහි ප‍්‍රතිඵලය වන්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ උප කුලපතිවරු බලයේ සිටින පාලක තන්ත‍්‍රයේම කොටස් බවට පත්වෙන තැනට වැඩ සිද්ධවීම ය. සරසවි පරිපාලනය සහ ශිෂ්‍ය දේශපාලනය අතර සිදුවන ගැටුම් සුලභ දසුන් බවට පත්වන්නට මෙය ද එක් හේතුවක් බව සඳහන් කළ යුතු ය. මේ තත්ත්‍වය යටතේ සිදුවන්නේ විශ්ව විද්‍යාල පරිපාලනයට ස්වාධීන ලෙස ශිෂ්‍ය විනය පවත්වා ගැනීමට හැකියාව ලබා දෙන යාන්ත‍්‍රණ ද දුර්වලවී යාම ය. නිදහස් බුද්ධි සංවාදය විශ්ව විද්‍යාලවලින් බැහැරව යාමත් ආචාර්යවරු පවා දේශපාලනකරණය නම් වු මෙම විෂම චක‍්‍රයට හසුවීමත් මෙහි ප‍්‍රතිපලයවී ඇත. තම වගකිවයුතු කාර්ය සිදුකිරීමට අවශ්‍ය විශ්ව විද්‍යාල ස්වායාත්තතාව දුර්වලවී යාම මෙහි සෘජු ප‍්‍රතිඵලය බවට පත්වී ඇත.

    ලංකා විශ්ව විද්‍යාලයේ පළමු උපකුලපති වරයා මහාචාර්ය අයිවර් ජෙනින්ස් දේශපාලනකරණය ගැන මෙසේ සඳහන් කලේ ය.

    “විශ්ව විද්‍යාල දේශපාලන වශයෙන් පාලනය කිරීම වඩාත්ම අයෝග්‍ය දෙය වන්නේ ය. …එයට ආවේනික අණතුරු ගණනාවක් තිබේ. මෙම ආන්ඩුව විසින් දේශපාලන පාලනය හඳුන්වා දුන්නොත් මීළඟට පැමිණෙන ආන්ඩු විසින් ද එය ඉදිරියට ගෙන යන බව මතක තබා ගන්න. …ඕනෑම ඒකාධිපතිත්වයක ප‍්‍රථම පියවර වන්නේ විශ්ව විද්‍යාල පාගා දැමීම ය. මන්ද ඒවා නිදහසේ බලකොටු වන නිසා ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවක වගකීම වන්නේ එම බලකොටු පවත්වාගෙන යාම සහ ශක්තිමත් කිරීම ය.ˮ

    මේ ආකාරයට නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථවලට අනුව සරසවි අධ්‍යාපනය පවත්වා ගෙන යාමට බාධා කරන ප‍්‍රතිපත්ති පරිසරය වෙනස් කිරීම අපේක්‍ෂා කරන අතර වැටුප් පිළිබඳඉල්ලීම් යොමු කොට තිබෙන්නේ ඉහතින් සඳහන් කල කාර්ය මංඩල ස්වායත්තාව (Staffing Autonomy) සහතික කිරීමට ය.

    වැටුප් සම්බන්ධව ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත. පළමුවැන්න 2011 දී වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය අවසන් කරනවිට පැවති එකඟතාවය පරිදි එදා ඉදිරිපත් කල වැටුප් ක‍්‍රමය හඳුන්වාදීමේ දෙවන අවස්ථාව වන මූලික වැටුප් තල වෙනස් කිරීම ක‍්‍රියාවට නැගීමට පියවර ගන්නා ලෙස ය. දෙවැන්න 2011 සාකචිචාවේ දී එකඟතාවයකට පැමිණි ආකාරයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව විශේෂ සේවා කාංඩයක් ලෙස පිළිගෙන එය ක‍්‍රියාවට නැගීම සඳහා Sri Lanka University Academic Service යනුවෙන් නව සේවා කාංඩයක් පිහිටුවීම ය. වැටුප් සහ අනිකුත් සේවා කොන්දේසි එක් ලේඛණයට ගන්නා මෙම නව සේවාව පිහිටුවීම නව වැටුප් ක‍්‍රමයක් ඉල්ලීමේ යෝජනාව අනුපූරණය කරන්නකි. මන්ද නව සේවාව පිහිටුවනවිට එම නව වැටුප් ක‍්‍රමය ද එයට අන්තර්ගත කරගතයුතුවීම අවශවීම ය.

    ආචාර්ය සංගම් ඉදිරිපත් කරන වැටුප් ඉල්ලීම තුල ඇත්තේ සියයට ගණනකින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටීමක් නොව පවතින යල් පිනූ වැටුප් ක‍්‍රමය ඉවත් කොට නව වැටුප් ක‍්‍රමයක් ඇති කිරීම සඳහා කරන ඉල්ලීමක් බව සරසවියට බාහිර බොහෝ දෙනකුට නොපෙනෙන දෙයකි. මෙය ඒක පාර්ශ්වීය වශයෙන් පැන නැගුනක් නොවේ. මෙය බලධාරීන් සමඟ 2009/2010 පමන ඈත කාලයක සිට ගෙන ගිය සාකච්ඡාවල එකඟතාවයකින් පැන නැගුණකි. 2008 දී ප‍්‍රතිපාදන කොමිසමේම කමිටුවක් විසින් මේ පිළිබඳ මූලික සැලැස්ම ඉදිරිපත් කල අතර එය කි‍්‍රයාවට නැගීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉහළම මටිටමින් කොමිසමට දන්වන ලදි. එපමණක් නොව එම යෝජනා ක‍්‍රියාවට නගනතුරු සියයට 25 ක අන්තර්වාර ගෙවීමක් කරන ලෙසට ගරු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා නිර්දේශයක් ද කර තිබුනි. එම එකඟතා ක‍්‍රියාවට නොනැගීම නිසා 2011 දී වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට ප‍්‍රවේශවීමට සිදුවිය. 2011 දී එම වෘත්තීය ක‍්‍රියා මාර්ගය අවසන් කිරීමේ දී ඇති වූ එකඟතාවය දිගටම ඉදිරියට ගෙන යාමට බලධාරීන් අවංක නොවීම නිසා වර්තමානයේ ඇතිවී තිබෙන වැඩ වර්ජනයට මුල පුරන ලදි.

    නව වැටුප් ක‍්‍රමයක් ඉල්ලා සිටීමට පදනම්වූයේ පවතින වැටුප් ක‍්‍රමය ඉහළ පංති සාමාර්ථ ලබා ගන්නා දක්‍ෂ උපාධිධාරීන් විශ්ව විද්‍යාල සේවාවට ආකර්ශණ කර ගැනීමට නොහැකිවීම, පශ්චාත් උපාධි සම්පූර්ණ කරන ආචාර්යවරු රඳවා තබා ගැනිමට නොහැකිවීම සහ විදේශ රටවල සිටින උගතුන් ආකර්ශණය කර ගැනීමට නොහැකිවීම යන ගැටලුවලට එමගින් විසඳුමක් දිය හැකි යයි කල්පනා කරන නිසා ය. මෙය නිසා සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව දුර්වලවීමේ අණතුර අපගේ ඇස් පනා පිට පෙනෙන්නට පටන් ගෙන ඇත. සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේ 1200 කට අධික තනතුරු පුරප්පාඩු පවතින බවත් පුහුණුව ලැබූ 570 කට ආසන්න පිරිසක් නැවත සේවයට වාර්තා කර නැති බවත් 2011 දී හඳුනා ගන්නා ලදි. මහාචාර්ය මටිටමට පැමිණෙන ආචාර්යවරු අඩුම වශයෙන් ආසියානු කලාපයේ විශ්ව විද්‍යාලවලට ඇදී යාම නතර කිරීමටවත් මෙම වැටුප් ක‍්‍රමයට නොහැකි ය. උදාහරණ වශයෙන් බෲනායි රාජ්‍යයේ පවතින ප‍්‍රධාන විශ්ව විද්‍යාලයේ අපගේ පද්ධතියෙන් පැමිනි 20 කට ආසන්න මහාචාර්ය පිරිසක් දැනටමත් සේවය කරන බව සඳහන් කළ යුතුය.

    අද ඉතා ඉහළ වැටුප් වැඩිවිමක් ලැබුනු බව පෙන්විමට යොදා ගන්නා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වැටුප ලබා ගන්නේ 138 ක් පමණ සුලු පිරිසකි. ඔවුන්ගෙන් බොහෝ දෙනකු මීළඟ වසර දෙක තුන තුල දී විශ‍්‍රාම යන්නට සිටින පිරිසකි. නව වැටුප් ක‍්‍රමයේ ආසන්න ඉලක්කයන් වන්නේ නවක ප‍්‍රවේශකයන්, පශ්චාත් උපාධි සම්පූර්ණ කල කථිකාචාර්යවරුන් සහ පිටරට සිටින පශ්චාත් උපාධිධාරීන් යන කාංඩයන් ය. මේ කංඩායම් ආකර්ශණය කරගැනීම සේවය තුල රඳවා ගැනීම සහ මෙරටට යලි කැඳවා ගැනීම අද පවතින වැටුප් ක‍්‍රමයට නොහැකිවී තිබෙන බව ආචාර්ය සංගම්වල මතයයි. මේ මොහොතේ පරිවාස කාලයේ සිටින තම පශ්චාත් උපාධි සම්පූර්ණ කිරීමට අවශ්‍ය පර්යේෂණවල නිරතවි සිටින සහ තම පශ්චාත් උපාධි පුහුණුවෙන් පසු සේවයේ ස්ථිරවී සිටින ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරු දරන යන සියයට අසූවකට ආසන්න පිරිස ගේ වැටුප්තල සංශෝධනය කිරීම මෙහි ආසන්න ප‍්‍රතිඵලය වනු ඇත.

    2011 දී සිදුවූයේ ඉල්ලා සිටි ආකාරයට මූලික වැටුප වැඩිවීම නොව අතට ලැබෙන මුදල වැඩිවන අයුරින් මූලික වැටුපට ගැට ගසා ඇති දීමනා වැඩි කිරීම ය. එම නිසා අචාර්යවරුන්ට සිදුවි තිබෙන්නේ තවදුරටත් පැරණි මූලික වැටුප තුලම සිරවී සිටීමට ය.

    විශ‍්‍රාම වැටුපක් නැති සේවාවක් වන මෙම සේවාවට ඒ වෙනුවට තිබෙන්නේ අර්ථ සාධක අරමුදල ය. තමන්ටම වූ විශේෂ ණය යෝජනා ක‍්‍රමයක් නොමැති නිසා ඔවුන් බොහෝවිට කරන්නේ එම අරමුදලින් සියයට 65ක් ණය මුදලක් ලෙස ලබා ගෙන තම විශ‍්‍රාම දිවියට යොදා ගතයුතු එම අරමුදලින් විශාල කොටසක් අහිමි කර ගැනීම ය. විශ‍්‍රාම වැටුපකට දායකවීමට මෑතක සිට සේවයට බැඳුනු අයට අවස්ථාව සලසා ඇතත් එහිදී සිදුවන්නේ අර්ථ සාධක අරමුදලට කපා ගන්නා මුදලින් සියයට 65ක් ඒ සඳහා වෙන් කර ගැනිම ය. ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප වශයෙන් ගණන් ගන්නේ අවසාන වතාවට ලද මූලික වැටුප ය. මෙම ක‍්‍රමය නිසා ඔවුනට ලබා ගත හැකි අර්ථ සාධක ණය මුදල් ප‍්‍රමාණය අඩුවී ඇත. මෙම විශ‍්‍රාම වැටුප වැන්දඹු අනත්දරු ක‍්‍රමයකට සම්බන්ධ නැති බැවින් සාමාජිකයා හදිසියේ මිය ගියහොත් එහි ප‍්‍රතිලාභය ලබා ගන්නේ රජයයි. මෙයින් පෙනෙන්නේ මූලික වැටුප් වැඩි කිරීම මෙම සේවාවේ ආකර්ශණීය බව වැඩි කිරීමට අත්‍යවශ්‍ය බව ය.

    ඉහතින් සඳහන් කරන ආකාරයට වැටුප් පිළිබඳඉල්ලීමද බරපතල ප‍්‍රතිපත්තිමය ගැටුලුවකට ආමන්ත‍්‍රණය කිරීමක් බව ය. සරසවි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුනු කිරිමට හැකි දක්‍ෂ උපාධිධාරීන් බඳවා ගැනීම පුහුණු ආචාර්යවරු සේවාව තුල රඳවා ගැනීම ඉලක්ක කර ගත් වැටුප් ක‍්‍රමයක් ආචාර්යවරු ඉල්ලා සිටිති. මනාව සැලසුම් කල වැටුප් ක‍්‍රමයක් ඇති කලහොත් දැන් චෝදනා වශයෙන් ඉදිරිපත් කරන බොහෝ දුර්වලතා ඉවත්වී යන කාර්ය සාධනය සමඟ බැඳුනු නව ප‍්‍රබෝධයක් සරසවි පද්ධතිය තුල ඇතිවන බවට ද ආචාර්ය සංගම් විශ්වාසය පල කරති.

    නව සේවාව පිළිබඳයෝජනාව හදිසියේ අටවා ගත්තක් නොවේ. 2011 දී වැටුප් පිළිබඳව ඇතිවූ සාකචිචා වල දී මුදල් අමාත්‍යාංශයේ බලධාරීන් මුල ධර්මීය ලෙස පිළිගත් කරුණක් වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාවේ ඇති සුවිශේෂි ලක්‍ෂණ සලකා ඔවුන්ගේ සේවාව රාජ්‍ය සේවා වැටුප් කාංඩයෙන් ඉවත් කොට ඔවුන්ට නිරපේක්‍ෂ වැටුප් ක‍්‍රමයක් සහිත සේවාවක් බවට පත් කිරිම අවශ්‍ය බව පිළි ගැනීම ය.

    විශ්ව විද්‍යාල ආචාර්ය සේවාවක් පිහිටුවීම පිළිබඳ සංකල්පීය ලියවිල්ලක් මේ සඳහා ඉදිරිපත් කර ඇත. එය පිළියෙල කිරීමේ දී බොහෝදුරට අනුගමණය කලේ 2008 දී ඉන්දියානු විශ්ව විද්‍යාල කොමිසම විසින් සලකා බලන ලද ආචාර්යවරුන්ගේ වැටුප් තල පිළියෙල කිරීමේ 6 වන කොමිසන් සභාවේ නිර්දේශයන් ය. ඉදිරිපත් කර තිබෙන සංකල්පීය සැලැස්ම විසින් ඉදිරිපත් කරන මූලධර්මයන් වන්නේ මේවාය.

    1. විශ්ව විද්‍යාල ආචාර්යවරු විශේෂ සේවා කාංඩයක විය යුතු යයි මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් 2011 දී පිළිගත් බැවින් එය ක‍්‍රියාවට නැගීමට කිසියම් ක‍්‍රමවේදයක් ඉදිරිපත් කිරිම,
    2. මාරු කළ නොහැකි එහෙත් පොදු වැටුප් ක‍්‍රමයක්, පොදු බඳවා ගැනීමේ සහ උසස්වීම් ක‍්‍රමයක් තුල දැනටත් ආචාර්වරුන්ගේ සේවාව පවතින බැවින් ඒ සියල්ල තනි ලේඛණයකට එනම් සේවා ව්‍යවස්ථාවකට ඇතුල් කිරිම,
    3. ඉදිරිපත් කර ඇති නව වැටුප් ක‍්‍රමය සහ දැනට පවතින සියලු බඳවා ගැනීම් සහ උසස්වීම් පිලිබඳචක‍්‍ර ලේඛ එම ලේඛණයට ඇතුල් කිරීම,
    4. වැටුප් සහ සේවා කොන්දේසි පිළිබඳව වාර්ෂිකව සලකා බලන සියලු පාර්ශව ඇතුලත්වන කේවල් කිරීමේ මංඩලයක් පිහිටුවීම,
    5. වැටුප් සම්බන්දයෙන් ආචාර්ය සංගම් සහ බලධාරීන් විසින් වාර්ෂිකව සාමූහික ගිවිසුමකට එළඹීම මගින් නිතර වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යාම අවසන් කරලීම,
    6. බඳවා ගැනීම සහ උසස්විම් පිළිබඳ කොන්දේසි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් හිතුවක්කාරී ලෙස වෙනස් කිරීම අවසන් කර ඒවා ද ඉහත දක්වන කේවල් කිරිමේ මංඩලයට යොමු කිරීම ය.

    ඉහත කරුණු වලින් පෙනී යන්නේ නව වැටුප් ක‍්‍රමයක් සහ ආචාර්ය සේවාවක් ඇති කිරීම යන යෝජනාවන් තුල පවතින්නේ කාර්ය මංඩල ස්වායත්තාව (Staffing Autonomy) යනුවෙන් ඉහත දී සඳහන් කල මූල ධර්මය භාවිතාවට නැගීමට අපේක්‍ෂා කිරීමය.

    ප‍්‍රතිපත්ති තීරණය කරන බලධාරීන් ඉහත සඳහන් කරන ලද ප‍්‍රතිපත්තිමය ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම සඳහා විශ්ව විද්‍යාල ආචාර සමිති සම්මේලනය තම ඉල්ලීම් තුලින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිපත්ති විසඳුම් පිළිබඳව අවබෝධ කර ගන්නට උත්සාහ කරන්නේ නම් අද ඇති වෘත්තීය කි‍්‍රයා මාර්ගයට සම්මුතියක් සොයා ගැනීමට පුලුවන් බව සඳහන් කල යුතුය. එසේ නොමැතිව ආචාර්ය වරුන්ට හිරිහැර කරන ක‍්‍රියාවන් සිදුකරමින් ඔවුන් සිය දේශපාලන සතුරන් ලෙස සැලකීම මගින් මේ ප‍්‍රශ්ණය තවත් අවුල් කරන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.
     
    • Like
    Reactions: malkavi

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙම ඉල්ලීම් වලට අමතරව මගේ මතයේ හැටියට ඉටු කළ යුතු කරුණු දෙකක් ඇත. මේ ගැන මෙහිදී සාකච්ඡා නොවූ නිසා සඳහන් කරමි.

    1. ආචාර්ය වරු බඳවා ගැනීමේ අක්‍රමිකතා වැලැක්වීම -

    ආචාර්ය පුරප්පාඩු පිරවීමේදී දැඩි අක්‍රමිකතා සිදුවන බව බොහෝ දෙනා නොදනිති.

    උදා- එක්තරා විශ්ව විද්‍යාලයක ප්‍රධානියාට 'කන්‍යාරත්න' යනුවෙන් නමක් පටබැඳී ඇත. මෙම විශ්ව විද්‍යාලයේ විද්‍යා-ප්‍රීඨාධිපති වරයා ගෑණු සොඬෙකි. මොහු තමන්ගේ ප්‍රීඨය (රසායන විද්‍යා) කාන්තාවන්ගෙන් පුරවා ඇති නිසා (පිරිමි ඉල්ලුම් කරුවන් කපා හැර) එයට ඔහුගේ අන්තඃපුරය යයිද කියනු ලැබේ. :rolleyes:

    වරක් මොහු එම පුරප්පාඩුවක් සඳහා සම්මුඛ සාකච්ඡාවේදී තම විශ්ව විද්‍යාලයේම අදාළ වසර සඳහා ප්‍රධානය කළ එකම ප්‍රථම පන්තියේ උපාධියේ හිමිකාරිණිය ඉහළම ලකුණු ලබා සිටියදීද "පොෂ්" නැතැයි කියා කපා හැර වෙනත් විශ්ව විද්‍යාලයකින් දෙවන පෙලේ සාමාර්ථයක් ලබා ගත් "පොෂ් කෑල්ලක්" බඳවා ගත්තේ සියළු ප්‍රතිපත්ති හා නීතියටද පිටින් යමිනි. :rolleyes:

    මොහුගේ නවතම වික්‍රමය නම් ප්‍රීඨාධිපති කාර්යාලය සඳහා ආචාර්ය ධූරයක් ගැසට් කිරීමයි. ප්‍රීඨාධිපති කාර්යාලයේ සේවය කිරීමට ආචාර්ය ධූරයක් කුමකටදැයි මොහුගෙන්ම අසා ගත යුතුය.

    මෙවැනි කතා කොතෙකුත් ඇත. ගොට්ට ඇල්ලීමෙන් හා වෙනත් දොළ පිදේනි දීමෙන් මිස සුදුසුකම් වලින් ආචාර්ය ධූරයකට පත් වීම සිහිනයක් වී තිබේ.

    2. අවම වශයෙන් දිනකට එක් වරක් වත් සේවා ස්ථානයට වාර්තා කිරීමට හා ක්ශේත්‍ර දිනපොතක් හෝ නඩත්තු කිරීමට නියම කිරීම -

    මෙය අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේ මොවුන් සේවයට පැමිණෙනවාදැයි සොයා බැලීමට කිසිම ආකාරයේ බළධාරියෙක් නොසිටින නිසාය.

    ඔවුන්ට අත්සන් කිරීමට පොතක් නැත. අවම වශයෙන් දිනපොතක් හෝ නඩත්තු කිරීමට අවශ්‍ය නැත. සමහර ප්‍රීඨ වල ආචාර්ය වරුන් දිවා කාලයේ සෙවීමට මාදැල් එලීමට සිදුවේ.

    මම නැවතත් වරක් කියන්නේ අතිශය අවදානමක් හා වගකීමක් සහිත බැංකු සේවකයන් තමන් උපයා ගන්නා ලාභයෙන් (ජනතාවගේ බදු මුදලින් නොව) ම ලබා ගන්නා වැටුප් තල සමඟ කිසිම වගකීමක් නැති, අධීක්ෂණයක් නැති, රැකියා ස්ථානයට වත් වාර්තා කිරීමට අවශ්‍යතාවයක් නැති, ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා අයගේ වැටුප් තල සංසන්දනය අසාධාරණ බවයි.

    අනෙක් ඉල්ලීම් සමඟ 100% එකඟ වෙමි.:yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Dear friend,

    Please do not mislead the public by posting unreliable information. If you want to learn about what is the GDP percentage allocated on higher education please refer Central Bank Annual Report. Let me help you.

    You seems very much interested about these demands. Please take a look at the presentation below. It was prepared by Prof. Amal Kumarage of Moratuwa University. These information were taken from highly reputed sources not newspaper articles.

    http://www.scribd.com/doc/91620578/2012-04-26-FUTA-Amal-Kumaarge

    OK let's assume that government spends less than 3%. But do you think that there is no private funding for the Education sector?

    How can you justify private schools, international schools?

    how do you justify the money spent on Tutions?

    how do you justify Higher educational institutes?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාමාන්‍යයෙන් කවුරු හරි පැහැරගෙන ගිහින් බෙල්ලට පිහිය තියලා කප්පම් ඉල්ලනකොට පොලීසියෙන් කරන්නෙ මන්කොල්ලකාරයට වෙඩි තියලා පැහැරගත්තු කෙනාව බේරගන්න එක.. ඉතින් ඒ මන්කොල්ල කෑමයි මේ මන්කොල්ල කෑමයි අතර වෙනසක් නෑ.. ශිෂ්‍යන්ගෙ අනාගතේ බිල්ලට දෙන්නෙ නැතුව ඕන හු*තක් ඉල්ලගනිල්ලා:frown:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    “විශ්ව විද්‍යාල දේශපාලන වශයෙන් පාලනය කිරීම වඩාත්ම අයෝග්‍ය දෙය වන්නේ ය. …එයට ආවේනික අණතුරු ගණනාවක් තිබේ. මෙම ආන්ඩුව විසින් දේශපාලන පාලනය හඳුන්වා දුන්නොත් මීළඟට පැමිණෙන ආන්ඩු විසින් ද එය ඉදිරියට ගෙන යන බව මතක තබා ගන්න. …ඕනෑම ඒකාධිපතිත්වයක ප‍්‍රථම පියවර වන්නේ විශ්ව විද්‍යාල පාගා දැමීම ය. මන්ද ඒවා නිදහසේ බලකොටු වන නිසා ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවක වගකීම වන්නේ එම බලකොටු පවත්වාගෙන යාම සහ ශක්තිමත් කිරීම ය.ˮ

    ආණ්ඩුව විශ්ව විද්‍යාල වලට ඇත පොවන්න බලන් හිටියනං මේ ආචාර්යවරුන්ට තිබුනේ අලුතින් ප්‍රශ්න නොහද ෂපේ එකේ විශ්ව සිද්යල ටික රකින්න. ඊ උනාට මේ කිට්ටිය කලේ පඩි ප්‍රශ්නයක් අදාල අරන් අන්න හිටපු මිනිහගේ ඇහැට අනපු එක, එකද වෙන්න තිබුනේ? මේක හරියට නයාව රෙද්ද අස්සේ ගෙන කනෝ කනෝ කියනවා වගේ වැඩක්.

    කොහොම උනත් අපේ උනි ටික විශේෂයෙන්ම කලා පීඨය නිදහසේ බලකොටු වෙච්ච හැටි රටම දැක්ක!



    ආචාර්ය සංගම් ඉදිරිපත් කරන වැටුප් ඉල්ලීම තුල ඇත්තේ සියයට ගණනකින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටීමක් නොව පවතින යල් පිනූ වැටුප් ක‍්‍රමය ඉවත් කොට නව වැටුප් ක‍්‍රමයක් ඇති කිරීම සඳහා කරන ඉල්ලීමක් බව සරසවියට බාහිර බොහෝ දෙනකුට නොපෙනෙන දෙයකි. මෙය ඒක පාර්ශ්වීය වශයෙන් පැන නැගුනක් නොවේ. මෙය බලධාරීන් සමඟ 2009/2010 පමන ඈත කාලයක සිට ගෙන ගිය සාකච්ඡාවල එකඟතාවයකින් පැන නැගුණකි.

    ආචාර්යවරුන්ගේ ඉල්ලීම කොඉතරන් සදරණද කියනවනං ඊ අයට ඕනේ කෙලින්ම මුලික වටුපෙන්ම වැඩිවීමක්, අමතර දීමනාවක් විදියට පඩි වැඩි වෙනවට මේ ය කැමති නෑ. ආචාර්යවරුන්ට ආණ්ඩුව විස්වාස කරන්න බැරුව ඇති, ඊ උනාට ඒ අයට මේ විදියේ ඉල්ලීම් කලාම ආණ්ඩුව පත්වෙන අපහසු තාවය පෙන්නේ නෑ. ශය්ලොක් වගේ මස් රාත්තලම තම ඉල්ලන්නේ!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සාමාන්‍යයෙන් කවුරු හරි පැහැරගෙන ගිහින් බෙල්ලට පිහිය තියලා කප්පම් ඉල්ලනකොට පොලීසියෙන් කරන්නෙ මන්කොල්ලකාරයට වෙඩි තියලා පැහැරගත්තු කෙනාව බේරගන්න එක.. ඉතින් ඒ මන්කොල්ල කෑමයි මේ මන්කොල්ල කෑමයි අතර වෙනසක් නෑ.. ශිෂ්‍යන්ගෙ අනාගතේ බිල්ලට දෙන්නෙ නැතුව ඕන හු*තක් ඉල්ලගනිල්ලා:frown:

    මේ වගේ ත්‍රස්තවදෙන්න්ට අර ඊශ්‍රයලේ කරනවා වගේ "no negotiations with terrorists" කියල කියන්න ඕනේ.
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    OK let's assume that government spends less than 3%. But do you think that there is no private funding for the Education sector?

    How can you justify private schools, international schools?

    how do you justify the money spent on Tutions?

    how do you justify Higher educational institutes?

    ඇති යන්තම් ඔයටිකවත් තේරුණා. පේනව නේද රජයෙන් අධ්‍යාපනයට ලැබෙන්නෙ මොනතරම් පොඩ්ඩද කියල. ඔයා ඔය කියල තියන ඒවට දෙමවුපියො වියදම් කරන ප්‍රමාණය ගණන් හදල බැළුවොත් හිතෙයි අපේ රටේ නිදහස් අධ්‍යපනයක් කියල දෙයක් තියනවද කියල.

    ඕවට වියදම් කරන්න පුළුවං කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද? අපි ලොකුවට පාරම්බානව අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2000 ටත් වැඩියි කියල. ඒත් හොයල බැළුවොත් පෙනෙයි රටේ ආදායමෙන් 80% කටත් වඩා ප්‍රමාණයක් භුක්තිවිදින්නෙ ජනගහනයෙන් 20%කටත් අඩු පිරිසකට කියල.

    ඔන්න ඔය නිසයි රටක රජයක් ඒ රටේ ආධ්‍යපනය වෙනුවෙන් මුදල් වියදම් කරන්න ඕනෙ. එතකොට ඇති හැකි අයට විතරක් නෙවෙයි නැති බැරි අයටත් එක හා සමාන අවස්ථාවක් හිමිවෙනව ඉගෙනගන්න.

    හැබැයි ඉතිං සල්ලි තියන නූගත්තු කවදාවත් කැමති වෙන්නෙ නෑ දුප්පත් එකා ඉගෙනගෙන තමන්ට වඩා තැනකට එනවට.
     
  • Jul 6, 2012
    10,696
    2,920
    113
    තනිකරම සාධාරණ ඉල්ලීම් මේව්වා.ඔය ආණ්ඩුවෙ එවුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනේ හරි ගස්සන්න ඕන නම් ඕකුංගෙ නෝනලා බේබිලාට වියදම් කරන ආණ්ඩුවෙන්ම ගසා කාපු සල්ලි ටික ආපහු රාජ්‍ය භාණ්ඩාගාරෙටම දැම්මත් හරි.මුන් කොන්ත්‍රාත්තු වලින් ගහන ගැහිල්ල නැවැත්තුව නම් අධ්‍යාපනේඅ ඕන 6% ප්‍රතිශතේ හැදෙන හැටි නිකම්ම බලාගන්න තිබුනා.
    තව 1ක් තමන් ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපනේ නිසා රට පැන්න නම් තමන්ට ලැබෙන්න තිබුන සැප සම්පත් ඔක්කොම අතඇරලා තමන් ඉගෙන ගත්ත දෙයින් රටට වැඩක් කරන්න හිතන මිනිස්සු ඉන්න මේ රටේ ඒ මිනිස්සුන්ටම දැන් තියෙන තැන ගැන හිතලවත් මිනිස්සු මොලේ පාවිච්චි කරන්න ඕනේ
    :frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇති යන්තම් ඔයටිකවත් තේරුණා. පේනව නේද රජයෙන් අධ්‍යාපනයට ලැබෙන්නෙ මොනතරම් පොඩ්ඩද කියල. ඔයා ඔය කියල තියන ඒවට දෙමවුපියො වියදම් කරන ප්‍රමාණය ගණන් හදල බැළුවොත් හිතෙයි අපේ රටේ නිදහස් අධ්‍යපනයක් කියල දෙයක් තියනවද කියල.

    ඕවට වියදම් කරන්න පුළුවං කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද? අපි ලොකුවට පාරම්බානව අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2000 ටත් වැඩියි කියල. ඒත් හොයල බැළුවොත් පෙනෙයි රටේ ආදායමෙන් 80% කටත් වඩා ප්‍රමාණයක් භුක්තිවිදින්නෙ ජනගහනයෙන් 20%කටත් අඩු පිරිසකට කියල.

    ඔන්න ඔය නිසයි රටක රජයක් ඒ රටේ ආධ්‍යපනය වෙනුවෙන් මුදල් වියදම් කරන්න ඕනෙ. එතකොට ඇති හැකි අයට විතරක් නෙවෙයි නැති බැරි අයටත් එක හා සමාන අවස්ථාවක් හිමිවෙනව ඉගෙනගන්න.

    හැබැයි ඉතිං සල්ලි තියන නූගත්තු කවදාවත් කැමති වෙන්නෙ නෑ දුප්පත් එකා ඉගෙනගෙන තමන්ට වඩා තැනකට එනවට.


    හා හා උන් සල්ලි කාරයො නූගත්තුනම් සල්ලි කොහෙන්ද පෝසත් මිනිස්සු එක්ක මුන්ට පුදුම ඉරිසියාවක් තියෙන්නෙ. ඒ වගේම මුන් දුප්පත් මිනිහටත් ද්වේෂ කරනවා. තමන්ට එදාවේල හම්බකරගෙන කන්න දන්නෙ නැති මුන්ද රටේ පාලනේ ඉල්ලන්නෙ?
    :baffled:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි කොල්ලෙක්;13302102 said:
    තනිකරම සාධාරණ ඉල්ලීම් මේව්වා.ඔය ආණ්ඩුවෙ එවුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනේ හරි ගස්සන්න ඕන නම් ඕකුංගෙ නෝනලා බේබිලාට වියදම් කරන ආණ්ඩුවෙන්ම ගසා කාපු සල්ලි ටික ආපහු රාජ්‍ය භාණ්ඩාගාරෙටම දැම්මත් හරි.මුන් කොන්ත්‍රාත්තු වලින් ගහන ගැහිල්ල නැවැත්තුව නම් අධ්‍යාපනේඅ ඕන 6% ප්‍රතිශතේ හැදෙන හැටි නිකම්ම බලාගන්න තිබුනා.
    තව 1ක් තමන් ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපනේ නිසා රට පැන්න නම් තමන්ට ලැබෙන්න තිබුන සැප සම්පත් ඔක්කොම අතඇරලා තමන් ඉගෙන ගත්ත දෙයින් රටට වැඩක් කරන්න හිතන මිනිස්සු ඉන්න මේ රටේ ඒ මිනිස්සුන්ටම දැන් තියෙන තැන ගැන හිතලවත් මිනිස්සු මොලේ පාවිච්චි කරන්න ඕනේ
    :frown:
    පට්ටම සීනි බොල කතා ටික :P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇති යන්තම් ඔයටිකවත් තේරුණා. පේනව නේද රජයෙන් අධ්‍යාපනයට ලැබෙන්නෙ මොනතරම් පොඩ්ඩද කියල. ඔයා ඔය කියල තියන ඒවට දෙමවුපියො වියදම් කරන ප්‍රමාණය ගණන් හදල බැළුවොත් හිතෙයි අපේ රටේ නිදහස් අධ්‍යපනයක් කියල දෙයක් තියනවද කියල.

    ඉලක්කම පොඩි උනාට ඔය පොඩ්ඩෙන් තම ආණ්ඩුව නොමිලේ අද්යපනේ දෙන්නේ, ඒකට ණය ගතිවෙයන්. අනික උඹත් පිළිගත්ත එක හොඳය් ලංකාවේ නොමිලේ අද්යපනයකුය්, නිදහස් අද්යපනයකුය් නැති බව. ඊ නිසා අපේ යුනි සෙට් එක සාදාරන නිදහස් අප්යපනයක් ඉල්ලන එකේ තේරුම මොකක්ද කියල හිතල බලපන්! යුනි යට එනකන් අසාදාරන අසමාන අද්යපනයක ඉදල යුනි ගියාම විතරක් සදරණය සමනත්ම්ක අද්යාපනයක් ඉල්ලන එකේ තේරුම මොකක්ද කියල හිතල බලපන්!

    ඕවට වියදම් කරන්න පුළුවං කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද?

    ඉරිදට ගමපහට නුගේගොඩට ගිහින් බලන්න. එතකොට තේරෙය්

    අපි ලොකුවට පාරම්බානව අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2000 ටත් වැඩියි කියල. ඒත් හොයල බැළුවොත් පෙනෙයි රටේ ආදායමෙන් 80% කටත් වඩා ප්‍රමාණයක් භුක්තිවිදින්නෙ ජනගහනයෙන් 20%කටත් අඩු පිරිසකට කියල.

    කොඉ රටෙත් ඕක ඔය විදිය තමා! ඔය ක්‍රමය වෙනස් කරන්න ගිහින් තමා රුසියාවත් අනාගත්තේ. ඕක වෙනස් කරන්න බෑ! කරන්න තියෙන්නේ ඔය 20% අතරට රිංගන එකය්!


    හැබැයි ඉතිං සල්ලි තියන නූගත්තු කවදාවත් කැමති වෙන්නෙ නෑ දුප්පත් එකා ඉගෙනගෙන තමන්ට වඩා තැනකට එනවට.

    දුප්පත් තැනකින් ඉගෙන ගෙන ඉහලට ගිය එකත් කැමතිත් නෑ පොහොසත් එකෙක් ඉගෙන ගෙන ඉහලට යනවට. දුප්පත් මෝඩයන්ගේ අබරණේ අද්යපනේ!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එළකිරියේ ඉන්න අත දරුවෝ දන්නේ නෑ. රට කාබසීනිය කරන්නේ නිදහස් අද්යපන්යෙන් බිහිවෙච්ච අපත නිලදාරී රැල කියල. මුන් හිතන් ඉන්නේ ආණ්ඩුවේ ඇමතිය තමා ඔක්කොටම වගකියන්න ඕනේ කියල. bitch please
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරියේ ඉන්න අත දරුවෝ දන්නේ නෑ. රට කාබසීනිය කරන්නේ නිදහස් අද්යපන්යෙන් බිහිවෙච්ච අපත නිලදාරී රැල කියල. මුන් හිතන් ඉන්නේ ආණ්ඩුවේ ඇමතිය තමා ඔක්කොටම වගකියන්න ඕනේ කියල. bitch please
    අනෙ මන්දා බන් වෙලාවකට මුන් ගැන පව් කියලත් හිතෙනව.. කොහොමවුනත් උන්ම කපපු වලේ උන්ම වැටෙන එකනම් හොඳයි.:frown:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න අපි ඕෆ් ලන්යින් වුනගමන්ම කස්ටිය කමෙන්ට් කරනහැටි බලහන්:dull:

    gon gothayo rala hithana inne marawa illuwama okkoma hariya kiyala, mun atha daruwo nemei ethath antha gobilo ralak. me okkoma ara jara adyapane nisa! :dull: