විශ්වාසභංගය_නාගනී
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්ථාවේ.
ඒකාබද්ධ විපකෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (16) දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දුන් අතර එහි දිනය සටහන්ව තිබුණේ 2018 වසරේ මැයි 9 ලෙසයි.
එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනය ගිය වසරේ ලෙසට සඳහන්ව තිබීම නිසා එය විවාදයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.
මේ හේතුවෙන් එම විශ්වාසභංග යෝජනාව නැවතත් අලුතින් සකස් කර භාරදීමට සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා සඳහන් කළේ එම ලේඛනයේ සඳහන්ව තිබෙන දිනයට වඩා භාරදුන් දිනය වැදගත් වන බැවින් එවැනි ගැටලුවක් ඇති නොවන බවයි.
එමෙන්ම කතානායකවරයා වෙත භාරදුන් ලේඛනයේ එම දිනය නිවැරදි කර බාරදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 ක් අත්සන් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග සහ සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන් විදේශ ගතව සිටීම හේතුවෙන් එයට සහාය දක්වමින් කතානායකවරයා වෙත ලිපි යොමු කර තිබේ.
http://www.lankadeepa.lk/news/බදියුදීන්ට-එරෙහි-විශ්වාසභංගයේ-දිනය-වරද්දාගනී/101-550650