එහෙම්ම කියන්නත් බෑනේද බන්.
උදාහරණයක් ගමු, උබ ඉංග්‍රීසි දන්නවා. කවුරු හරි ඉංග්‍රීසියෙන් දෙයක් කියනවා. උබ ඒක තේරුම් ගන්නේ සිංහලට හරවලා නෙවෙයිනේ. උබ ඉංග්‍රීසි බාශාව දන්නවා නම් කියන වාක්‍ය නිරායාසයෙන්ම ඔළුවට යනවා. අවශ්‍ය නම් සිංහලට හරවලා වෙන කෙනෙක්ට කියන්නත් පුළුවන්.
උබ ඉංග්‍රීසි දන්නේ නෑ කියමුකෝ. කවුරු හරි කියන දෙයක් උබට ලොවෙත් තේරෙන්නේ නෑනේ. උබට දෙයක් කියන්න ඕනේ නම් කියන්න ඕන දේ හිතේ තියෙනවා ඒත් වචන වලට හරවන්න බෑ. එතනදි උබට හරස් වෙන්නේ බාශාවයි. භාශාව මාධ්‍යක් විතරයි.
කම්පියුටරේ තියෙන පිංතූර සිංදු ටෙක්ස්ට් ඔක්කෝම තියෙන්නේ 1, 0 වලින්නේ. ඒ වගේ තමා මේකත් බෙදාගෙන බෙදාගෙන ගැඹුරට ගියොත් අන්තිමට ඉතුරුවෙන්නේ. ඇතිවි නැතිවි යන සංස්කාර ගොඩක්. ඕවා අල්ලගෙන රීඩ් කරන්න සාමාන්‍ය කෙනෙකුට ලේසි නෑ.