විශ්ව විද්‍යාල උප සංස්කෘතිය

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    RePost බුවා;13711163 said:
    අපොයි පිස්සුද, ලොවෙත් දාන්නේ නෑ,,,,,
    ඕන කට්ටිය ඇවිත් බලා ගන්න,,,,,,,,
    එක නෙමෙයි, මගෙ රෙප් කැපුවේ ඔයාද?
    නිකමට ඇහුවේ.....

    :lol::lol::lol::lol:

    කැම්පස් යන්න ඕනේ නෑ බන් ඒ රහස් දැනගන්න. ගොඩක් එවුන් ඕක ඇතුලේ හැමදේම දන්නවා. සමහර ඒවා පිට නොදෙන එකම හොඳයි. මොකද ඒවා කිව්වොත් කැම්පස් වලට තියෙන හොඳ ආකල්ප නැති වෙනවා :P

    රේප් 7+
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    RePost බුවා;13697346 said:
    මාත් කැම්පස් කොල්ලෙක්නේ...
    කැම්පස් වල තියෙන ආතල් කට්ටිය දන්නවනේ,,,,
    ඒ වාගේම කැම්පස් වල බාවිතා වන සංස්කෘතිය ගැන කට්ටිය අහලා ඇතිනේ....
    අද කරන්න යන්නේ ලන්කාවේ කැම්පස් වලට අදාල උප සංස්කෘති ටිකක් දැන කියා ගන්න....

    මේක ගත්තේ නෙට් එකෙන් හොදේ......
    සින්හල විකියෙන් ගත්තේ....


    එදා මෙදා තුර මානවයා සත්ත්වයාගෙන් වෙනස් වීමටත්, විශිෂ්ටත්වයට පත්වීමටත් මූලික හේතුව මානවයා සතු භාෂා හැකියාව යි. ඒ අනුව මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාවයි. සොබා දහමින් ලැබුනු දේට පටහැනි ව මිනිසා විසින් එකතු කරන ලද,වෙනස් කරන ලද, භෞතික ආධ්‍යාත්මික දේවල් අපි සමස්තය යැයි කියමු. මෙම මහ සංස්කෘතිය යටතේ යම් යම් උප සංස්කෘති දක්නට ලැබේ.
    "උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතර ම එයින් පැහැදිලි ව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීම යි."

    ප්‍රාදේශිකත්වය, භූගෝලීය විවිධතාව, රැකියාව,වයස,ජනවාර්ගිකත්වය,ආදී හේතු නිසා මෙම උප සංස්කෘති ඇතිවේ.මෙම උප සංස්කෘති යටතේ උප භාෂා ඇතිවේ. ප්‍රාදේශීය විවිධතාව අනුව ලංකාවේ මාතර උපභාෂාව දිගාමඩුළු,මොනරාගල,බස්නාහිර ආදී වශයෙන් උපභාෂා දක්නට ලැබේ. මීට අමතර ව රැකියාව, වයස, ස්ත්‍රී පුරුෂ බව, කුලය,වාර්ගිකත්වය ආදී හේතු නිසා
    1. විශ්ව විද්‍යාල උප සංස්කෘතිය
    2. භික්‍ෂු උප සංස්කෘතිය
    3. යාචක උප සංස්කෘතිය
    4. රොඩී උප සංස්කෘතිය
    5. බන්ධනාගාර උප සංස්කෘතිය
    6. ත්‍රීරෝද රථ රියදුරු උප සංස්කෘතිය
    7. ආදී උප සංස්කෘතීන් ඇතිවේ.


    විශ්ව විද්‍යාලය හා ඒ තුළ වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බාහිර ලෝකයෙන් වෙන් වූ උප සංස්කෘතියකට අයත් පිරිසක් ලෙස ඒකරාශි වී සිටිති. විශ්ව විද්‍යාලය ගත් කල එහි භාෂා විලාසය හා සිරිත් විරිත් සෙසු තැන්වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මෙම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සමාජයේ වැඩි දෙනාගේ අවධානයට ලක් වූවකි.මෙහිදී මූලික වශයෙන් මහා සංස්කෘතියෙන් වෙනස් වූ උප සංස්කෘතියක් ඇතිවීම කෙරේ බලපෑ හේතු කීපයකි.
    බාහිර සමාජයෙන් වෙන් ව පැවතීම.
    එකම භූමියක වාසය කිරීම.
    එකම වයස් පරාසයක පිරිසක් වීම.
    සමාන අධ්‍යාපන සුදුසුකම් ලැබූ පිරිසක් වීම.
    සමාන කාර්‍යයන් වල නියැලීම.
    සමාන ගැටළු වලට මුහණ දීම.



    විශ්ව විද්‍යාල භාෂාව පිළිබඳ හැදින්වීමේ දී එය මහා සංස්කෘතියේ භාෂාවෙන් පැහැදිලිව වෙනස් වූවකි. විශ්ව විද්‍යාලය තුල පරිමිත භාෂා ව්‍යවහාරයකි.එනම් සමාජයේ විශේෂ වූ කාර්‍යයන් කීපයක් සඳහා පමණක් යෙදෙන්නකි.බොහෝවිට ප්‍රාදේශීය විවිධත්වය ආරක්‍ෂා වීමටත්,බාහිර සමාජයෙන් වෙන්වීමේ අවශ්‍යතාවත් නිසා මෙම විශ්ව විද්‍යාල භාෂාව ඇතිවී තිබේ.


    University_of_peradeniya_2.jpg



    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය

    කැලණිය විශ්ව විද්‍යාලය
    කොළඹ විශ්ව විද්‍යාලය
    පේරාදෙනිය විශ්ව විද්‍යාලය
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
    යාපනය විශ්ව විද්‍යාලය
    රජරට විශ්ව විද්‍යාලය
    රුහුණු විශ්ව විද්‍යාලය
    මොරටුව විශ්ව විද්‍යාලය
    නැගෙනහිර විශ්ව විද්‍යාලය
    වයඹ විශ්ව විද්‍යාලය
    අග්නිදිග විශ්ව විද්‍යාලය
    සබරගමු විශ්ව විද්‍යාලය

    ආදිය මගින් නියෝජනය කෙරේ.
    ඒ අනුව විශ්ව විද්‍යාල තුළ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ අධ්‍යනය කිරීමේ දී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ම ඇතැම් වචන පොදුවේ. සමහර වචන විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් වේ.
    [සංස්කරණය]උප භාෂාව



    පුද්ගලයින් හැඳින්වීමට විශ්ව විද්‍යාලයන්හි උප භාෂාව තුල පොදුවේ ව්‍යවහාර වන වචන.
    උප කුලපති - වීසි කාරයා, වී සී මහප්පා
    උප කුලපතිනි - ලොකු අම්මා
    මහාචාර්යවරයා - ප්‍රොෆා
    දේශකයා - ලෙචා
    ජ්‍යෙෂ්ඨ සිසුවා - සින්නා
    කණිෂ්ඨ සිසුවා - ජුන්නා
    නවක සිසුවා - ෆ්‍රෙෂා
    නවක සිසුවිය - ෆ්‍රෙෂී
    පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක
    නිතරම පාඩම් කරන්නා - ක්‍රෑමා
    තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය - බැචා හෝ බැචී
    බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා


    UJ82212.jpg


    අධ්‍යයන කටයුතු සම්බන්ධ ව්‍යවහාර වන වචන.

    ගිරවා දැමීම - කටපාඩම් කිරීම.
    ක්‍රෑම - පාඩම් කිරීම. කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රෑම වර්ග 5කි
    ජංගම ක්‍රෑම - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම
    බොග ක්‍රෑම - වැසිකිලියට වී පාඩම් කිරීම
    ජංගල් ක්‍රෑම - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම
    ගරිල්ලා ක්‍රෑම - අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම
    මෙන්ඩිස් ක්‍රෑම - ආත්මාර්ථකාමීලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම
    කුප්පි දැමීම - විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ.
    මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි."


    faculty2.jpg



    විෂයයන් සඳහා ව්‍යවහාර නම්

    පේරාදෙනිය සරසවියේ එක් එක් විෂයන්ටද නම් පවතී
    සමාජ විද්‍යාව - සමාජ රෝග.
    මනෝ විද්‍යාව - පිස්සු විද්‍යාව.
    දේශපාලන විද්‍යාව - බෙල්ල කැපීම.
    ගණිතය - මීටරය අවුල් කිරීම.
    ඉංග්‍රීසි - කඩ්ඩ.
    දර්ශනය - පිස්සු දැකීම.
    ආර්ථික විද්‍යාව - සූරා කෑම.
    සහජ දක්‍ෂතා මත විභාග පාස් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය. කටපාඩම් කර විභාග සමත් වන්නේ "මෝටරය" මගිනි. විභාගය අසමත් වීම ඇණ ගැනීම යි. එවිට රිපීට් වීමට සිදුවේ. එනම් ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වේ. තවත් ආකාරයක ඇණ ගැනීමක් ඇත එනම් පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැරීම යි.


    images



    දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව

    විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාකාරී සිසුන් "ජෙප්පෝ" වේ. විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයා "අල වැඩ කරන්නෙකි" මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැඳින්වෙන්නේ මහා ශිෂ්‍යයා නමිනි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවිදි වී සිට සිවුර හල පුද්ගලයා "ලටෙක්" යනුවෙන් හැදින්වේ.



    විශ්ව විද්‍යාලය හැදින්වීමටද නම්

    සබරගමුව - බෙලිහුල් ඔය මහා විද්‍යාලය
    රෑහුණු - හුලං කන්ද මහා විද්‍යාලය


    පේරාදෙනිය සරසවියේ විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම්

    පින්තූර කඩේ - ශාස්ත්‍ර පීඨය
    මස් කඩේ - වෛද්‍ය පීඨය
    දත් කඩේ - දන්ත වෛද්‍ය පීඨය
    යකඩ කඩේ - විද්‍යා පීඨය
    බයිසිකල් කඩේ - ඉන්ජිනේරු පීඨය
    මඩ කඩේ - කෘෂි විද්‍යා පීඨය


    science-faculty-home.jpg


    "හැන්ඩියට කෙල්ලො නෑ රෑමන්ට ඇදන් නෑ බ්‍රයිටන්ට Class නෑ" සරසවිය තුල ඇති කියමනකි. සිසුන් නේවාසිකාගාර තුල හා විශ්ව විද්‍යාල තුල පොදුවේ යම් යම් භාණ්ඩ පරිහරනය කිරීම හැඳින්වෙන්නේ "ගජේ දැමීම" නමිනි.ආර්ථික දුෂ්කරතා නිසා ඇදුම් පැළදුම් නිතර "ගජේ ගහන" භාණ්ඩ වේ. සිසුන් බස් හා දුම්රිය ගමන් වලදී මුදල් නොගෙවා යාම "ඉබ්බට යාම" වේ. මුදල් ද නොගෙවා ඉතිරි මුදල් ඉල්ලා සිටීම "කැස්බෑවාට යනවා" ලෙස හඳුන්වයි. පේරාදෙනිය සරසවිය තුල සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම "කපකට යනවා" ලෙස හැඳින්වේ. මළ ගෙදරත් ඔවුන්ට ආහාර පාන ලබා දෙන කප්රෑකකි. මේ නිසා එය " කප" ලෙස හැඳින්වේ. සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම "යකා ගහනවා" යනුවෙන් හැඳින්වේ.
    විශ්ව විද්‍යාලය තුල "බකට් කිරීම" ද සුලඹ දෙයකි. ෆ්‍රෙෂ් බකට්,මල් බකට්,කුණු බකට්,යනුවෙන් බකට් වර්ග තුනකි.සමහර සරසවි තුල මෙය "Pond කිරීම" ලෙස හැඳින්වේ. අන් අයගේ වැඩ කිරීම පේරාදෙනිය සරසවිස තුල "ජෝන් වැඩ කරනවා"නම් වුවත් අනෙක් සරසවි වල මෙය කඩේ යාමකි. තරෑණ තරෑණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටීම "ගැට්ට" ලෙස හැඳින්වේ. "ලොකු එක දෙනවා " ලෙස මෙය සමහර සරසවි වල බාවිතා වේ. සිනහ වීම විශ්ව විද්‍යාල භාෂාව තුල "පනාව දානවා" නම් වේ. තමා පැමිණි ප්‍රදේශ වල අය සමඟ පමණක් ඇසුරෑ කිරීම "කඩ දානවා"නම් වේ. ගාලු කඩේ,මාතර කඩේ,වැනි ඒ ඒ ප්‍රදේශ වලට සීමා වූ කඩ ඇත.



    විශ්ව විද්‍යාලය තුල නිදහසේ ප්‍රේම කිරීමට වෙන්වූ ස්ථාන

    පූජා බූමිය - රුහුණු සරසවිය
    මල් පාර - පේරාදෙනිය සරසවිය
    සිරීපාදේ - කොළඹ සරසවිය
    සයිබීරියාව - කැලණිය සරසවිය
    හන්ටින් ඒරියා - රජරට සරසවිය


    images



    මීට අමතරව කලා පීඨයේ ආටා හා ආටිලා ඇත. ඉන්ජිනේරෑ පීඨයේ ඉංජා හා ඉංජිලා සිටී.වෛද්‍ය ශිෂ්‍යය ශිෂ්‍යාවන් මෙඩ්ඩා හා මෙඩ්ඩී වන අතර වෛද්‍යවරයා ඩොකා හා ඩොකී වේ.විද්‍යා පීඨයේ සිටින අය සයනා හා සයනී වේ.දන්ත වෛද්‍ය පීඨයේ සිටින්නේ ඩෙන්ටා හා ඩෙන්ටී වේ.මීට අමතරව විභාගයෙන් ඉහළින්ම සමත් වන පුද්ගලයා බැජ් ටොප් ලෙස හැඳින්වේ.



    විශ්ව විද්‍යාලයට පැමිණෙන සෑම සිසුවෙකුටම පාහේ "කාඩ් එකක්"

    මඩයා
    අම්බුජා
    හිච්චා
    ෂෝටා ආදී වශයෙනි.
    අන් අයගේ හාස්‍යයට ලක්වෙන ලෙස හැසිරෙන්නා "ගොන් පාට්" වේ. සාමූහික කාර්‍යයන්ගෙන් මගහැර තම පුද්ගලික කරෑණු පමණක් ඉටුකර ගන්නා පුද්ගලයන් "අපතයා,අලයා"ලෙස හඳුන්වයි. සරසවි ආපන ශාලාවෙන් අඩු මුදලක් ගෙවා කෑම පිගානක් ගැනීම "අඩු කෑම" නම් වේ. සරසවියේ ඇති උප සංස්කෘතියට විරෝධය පාන සිසුන් මැඩ පැවැත්වීමට,මඩ පෝස්ටර් ගැසීම, බ්‍රහ්ම දණ්ඩනය,කුණු බකට් ආදී දේ ප්‍රධාන වේ. විශ්ව විද්‍යාලය තුල අභ්‍යාස පංති භාරව සිටින්නා "ටියුටා"ලෙස හැදින්වේ.මීට අමතරව සෙම් අලයෝ හා සෙම් ජෙප්පෝ ද සරසවිය තුල වෙසේ. එනම් ඔවුන් එකම පක්‍ෂයකටවත් නිවැරදිව සම්බන්‍ධ නොවූ අයයි.



    ප්‍රේමය සම්බන්‍ධ උපභාෂාව

    images


    තරුණයෙක් හා තරුණියක් ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීමට "කොක්කක් දාගන්නවා"යැයි කියනු ලැබේ. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ "ගොඩ යාම" ලෙසද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ "හිච් වෙනවා" ලෙසද හදුන්වයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පෙම්වතා පොර ලෙස හැදින්වේ. අනෙකුත් විශ්ව විද්‍යාල වල පෙම්වතිය "කොක්ක" ලෙස හැසින්වේ. දෙදෙනා එක්ව පෙම්බස්දෙඩීම කොළඹ විශ්ව විද්‍යාලයේදී "කැරට් කෑම" ලෙස හඳුන්වන අතර ඔවුනට බාධා කිරීම "උදැල්ල දැමීම" ලෙසද හැඳින්වේ. කණිෂ්ඨ සිසුවෙක් ජ්‍යේෂ්ඨ සිසුවියක් හා ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීම "ලැම්බට් වීම" වන අතර ප්‍රේමයෙන් පරාජය වීම හෝ අසාර්ථක වීම "ඇන ගැනීමකි".
    මේ ආකාරයට විශ්ව විද්‍යාල පද්ධතිය තුල වෙනම භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබේ






    තව විස්තර ඉදිරි පි‍ටු වල.........

    මේක කියවද්දි මටත් මගේ කැම්පස් ජීවිතේ මතක් උනා. ජීවිතේ ලබපු සුපිරිතම අත්දැකීම් ලැබුවෙ කොළඹ කැම්පස් එකේදී...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    apith Colombo campus thama nan campus life eka gana loku experience ekak na.. patan gaththa witharane thama :-D
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වසර 13ක අතීතයට ගියා
    රෙප් 12+

    ඒක නෙමෙයි

    කුප්පි දැමීම - විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ.
    මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි."

    කුප්පිය කියන වචනේ හැදුනු හැටි දන්නවද
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;16544589 said:
    කියපං බලන්න දැන්?:growl:
    අපේ එකෙක් මල ගෙදරක නයිටකදි සෙට් වෙලා කියෙව්වා බං ඇඬෙනවා:lol::rofl:

    ubath lahasthi weyan dan owata, :rofl: :P
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ubath lahasthi weyan dan owata, :rofl: :P
    මේ අවුරුද්දෙම කන්න වෙයි වගේ බං ඒකත්:no:
    උට කිව්වෙ එකපාරයි ලු ආයෙ දෙපාරක් අහන්න දෙයක් නෑ ලු ජීවක ධාරණ ශක්තිය ආවලු :lol:කවි කීයක් තියේද බොල සිරාවට ඒකෙ:oo: