Great Post Brother!!!
Keep it up!!!
Thank u !!

Great Post Brother!!!
Keep it up!!!

godak sththuthi machan. api loketa aththa pennala denna ona. ape budun wahanse desu dharmaya me mulu wishwaya purawatama pethirenawa.
very very good post.....++++++

වටිනා ලිපියක් වගේම බොහෝ දේ හිතන්න පොළඹවන අදහසක්![]()

යේ ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තෝ උපාසකා
ධම්මේන දාරං පෝසෙන්තී
තේ නමස්සාමි මාතලී
පින් දහම් කරන සිල්වත් ගිහි උපාසක උපාසිකාවන්ට ශක්‍ර දේවේන්ද්‍රයා නමස්කාර කරන බව දැක්වේ. ඒ අනුව ධර්මානුකූලව කටයුතු කරන ගිහි ජනයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව බුදු දහම අවධාරණය කොට ඇත. සංයුක්ත නිකායේ සක්කපඤ්හ සූත්‍රය අනුව දිව්‍ය ලෝකයේ සිටින පංචසික නම් වීනා වාදකයා බුදුරදුන් සමග සංවාද කළ අයුරුත් ඔහුගේ වීනා වාදනය බුදුරදුන් අගය කළ අයුරුත් සඳහන් වෙයි.
මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන මිනිසුන් පින් දහම් කොට අනුමෝදන් කරන පින් ලබාගන්නා දෙවිවරුන් මනුෂ්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් ආරක්ෂා කරන බව අංගුත්තර නිකායේ දැක්වෙන සූත්‍ර ධර්ම වලින් තවදුරටත් පැහැදිලි වෙයි. දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරුන් වරින්වර මිනිස් ලොවට පැමිණ සිල්වත් ගුණ දහම් රකින මිනිසුන්ට ආරක්ෂාව සලසන බව ද එහි දැක්වේ.
බුදුරජාණන් වහන්සේ ප්රාතිහාර්ය දක්වන අවස්ථාවල දෙවියන් පැමිණ වැදුම් පිදුම් කළ අතර උන්වහන්සේ ලක්දිවට වඩින විට සුමන සමන් දෙවියන් බුදු සිරසට ඡත්රයක් අල්ලාගෙන පැමිණි බව මහාවංශයේ සඳහන් වෙයි.
ඒ අනුව ලක්දිව සමනළ අඩවියට සුමන සමන් දෙවියන් අධිගෘහිතව සිටින බව දැක්වෙන අතර බුදුරදුන් පිරිනිවන්පාන අවස්ථාවේ ලක්දිව ආරක්ෂා කරන ලෙස දෙවියන්ට භාරකළ බව ද සඳහන් වෙයි. බුදුරදුන් පිරිනිවන් පානා අවස්ථාවේ දෙව් ලොවට අධිපති ශක්‍රයා “අනිච්චාවත සංඛාරා” යනාදි ගාථාව කියමින් ශෝකය ප්‍රකාශ කළ බව ද බුදුදහමෙහි සඳහන් වෙයි.
දෙවිවරුන්ටත් වඩා ඉහළින් පිහිටි බ්‍රහ්ම ලෝක විස්සක් ගැන ද බුදු දහමෙහි සඳහන් වේ. බ්‍රහ්මයන් යනු දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ පිරිසක් බව ද දැක්වේ. ශුද්ධාවාස නම් බ්‍රහ්ම ලෝකයේ අනාගාමී මාර්ගයන්ට පත් බ්‍රහ්මයන් වාසය කරන අතර පසුව ඔවුන් අරිහත් බවට පත්ව නිර්වාණබෝධය ලබන බව ද සඳහන් වේ. ශක්‍රයා සෝවාන් ඵලයට පත් වූ අතර සඟම්පති බ්‍රහ්මයා අනාගාමි ඵලයට පත් වූ බව ද එහි විස්තර වෙයි.
මේ අනුව සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් බුදුරදුන්ගෙන් ධර්මය අසා විවිධ මාර්ග ඵලයන්ට පත් වී ඇති අතර බුදුපාමොක් මහ සඟනට උපස්ථාන කිරීමත් සැදැහැවත් බොදුනුවන්ගේ ආරක්ෂාවත් ඔවුන් සලසන බව බුදුදහමෙහි විස්තර වෙයි. මේ අනුව බුදු දහමෙහි දේව සංකල්පය ඉතා පුළුල් ලෙස විග්රහ වෙයි.
බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවන්ට වෙනත් මඟක යමින් වත්මන් ලාංකිකයන් හා ලෝවැසියන් දෙවියන් ඇදහීමට නැඹුරු වී ඇති බව පැහැදිලි කරුණකි. ලංකාව විවිධ විදේශීය ආක්රමණයන්ට ලක්වීමත් සමග හින්දු කි්රස්තියානි ආගම්වල ඇදහීම් ක්‍රම ද ලක්වැසියාට ද හුරු පුරුදු වී ඇත.



one of my favourite subjects,,,,,,,great post![]()
thankx macho keep it up