විශ්ව සියපත Cosmic Lotus -part 1

මේකත් දෙවියන් ගැන මීට තරමක් හෝ අදාල ලිපියක්
මනා වූ කුසල් කිරීම නිසා දේව ආත්ම ලැබු දෙවිවරුන් සිටින ලෝක සයක් ගැන බුදු දහමෙහි කරුණු විස්තර වෙයි. මනුෂ්‍ය ලෝකයට ආසන්නව ඇති දිව්‍ය ලෝකය ලෙස චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හැඳින්වෙයි. එම දිව්‍ය ලෝකයේ දිසා හතරකට අධිගෘහිතව සිටින දෙවිවරුන් සතර දෙනකු ගැන විස්තර වෙයි. නැෙඟනහිරට අධිපති ලෙස ධ‍්‍රැතරාශ්ඨ දෙවියන්ද, දකුණු දිශාවට අධිපති ලෙස විරූඨ දෙවියන් ද, බටහිර දිශාවට අධිපති ලෙස විරූපාෂ්ඨ දෙවියන්ද, උතුරු දිශාවට අධිපති ලෙස වෛශ‍්‍රවණ දෙවියන්ද සිටින බව සඳහන් වෙයි. මේ දෙවිවරුන් සම්බුදු සසුන රකින සතර වරම් දෙවිවරුන් ලෙස ද හඳුන්වා ඇත.
එම චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට ඉහළින් තාවතිංශය නම් දිව්‍ය ලෝකය පවතින අතර එහි දෙවි ලොවටම අධිපති ශක‍්‍ර දේවේන්ද්‍ර හෙවත් සක්විති රජු වාසය කරනු ලබයි. එම දිව්‍ය ලෝකයට ඉහළින් යාමය හා තුසිත දිව්‍ය දෙක පිහිටා ඇත.
ඊට පසුව නිම්මානරති දිව්‍ය ලෝකය හා පරිනිම්මිත වසවත්තිය දිව්‍ය ලෝකය පිහිටා ඇත. මින් නිම්මානරති දිව්‍ය ලෝකයේ මැවුම්කාර දෙවිවරුන් සිටින බව සඳහන් වේ.
ඉහත ලෝකවල සිටින බොහෝ දෙවිවරුන් බුදුරදුන් සමගද සංවාද පවත්වා ඇත. බුදු දහමෙහි දෙවිවරුන් කොටස් දෙකක් ගැන විස්තර වෙයි. එනම්,
01. සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්
02. මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන් යනුයි.
සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් යනු බුදු දහම අසා බුදු දහම පිළිගත් දෙවිවරුන්ය. ඔවුන් නිරතුරුව ඔවුන්ට පින් අනුමෝදන් කරන මිනිසුන් ආරක්ෂා කරන බව සඳහන් වන අතර මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන් වැරදි අදහස් උදහස් ඇතිව දිව්‍ය ලෝකවල අධික කාම සැප විඳින බව දැක්වේ. කෙසේ වෙතත් කවර හෝ දෙවියකු හෝ දිව්‍යාංගනාවක වීමට මනුෂ්‍ය ලෝකයේදී පින්කම් හේතු වන බව බුදු දහමෙහි නිරතුරුවම දක්නට ලැබෙයි.
බුදුරජාණන් වහන්සේ මංගල, පරාභව, ධජග්ග, ආටානාටිය ආදි සූත‍්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ දෙවියන් අරමුණු කරගෙනයි. බෝසතුන් මෙලොව ඉපදීමට පෙර තව්තිසා දිව්‍ය ලෝකයේ සිටි බවත් දේව ආරාධනාවකට අනුව පස්මහ බැලුම් බලා මෙලොව ඉපදුණු අතර බරණැස ඉසිපතනාරාමයේදී ප‍්‍රථම දම් දෙසුම පවත්වන අවස්ථාවේ ද දෙවිවරු පැමිණ බණ අසා සිටියහ.
ප‍්‍රථම දම් දෙසුම වූ දම්සක් පැවතුම් සූත‍්‍රයේද දිව්‍ය ලෝක පිළිබඳවද සඳහන් වෙයි. මිනිස් ලොවට වඩා දිව්‍ය ලෝකවල ආයු ප‍්‍රමාණය ද වැඩි වන අතර ඇතැම් දිව්‍ය ලෝකවල ආයුෂ මිනිස් ලොව අවුරුදු 100 ක් දිව්‍ය ලෝකයේ එක දවසක් බවත් එමෙන්ම ඇතැම් දිව්‍ය ලෝකවල මිනිස් ලොව අවුරුදු දහසක් එහි එක් දවසක් ආදි ලෙසත් දැක්වේ. ඊට අමතරව දිව්‍ය ලෝකයේ ඇති මදාරා, පරසතු, කඩුපුල් ආදි මල් වර්ග ගැනත් එහි ඇති ගංගා පිළිබඳවත් සඳහන් වෙයි. දෙවිවරු ආහාර අනුභව නොකරන අතර සතුට ඔවුන්ගේ ආහාරය බව ද විස්තර වේ.
දීඝ නිකායේ මහා සමය සූත‍්‍රය අනුව එකල සිටි දේව සමූහයන් පිළිබඳවත් දිව්‍ය ලෝකයේ සිටින ප‍්‍රධාන දෙවිවරුන් ගැනත් එම දෙවිවරුන් අණසක පවත්වන දිශාවන් ගැනත් විස්තර වේ.
 
යේ ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තෝ උපාසකා
ධම්මේන දාරං පෝසෙන්තී
තේ නමස්සාමි මාතලී

පින් දහම් කරන සිල්වත් ගිහි උපාසක උපාසිකාවන්ට ශක‍්‍ර දේවේන්ද්‍රයා නමස්කාර කරන බව දැක්වේ. ඒ අනුව ධර්මානුකූලව කටයුතු කරන ගිහි ජනයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව බුදු දහම අවධාරණය කොට ඇත. සංයුක්ත නිකායේ සක්කපඤ්හ සූත‍්‍රය අනුව දිව්‍ය ලෝකයේ සිටින පංචසික නම් වීනා වාදකයා බුදුරදුන් සමග සංවාද කළ අයුරුත් ඔහුගේ වීනා වාදනය බුදුරදුන් අගය කළ අයුරුත් සඳහන් වෙයි.
මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන මිනිසුන් පින් දහම් කොට අනුමෝදන් කරන පින් ලබාගන්නා දෙවිවරුන් මනුෂ්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් ආරක්ෂා කරන බව අංගුත්තර නිකායේ දැක්වෙන සූත‍්‍ර ධර්ම වලින් තවදුරටත් පැහැදිලි වෙයි. දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරුන් වරින්වර මිනිස් ලොවට පැමිණ සිල්වත් ගුණ දහම් රකින මිනිසුන්ට ආරක්ෂාව සලසන බව ද එහි දැක්වේ.
බුදුරජාණන් වහන්සේ ප‍්‍රාතිහාර්ය දක්වන අවස්ථාවල දෙවියන් පැමිණ වැදුම් පිදුම් කළ අතර උන්වහන්සේ ලක්දිවට වඩින විට සුමන සමන් දෙවියන් බුදු සිරසට ඡත‍්‍රයක් අල්ලාගෙන පැමිණි බව මහාවංශයේ සඳහන් වෙයි.
ඒ අනුව ලක්දිව සමනළ අඩවියට සුමන සමන් දෙවියන් අධිගෘහිතව සිටින බව දැක්වෙන අතර බුදුරදුන් පිරිනිවන්පාන අවස්ථාවේ ලක්දිව ආරක්ෂා කරන ලෙස දෙවියන්ට භාරකළ බව ද සඳහන් වෙයි. බුදුරදුන් පිරිනිවන් පානා අවස්ථාවේ දෙව් ලොවට අධිපති ශක‍්‍රයා “අනිච්චාවත සංඛාරා” යනාදි ගාථාව කියමින් ශෝකය ප‍්‍රකාශ කළ බව ද බුදුදහමෙහි සඳහන් වෙයි.
දෙවිවරුන්ටත් වඩා ඉහළින් පිහිටි බ‍්‍රහ්ම ලෝක විස්සක් ගැන ද බුදු දහමෙහි සඳහන් වේ. බ‍්‍රහ්මයන් යනු දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ පිරිසක් බව ද දැක්වේ. ශුද්ධාවාස නම් බ‍්‍රහ්ම ලෝකයේ අනාගාමී මාර්ගයන්ට පත් බ‍්‍රහ්මයන් වාසය කරන අතර පසුව ඔවුන් අරිහත් බවට පත්ව නිර්වාණබෝධය ලබන බව ද සඳහන් වේ. ශක‍්‍රයා සෝවාන් ඵලයට පත් වූ අතර සඟම්පති බ‍්‍රහ්මයා අනාගාමි ඵලයට පත් වූ බව ද එහි විස්තර වෙයි.
මේ අනුව සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් බුදුරදුන්ගෙන් ධර්මය අසා විවිධ මාර්ග ඵලයන්ට පත් වී ඇති අතර බුදුපාමොක් මහ සඟනට උපස්ථාන කිරීමත් සැදැහැවත් බොදුනුවන්ගේ ආරක්ෂාවත් ඔවුන් සලසන බව බුදුදහමෙහි විස්තර වෙයි. මේ අනුව බුදු දහමෙහි දේව සංකල්පය ඉතා පුළුල් ලෙස විග‍්‍රහ වෙයි.
බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවන්ට වෙනත් මඟක යමින් වත්මන් ලාංකිකයන් හා ලෝවැසියන් දෙවියන් ඇදහීමට නැඹුරු වී ඇති බව පැහැදිලි කරුණකි. ලංකාව විවිධ විදේශීය ආක‍්‍රමණයන්ට ලක්වීමත් සමග හින්දු කි‍්‍රස්තියානි ආගම්වල ඇදහීම් ක‍්‍රම ද ලක්වැසියාට ද හුරු පුරුදු වී ඇත.
 
mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    :yes::yes::yes: