විශ්‍රාම ගිය කමාන්ඩෝ නිලධාරියෙකුගේ සටහනක්……

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    වසර 28යි මාස 5යි දින 11 කට පසු මා බෙහෙවින් ආදරය කල මාගේ නිල ඇදුම් සදාකාලිකවම ගලවා නවා තබුවෙමි. එක් නිල ඇදුමක් පමනක් මතු යම් දිනක එක් වතාවකදී පමනක් ප්‍රයොජනයට ගනු පිනිස හැගරයක දමා පසුගිය වසර 28 හමාර තුලම මා දැඩි මහන්සියෙන් හා කපවීමෙන් ලබාගත් සියලුම නිල ලාංචන හා දිවිහිමියෙන් උරුම කරගත් පදක්කම්ද සවිකර පරිස්සමට එල්ලා තබූයෙමි. කොමාන්ඩො නිල ලාංචනයෙන් සැරසුන කැප් තොප්පියද මෙරෑන් බද පටියද පරිස්සමට පෙට්ටියක බහා ආරක්ශිතව ස්ථානගත කලෙමි. 1997 දෙසම්බර් මස 20 වන දින දියතලාව ආරක්ෂක විද්‍යා පීථයේදී මා ජනාධිපති අධිකාරියට පත් කල මාගේ අසිපතද පිසදමා ආවරනය කර ගෞරවාන්විතව පසෙකින් තබූයෙමි. යම් කිසි දිනකදී කවුරුන් විසින් හෝ මෙම නිල ඇදුම එලියට ගෙන මා හට අන්දවා අවැසි ගෞරවය දක්වනු ඇත.

    වසර 30 කට අධික කාලයක් පුරා නොවිසදුනු, පැවතුනු රජය මගින් ලද අනුග්‍රහය සහ ආරක්ෂක අංශයන්හි පුදුමාකර කැපවීමෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන් ලද අප්‍රමාන ආශිර්වාදයෙන් මුලිනුපුටා දැමූ කෲරතර යුද්දයෙන් ලද හිමිකමක් මත අද මා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගෙන යුද්ධ හමුදාවට ආයුබෝවන් කීවද පසුගිය කාල වකවානුව පුරා මා ලද අත්දැකීම් සමුදාය ජීවත්වන තුරාවට මා හට අත් වැලක් වනු ඇත.

    යුද්ධ හමුදාව මා හට බොහෝ දේ ලබා දී තිබුනි. අර්ධ ශතකයකට නොඅඩු විදෙස් අටවල් ගනණාවක සංචාරය කිරිමට සහ එම අත්දැකීම තුලින් ලෝකය දකීමට මට අවස්තාව ලබා දී තිබුනි. දේශීය මෙන්ම විදේශීය කීර්තිමත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අසුරු කිරීමටත් ඔවුන්ගෙන් ලබා ගත් ගුරුහරුකම් තුලින් පන්නරය ලබීමටත් වාසනාව ලැබීමි. පසුගිය කාලවකවානුව පුරා මා යුද්ධ හමුදාව තුලින් ලද බොහෝ අත්දැකීම් මෙන්ම හිත් වේදනාවන් මා තවත් මුවහත් කල බව සැබෑවකි.

    විවිධාකාර වු නිළ තලයන් තුල ලත්, විවිධාකාර පදවියන් තුල ලත්, විවිධාකාර අත්දැකීම් මා වෙන වෘත්තියක නියලුනේනම් ලබා ගැනීමට නොහකි බව මා හොදාකරවම දනිමි. පරිපූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමට යුද්ධ හමුදාවට හැර මිහිපිට වෙන කිසිම ආයතනයකට නොහැකි බව මා උදම් අනමින් කියමි. මිනිසුන් බොහෝ භාධා දුශ්කරතා ඇත්තේය. ඔවුනට කාලගුණය බලපායි, දේශගුණය බලපායි, අව්ව වස්ස මෙන්ම රාත්‍රියද බලපායි, ශීතල මෙන්න රශ්ණය වැනි පාරිසරික සාධකද බලපායි, විවිධාකාර වු සාමාජයීය තත්වටන්ද බලපායි, ඔවුනට රැකීමට බොහෝ දේ ඇත්තේය. අපට ඒ කිසිවක් නොමැති බව යුද්ධ හමුදාව මා හට උගන්වා ඇත.

    මාගේ මුළු තරුණ දිවියම යුද්ධ හමුදාවට කැපකල බව හරියටම දන්නේ මගේ ආදරණීය මව සහ බිරිද පමනි. විශේෂයෙන්ම පසුගිය යුද සමයෙහි ඔවුන් මා වෙනුවෙන් අනේකවිධ දුක් වේදනාවන් වින්දේය. මා නොපෙනෙන බලවේගයන් විශ්වාස නොකලද ඔවුන් මා වෙනුවෙන් මාගෙ කරේ එල්ලු සුරයන් ආදරයෙන් සුරකීමි. වරෙක යපන අර්ධද්වීපයෙහි පුතූර් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ සටනේදී මා වෙත හබා ආ ත්‍රස්තවාදී වෙඩි උන්ඩයක් මා පැලැද සිටි බොඩි ආමරය පසාරැ කොට ගොස් මීට කලින් නිවාඩුවේදී මාගෙ මව පැලැන්දූ සුරයෙහි වැදී මගක් බැස නතර වී තිබුනි. යුද්දය නිමා වූ යම් දිනෙක එසේ කැබලි වූ බොඩි ආමරය මාගෙ මවට පෙන්වීම පිනිස මා සුරක්ශිතව තබාගෙන සිටියද අලිමංකඩ ප්‍රදේශය ත්‍රස්තවාදීන් විසින් නැවත අල්ලා ගැනීමේදි සිදුකල උපක්‍රමශීලී පසුබැසීමේදී එය අස්ථානගතව ඇත.

    එසේ තැලී පොඩිවී ගිය සුරය පසු කලකදී අනුරාධපුර රණවිරු නමින් ඉදිවූ රණවිරුවන් විසින් ඉදිකල සදහිරු සෑ රදුන්ගේ ධාතු තැන්පතුවේදී එක් විශේෂ අවස්ථාවකදී මාගේ බිරිද විසින් මා හට පැලැන්දූ රන් මාලයද සමගින් මවිසින් පූජා කරන ලද්දේය.
    තවත් විටෙක යාපන අර්ධද්වීපයෙහි මුහමාලෙයි ප්‍රදේශයේදී සතුරාට එරෙහිව සිදුකල කුඩා කන්ඩායම් ක්‍රියාන්විතයකදී මා වෙත හබා ආ වෙඩි උන්ඩ දෙකකට මුහුන දුන් මාගේ ආදරණීය හෙල්මටයද යුද්ධය අවසන් වූ පසු සිහිවටනයක් ලෙස නිර්මාණය කිරීමට මා විසින් සුරැකිව තබාගත් අතර පසුකලකදී එකල අහිගුන්ඨික ජීවිතයක් ගතකල මා අතින් අස්ථානගතව ඇත.

    යුද්ධය මා හට බොහෝ දේ කියාදී තිබුනි. විටෙක අස්ථිර ජීවිතයේ යතාර්ථයද, විටෙක මරණ බියද, විටෙක බුදුන් වහන්සේ පෙන්වා දුන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාවද මනාව පසක් කොට දී තිබුනි.

    2001 වසර මුල්භාගයේදී සතුරා විසින් අත්පත් කරගත් මුහමාලෙයි ඉදිරි ආරක්ෂක වලල්ල නැවත අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතය මාගේ ජීවිතයේ යලි ඉපදුනු සන්ධිස්ථානයකි.

    සියඵ යුධ උපක්‍රම යොදමින් සතුරු බංකර් විනාශ කරමින් මුහුනට මුහුනලා සිදුකල සටනකදී තස්තවාදින් විසින් එල්ල කල ආර්පීජී (RPG) ප්‍රහරයක් කන අසල තල් කොටයක වැදී පුපුරා යාමෙන් බංකරය තුල සිටි මා සහ මාගේ සගයන් සියලුම දෙනා දෙරන සිප ගැනීමත් සමගම අත්බෝම්බ (Grenade) ප්‍රහාරයක් සමගින් බංකරය තුලට කඩාපිනූ ත්‍රස්තයන්ගේ වෙඩි උන්ඩ කන පසෙකින් ගමන් ගත් ශබ්දය සමගම ලත් අසරනභාවය කෙබදු දැයි යුද්ධය මට පසක් කොට දුනි. මා සිටි බංකරයට දකුනු දෙසින් පිහිටි බංකරයෙහි සිටි කොප්‍රල් සුමනසේකර අපට දැනුණු සංවේදනාව දෙගුන තෙගුන කරමින් මාගේ බංකරයට පිනූ ත්‍රස්තයන්ට ලබා දී ඇති බැවි මා දැන ගන්නා විට ඔහුද ජීවිතය අතැර ගොස් තිබුනේ මාගේ තුති පූර්වක වැලද ගැනීමද අවහිර කරමිනි. අප සියළු දෙනා තුවාල ලබුවද ඔහුට පින්සිදුවන්නට අදද ජීවත් වෙමු.

    තුවාල සුවවී නැවත පැමිනි පසු එම ආරක්ෂක වලල්ලෙහිදීම මා නැවත වරක් අසරන කිරීමට ත්‍රස්තවාදීන්ට හැකිවීම මාගේ දෛවයෙහි තවත් සරදමකි.

    “4 for all station, සුරංගගේ team එක ඉවරයි, ටෙරා over run කරලා, අනිත් teams ඔක්කොම ඉක්මනට පසුබසින්න over" ….. එක්ක පාර්ශිකව පමනක් අසෙන cougar radio set එකෙන් කෑ ගසන OC ගේ හඩ reinforcement එකක් බලාපොරොත්තුව සිටි මට දෙන දුන්නේ ශුන්‍ය හැගීමකි. ඔහු කියූ පරිදි මා හට ඉතිරිව සිටියේ මාගේ buddy සහ radio operator පමනකි. දෙපස බංකර් සියල්ල සතුරා සතු වෙද්දී කල හැකි එකම මරාගෙන මරෙන ක්‍රියාන්විතය අප තිදෙනා ඇරඹුවෙමු. Cougar set එකෙහි secure යවා එයට වෙඩි තබා අක්‍රිය කර සියලුම බඩු බාහිරාදිය ගලවා දමා අත ඉතිරි එකම බාගෙට ඉවර වූ මැගසිනය සහ අවිය සමග ජීවත් වීමේ සටන ඇරඹුවෙමු. අප තිදෙනා අතුරින් මටත් මාගේ buddy ටත් පමනක් ජීවත් වීමේ වාසනාව හිමිවිය.
    පසුගිය නිවාඩුවේ මාගේ මව විසින් තෙවන වරටත් පැලදූ සුරය පිලිබද අහේතුක විශ්වාසයක් මිත්‍යාදෘෂ්ටිකව මාගේ හිතේ ඇතිවිය. එම සුරය අදටත් මාගේ මුදල් පසුම්බියෙහි සුරැකිව ඇත.

    තෙවන ඊලාම් යුද්ධයෙහි පලමු වෙඩි මුරය මාවිල් ආරු සොරොව්ව අභියස පත්තු කිරීමටත් අවසාන වෙඩි මුරය නන්දිකඩාල් කලපුවෙහි පත්තු කිරීමටත් දායක වීම භග්‍යයක් නොවුවද ඒ පිලිබදව මා සිත ජනිත වන්නේ මහත්වු අභිමානයකි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    මා මරණයෙන් ගැලවුනු අවස්ථා බොහෝමයකි. මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමේ සටනේදී මාවිල්ආරු වේල්ල මතදී මා වෙත එල්ල වූ sniper උන්ඩයක් මා හිසකෙස් පුලුස්සා ගොස් පිටුපස තිබූ කොහොඹ ගස සිප ගත්තේය. එහි දෙවන උන්ඩය මාගේ සගයා වූ Lt Chamika Karunathilaka ගේ නළල හරහා ගොස් හිස පිටුපසින් පිටවුනේ මවිල්ආරු සටනේ රට වෙනුවෙන් දිවිදුන් පළමු නිළධාරියා කරමිනි. වරෙක වැලිඹය නිත්‍යකායිකුලම් ප්‍රදේශයේදී මා ගමන් ගත් ට්‍රැක්ටරයට එල්ල වූ ක්ලේමෝ (cleymore) බෝම්බ ප්‍රහාරය පිටුපසින් පැමිණි බවුසරය පිලිගත්තේය. තවත් විටෙක යාපනය කිලාලි ප්‍රදේශයේදී මා සිටි යුද අගලට වැටුනු 81 mm මෝටාර් බොම්බයක් මට ඉදිරියෙන් මා සමග කථා කරමින් සිටි කොප්‍රල් මහකුමාරගේ හිස දෙපලු කලේ මට සීරීමක්වත් නොදෙමිනි. මා මෙසේ මරණයෙන් ගැලවුනේ කාගේ හාස්කමකින්දැයි මම නොදනිමි. මා ලද යුද අත්දැකීම් සහ අනෙකුත් අත්දැකීම් සියල්ල අකුරු කල නොහැකි මුත් එය මාගේ ඉදිරි දිවිය පොහොසත් කරනු ඇත.

    2016 වසරේ මැද භාගයේ මා ඌව කුඩාඔය පිහිටි කොමාන්ඩෝ වරුන්ගේ හදවත බදු කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලෙහි ප්‍රධාන උපදේශක ලෙස රාජකාරින් කරන අවදියෙහි නිදහස් ආර පැරෂුට් (Free fall parachute jump) පැනීමකදී මාගේ ගුරු වූ Maj Sujith Sranjeewa ගේ උපදෙස් අභිබවා යමින් dynamic break එකක ස්වභාවය test කිරීමට ගොස් ගුවනේ සිට පතිත කලාපයට ඇද වැටී වම් අත තුන් පොලකින් කැඩී දිවි බේරා ගත්තේය. අදද මාගේ වම් අත titanium alloys plate මගින් fix කර ඇත. මාගේ සමීපතමයන්ගේ blessings හා බුද්ධ ධර්මයට අනුව මාගේ පෙර කල පින් මා හට පලදී ඇතැයි මම සිතමි.

    මා යුද්ධ හමුදාව තුල ගතකල ජීවිතයෙහි මාගේ අභිප්‍රේරනය වූයේ මාගේ දයාබර මව සහ බිරිදයි. පසු කාලීනව එය මාගේ දියණියන් තිදෙනා වෙතද බෙදී ගියේය. මාගේ දෙවන දියණිය ලැබීමට මාගේ බිරිද රෝහල් ගත කල යුතු දින මා සිටියේ නන්තිකඩාල් කලපුව තුල අවසන් මහ සටන තුලය. මා කොතෙක් අවැටිලි කලද ඇය මා නොමැතිව රෝහල් ගත වීම තරයේ ප්‍රතික්ශේප කලේය. මා හට නොහැගුවද පියෙකු අහිමි දරුවෙකු බිහිකිරීමේ වේදනාව ඇයට දනෙන්නට ඇත. මෙය තේරුම්ගෙන සිටියද දෙපාර්ශවයටම මා අවැසිම මොහොතක එක් පාර්ශවයක් මගහැරයාම තුල මා අතරමන්ව සිටියෙමි. අප සියලුම දෙනාගේ වාසනාවට ඉන් දිනකට පසු යුද්ධය අවසන් විය. මාගේ අවශ්‍යතාවය සැලවූ මාගේ අණදෙන නිලධාරී (Maj Crishantha Ghanaratne) වහාම මා මුදා හැරියේ “Suranga, every time you are going on leave after a success. This time too, go ahead buddy, take care of your wife & kid, I’II take care of your group” යන අභිප්‍රේරනය සමගය.
    මාගේ බිරිද කියූ පරිදිම මා යනතෙක් රෝහල් ගතව නොසිටියේය. මා පැමිනි විගසම රොහල් ගත වූ ඇය ‘සුසෙලි' නම් වූ සාමයේ දූතිකාව මා හට තිලින කරන ලද්දේය.

    මාගේ ජීවිතයේ මා හට සමීපවම සිටි දෙදෙනා මාගේ මව සහ මාගේ බිරිදයි. මාගේ ජීවිතයේ මා වෙනුවෙන් වැඩියෙන්ම වේදනා වින්දේද සුසුම් හෙලුවේද ඔවුන් දෙදෙනායි. මාගේ එක් අසිල්ලක් උවද තේරුම් ගත හැකි දෙදෙනාද ඔවුන් දෙදෙනායි. 1994 වර්ශයේ මාගේ පියාගේ අභාවයෙන් පසු මාගේ අක්කාත් ඉගෙන ගනිමින් සිටි මමත් මගේ නංගීටත් හැකි පරිදි උගන්වා උස් මහත් කර සමාජයේ ඕනෑම තැනක නොබියව නගා සිටුවීමට අප්‍රමේය වෙහෙසක් ගත් මාගේ අදරණීය මෑණියන් භකත්‍යාදරයෙන් සිහිපත් කරමි. මාගේ පියානන්ද නොමැතිව ඇය අප වෙනුවෙන් ඇගේ මුලු දිවියම කැපකර අදද මගේ දියණියන් උදෙසා එලෙසම වෙහෙසෙන්නීය.

    ඇගෙන් පසු 19 වසරක් පුරාවට මාගෙන් මගෙ මවටත් දරුවනටත් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්නී මාගේ දයාබර බිරිදය. යුද්ධය නිමවනතෙක් ඇයට මා ලබාදුන් ගින්දර වලට නය තවම මම ගෙවා නිමකර නැත. ඉදින් පසුව වුවද ඇය උසුලන බර මෙතෙකැයි කිව නොහැක. මා වෙනුවෙන්ම කැප වූ ඇය මාගේ ජීවිතයයි. කවුදෝ මා හට පැවසූ ආකාරයට “මොන දේ කලත් pension ගියදාට ඉන්නෙ බිරිද විතරයි” යන වදනට අරුතක් දෙමින් මම අද ඇය වෙත යමි. ඇය මම එනතුරු මග බලාගෙන සිටින බව මම දනිමි. මාගෙ නිළ ඇදුමින් හෙම්බත් වී සිටි ඇය නිළ ඇදුමින් තොර ජීවිතයට වඩා ආදරය කරන බව මම දනිමි.

    විවාහයෙන් පසු කලකදී මා නිවසට බැද තැබීමට සමත් වූවෝ සුනෙලි, සුසෙලි හා සුහෙලි නම් මාගේ දූතිකාවෝය. දිනකට දෙතුන් වතාවක්වත් ඇසෙන “තාත්ති කවදද එන්නෙ" යන සුහෙලි ගේ වදන පටන් ගන්නේ නිවාඩු අවසන මා නිවසින් එලියට බසින අවස්තාවේ පටන්ය. ගෙදර පැමිණි වෙලාවේ පටන් ඇය "තාත්ති ඩිනර් අවුට් එකක් යමු නේ" යන වදන පටන් ගයි. සල්ලි නෑ කීවාට ඇයට වගක් නැත. ඇය පවසන පරිදි card එක දැමූ විට teller machine එකෙන් සල්ලි ලැබේ. Card එකක් තිබීම පමනක් ප්‍රමානවත්ය. “තාත්ති මිලානෝ එක හොද අලුත් film එකක් අවිත් යමුද" ඒ දෙවනි නොහොත් සුසෙලි ය. “මට බෑ මට පාඩම් කරන්න තියෙනවා” ඒ ලොක්කි නොහොත් මා හට පිය පදවිය දුන් සුනෙලිය. දන් ඉතින් මෙම වදන් වලට අමතරව මාගේ ආදරණිය බිරිදගේ “තාත්ති අරක නෑ, මේක ඉවරයි, කඩේ ගිහින් එමුද, අරක අරන් දෙන්නකෝ" යන වදන් වලින් දෙසවන පිරී යනු ඇත. "පූජ කරන්න මල් ටිකක් කඩල දෙන්නකෝ පුතේ" ඒ අමිමාය. නුඹලා කිසිවෙක් නොදන්නා තරමට මම ඒ වැඩකාර ජීවිතයට ඇලුම් කරමි. ඉදින් අද සිට ඒ ජීවිතය මට හිමිය.

    “Do not ask any thing from the Army, do not reject any thing given by the Army” 1997 වසරේ දෙසම්බර් මස 20 වන දින ශ්‍රි ලංකා ආරක්ෂක ව්ද්‍යාපීඨයේ කඩෙට් නිළධාරි පාඨමාල අංක 44 විසිර යාමෙන් පසු පැවති commissioning dinner night එකේදි මා අසලින් වාඩි වී සිටි මාගේ course commander වූ කපිතන් ක්‍රිශාන්ත ඤානරත්න මාගේ කනට කර කෙදුරුවේ මා නිළධාරියෙකුව ලද පලමු ඔවදනයි. එතැන් සිට මේ දක්වා මම ඒ ඔවදන රැක්කෙමි. මා යුද්ධ හමුදාවෙන් කිසිවක් ඉල්ලා සිට නැත. මා හට ලැබුනු කිසිදු අණක් හෝ වෙනයම් දෙයක් reject කර නැත. නමුත් මා හට යුද්ධ හමුදාව වෙතින් බොහෝ දේ ලැබී ඇත. Maj Gen Crishantha Ghanaratne sir, tribute to you…

    1998 වර්ෂයේ අග භාගයේ කොමාන්ඩෝ වරයෙකු ලෙස ලොව අතලොස්සක් පමනක් පලදින මෙරෑන් හිස් වැස්ම (Maroon beret) පලදා මාගෙ මව විසින් නිළ ඇදුමෙහි දකුනු පස පපුවේ පැලැදූ කොමන්ඩෝ නිල ලාංචනය අභිමාණයෙන් පළදා මා සමග තවත් නිලධාරීන් 6 දෙනෙකු මවිබිම රැකීමට සපත වී අපගේ මවි ඒකක වෙත පැමිනියෙමු. එකල මාගේ පාඨමාලා සගයන් වු 2/Lt Udesh Ratnayake, 2/Lt Sudath Dissanayake, 2/Lt Sooriyabandara (KIA), 2/Lt Pramil Perera (KIA), 2/Lt Samantha Ariyadasa (Med Bd Out), 2/Lt Noel Dissanayake (Med Bd Out) යන සහෘදයන්ගෙන් ලද රැකවරණය අදද මා ඉතා ආදරයෙන් සිහිපත් කරමි.

    කොමාන්ඩෝ තෝරාගැනීමේ පාඨමාලාව කොමාන්ඩො වරයෙකු වීමේ දුශ්කරම අංගයයි. දින 36ක් පුරා නිදි වර්ජිතව මානසික හා කයික ඒකාග්‍රතාවය පවත්වා ගනිමින් හැප්පෙන විවිද ක්‍රියාකාරකම් හමුවේ දරා ගැනීම ප්‍රගුණ කිරීම ලෙහෙසි නැත. “රයිට් කොමන්ඩෝ, ඔක්කෝමලා ස්විච් ඔෆ් කරා.... නැවත ඔන් කරන්නේ දින 36 කට පස්සේ තේරුනාද.." Sgt Silva ගේ අනවචණයට අවනත වූ අප ස්විච් ඔෆ් කලෙමු, නිවෙස් අමතක කලෙමු, මුලු ශරීරයම ඔවුනට භාර කලෙමු, නමුත් එකාමෙන් බැදි සහෝදරත්වය අප ජීවත් කලේය.

    අනේකවිද දුක් විද පාඨමාලාව අවසන් කල නමුදු පාඨමාලාව අවසන් දින මා සම්මුඛ පරීක්ෂනයට භාජනය කල ප්‍රධාන උපදේශක Maj Priyantha Senaratne පවසා සිටියේ "you have not obtained ‘excellent level’ in 36 Km speed march. You obtained only ‘good level’. As an officer it’s not acceptable, ‘good level’ is only for ORs, not for the officers, inthe sense you failed the course”. ප්‍රධාන උපදේශක තුමාගෙ වචන කිසිදා වෙනස් නොවන බව අප සියලු දෙනා දන්නා කාරණයක් හෙයින් මගේ ජීවිතයම කඩා වැටුනි. මාගෙ 'Meroon beret' සිහිනය බොද විය. අනේකවිද දුක් විදි පාඨමාලව තුල වුවද නොනැගුණ කදුළකින් මාගේ දෑස් තෙත් විය. කිසිදා නොහැගුන ශුන්‍ය භාවයකින් අපසු හරුන මා හට කුසිදා තෙතමනයක් බලාපොරොත්තු විය නොහක් හඩකින් "Since you obtained good marks in other activities, I’ll give you one more chance to complete the 36 Km march tomorrow, with the 'excellent level' you can follow the commando advance course. OK Go……”

    36 Km speed march එක සමග අප විදින දුක හොදටම දන්නෝ තණමල්විල වැල්ලවාය මාර්ගය දෙපස වෙසෙන්නෝය. අප දෑසට නොනැගෙන කදුළු ඔවුන් අප දෙස බලා හෙලනු මම දක ඇත. දින 36ක් පුරාවට පිට පැලද pack එක හා අනෙකුත් ක්‍රියාකාරකම් නිසා මුලු පිටම තුවාලව පුපුරා ගොස්ය. දිවා රෑ නොමැතිව පැලදි boot යුවල තුල තුවාල boot එකටම බද්ධ වී ඇත. වම් පාදය බෙරගෙඩියක් සේ ඉදිමී ඇත. අත පය වේදනාව ඉවසා ගත නොහැක. හෙට ගෙදර ගොස් අම්මා ලවා තුවාල වල සහ ඉදිමුම් වල තෙල් ගල්වා දින 10 පුරාවට නිදා ගැනීමේ සිහිනය බොදව ඇත. මා එනතුරු මග බලාගෙන සිටි මා සහෘදයනට මා පවසා සිටියේ මා හට මේ සිටින තත්වය මත 36 Km march එක කල නොහැකි බවයි. උදේ පාන්දර 3 ට පටන් ගෙන 17.5 Kg වැලි කොට්ටයක් පිටේ එල්ලගෙන කිලෝගානක් බර 303 රයිෆලයද ඔසවාගෙන පැය 5 යි විනාඩි 15 කට පෙර මෙය නිම කිරීම මා සිටින තත්වය මත සිදුකල නොහැකි බව මම දනිමි.

    “යකෝ ඒක තමයි හැමෝටම කොමන්ඩෝ වෙන්න බැරි. උඹ මේක හෙට කරනවා. අපිත් උඹ එක්ක දුවනවා. දන්නවනෙ CI ගෙ හැටි. හෙටම උඹව mother unit යවයි” හෙට නිවාඩු යාමට බඩු pack කරමින් සිටි Udesh සර් මගෙ කොලරයෙන් අල්වා සෙලවීය. මා මෙන්ම අබ්බගාත ඔවුන් මෙය කරන්නේ කෙසේද… නමුත් Udesh සර් ගේ වදනද CI හා සමානය. දන් ඔහු මා පසෙක ලා අනෙක් අය සමග මා දිනවන plan එක හදයි. “ආරියදාස පටන් ගන්න තැන ඉදලා 2 Km මනතුංග එක්ක දුවන්න ඔනේ. අනිත් අය admin bus එකේ පස්සෙන් එනවා. දෙවන 2 Km දිසානායක, ඊලගට සූරි, ඊලගට මම, ඊලගට පෙරේරා, ඊලගට නවත ආරියදාස.... “ කිසිදා ආසාවකටවත් අපගෙ පලමු නමෙන් කතා නොකල Udesh සර් plan එක ගෙන හැර පායි...

    මීට අවුරැදු 25 කට පමන එපිට සිදුකල එම ක්‍රියාදාමය අද මෙන් මට මතකය. කොළ පැහැති කොඩිය කොමන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලෙහි ප්‍රධාන ගේට්ටුව අබියස තවමත් පහත නොවැටී මා එනතෙක් බලාසිටිනු මට තාමත් මතකය. මා එදින ලද ජයග්‍රහනයේ ප්‍රධාන කොටස් කරුවන් Udesh සර් ප්‍රමුඛ ඔවුන්ය...

    “මේක ඕනේ නම් target එකක් අරන් පෙන්නන්න ඕනෙ” 1998 වසරේ අගභාගයේ 1 වන කොමාන්ඩෝ රෙජිමේන්තුව වෙත වෙන්ව ආ 2/Lt Sudath Dissanayake, 2/Lt Samantha Ariyadasa හා මා දෙස තියුනු බැල්මක් හෙලූ අපගේ පලමු අණදෙන නිළධාරී වූ Lt Col Sujith Jayasekara අප හට නව American Combat Uniform එකක් පෙන්වා පැවසූ අයුරු මට අදමෙන් මතකය. එකල අප එය හැදින්වූයේ 4000 Combat කියාය. එහි උරුම කරුවන් වූයේ කොමාන්ඩෝ සහ විශේෂ බලකා අයවලුන් පමනි. 4000 combat එකක් නවක අපට හීනයකි. එම දිනවල අප පැලදියේ ශත 5 නම් වූ ශ්‍රී ලංකාවේ නිශ්පාදිත එතරම් ගැම්මක් නැති combat එකකි. CO විසින් පෙන්වන ලද නව American Combat එක නොහොත් 4000 කිට් එක කෙසේ හෝ ලබා ගැනීම අප කාගේත් ඒ දිනවල සිහිනය වී තිබුනි. කෙසේ හෝ වැඩිකල් නොයා එම අනගි Combat එක මා සතු විය.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    මා යුද්ධය පිළිබද ප්‍රායෝගිකවම හදාරන අවදියේ මාගේ මග පෙන්වන්නන් වූ Capt Chinthaka Dissanayake, Lt Lalith Weerakoon, Lt Jagath Imaduwawithana, Lt Bandula Dharmasooriya, Lt Chaminda Karunaratne මට අමතක කල නොහැකි චරිතයන් වේ. මෙම කාල වකවානුවේ මාගේ නිළධාරී අණදෙන වූ Capt Chinthaka Dissanayake " චමින්ද මූව හදල ගනින්" යැයි පවසමින් මා Lt Chaminda Karunarathna ගේ ඛන්ඩයට අතුලත් කල අතර ඔහුගෙන් එකල කන පලා නොගත් එකම නිළධාරියා වීමේ භාග්‍යද මම ලදිමි. නමුදු මම ඔහු වෙතින් බොහෝ දෑ ඉගෙන ගතිමි.

    එකල මා හට අමතක කල නොහැකි තවත් එක් චරිතයක් වූයේ Lt Parackrama Weerakoon නොහොත් “සුකී” (nick name) ය. වරෙක සතුරා විසින් අත්පත් කරගත් යාපන අර්ධද්වීපයේ පුතූර් east ප්‍රදේශය නැවත අප අතට ගැනීමට සැලසුම් කල ක්‍රියාන්විතයකදී ඔහු අපගේ ජීවිත බේරා ගත්තේ අමුතුම ආකාරයකටය. හොර රහසේම රාත්‍රි කාලයේදී සතුරු ආරක්ෂක වලල්ලෙන් රිංගා සතුරු ප්‍රදේශයට අවතීර්ණ වූ අපගේ surprice loss කිරීමට කොප්‍රල් හාට්මන් හා මෝල්ගස් පෙරේරා තම RPG හා MPMG අවි වලින් ඉලක්ක කර තිබුනේ සතුරු Land Rover රථයක ගමන් ගත් ත්‍රස්තවාදී නායකයෙකැයි සැලකිය හැකි අයෙකි. ඉදින් පසු සතුරු භූමිය තුල surprice loss වීමේ ආදිනව අප මනාව වින්දෙමු. මිට මාස කිහිපයකට පෙර යුගදිවියට පා තබා පැමිණි අපගේ නිළධාරී අණදෙන Capt Edirimanna ගේ හිස හරහා වෙඩි උන්ඩයක් ගමන් කිරීමත් සමගම අප තවත් අසරන වීමු. හාට්මන් සහ මෝල්ගස් පෙරේරාට පින්සිදු වන්නට අප දැන් හතර වටින්ම වටවී කිසිදු reinforcement එකක් නොමැතිව සීමිත උන්ඩ ප්‍රමාණයක් හා විශාල තුවාලකරුවන් පිරිසක් සමග ජීවිතය බේරගැනීමේ සටනේ යෙදී ඇත.

    යුද්ධයකදී ground support නැති තැන අපගේ එකම පිහිට air support වේ. අපගේ own air support එක 81 mm mortar support එක වේ. එය භාරව සිටියේ මා ඉහත කී Lt Parackrama Weerakoon ය. ඔහුගෙන් ලද නොමද 81 mm mortar සහාය නිසා සතුරා යම්තාක් දුරට pin down කිරීමට අපට හැකිවිය. නමුදු ඔවුනගේ භූමිය තුල ඔවුනගේ බලය පෙන්වමින් අප අභිබවා නැගී සිටීමට සතුරාට වැඩි වේලාවක් නොගියේය. අසීරැ අවස්ථාවල යොදා ගන්න maximum use of fire power යන සිද්ධාන්තය අපගේ සීමිත උන්ඩ ප්‍රමාණය හරහා බිද වැටී තිබේ. කලින් ඈතින් දුන් mortar grid location අප ලගටම ගැනීමට සිදුව තිබේ. දැන් අපේම mortar රස අපටම දැනේ. අත ලග සිටින සතුරාට දැනෙන්නට ලංකර ගන්නා අපේම mortar බලය දන් අප මතය. අපගේම ප්‍රහාරයට වඩා සතුරු ප්‍රහාරයට මුහුන දීම යෙහෙකැයි සිතූ මා mortar ප්‍රහාර නවත්වන ලෙස cougar set එකෙන් මොරගෑවේය. අනිත් කොනින් ඇසුනු බිදුනු 'සුකී' ගේ කටහඩ මට තවත් මතකය. “4A නවත්වන්න බෑ mortar 18 ක් උඩ". ඉදින් මා කුමක් කරන්නද? අප බේරා ගැනීම උදෙසා ‘සුකී’ තම උපරිමය කර ඇත. තවමත් mortar බෝම්බ 18 ක් උඩු ගුවනේ සිට අප වෙත හඹා එමින් සිටියි. හැකි උපරිමයෙන් කෑ ගසා මාගේ සගයන් down දමනවාත් සමගම අප බේරාගැනීමට ‘සුකී’ මුදා හල සියලුම mortar පතිත වූයේ සතුරාද අපවද surprice කරමිනි. නමුත් එම ප්‍රහාරය නිසා තුවාල වුවද අප විශාල ප්‍රමාණයක් දිවි බේර ගතිමු.

    යුද්ධ හමුදාව තුල මා හට හමු වූ විවිධාකාර වූ චරිත බොහෝය. ඔවුනගෙන් මා උගත් දෑ බොහෝය. යුද්ධ හමුදාව තුල මා අප්‍රිය කල චරිත නොවීය. මාගේ ගමන් මග සාර්ථක කල ඔවුනටද මාගේ ප්‍රනාමය පුද කරමි. මා වැටුනු අවස්තා වලදී මෙන්ම මා හට අවැසි වූ ඕනෑම අවස්තාවකදී මා දෙපස සිට මා දිරිගැන්වූ මගේ ආදරණීය අක්කා සහ නංගී මෙන්ම ඔවුනගේ දයාබර සහකරුවන්ද ආදරයෙන් මතක් කිරීමට කැමැත්තෙමි. එමෙන්ම මා මෙතෙක් පැමිනි ගමනේ කොටස් කරුවන් වූ සියලුම දෙනාට ප්‍රණාමය පුද කරමි.

    මා හට යුද්ධ හමුදාවෙහි ‘අ’ යන්න ඉගැන්වූ එවකට දියතලාව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කීර්තිමත් උපදේශක කපිතාන්වරු වූ දැනට විශ්‍රාම සුවයෙන් කල් ගෙවන Maj Gen Kithsiri Liyanage, Maj Gen Crishantha Ghanaratne හා Maj Gen Sanjeewa Fernando යන නිළධාරීන් අප වෙනුවෙන් කල කැපකිරීම අදදු මම සෙනෙහසින් සිහිපත් කරමි.

    කෲරතර යුද්දයකින් දිවිගලවා ගැනීමේ හා සතුරා අභිමුව නිර්භයව සටන් කිරීමේ පන්නරය මා හට ලබා දුන්නේ මාගේ රෙජිමේන්තුව වන කොමාන්ඩෝ රෙජිමේන්තුවයි. මාගේ මුළුමහත් තරුණ දිවියම මා කැපකලේ කොමාන්ඩො රෙජිමේන්තුව තුලය. මා ලද දෙස් විදෙස් විශාල පාඨමාලා ගනණාවක් තුලින් මාගේ හැකියාවන් තවත් මුවහත් විය. අද මා මෙසේ ජීවත් වන්නේ එසේ ලබාගත් අත්දකීම් හා පන්නරය මතය. යුධමය සමයේ මා සමග දේශය වෙනුවෙන් තස්තවාදීන් සමග සටන් වැද දිවි පූජා කල හා රණක්ෂිතයට පත් මාගේ සගයන් මෙන්ම දැනටද රෙජිමේන්තුව තුල සේවය කරන හා විශ්රාම ගත සියලුම දෙනා ඉතා ආදරයෙන් සිහිපත් කරමි.1996 ජනවාරි මස 3 වන දින ශ්රී ලංකා යුද්ධ හමුදා විදයාපීඨයේ කැඩෙට් නිළධාරි පාඨමාලා අංක 44 සමග මෙතෙක් එක්ව ගමන් කරන මාගේ සහෘද කැලද ඉතා ආදරයෙන් සිහිපත් කරමි. යුද්ධය නිසාවෙන් දිවි අහිමි වූ සහෘදයන් 14 දෙනාද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. තවද මා සමග අනේකවිද දුක් විද කොමන්ඩෝ පාඨමාලාව හදාරා එයිනුදු නොනැවතී දේශයේ ඒකීය භාවය උදෙසා සටන් වැද මෙලොවෙන් සමුගත්, රණක්ශිතයට පත් හා දැනට විශ්‍රාම සුවයෙන් පසුවන කොමාන්ඩො ඉදුරාම බදවා ගැනීම් අංක 15 හි සහෝදරයන්ද ඉතා ආදරයෙන් සිහිපත් කරමි.

    මා විශ්‍රාම යාමට ප්‍රථම දෑවුරැද්ද රාජකාරින් සිදුකල ආරක්ෂක අමාත්‍යංශය මාගේ ජීවිතයේ තවත් එක් වැදගත් සන්දිස්ථානයකි. එහිදී මා දැන හදුනාගත් පිරිස් බොහෝය. අනෙකුත් සහෝදර හමුදාවන්ට අයත් සහෝදර සහෝදරියන් මෙන්ම විවිධ තරාතිරම් වල සිවිල් අයවළුන්ද හදුනාගැනීමට හැකිවිය. අප අතර ඇතිවූ තද සහෝදර බැදීම සදාකාලික වනු ඇතැයි මම සිතමි.

    මා මෙම නිළ ඇදුමට ආදරය කල තරම හොදින්ම හදුනන්නේ මාගේ බිරිදය. මා එය සදාකාලිකවම ගලවා දමීමේ සංතාපයද ඇයට එලෙසින්ම දනෙන බව මම දනිමි. “තාත්ති ඔයාට දුකයි නේද?” දවසට දෙතුන් වරක් වත් ඇය අසයි. අවුරුදු 29 කට ආසන්න කාලයක් මා පැළදි නිළ ඇදුම ගලවා දමා මා අද නිවසට ගොඩවනවිට ඇය කදුලු පිරි දෙනෙතින් මා පිලි ගන්නා බවද මා දනිමි. මා අද පැමිනියේ කිසිවක් අහිමි කරගෙන නොවන බව මම ඇයට පවසමි. මා ලබාගත් අත්දැකීම් සමුදාය මත ඔවුන් සියලු දෙනාගේම අනාගතය ගොඩනගන බව මම ඇයට පවසමි. අදින් පසු මා හට මග හැරී ගිය සියලුම දෑ ඉටු කිරීමට කාලය එලඹ ඇත. පවුලේ අයවලුන් සමග මගුල් ගෙවල් වල මෙන්ම අවමගුල් ගෙවල් වල යා හැක. නෑදෑයනගේ පින්කම් ගෙවල් වල මෙන්ම සාමාජයීය කටයුතු වලද නියලිය හැක. දරැවනගේ ඉගෙනීම් කටයුතු වලට ඉදුරාම මැදිහත් විය හැක. විශේෂයෙන්ම මාගේ මව මෙන්ම බිරිද උසුලන ජීවන බරෙහි වැඩි කොටසකට උරදිය හැක.

    මා විසින් මා උපන් දේශයට කල යුතු යුතුකම් හැකි පරිදි ඉටුකර ඇතැයි මම සිතමි. යුද්ධ හමුදාව විසින් මා වෙත ලබාදුන් සියලූම පහසුකම් හා සේවාවන් වෙනුවෙන් මා උපරිමයෙන් ප්‍රතිචාර දක්වා අතැයි මම සිතමි. යුද්ධ හමුදා නීති රෙගුලාසි මාලාවන් අභිබවා නොයමින් යුද්ධ හමුදා වචනයෙන්ම 'clean sheet' තත්වය ආරක්ෂා කර ගත්තෙමි. මා යුද්ධ හමුදාව සතු කිසිවක් අවභාවිතා කර නැත. ඉතින් මා හට පසුතැවීමට කිසිවක් නැත.

    Colonel Suranga Manatunga (Retd) RWP RSP USP MSc
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352

    sigiriye gihin nadda
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    යකෝ ඌ ඔෆිසර් join වෙලා අවුරුදු 29 service එකක් තිබිලත් යුදෙට සෘජුවම දායක වෙලත් විශ්‍රාම ගිහින් තියෙන්නේ කර්නල් හැටියට ද? පව් වැඩේ නේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    යකෝ ඌ ඔෆිසර් join වෙලා අවුරුදු 29 service එකක් තිබිලත් යුදෙට සෘජුවම දායක වෙලත් විශ්‍රාම ගිහින් තියෙන්නේ කර්නල් හැටියට ද? පව් වැඩේ නේ.
    Army eke promotion na ban
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    You Got This Hat GIF by Pudgy Penguins
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    ඔය ගැම්ම හොද වෙන් නෑ . හොදම දේ රුසියාවට හරි යුක්ක්‍රෙන් වෙනුවෙන් සටන් වදින එක
    Pissuda ban, ehe giyoth me minissu niraparade marenawa. drone, artillery, missile, wage ewagen ehe gahaganne. face to face attack na. Ithin kochchara waddek unath wadak na Russo-Ukraine war ekata giyoth on the spot thama
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,269
    113
    යකෝ ඌ ඔෆිසර් join වෙලා අවුරුදු 29 service එකක් තිබිලත් යුදෙට සෘජුවම දායක වෙලත් විශ්‍රාම ගිහින් තියෙන්නේ කර්නල් හැටියට ද? පව් වැඩේ නේ.
    Good school nemei nam tharu ganna amarui.