කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයීය පාසල් වෝටර්පෝලෝ කණ්ඩායමේ සාමාජිකාවන් තමන් ගුවන් හමුදා ක‍්‍රීඩිකාවන්ගේ ලිංගික අතවරවලට ලක්වුණැයි ක‍්‍රීඩා ඇමති ගාමිණී ලොකුගේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය සති අන්තයේ පැවති ජාතික වෝටර්පෝලෝ අවසන් මහා තරගයේදීය. මෙහිදී විශාඛා ක‍්‍රීඩිකාවන් 5-7 ලබා අනුශූරියන් වූ අතර ජය ලබා ගත්තේ චෝදනාවට ලක්වූ ගුවන් හමුදා පිළයි.මෙවැනිම අතවර ගුවන් හමුදා ක‍්‍රීඩිකාවන් වෙතින් එම තරගාවලියේ 3 වන තැන දිනු බිෂොප් බාලිකාවන්ද අත්විඳිබවට තවත් පැමිණිල්ලක් මේ වනවිට ඉදිරිපත්ව ඇති අතර තමන්ගේ සිරුරුවල සංවේදී ප‍්‍රදේශ ස්පර්ශ කිරීමට හා හිරිහැර ඇතිකිරීමට මෙම ගුවන් හමුදා ක‍්‍රීඩිකාවෝ උත්සාහ කළ බව එම පැමිණිල්ලේ දක්වා ඇත.ඔවුන් එම හිරිහැර තුළින් ප‍්‍රතිවාදීන් මානසිකව පහත හෙළීමේ උත්සාහයක නිරතවී ඇත.











