විශාඛා_විදුහලේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
විශාඛා_විදුහලේ

පුතා අකාලයේ මිය ගිය ශෝකය වෙනුවෙන් මව ආරම්භ කළ කාන්තා විදුහලට වයස 100 ක් සපිරුණ දා අගමැති කළ අපූරු කතාව



1-Vishaka-100-aniversary.jpg


විදුහලකට වසර 100 ක් පිරීම ලංකාව වැනි දූපත් රාජ්‍යයකට විශාල වටිනාකමකි. එවැනි වටිනාකමක් ඊයේ ලංකාවේ සුප්‍රකට කාන්තා විද්‍යාලයක් වන විශාඛා විදුහලට ලැබිණ. එම අවස්ථාවට සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකීය කාන්තාවගේ අතීතයත් වර්තමානයත් විනිවිද දකිමින් අපූරු කතාවක් කෙළේය. මේ දිනවල අගමැතිවරයා තැන තැන කරන කතා වල අනෙක් දේශපාලනඥයන්ට වඩා වෙනස් වැදගත් ලක්ෂණයක් දැකිය හැකිය. එනම් ඒ ස්ථානයන්ට අදාල බොහෝ දෙනා නොදන්නා සැඟවුනු අතීත සිදුවීම්, ස්මරණයන් ගෙන හැර පාමින් වර්තමානය සමග සසඳමින් කතා කිරීමයි. ඊයේ විශාඛා විදුහලේ දී ද අගමැතිවරයා එවැනි කතාවක් කෙළේය. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
“විශාඛා විද්‍යාලයට වසර සියයක් සපිරෙන මොහොතේ පවත්වන ත්‍යාග ප්‍රදානෝත්සවයට මට ආරාධනා කිරීම පිළිබඳව ඔබ සියළු දෙනාට මම ස්තුති වන්ත වෙනවා. අපේ පළමු යුතුකම වන්නේ මෙම පාසල ආරම්භ කළ ජෙරමියස් දියෙස් මැතිනිය සිහි කරමින් අද දිනයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධාන කළ වර්තමාන විදුහල්පතිතුමියටත්, ගුරු මණ්ඩලයටත්, විද්‍යාලයේ දරුවන්ටත් ස්තුති කිරීමයි. විශාඛා විද්‍යාලයේ ඉතිහාසය තුල පාසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරමින් මෙම පාසලට ස්ථිර පදනමක් දැමූ විදුහල්පතිනියන් කිහිප දෙනෙකුම සඳහන් කළ හැකියි.
මොට්වානි මැතිනිය, ජයසිංහ මැතිනිය , අයිලින් සිරිවර්ධන මැතිනිය සහ එදිරිසූරිය මැතිනිය ආදි විදුහල්පතිනියන් දශක හයක් පමණ පුරාවට විශාඛා විද්‍යාලය හැඩ ගැස්සුවා. අද මෙම විද්‍යාලය ත් ක්‍රියාත්මක වන්නේ ඔවුන් සැකසු එම පදනම මතයි. වර්තමාන විදුහල්පතිනියත්, ගුරු මණ්ඩලයත් ආදී සහ වර්තමාන ශිෂ්‍යාවනුත් කටයුතු කරන්නේ එම අතීත පදනම මතයි.
ජෙරමියස් දියෙස් මැතිනිය තම පුත්‍රරත්නය මියගිය අවස්ථාවේ විශාඛා විද්‍යාලය නමින් කාන්තා විද්‍යාලයක් ආරම්භ කිරීම විශේෂ සිදුවීමක්. ඒ හරහා මේ රටේ වනිතා සංවර්ධනයට විශාල ශක්තියක් ලැබුණා. සාමාන්‍යයෙන් පුත්‍රයෙක් මියගිය අවස්ථාවක එම ශෝකය වෙනුවෙන් බොහෝ විට ආරම්භ කරන්නේ පිරිමි විද්‍යාලයක්. නමුත් මෙලෙස කාන්තා විද්‍යාලයක් ආරම්භ කිරීම විශේෂ සිදුවීමක් ලෙස සැලකිය යුතුයි. මීට සිය වසකට පමණ පෙර රටේ කාන්තා අධ්‍යාපනය පිළිබදව බොහෝ පිරිසකට උනන්දුවක් තිබුනේ නැහැ. කාන්තාවන්ට අයිතිවාසිකම් හිමිව තිබුණේත් නැහැ. ඒ වගේම පසු කාලයේ ඡන්ද බලය ලැබෙන විට 95% ක කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවී තිබුණේත් නැහැ.
ඇතැම් නිත්‍යානූකූල අයිතිවාසිකම් පවා කාන්තාවන්ට අහිමිව තිබුණා. බොහෝ ආගම්වල කාන්තාවන්ට නිසි ස්ථානයක් හිමිවුණේ නැහැ. නමුත් මෙම සියවසේ මේ සියල්ල වෙනස් වුණා. එම වෙනස ඇති කිරීම සඳහා ඉදිරිපත් වුණේත් කාන්තාවන්. එම වෙනස ඇතිකිරීමට දායක වූ කාන්තා පාර්ශවයට නායකත්වය සහ ශක්තිය ලබාදුන්නේ හොදින් අධ්‍යාපනය හැදෑරූ බුද්ධිමත් කාන්තාවන් විසින්.
යුද්ධ කාලයේ පැවති කලබල හේතුවෙන් කොළඹ විශාඛා විද්‍යාලය බණ්ඩාරවෙල නගරයට ගෙන ගියා. ඉන් පසුව නැවතත් විශාඛා විද්‍යාලය කොළඹට ගෙන ආවත් තවත් විශාඛා විද්‍යාලයක් බණ්ඩාරවෙලත් තිබෙනවා. ඒ වගේම රාජකීය විද්‍යාලයත්, ශාන්ත තෝමස් විද්‍යාලයත්, ශාන්ත ජෝසප් විද්‍යාලයත් ආදිය යුද්ධ කාලයේ කලබල හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ ස්ථාපිත කළා. එම විද්‍යාල නැවතත් කොළඹ නගරයට ගෙන ආවත් බණ්ඩාරවෙල නගරයේ මෙම ඇතැම් පාසල් අදටත් ක්‍රියාත්මක වනවා.
විශේෂයෙන්ම මෙම ශත වර්ෂය තුල කාන්තාවන් ළඟා කරගත් ප්‍රගතිය පිළිබදව මම යමක් ප්‍රකාශ කළ යුතුයි. 1930 පමණ වනවිට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඡන්ද බලය හිමි වුණා. 1931 සර්වජන ඡන්ද බලය ලබාගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ කාන්තාවන් ලැබූ විශාල ප්‍රගතියක්. ඩොනර්මෝර් කොමිසම ලංකාවට පැමිණි අවස්ථාවේ කාන්තාවන්ට ඡන්ද බලය හිමිවිය යුතු යැයි පැවසුවේ ස්වල්ප දෙනෙක් පමණයි. ඒ වගේම කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව ලෝක සමාජය තීරණය කළේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර රටවල්වල බොහෝ පිරිමි පුද්ගලයන් යුද්ධයට බැදුණු අවස්ථාවේ කෘෂිකාර්මික සහ කාර්මික රැකියා සදහා යොමු වුණේ කාන්තාවන්.
ඇමෙරිකාවේ ව්‍යවස්ථාවට අනුව සියළු දෙනාටම එක හා සමානව සැලකිය යුතු යැයි සඳහන් වී තිබුණත් ඇත්ත වශයෙන්ම ප්‍රයෝගිකව එම අයිතිය කාන්තාවන්ට ලැබුණේ නැහැ. නමුත් එම අයිතිය ලබාදෙන්න යැයි කිසිදු අයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කලෙත් නැහැ. එය ඇතිවුනේ ක්‍රමානුකූලවයි. ලංකාවේත් ඊට සමානයි. කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමි වුවත් පාර්ලිමේන්තු නියෝජනය කාන්තාවන්ට ලබාගැනීමට බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ නැහැ. සමාජයේ ආර්ථික අංශයට හෝ පරිපාලන අංශයට රාජකාරී සඳහා පැමිණීමට කිසිදු කාන්තාවක් බලාපොරොත්තු වුණේ නැහැ.
සුළු පිරිසක් මෙරටේ කාන්තා විද්‍යාලවලින් අධ්‍යාපනය ලබමින් ඒ අවශ්‍ය දැනුම සමඟ සමාජයේ ඉදිරියට පැමිණියා. එය මේ ශත වර්ෂයේ එක් සටනක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඒ වගේම නෛතික, සමාජීය සහ දේශපාලනික සමානාත්මතාවය ලබාගැනීමත් එම සටනට ඇතුලත්. රටේ ඒ සියළු ක්ෂේත්‍රයන් සඳහා ප්‍රමුඛ වූ කාන්තාවන් ගණනාවක් මේ විශාඛා විද්‍යාලය හරහා බිහි වුණා. පරිපාලනය, අධ්‍යාපනය, නීතිය, ක්‍රීඩාව, සංගීතය, චිත්‍රපට නිශ්පාදනය ආදී බොහෝ අංශ විශාඛා විද්‍යාලීය කාන්තාවන් නියෝජනය කළා.
ඒ සියළු අංශවල වගකීම් භාර ගැනීමට කාන්තාවන් ඉදිරියට පැමිණියා. මෙක්සිකෝවේ පැවති පළමු ජාත්‍යන්තර කාන්තා සම්මේලනයෙන් පසු ලෝකයේ මේ තත්වය තවත් වර්ධනය වුණා. මම ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව යටතේ කැබිනට් මණ්ඩලයේ කටයුතු කරන විට කාන්තාවන් වෙනුවෙන් කාන්තා අමාත්‍යාංශයක් ඇති කරමින් කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කළ ආකාරය මට මතකයි.
නීතිමය වශයෙන් කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමත්, ආකල්පමය වශයෙන් කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමත් එකිනෙකට වෙනස් කාරණා 2ක්. නීතිමය අවසරය ලබාගත්තත් ආකල්පමය වශයෙන් ද ඒ තත්වය ඇති කළ යුතුයි. මම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගන්නා අවධියේදී රාජ්‍ය සහ පෞද්ගලික පාසල්වල ගුරු සේවයේ යෙදුනේ බහුතරයක් පිරිමි පාර්ශවයයි. නමුත් ඒ තත්වය වෙනස් වෙමින් වර්තමානය වනවිට ගුරු සේවයේ බහුතරයක් නිරත වන්නේ කාන්තාවන් බව කිව යුතුයි.
එකල අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී කිරීමට අවශ්‍ය කාන්තා සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණ විට මගේ මැදිහත්වීමෙන් විශාඛා විද්‍යාලයේ හේමා ජයසිංහ මැතිනිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගත්තා.
එම තීරණය හේතුවෙන් එදා විශාඛා විද්‍යාලයේ ඇතමුන් මාත් සමග අමනාප වුණා. එදා රාජකාරි සඳහා කාන්තාවන් සොයා ගැනීමත් එතරම්ම අපහසු වුණා. නමුත් වර්තමානයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් වී තිබෙනවා. අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් කාන්තාවන්.
විශේෂයෙන්ම වෛද්‍ය පීඨයේත්, වෛද්‍ය වෘත්තියෙත් අද කාන්තාවන් බොහේ ප්‍රමාණයක් සිටිනවා. නමුත් මීට පෙර මෙම ක්ෂේත්‍රයට එක් කාන්තාවක් ඇතුල් වීමත් විශාල වෙනසක් ලෙසයි සමාජයේ සැලකුනේ. නීති වෘත්තියත් අද එසේමයි. නමුත් මම නීතිය හදාරණ අවධියේ අපත් සමග එම අංශයෙන් අධ්‍යාපනය හැදෑරුවේ කාන්තාවන් අතලොස්සක් පමණයි. සමාගම්වල කළමණාකාර අංශය ආදියට කාන්තාවන් ඇතුලත් වීම පිළිබඳව කිසිවෙකුත් කල්පනා කර තිබුණේත් නැති අවධියක් ලෙස එදා අතීතය හඳුන්වන්නට පුළුවන්. බොහෝ සමාගම් කාන්තාවන්ට අයිති තැන ලෙස හැදින්වූයේ සමාගමට පිවිසෙන දොරටුවේ පිළිගැනීමේ මේසයයි.

එදා කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වුනේ ලංකා මහිලා සමිතිය පමණයි. නමුත් නීතිය වෙනස් කරමින් ආකල්ප වෙනස් කරමින්, සමාජීය අදහස් වෙනස් කරමින් සමාන අයිතිවාසිකම් දිනා ගැනීම යනු සටනක්. ලංකාවේ ඇති තවත් ප්‍රධාන ගැටළුවක් නම් කාන්තාව ගෘහ මූලිකත්වය දරන පවුල් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබීමයි. යුද්ධය නිසා දකුණෙත් – නැගෙනහිරත් එම සංඛ්‍යාව තවත් වැඩි වීමක් පෙන්නුම් කරනවා. වන්නිය ආදී ප්‍රදේශවල යුද්ධයෙන් ස්වාමිපුරුෂයා මිය ගිය පවුල් ගණනාවක් සිටිනවා. දකුණේ හමුදාවේ සේවය කරමින් ස්වාමිපුරුෂයා මිය ගිය පවුල් වෙනුවෙන් අප යම් යම් පියවර ගන්නවා. නමුත් උතුරේ පවුල්වලට එවැනි සහනයක් ලැබෙන්නේ නැහැ. එය රටේ කාන්තාවන් සම්බන්ධයෙන් ඇති විශාල ප්‍රශ්නයක්.

ඒ වගේම පොලිස් සේවයේ නිරත වන කාන්තා සංඛ්‍යාව වර්ධනය කර ගත යුතු වනවා. සියළුම පොලිස් ස්ථානවල සෑම පොලිස් වසමකම කාන්තා පොලිස් නිලධාරීන් සේවය කළ යුතුයි. වර්තමානයේ කාන්තාවන් තරමක් ඉදිරියට පැමිණ තිබුණත් විසදා ගත යුතු ප්‍රශ්න කිහිපයක් තවමත් ඉතිරිව තිබෙනවා.
විශාඛා විද්‍යාලයට අදට වසර 100 ක් සපිරෙනවා. එසේ නම් විශාඛා විද්‍යාලයේ දෙවන ශත වර්ෂය කෙසේ විය යුතුද? එම දෙවෙනි ශත වර්ෂය තුළ උගත්, වැඩ කරන කාන්තාවන් බොහෝ පිරිසක් සමාජයට එකතු විය යුතුයි. ලංකාවත් ඇතුළුව රටවල් ගණනාවක කාන්තා ජනගහණය රටේ ජනගහනයෙන් බහුතර අගයක් ගන්නවා. එයට 51% න් 52% ක් පමණ වෙනවා. එසේ සියලූම ක්ෂේත්‍රයන්වලදී කාන්තාවන්ට ඒ හා සමාන නියෝජනයක් ලබා දිය යුතුයි.
දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය වර්ධනය කිරීම අප දැන් ආරම්භ කර තිබෙනවා. කාන්තාවන්ගේ ඡන්දයෙන් රටේ ආණ්ඩු මාරු වුණත් දේශපාලනය තුළ කාන්තා නියෝජනයේ අඩුවක් දක්නට ලැබෙනවා. එම ප්‍රමාණය තවත් දියුණු කිරීමට අවශ්‍ය පසුබිම සකසන්නේ කෙසේද?
ඊට අත්හදා බැලීමක් ලෙස ප්‍රාදේශීය සභා, නගර සභාවල කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට අපි නීතියක් සම්මත කරගෙන තිබෙනවා. එම අවශ්‍ය කාන්තා නියෝජනයට කාන්තා අපේක්ෂිකාවන් සොයා ගැනීමට නොහැකි වූ බව ඇතැම් සංවිධායකයින් තවමත් පවසනවා. නමුත් කෙසේ හෝ නීතියෙන් සම්මත කර ගත් ආකාරයට කාන්තා නියෝජනය වැඩි කළ යුතු බැවින් කෙසේ හෝ කාන්තා අපේක්ෂිකාවන් සොයා ගත යුතු බව මම ඔවුන්ට පැවසුවා.
එම ක්‍රමය ප්‍රාදේශීය සභා සහ නගර සභා තුල ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව පළාත් සභා තුලත් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම දේශපාලන පක්ෂවල පාලක මණ්ඩලය තුළ කාන්තාවන් අවම ප්‍රමාණයක් හෝ සිටිය යුතුදැයි යන්න පිළිබදව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. මෙවැනි පියවර අනුගමනය කරනවා නම් දශකයක් තුල පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහල යනවා.
මෙවැනි නීති රීති ස්ථාපිත කිරීමෙන් තොරවම නෝර්වේ රාජ්‍යයේ පාර්ලිමේන්තුව 50% ක ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් වීම විශේෂත්වක්. ඇතැම් යුරෝපීය රටවල කැබිනට් මණ්ඩලයේ 50% ක් පමණම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙනවා. එක් පැත්තකින් නීතිය හරහාත් අනෙක් පසින් සාමාජීය වශයෙනුත් අප මෙම තත්වය ඇතිකර ගත යුතුයි.
දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේදීත් කාන්තාවන් ඉහල මට්ටම දක්වා ගෙන ආ හැකියි. අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහාත් වර්තමානයේ කාන්තාවන් පත් වෙමින් සිටිනවා. නමුත් තවමත් පුද්ගලික අංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සහ කළමණාකාර අංශවල සිටින කාන්තා ප්‍රමාණය අවම අගයක් ගන්නා බව පෙනී යනවා. නමුත් ඇතැම් පුද්ගලික අංශවල ප්‍රධානතම මෙහෙය ඉටු කරන්නේ කාන්තාවන් විසින් වීම විශේෂත්වයක්. ඇඟළුම්, තේ ආදි ක්ෂේත්‍රවල බිම් මට්ටමේ බහුතරයක් රාජකාරී කාන්තාවන් විසින් සිදු කළත් නිලධාරි මණ්ඩලයේ කාන්තා ප්‍රමාණය ඉතා අඩුයි.
අපි දේශපාලන ක්ෂේත්‍රය තුල කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගත්නා අතරම පරිපාලන ක්ෂේත්‍රවලත් කාන්තා නියෝජනය වැඩිකිරීමට අවධානය යොමු කළ යුතුයි. එය එසේ සිදු නොවනවානම් එම ප්‍රශ්න සදහා නීතියෙන් විසදුම් සෙවීමට සිදු වනවා. ඒ වගේම රජයේ අනෙක් සංස්ථා, මණ්ඩල ආදියෙත් කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි.
කාන්තාවන් මුහුණ දෙන ගැටළු හොඳින්ම හඳුනාගන්නේ කාන්තාවන්. ඔවුන්ගේ ගැටළු විසදා ගැනීමට කාන්තාවන් ම දායකත්වය ලබා දිය යුතුයි. කාන්තාවන්ට විරුද්ධව තිබෙන ප්‍රචණ්ඩත්වය, සාමාන්‍ය ජනතාවට සමාජයෙන් ඇති ප්‍රචන්ඩත්වයට වඩා වෙනස් බව අපි අවබෝධ කර ගත යුතුයි. අප ජීවත් වන්නේ එවැනි යුගයකයි.
කාන්තාවන්ට හිමි තැන ලබා දීම සඳහා අවශ්‍ය කාන්තා නායකත්වය අතීතයේ ඇති කළේ විශාඛා විද්‍යාලය ආදිය හරහායි. ඉදිරියටත් එය එසේ සිදු වන බව මගේ විශ්වාසයයි. මේ වේදිකාවේ සිටින අප නොව ඉදිරියේ සිට අපට ඇහුම්කන් දෙන ඔබ සියලූ දෙනා අයිති වන්නේ රටට කාන්තා නායකත්වය ලබා දීමට සූදානම්ව සිටින රටේ අනාගත කාන්තා පරම්පරාවටයි. ඒ වගකීම් රට වෙනුවෙන් භාර ගැනීමට තමන් සූදානම් ද නැද්ද යන්න ඔබ සියළු දෙනා තීරණය කළ යුතුයි.
රටේ පාසල් රැසකින් පිටවන කාන්තාවන්ට නායකත්වය ලබා දීමේ භාරදූර කටයුත්ත ඔබට අනාගතයේදී භාර වෙනවා. එම වගකීම අනුව ඔබ කටයුතු කළ යුතුයි.
අප දැන සිටින අතීත විශාඛා විද්‍යාලයට වඩා වෙනස් විශාඛා විද්‍යාලයක් අද නිර්මාණය වී තිබෙනවා. මම මෙම ස්ථානයට පැමිණෙන විට අනුලා විජේසුන්දර මැතිනිය කථාවක් පවත්වමින් සිටියා. එවිට මට සිහි වුණේ මීට වසර 50කට පෙර මම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේදී එතුමියත්, එතුමියගේ සහෝදරියත්, මගේ සහෝදරියත් මෙම විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ආකාරයයි. අද ඔබ භාවිත කරන ජංගම දුරකථන එදා අපිට තිබුණේ නැහැ. අපි ජීවත්ව සිටි පටුමගේ දුරකථන ඇති එක් කෙනෙක් හෝ දෙදෙනෙක් සිටීමත් විශාල දෙයක් ලෙසයි එදා සැලකුනේ. අද තරම් වාහන තිබුණෙත් නැහැ. මේ ප්‍රදේශයට අපි පැමිණෙන්නේ පාපැදියෙන්. මෙවැනි විශාල වෙනසක් අද සිදුව තිබෙනවා.
විද්‍යාව හා තාක්ෂණය නිසාද අද සමාජය වෙනස් වී තිබෙනවා. ඒ හරහා අද ඔබ සියලූ දෙනා ජාත්‍යන්තර ලෝකයට සම්බන්ධ වී සිටිනවා. නමුත් එදා අපිට එම අවස්ථාව ලැබුනේ නැහැ. ලෝකයේ එක් කොනක වන විපර්යාසය අනෙක් කොනට බලපානවා. රටේ බහුතර ජනගහනය වන කාන්තාවන් වෙනුවෙන් ඉදිරියට ඒමට කාන්තාවන් පිරිසක් සූදානම් කරවන ආයතනයක් ලෙස විශාඛා විද්‍යාලය හැදින්වීමට පුළුවන්.
ජෙරමියෙස් දියෙස් මැතිනිය එදා මෙතරම් දුර දුටුවාදැයි මා දන්නේ නැහැ. නමුත් රටේ කාන්තාවන් වෙනුවෙන් ඇති පාසල් ප්‍රමානය වැඩි කිරීමට ගත් තීරණයේ වාසිය අද ඔබ සියලූ දෙනාටමත්, අපේ රටටත් ලැබී තිබෙනවා. අනාගත වනිතා දියුණුවට අපි වර්තමානයේ කැප වී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. සමාජ ආකල්ප වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එම නිසා අනාගතය වෙනුවෙන් ඔබ සියලූ දෙනාටම මම සුභ ප්‍රාර්ථනා කරනවා. ඒ අවස්ථාවටම ආරාධනා කිරීම පිලිබද ඔබට ස්තුති වන්ත වනවා.
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මේ යකාගේ කතාව විතරයි..... වැඩ නෑ......

    මොකෝ නැත්තේ මහ බැංකුවේ වැඩේ ලස්සනට කලා ,සාලාවේ වැඩේ කලා ,කාර් ෆැක්ට්‍රිය දැම්ම ,හම්බන්තොට වරාය සංවර්දනය කලා ඒ tikama madida
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකෝ නැත්තේ මහ බැංකුවේ වැඩේ ලස්සනට කලා ,සාලාවේ වැඩේ කලා ,කාර් ෆැක්ට්‍රිය දැම්ම ,හම්බන්තොට වරාය සංවර්දනය කලා ඒ tikama madida

    ඇයි බ්‍රෙස්ලට් දීල සල්ලිවලින් සාක්කු පුරවපු එක.
     
    • Like
    Reactions: hasini9303

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    මොකෝ නැත්තේ මහ බැංකුවේ වැඩේ ලස්සනට කලා ,සාලාවේ වැඩේ කලා ,කාර් ෆැක්ට්‍රිය දැම්ම ,හම්බන්තොට වරාය සංවර්දනය කලා ඒ tikama madida

    :yes: :yes: :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    බඩුවක් ගහගන්න පයිය නගින්නේ නැති ජංගි ඉබ ඉබ යන එකෙක් නේ.

    උඹේ අම්මගෙන් අහල බලපන් පොඩ්ඩක් හරියටම දැන ගන්න පුළුවන් වෙය්
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹේ අම්මගෙන් අහල බලපන් පොඩ්ඩක් හරියටම දැන ගන්න පුළුවන් වෙය්


    කෝ දියන් උබේ අම්මගේ නොම්බරේ. මන් උබේ අම්මගෙන් අහල බලන්න. අඩෝ ලජ්ජා නද්ද බන් උබ උබේ අම්මත් එක්ක ඉන්නවා කියන්නේ. :lol::lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    ඔය ගං කබරයගේ කතා අහල මොනවා කරන්නද?
    වොක්සාවගන් පැක්ටරිය ගැනවත් දාල තිබ්බනං කියවන්න තිබ්බ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    බඩුවක් ගහගන්න පයිය නගින්නේ නැති ජංගි ඉබ ඉබ යන එකෙක් නේ.

    ebay එකෙන් dildo ගෙන්නගන ෆුකේ උබා ගන්න පොන්නයා අනිත් උන්ගේ බඩු ගැහිල්ල ගැන ටොක්ස් දෙනවා මේකේ :lol: