දකුණු පලාතේ මචන් ජෝක් එකක් නෙවෙයි උල්කාපාතයක් නම් කට්ටිය දකින්න ඕන ඒකයි ගැටළුව
සමහර විට ඔබ දැක්ක දේ ඇත්තක් තියෙන්න පුඵවන්... කට්ටියට මතකද 2006 පූලි මාසයේදී විතර පිළිම වලින් බුදු රැස් විහිදුන එක? ඇත්තටම ඒ සිදුවීම මමත් ඇස් දෙකෙන්ම දැක්කා. එදා මම වැඩ කරපු තැන වැඩකට ගාල්ලේ යන්න උනා. එතකොට ගාල්ලේ බස් නැවතුමේ තිබුන ලොකු බුදු පිළිමය ලග මිනිස්සු ගොඩාක් එකතු වෙලා හිටියා. වයසක උදවිය සාදුකාර දෙනවා... මම ඒ ගැන කෙනෙකුගෙන් ඇහුවාම කිව්වා බුදු පිළිමයෙන් බුදු රැස් විහිදෙනවා කියලා... ඉතින් මාත් ගිහින් බැලුවා. වැඩේ ඇත්ත. බුදු පිළිමයේ තියන රැස් වලල්ල වටේටම පාට පාට රැස් විහිදීම ඇත්තටම මගේ ඇස් දෙකෙන් දැක්කා.. ඒ වෙලාවෙත් මම හිතුවේ ඒක මොකක් හරි දෙයක් කරලා මිනිස්සු රවට්ටන්න කෘතිමව හදපු කිරණයක් වෙන්න ඇති කියලා... ඒත් මම බස් එකේ එනකොට පාර දිගටම තිබුන හැම බුදුපිළිමයක් ගානේම මිනිස්සු එකතු වෙලා ඉන්නවා දැක්කා සමහර තැන් වල මිනිස්සු මහ හයියෙන් සාදු කාර දෙනවත් දැක්කා. මම කොළඹට ඇවිත් පිටකොටුවේ බෝධිය ලග බහිනකොට එතනත් මිනිස්සු ගොඩාක් පිරිලා හිටියා මේක බලන්න. පුදුමේ කියන්නේ ඒ බුදු පිළිමෙනුත් ගාල්ලෙදි දැක්කා වගේම රැස් විහිදෙනවා මම දැක්කා. ඒ වෙලාවෙනම් මට හිතුනා මේක බොරුවක් නෙවෙයි කියලා... ඊට පස්සේ මම නැවතිලා හිටපු කැලණිය බෝඩිමට යන්න 4 කණුවෙන් (පට්ටිය හන්දිය) බැහැලා යනකොට කැළණිය ස්ටේෂන් එක ලග තිබුන ලොකු බුදුපිළිමේ ලගත් මිනිස්සු පිරිලා හිටියා. එතනත් අර විදියටම රැස්විහිදෙනවා මම දැක්කා. පස්සේ බෝඩිමට ගිහින් කල්පනා කරද්දි මට හිදුනා මේක මොකක් හරි දෘෂ්ටි මායාවක් කියලා. ඒත් පහුවදා දිවයින පත්තරේ මුල් පිටුවෙම රැස් විහිදීම තියන බුදු පිළිමයක ලොකු ඡායාරෑපයක් දාලා තිබුනා. එදා දවසේ පිටකොටුවේ බුදු පිළිමෙන් රැස් විහිදීමක් නම් දැක්කේ නෑ.. ඊට පස්සේ කැළණියේ පිළිමය බැලුවා.ඒකෙත් කලින් දවසේ වගේ රැස් විහිදීමක් දැක්කේ නෑ... ඉතින් මම ලද අත්දැකීම අනුව නම් මෙතන විද්‍යාවට අහු නොවන පහදන්න බැරි දෙයක් වෙලා රැස් විහිදුනා... මගේ ඇස් දෙක මට විශ්වාසයි... ඒ දේ ඇත්තටම මම දැක්කා..


Possible causes:
1. බෝධි පුජාවට වැඩම කරපු දෙය්යො සෙට් එකේ එකෙක් පොරගේ යානයෙන් දිවිය ලෝකෙට රිටන් වෙද්දී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා බිමට පාත් උනා
2. බෝධි පුජාවට ආව කෑලි බලන්න ගුවන් ගත කල ද්රෝනයේ බැටරි අහවර වීම නිසා කඩන් වැටුනා
3. අලුත් අව්රුද්දට ගෙනා අහස් කූරක් ඉතුරු වෙලා තිබිල ගැමියෙක් එය අහසට යවන ලදී



මේ ඔක්කොම මගේ සත්‍ය අත්දැකීම්
පලමු අත්දෑකීම දැක්කේ පොඩි කාලේ..ඒ හදක් බෝදිය පැත්තට කඩා වැටෙනවා දැක්ක දර්ශනේ .ඒක වටකුරුයි . තප්පරයකින් නැති වුනා.මේකනම් දේවතා එලියක්ම තමයි .හදේ කහ පාටමයි තිබුනේ
ඊට පස්සේ ඔය වගේ දෙයක් දැක්කේ දෙරණ රුවන්වැළිසෑ පිරිත්වල.නමුත් ඒවා දේවාතාඑලිද කියලා හරියටම කියන්න බැ.තැඹිලි පාටයි .දෙරණ පිරිත් බලන ඕන කෙනෙක්ට මේ එලිදෙක බලාගන්න පුලුවන් .![]()
මේ ඔක්කොම මගේ සත්‍ය අත්දැකීම්
පලමු අත්දෑකීම දැක්කේ පොඩි කාලේ..ඒ හදක් බෝදිය පැත්තට කඩා වැටෙනවා දැක්ක දර්ශනේ .ඒක වටකුරුයි . තප්පරයකින් නැති වුනා.මේකනම් දේවතා එලියක්ම තමයි .හදේ කහ පාටමයි තිබුනේ
ඊට පස්සේ ඔය වගේ දෙයක් දැක්කේ දෙරණ රුවන්වැළිසෑ පිරිත්වල.නමුත් ඒවා දේවාතාඑලිද කියලා හරියටම කියන්න බැ.තැඹිලි පාටයි .දෙරණ පිරිත් බලන ඕන කෙනෙක්ට මේ එලිදෙක බලාගන්න පුලුවන් .![]()
math dakala thiyanwa minisunta thanathana kiyala wadak na godak ayapiliganne nathi nisa
