අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..
May 20, 2020 at 5:30 pm | lanka C news
ඇතිවී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ දිනයේදී අම්පාර කරේතිවු ප්‍රදේශයේ දී මුහුද මීටර් 100ක පමණ දුරක් ගොඩබිමට ගලා තිබිණි.
මේ හේතුවෙන් එය සුනාමි තත්ත්වයක් දැයි සැක ඇති වීමෙන් ප්‍රදේශවාසීන් බියට පත්වී තිබිණි.
ධීවර ජනතාව තම බෝට්ටු හා ධීවර ආම්පන්න වෙරළේ සිට ගොඩබිමට ගෙන ඒමටද කටයුතු කර තිබේ.
කෙසේ නමුත් කාලගුණ විද්‍යා කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ මෙය සුනාමි තත්ත්වයක් නොවන බවත් ඇති වී තිබෙන කුණාටුව හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත් ය.
22,135 Viewers