විශුද්ධි මාර්ගය හා තවත් බෞද්ධ පොත් |download pdf version

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    අනුරාධපුර යුගයේ වැඩ විසුව බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු වටිනා පොතක් තමා විශුද්ධි මාර්ගය කියන්නේ...ත්‍රිපිටකේ තියෙන සංකීර්ණ තැන් ලිහිල්ව ලියපු අටුවා ග්‍රන්ථයක් විදිහට තමා මේක ලියවෙන්නේ.......පරණකමත් එක්කම මේ පොතේ වටිනාකමත් හුගක් වැඩියි....අනුරාධපුර යුගේ කියන්නේ බුද්ධාගම හුගක්ම සජීවීව තිබුණු කාලයක්නෙ.......භාවනා කරන අයට වැදගත් වෙන සම සතලිස් කර්මස්ථාන භාවනා ගැන එහෙම මේ පොතේ හුගක් පැහදිලිව විස්තර කරල තියෙනව........පල්ලෙහයින් ගිහින් බාගන්න.......
    http://download.ifbcnet.org/2015/03/04/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9D%E0%B7%9D/
    ඒ වගේම පන්සිය පනස් ජාතක පොත් වහන්සේ,ළඟදි ලියවෙච්ච පොත් පත් ,පරණ කාලෙ පොත් සෑහෙන ගාණක් බාගන්ඩ ඔය වෙබ් සයිට් එකේම මේ ලින්ක් එකෙන් ගිහාම පුලුහන්....තෙරුවන් සරණයි....!!!

    http://download.ifbcnet.org/
     
    • Like
    Reactions: ruwper

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විශුද්ධි මාර්ගය කියන්නෙ මොකද්ද කියල දැනගන්න මේ ටික කියවල බලන්න.

    "එදා ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී පදවැල් වලින් දේශනා කරන ලද ගම්භීර බුද්ධ ධර්මය ඒ යුගයේ ජීවත් වූ අසු මහ ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින් කිහිප නමක් විසින් හෙළ අර්ථ කථා ලෙසින් හෙළ බස් වහරින් අර්ථ ධර්ම විග‍්‍රහ කර ලේඛන ගත කරන ලදි. මෙසේ බුද්ධ භාෂිතය අර්ථ කථා යන නමින් (අටුවා) සිංහල ජනතාවට තේරුම් ගන්නට හැකි වන පරිදි ලියා තබන්නට පටන් ගත්තේ ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි ඒ අතීත යුගයේදීමය. එදා ලියූ මුල්ම හෙළ අට්ඨ කථාවන් ලෙසින්ම භාවිතයේ පැවති, රජගල දී ලියූ බුදු කැලි අටුවාව, හෙළ අට්ඨ කථා, මහා අට්ඨ කථා, අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා යනුවෙන්ද නම් කර අටුවා රාශියක්ම එදා භාවිතයේ පැවති බව අපේ අතීත හෙළ පොත්වල සඳහන් වී ඇත. මේ අට්ඨ කථා ලියන ලද්දේ අගසවූ සැරියුත් අරහතුන් වහන්සේ, මහා කච්චායන අරහතුන් වහන්සේ, මහා කොටඨිත අරහතුන් වහන්සේ ආදී එදා බුද්ධ කාලයට සමකාලීනවම මේ හෙළබිමේ රජගහනුවර (අම්පාරේ රජගල) වැඩසිටි මහා ප‍්‍රාඥ බුද්ධ ශ‍්‍රාවකයින් වහන්සේලා විසින්ය. මෙම හෙළ අටුවා වල නිවන් දකින්නට උපකාර වන නියම නිවැරදි බුද්ධ ධර්මය හෙළ බසින් විග‍්‍රහකර සිංහල මිනිසුන්ට නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයටම සරල ලෙසින් ද සම්පූර්ණවද ලියා තිබිණි.

    බුද්ධ පරිනිර්වාණයෙන් පසුවද රුහුණේ මෙන්ම නැගෙනහිර රජගල හා දිඝවාපියේත්, සැවැත්නුවර ජේතවනාරාමයේත් ලියා තැන්පත් කර තිබු මෙම සිංහල අර්ථ කථා පොත්, දුටු ගැමුණු රාජ්‍ය, යුගයේදී අනුරාධපුර මහා විහාරය කරා ගෙනවුත් එහි තැන්පත් කර තිබු බවද මහාවංශයේ සඳහන්ය. මිහිඳු හිමියන් අම්පාරේ රජගල (රජගහනුවර) සිට අනුරාධපුරයට බුද්ධාගම ගෙන ආ මුල්ම ගමනට පසුව අනුරාධපුරයට දෙවන ගමනේදී රජගලදී ලියා තිබු සිංහල අර්ථ කථාවක් (අටුවා) වන බුදු කැලි අටුවාවද මිහිඳු හිමියන්ම අනුරාධපුරයට ගෙනා බවත් මහාවංශයේ සඳහන් කර ඇත. රුහුණේ, නැෙඟනහිර හා රටේ වෙනත් පළාත් වල බෞද්ධ මධ්‍යස්ථාන වල පුස්තකාල වල ලියා තැන්පත් කර තිබු හෙළ අටුවා හා වෙනත් වටිනා හෙළ පොත් පත් විශාල ප‍්‍රමාණයක් මෙසේ වරින් වර අනුරාධපුරයට ගෙනවිත් අනුරාධපුර මහා විහාරයේ තැන්පත් කර තිබිණි. බු.වර්ෂ 984 ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් පාලි භාෂාවට පරිවර්තනය කළේ ද මෙසේ අනුරාධපුර මහාවිහාරයේ තැන්පත් කර තිබු හෙළ බසින් ලියා තිබු අටුවා පොත් වලින් සමහර කොටසකි.

    මෙම පාලි පරිවර්තනයේදී සිදු වුයේ මුලින්ම ආර්යයන් වහන්සේලා විසින් ලියූ සිංහල අර්ථ කථාවල ගැබ් වී තිබු නිර්මල උතුම් බුද්ධ ධර්මය ලෞකික දේව ආගම් සංකල්ප වලට හැරවීමයි. පෘථග්ජන ලෝකයාට ගැලපෙන සේ සකස් කර ලිවීමයි. මේ අනුව මෙතෙක් සිංහල උගත් අයට සිංහලයෙන් විග‍්‍රහ කර තිබු සිංහල මිනිසුන්ට තේරුම් ගත හැකිව තිබූ, හෙළ අර්ථ කථා දේව ආගම් සංකල්ප සමගින් සම්මිශ‍්‍රණය කර විශේෂයෙන්ම එවකට ඉන්දියාවේ ප‍්‍රචලිතව තිබු පතංජලී දේව ආගම් සංකල්ප වලට ගැලපෙන අයුරින් සකසා පාලි භාෂවෙන් ලියා තැබීමයි. විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ක්ම ලියා තැබු බුද්ධඝෝෂ හිමියන් අවසානයේදී අනුරපුර මහා විහාර පුස්තකාලයේ තැන්පත් කර තිබු ඇතුන් හත් දෙනෙකුගේ බරට සමාන වූ සිංහල පොත් පත් සියල්ලම ගිනිබත් කරන ආකාරයට උපක‍්‍රම යොදා කටයුතු සකස් කර රටින් පිට වී ගිය බවද ඉතිහාසයේම සඳහන්ව ඇත.

    නමුත් බුද්ධඝෝෂ හිමියන් විසින් පරිවර්තනය කර ලියු විශුද්ධි මාර්ගය ඇතුළු අර්ථ කථා පොත් අභයගිරියේ ආරක්ෂා සහිතව රැකී පැවතිණි. මහා විහාරයේ පුස්තකාලයේ ගබඩා කර තිබු හෙළ අටුවා පොත්පත් සියල්ල විනාශ වී ගිය පසු, මහා විහාරයද බිමට සමතලා කර උඳු වපුරන්නටත් කි‍්‍රයා කළ පසුව, බුද්ධාගම ලෙසින් මේ ලක්දිව තුල ඉතිරි වුයේ බුදු ගොස් හිමියන් විසින් ලියු පාලි අටුවා පොත් පමණි. ඉන් පසුව අනුරපුර යුගයේත් පොළොන්නරු යුගයේත් විවිධ අටුවා ලියු, හා ඒවාටම ටීකා ලියු ටිප්පණි ලියු, සම්මත ලියු පාලි හා සිංහල අර්ථ කථාකරුවන් හැම කෙනෙකුම වාගේ භාවිතා කළේ, ගුරුකොට ගත්තේ, බුද්ධඝෝෂ හිමියන් විසින් ලෞකික අර්ථ යොදා වැරදි ලෙසින් පරිවර්තනය කර ලියා ඉදිරිපත් කරන ලද පාලි විශුද්ධි මාර්ගය ඇතුළු පොත් පත් මිස නියම නිවැරදි බුද්ධ ධර්මය නම් නොවේ. මේ අනුව පොළොන්නරු යුගය වන විට සම්පූර්ණයෙන්ම පිරිසිදු බුද්ධ ධර්මය වෙනස් වී නිවන් දැකීම යනු පැතීමකට පමණක්ම සීමා වී ඉන්දියාවේ එදා පැවති ආගම් සංකල්පයන් හෙළදිව පුරාමත් තදින්ම පැතිරී යන්නට විය. නිවන් දකින්නට උපකාර වූ උතුම් බුද්ධ ධර්මය සහමුලින්ම ආගම් සංකල්ප වලින් යටපත් වී අභාවයටම ගියේය. බුද්ධාගම නමින් අදහන්නට යමක් පමණක් ඉතිරි විය. මේ අනුව ඉන්දීය ආගම් සංකල්ප වල හා දේව ආගම් වල ඇදහු ඇදහිලි පුද පූජා, ගායනා, ශාන්ති කර්ම, ආශිර්වාද පූජා ආදි විවිධ දේ පොදු ලාංකික මහජනයා අතරේද ප‍්‍රචලිත වන්නට පටන් ගත්තේ මහා විහාරයේ ගබඩා කර තිබු හෙළ පොත් පත් ගිනිබත් කර විනාශ කිරීමත් සමගමය. අභයගිරි විහාරයේ වාසය කළ මහායානිකයෝ තරගය ජය ගත්හ. මහා විහාරිකයෝ සහමුලින්ම විනාශ වී ගියහ. නිවන් දකින පිරිසිදු බුද්ධ ධර්මයත් හෙළ බසින් සරළ ලෙසින් ලියා තිබු හෙළ අටුවාත් විනාශ වී ගොස් දේව ආගම් සංකල්ප වලට බර ආමිස පූජා සහිත වූ බුද්ධාගමක් පමණක් හෙළබිම ලංකා වාසීන්ටද, ඉතිරි විය. උරුම විය. නිවන් දකින පිරිසිදු උතුම් බුද්ධ ධර්මය අනුගමනය කරන පිරිස වනගත විය. දේව ආගමික සංකල්ප ඇදහූ අභයගිරියට සම්බන්ධ මහායානික පිරිස රජමාලිගා වටා රොක් විය. රජ සැප සිටු සැප වලටත් වඩා සැප පහසු කම් ලැබූ ජීවිතයක් ගත කරන භික්ෂුන් පිරිසක් එදා අනුරපුර රාජධානියේදී ලංකාවේද බිහි විය.
    පොළොන්නරු යුගය වන විට මේ තත්ත්වය තව තවත් දරුණු තත්වයට පත් විය. බුද්ධාගම සහමුලින්ම ලෞකික දේව ආගම් සංකල්ප වලට යට වී උතුම් බුද්ධ ධර්මය ක‍්‍රමානුකූලව අභාවයටම ගිය බවත් ඉතාම පැහැදිලිය. පුජාවලිය, කව්සිළුමිණ, බුත්සරණ වැනි බෞද්ධ සාහිත්‍යය පොත් පත් ලියැවූණේද මේ යුගයේය. එවැනි පොත් පත් බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ නම් ස්වර්ණමය යුගයේදී ලියු පොත්පත්ය. බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය බෞද්ධ කාලාශිල්ප ආදිය මේ යුගයේදී ඉතාමත්ම දියුණු තත්ත්වයට පත්විය. මෙහි නියත ප‍්‍රතිඵලය වුයේ ආගම් සංකල්ප වලට මුල්තැන දී නිවන් දැකීම යන්න ප‍්‍රාර්ථනාවක් පමණක් බවට පත්විමයි. උතුම් බුද්ධ ධර්මය යටපත්වී ඇදහිලි පුදපූජා වලට මුල් තැනදීමයි. ඉන්පසුව ආ යුගයන්හි තව තවත් තත්ත්වය පිරිහී මහනුවර යුගයේදී බුද්ධ ධර්මය සම්පුර්ණයෙන්ම නැතිවී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය."

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය
     
    මාත් දැනට කියවගෙන යනව මචන්......මෙහෙමයි, මේකෙ පිටු 1000 කට වඩා තියෙනව....ඔය ටිකේ හුගක්ම තියෙන්නෙ සම සතලිස් භාවනා ක්‍රම ගැන විස්තරයක්....ඕවයින් බුද්ධානුස්සති,ධම්මානුස්සති භාවනා වගේ ඇරුනම අනිත්ව හුගක්ම, වෙනත් ආගම් වලත් තියෙනව...ඉතින් ඉතින් ඒ භාවනා ක්‍රම තමන් කැමති විදිහකට විස්තර කරා කියල බුදු දහමෙ හරයට හානියක් වෙන්නෙ නෑ.........විපස්සනාව පැත්තට මේව විස්තර කරල නෑ වගේ මන් කියවපු හරියෙ....විපස්සනාව තමා බුදු හාමුදුරුවො විතරක් දේශනා කරපු කොටස...
     
    සම සතලිස් භාවනාවක් ගැන බුදුහාමුදුරුවො කොහෙවත් දේශනා කරල නෑ.අගට අනුස්සති කියල තියෙන භාවනා පමණයි බුද්ධ භාවනා වෙන්නෙ.ඒවත් අද භාවිත කරන්නෙ වැරදි ලෙස ලෞකික ආකාරයට මිසක් නිවන් දකින්න උපකාර වෙන ආකාරයට ඒවායෙහි සැබෑ අර්ත දැන හඳුනාගෙන නෙවෙයි.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සම සතලිස් භාවනාවක් ගැන බුදුහාමුදුරුවො කොහෙවත් දේශනා කරල නෑ.අගට අනුස්සති කියල තියෙන භාවනා පමණයි බුද්ධ භාවනා වෙන්නෙ.ඒවත් අද භාවිත කරන්නෙ වැරදි ලෙස ලෞකික ආකාරයට මිසක් නිවන් දකින්න උපකාර වෙන ආකාරයට ඒවායෙහි සැබෑ අර්ත දැන හඳුනාගෙන නෙවෙයි.

    බුදු හාමුදුරුවෝ ලෞකික දියුණුව සම්පූර්ණයෙම්ම ප්‍රතික්ෂේප කරේ නෑනෙ......ආනාපානසති සූත්‍රයේ එහෙම තියෙන්නෙ ආනාපානසතිය ගැන..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු හාමුදුරුවෝ ලෞකික දියුණුව සම්පූර්ණයෙම්ම ප්‍රතික්ෂේප කරේ නෑනෙ......ආනාපානසති සූත්‍රයේ එහෙම තියෙන්නෙ ආනාපානසතිය ගැන..

    බුද්ධ දේශනාවෙ එන මොන භාවනාවෙන් උනත් අන්තිමට වැඩෙන්නෙ ආනපානසතිය තමයි.ඒ නිසා ආනපානසතිය තමයි එකම භාවනාව.හැබැයි ඒක අද ඔය හැම තැනම උගන්වන හුස්ම කතාව නෙවෙයි.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුද්ධ දේශනාවෙ එන මොන භාවනාවෙන් උනත් අන්තිමට වැඩෙන්නෙ ආනපානසතිය තමයි.ඒ නිසා ආනපානසතිය තමයි එකම භාවනාව.හැබැයි ඒක අද ඔය හැම තැනම උගන්වන හුස්ම කතාව නෙවෙයි.

    ආනාපානසති සූත්‍රය

    මා විසින් මෙසේ අසන ලද නොහොත් මා ඇසූ හැටි මෙසේ යැ: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම් නම් මුවරමාපායෙහි හැම තැනැ ශීලාදී ගුණයෙන් පළට වූ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග වැඩවසන සේක. ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් මහකසයින් තෙරුන් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් ද, ආයුෂ්මත් මහාකප්පින තෙරුන් ද, ආයුෂ්මත් මහාචුන්ද තෙරුන් ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද, ආයුෂ්මත් රෙවත තෙරුන් ද, ආයුෂ්මත් අනඳ තෙරුන් ද, අන්‍ය වූ මහත් ගුණයෙන් ප්‍රකට වූ ස්ථවිර ශ්‍රාවක භික්ෂූන් ද සමග පුවරම් මුවරමාපායෙහි වැඩවසන සේක.

    තව ද එසමයෙහි ස්ථවිර භික්ෂූහු නවක පැවිද්දනට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් දසදෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් හතලිස් දෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. තෙර මහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්ෂූහු ශීලපරිපූරණාදී පුර්වවිශෙෂයෙන් වැඩි උදාරතර අපර කෘත්ස්න පරිකර්මාදි විශේෂ දනිත්.

    එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පොහොයැ පණුරැසියෙහි පවුරුණු ඇති සඳ පිරුණු මැදිපොහෝරැය භික්‍ෂුසංඝපරිවෘත ව අභ්‍යවකාශයෙහි වැඩහුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් මහණුන් බලා ඒ මහණුන් ඇමතු සේක. “මහණෙනි, මේ ප්‍රතිපදායෙන් (මම්) ආරාධිතයෙමි. මහණෙනි, මේ ප්‍රතිපදායෙන් මම ඇරැයු සිතැතියෙමි. එහෙයින් මහණෙනි, නො පත් අර්හත්ඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගත ඵලයා ගේ අධිගමය පිණිස නො පසක් කළ නිවන පසක් කරණු පිණිස වෙසෙසින් වීර්යාරම්භ කරවු. මම මේ සැවතෙහි මැ පිපි කුමුදු ඇති චාතුමාසිනිය හෙවත් පශ්චිමකාර්තික පූර්ණිමාව දක්වා බලමි’යි වදාළහ.

    “භාග්‍යවතුන් වහන්සේ එ සැවැත්හි මැ කුමුදු ඇති ඉල්පොහොය දක්වා බලන සේක් ලැ” යි දනව්වැසි සඟහු ඇසූහු මැ ය. ඒ දනව්වැසි භික්ෂූහු බුදුන් දක්නට පැමිණෙත්. ඒ තෙර මහණහු වැඩි පමණින් නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් දසදෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් සතලිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙත්. තෙරමහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්ෂූහු පූර්ව විශෙෂයට වඩා අපර වූ ශ්‍රොතාපත්ති ආදි උදාර විශෙෂය වෙසෙසින් දනිත්.

    එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදින පොහොලත් පණුරැස කුමුදු පිපි ඉල් පුණු පොහොදා රැය බික්සඟන විසින් පිරිවරන ලදු ව අබවස හුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් බික්සඟන දැක ඒ සඟුන් ඇමතු සේක. “මහණෙනි, මේ භික්‍ෂුපර්ෂත් නො සිස් යැ. මහණෙනි, මේ භික්ෂූ පර්ෂත් නිෂ්ප්‍රලාප යැ, ශුද්ධ යැ, අධිගමසාරයෙහි පිහිටි යැ. සම්බුදු පිරිසෙක් ආහුනෙය්‍ය වේ ද, පාහුනය්‍ය වේ ද, දක්ඛිණෙය්‍ය වේ ද, අඤ්ජලිකරණීය වේ ද, ලොවට අනුත්තර පුණ්‍යක්ෂෙත්‍ර වේ ද, මහණෙනි මේ භික්‍ෂු සංඝ තෙමේ එබඳු යැ. මහණෙනි, මේ පිරිස එබඳු යැ යම්බඳු පිරිසක් කෙරෙහි දුන් ඇලුප් දනෙක් බොහෝ වේ ද, දුන් බොහෝ දනෙක් ඉබොහෝ වේ ද, මහණෙනි, මේ භික්ෂූ සඞ්ඝ එබඳු යැ, මහණෙනි, මේ පිරිස එබඳු යැ. යම්බඳු පිරිසෙක් ලොකයා ගේ දර්ශනයට දුර්ලභ වේ ද, මහණෙනි, මේ භික්ෂූසංඝ එබඳු යැ. මහණෙනි, මේ පර්ෂත් එබඳු යැ. යම්බඳු පිරිසක් දක්නට යොදුන් දහසකුදු වුව මාර්ගොපකරණ ගෙනත් යන්නට නිසි වේ ද, මහණෙනි, මේ බික්සඟහු එබන්දහ, මේ පර්ෂත් එබඳු වෙතී’ වදාළෝ.

    මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අර්හත් ක්ෂීණාස්‍රව වූ වුසු මඟබඹසර ඇති කළ කරණී ඇති තැබූ කෙලෙස්බර ඇති පැමිණි සදර්ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ මහණහු ඇත. මෙබඳු රහත් මහණහු ද බික්සඟුන් කෙරෙහි ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්වොරම්භාගිය සංයෝජන යන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි මැ පිරිනිවෙනසුලු ඒ ශුද්ධාවාසලොකයෙන් පෙරලා නො එන සැහැවි ඇති භික්ෂූහු වෙති. මහණෙනි, බික්සඟුන් කෙරෙහි මෙබඳු වූ අනාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයොජනයන් ගේ පරික්‍ෂය හෙතුයෙන් රාග ද්වේශ මොහයන් ගේ තානවයෙන් සකෘදාගාමී ව වරෙක මැ මෙලොවට අවුත් දුක් කෙළෙවර කරන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සකෘදාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයොජනයන් ගේ පරික්‍ෂය හෙතුයෙන් ශ්‍රොතාපන්න ව අවිනිපාත ස්වභාව ඇති ව නියත ව සම්බොධිපරායණ වූ සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ශ්‍රොතාපන්න භික්ෂූහු ද ඇත්තාහ.

    මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සීවටන් පිළිබඳ භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සතිපට්ඨාන භාවනානු යොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සම්‍යක් ප්‍රධානවීර්ය්‍ය පිළිබඳ භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මහණහු දු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර ඍද්ධිපාදයන් පිළිබඳ භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඍද්ධිපාද භාවනානුයොගී මහණහු දු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර ඉන්ද්‍රියභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඉන්ද්‍රිය භාවනානුයොගී මහණහුද වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර බලභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බලභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සප්තබොධ්‍යංග භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බොධ්‍යඞගභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අරිඅටඟිමඟ පිළිබඳ භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මාර්ගභාවනානුයොගී මහණහුදු වෙත්.

    මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙත්තාභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මෙත්තාභාවනානුයොගී මහණහු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි කරුණාභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් කරුණානුභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මුදිතාභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මුදිතාභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි උපක්ෂා භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් උපෙක්ෂාභාවනානු යොගී මහණහුදු වෙත්. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අනිත්‍යසංඥා භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අනිත්‍යභාවනානු යොගී මහණහුදු වෙත්.

    මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ආනාපන්සී භාවනානුයොගයෙහි යෙදී වසන මහණහු ඇත. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී භාවනා මහත්ඵල මහානිශංස වෙයි. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් සපුරාලයි. භාවිත බහුලීකෘත සතර සීවටන්හු සප්තබොධ්‍යඞ්යන් සපුරාලති. භාවිත බහුලීකෘත සප්ත බොධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති සපුරලත්.

    මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත අනාපන්සී මහත්ඵල මහානිශංස වේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි වෘක්‍ෂමූලගත වේවයි ශුන්‍යාගාරගත වේවයි පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කමටහන් අභිමුඛ කොට එළවා හිඳී. හේ සිහි ඇති ව ම ආශ්වාස කෙරෙයි, සිහි ඇති ව ප්‍රාශ්වාස කෙරෙයි.

    දීර්ඝ කොට හෝ ආශ්වාස කරනුයේ ‘දීර්ඝ කොට අසස් කරමී’ නුවණින් දනී. දීර්ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ ‘දීර්ඝ කොට පසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කරනුයේ හ්‍රස්ව කොට අසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව කොට පසස් කරමී’ නුවණින් දනී. සර්වකායප්‍රතිසංවෙදී ව අසස් කරමී හික්මෙයි. සර්වකායප්‍රතිසංවෙදී ව පසස් කරමී’ හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි.

    ප්‍රීති ප්‍රතිසංවෙදී ව ආශ්වාස කරමී හික්මෙයි. ප්‍රීති ප්‍රතිසංවෙදී ව ප්‍රාශ්වාස කරමී හික්මෙයි. සුඛ ප්‍රතිසංවෙදී ව අසස් කරමී’ හික්මෙයි. සුඛ ප්‍රතිසංවෙදී ව පසස් කරමී, හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවෙදී ව අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවෙදී ව පසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවෙදී ව අසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවේදී ව පසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමොද කරමින් අසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමොද කරමින් පසස් කරමී හික්මෙයි. චිත්තය සමාධාන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය සමාධාන කරමින් කරමින් පසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් පසස් කරමී’ හික්මෙයි.

    අනිත්‍ය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. අනිත්‍ය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් අසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත වූ ආනාපන්සී භාවනාව මහත් ඵල මහානිශංස වෙයි.

    තවද මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් පරිපූර්ණ කෙරෙයි යත්: මහණෙනි, යම් කලෙක මහණ දීර්ඝ කොට හෝ අසස් කරනුයේ ‘දීර්ඝ කොට අසස් කරමී’ දැනගනීද, දීර්ඝ කොට හෝ පසස් කරනුයේ ‘දීර්ඝ කොට පසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ අසස් කරනුයේ ‘හ්‍රස්ව කොට අසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ පසස් කරනුයේ ‘හ්‍රස්ව කොට පසස් කරමී’ දැනගනීද, ‘සර්වකාය ප්‍රතිසංවේදී ව ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සර්වකාය ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායසඞ්ඛ්‍යාත ලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍යය දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් ආශ්වාස ප්‍රාශ්වාස කෙනෙක් ඇද්ද, එය පෘථිව්‍යාදී චතුර්විධ කායයන් කෙරෙහි කායාන්‍යතරයක් කොට මම මෙසේ කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව ආතාපී ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍යය දුරු කොට වාසය කෙරෙයි.

    මහණෙනි, යම් කලෙක මහණ ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මෙයි. ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමී’ හික්මෙ ද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ සංඛ්‍යාත ලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාසය කෙරෙයි. යම් ආශ්වාස ප්‍රාශ්වාසයන් පිළිබඳ සුන්දර මනසිකාරයෙක් වේ ද, මම මෙසේ වේදනාවන් කෙරෙහි එය අන්‍යතරයෙකි’යි කියමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ ලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාස කරන්නේ වෙයි.

    මහණෙනි, යම් කලෙක මහණ ‘චිත්තප්‍රතිසංවේදී ව ආශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමොද කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමොද කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ ලොකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍ය පහා වාස කෙරෙයි. මහණෙනි, මම මුෂිත ස්මෘති ඇති සම්ප්‍රඥාන නැතියහුට අනාපන්සී භවුන් නො වදාරමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ ආතාප ඇති වැ සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති වැ ස්කන්ධලොකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍ය පහා වාස කරන්නේ වෙයි.

    මහණෙනි, යම් කලෙක මහණ අනිත්‍යානුදර්ශී වූයේ ආශ්වාස කෙරෙමී හික්මේද, අනිත්‍යානුදර්ශී වූයේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නෙම් ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ ධර්මයෙහි ධර්මය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධ ලොකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍ය පහා වාස කෙරෙයි. හේ අභිධ්‍යා දෞර්මනස්‍යයන් පිලිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ ද, ඒ ප්‍රඥායෙන් දැක මනා කොට එහි ආලම්බනඅධ්‍යූපෙක්‍ෂායෙන් උපෙක්‍ෂණ කරනුයේ වෙයි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ ධර්මයෙහි ධර්මය අනුව නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාස කරනුයේ නම් වෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත අනාපන්සී සතර සීවටන් සපුරනු වේ.

    මහණෙනි, කෙසේ භාවිත වූ කෙසේ බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බොධ්‍යඞ්ගයන් සපුරාලත් ද යත්: මහණෙනි, යම් කලෙක මහණ කයෙහි කය නුවණින් දක්නේ ආතාප ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුට ස්මෘතිය එළඹ සිටියා වෙයි, මුෂිත නො වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, එසමයෙහි මහණහට ස්මෘති සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    ඒ මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් (අනිත්‍යාදි වශයෙන්) විචින්වන කෙරෙයි, ප්‍රවිචය කෙරෙයි, ප්‍රකර්ෂ මීමාංසාවට එළඹෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් විචින්වන කෙරේද, ප්‍රවිචය කෙරේද, මීමාංසාවට එළඹේ ද, එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන කරන ප්‍රවිචය කරන පරිවිමාංසාවට පැමිණෙන ඒ මහණ හට අසංලීන වීර්යය ආරබ්ධ වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන ප්‍රවිචය කරන වීමසීමට පැමිණෙන ඒ මහණහට අසංලීන වීර්යය ආරබ්ධ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් වීර්ය සම්බොධ්‍යඞ්ගය පටන්ගන්නා ලද වෙයි. එසමයෙහි ඒ මහණ වීර්ය සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්ය සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී. මහණෙනි, යම් කලෙක රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බොධ්‍යඞ්ග ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රීති සම්බොධ්‍යඞ්ග වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    ප්‍රීති සිත් ඇති ඒ මහණහු ගේ නාමකය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති ඒ මහණහුගේ නාමකයත් සන්හිඳේද, සිතත් සන්හිඳේද, එසමයෙහි ඒ මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    සන්හුන් නාමකය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කාය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වේ ද, එසමයෙහි ඒ මහණහට සමාධි සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ සමාධි සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    හේ එසේ සමාධිගත චිත්තය මනා කොට (ආලම්බනඅධ්‍යුපෙක්‍ෂායෙන්) අධ්‍යුපෙක්‍ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක ඒ මහණ සමාධිගත චිත්තය මනාකොට අධ්‍යුපෙක්‍ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහට උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    මහණෙනි, යම් කලෙක මහණ වේදනායෙහි ...චිත්තයෙහි ...ධර්මයෙහි ධර්මය දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධ ලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුගේ සිහිය එළැඹ සිටියා වෙයි, නුමුලා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළැඹ සිටියා වේ ද, නුමුළා වේ ද එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි මහණහු ගේ ස්මෘති සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණ භාවයට යෙයි.

    හේ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයයි, වෙසෙසින් සොයයි, විමසීමට පැමිණෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයාද, වෙසෙසින් සොයාද, හැමසේ විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    ඒ දහම ප්‍රඥායෙන් සොයන වෙසෙසින් සොයන හැමසේ විමසීමට පැමිණි ඒ මහණ විසින් වීර්යය ආරබ්ධ වෙයි. වැර අසංලීන වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් සොයන ප්‍රවිචය කරන මීමාංසාවට පැමිණෙන ඒ මහණහට වීර්යය ආරබ්ධ වේ ද, ඒ වැර වැර අසංලීන වේද, එසමයෙහි ඒ මහණහට වීර්ය සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ වීර්ය සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්ය සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    ආරබ්ධ වීර්ය ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලෙක ආරබ්ධ වීර්ය ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් වැඩීමට යෙයි.

    ප්‍රීති සිත් ඇත්තහුගේ කය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සන් හිඳේ ද, සිතත් සන් හිඳේ ද, මහණෙනි, එසමයෙහි මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණ භාවයට යෙයි.

    සන්හුන් කය ඇති එහෙයින්ම සුඛිත වූවහු ගේ සිත සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කය ඇති සුඛිත වූ මහණහු ගේ සිත එකඟ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් සමාධි සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට සමාධි සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    හේ එසේ සමාහිත චිත්තය මනා කොට අධ්‍යුපෙක්‍ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ සමාධිගත වූ චිත්තය අධ්‍යුපෙක්‍ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වූයේ වෙයි. එසමයෙහි මහණ උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

    මහණෙනි, මෙපරිද්දෙන් වඩන ලද මෙපරිද්දෙන් බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බොධ්‍යඞ්ගයන් පරිපූර්ණ කෙරෙත්.

    තවද මහණෙනි, කිසෙයින් වඩන ලද කිසෙයින් බහුලීකෘත සප්ත බොධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්ණ කෙරෙති යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු ස්මෘති සම්බොධ්‍යඞ්ගය වඩයි.......ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය වඩයි....... වීර්ය සම්බොධ්‍යඞ්ගය වඩයි....... ප්‍රීති සම්බොධ්‍යඞ්ගය වඩයි....... විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු උපේක්ෂා සම්බොධ්‍යඞ්ගය වඩයි.

    මහණෙනි, මෙසේ භාවිත වූ බහුලීකෘත වූ සප්ත බොධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්ණ කෙරෙත්.

    භාග්‍යවතුන් වහන්සේ මේ ආනාපානසති සුත වදාළ සේක. ආත්තමනසක් වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යයි.

    අටවැනි ආනාපානසති සූත්‍ර යි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔයා ඔය දාල තියන්නෙ මෑත භාගයේදී යම්කිසි පෘතක්ජන පුද්ගලයෙක් විසින් ත්‍රිපිටකයෙ ආනපාන සූත්‍රයේ තියෙන මාගධී වචන තමන්ට තේරෙන ආකාරයට සිදුකල අර්තකතනය කිරීමක් මිස බුදුහාමුදුරුවො දේශනා කල දෙයක් නෙවෙයි
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔයා ඔය දාල තියන්නෙ මෑත භාගයේදී යම්කිසි පෘතක්ජන පුද්ගලයෙක් විසින් ත්‍රිපිටකයෙ ආනපාන සූත්‍රයේ තියෙන මාගධී වචන තමන්ට තේරෙන ආකාරයට සිදුකල අර්තකතනය කිරීමක් මිස බුදුහාමුදුරුවො දේශනා කල දෙයක් නෙවෙයි

    ආනාපාන >>>>>>>ආන+අපාන ....ඒ කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කියන එකයි....
     
    ආනපාන කියන දේ ඕනෙම දේකට අදාල කරගන්න පුලුවන්. ඇතුලට ගැනීම සහ පිටකිරීම වශයෙන්.ආශ්වාස ප්‍රශ්වාශ වශයෙන් ගන්නත් පුලුවන්.ඒකෙ වරදක් නෑ. නමුත් බුදුහාමුදුරුවො දේශනා කළේ සිත පිරිසිදු කරගන්නා ආකාරය.සිත පිරිසිදු වෙන්න නම් අකුසල් වැඩෙන දේ වලින් ඉවත් වෙලා කුසල් වැඩෙන දේ ආශ්‍රය කරන්න ඕනෙ.ඒ කියන්නෙ රාග ද්වේශ මෝහ කියන අකුසල් මුලින් උපුටල දමල ඒ වෙනුවට කුසල පක්ශය වන මෙතතා කරුණා මුදුතා උපෙක්ඛා අලෝභ අද්වේශ අමෝහ කියන දේ ආශ්‍රය කරන්න ඕනෙ.මේ දෙයාකාරයෙන් තමයි සිත පිරිසිදු වෙන්නෙ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ප්‍රායෝගිකව ආනපානය භාවිත කරන ආකාරය මෙත්තානුස්සතිය සහ අසුභානුස්සතිය ඇසුරින් ඉතාම කෙටියෙන් කියන්නම්.

    තරහක් එන්න එනවනම් ඒ බව හඳුනගෙන ඒ මොහොතෙම තරහ ඇතුලට නොගෙන ඒ තරහ සිතෙන් ඉවත් කරල එතෙන්ට මෛත්‍රිය ගන්න ( මෙත්තානුස්සතිය ).රාගයක් එද්දිත් ඒ ආකාරයටම අසුභය මෙනෙහි කරල රාගය සිතෙන් ඉවත් කරන්න ( අසුභානුස්සතිය ).

    මෙත්තානුස්සතියේදී තරහ පාන කර එතැනට මෛත්‍රිය ආන කල යුතුයි.අසුභානුස්සතියේදී රාගය පාන කර එතැනට අසුභය ආන කල යුතුයි.

    ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

    මේකෙ තියෙන කායේ කායානුපස්සනාව, මහා රාහුලෝවාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය සේවිතබ්බා අසේවිතබ්බ සූත්‍රය කියන ඒව බලන්න.ඒ සියල්ලෙන්ම විස්තර වෙන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරපු ආනපානයමයි.
     
    ඇතුල්වීම පිටවීම හුස්ම ගැන නෙවේ නන් "උඩු කායං පණිදාය " කියන්නෙ මොකද....කය කෙලින් තියාගන්න කියන්නෙ කය සම්බන්ධ භාවනාවක් හින්ද නෙමේද........අනිත් අරමුණු ඇතුල්වීමක් පිටවීමක් ගැන නන්...කය කෙලින් තියාගෙන භාවනා කරන්න ඕනද......
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston

    ඇතුල්වීම පිටවීම හුස්ම ගැන නෙවේ නන් "උඩු කායං පණිදාය " කියන්නෙ මොකද....කය කෙලින් තියාගන්න කියන්නෙ කය සම්බන්ධ භාවනාවක් හින්ද නෙමේද........අනිත් අරමුණු ඇතුල්වීමක් පිටවීමක් ගැන නන්...කය කෙලින් තියාගෙන භාවනා කරන්න ඕනද......

    මචන්, තර්ක කරන්න කාලය නාස්ති කරන්න එපා. මෝඩයෙක් එක්ක තර්ක කලාම වෙන්නේ ඌ කොහොම හරි උගේ වලට, මට්ටමට උඹවත් ඇද ගන්න එක.
    ඔය මීවණපලානේ හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක්. මීවණපලානේ කියන්නේ කවුද කියල දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයල බලන්න. බුදුන් උපන්නේ ලංකාවේ වගේ අමු ගොන් ජෝක් දාපු චීවරදාරියෙක්. මස් කෑවහම පන්සිල්පද පහම කැඩෙනවා වගේ අමුතු ගොන් පාට් දාපු, මානසික සමබරතාවය ගැන සැක ඇතිවෙන විදියට හැසිරුන, හැසිරිච්ච චීවරදාරියෙක්.
    :lol::lol:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    විශුද්ධි මාර්ගය කියන්නෙ මොකද්ද කියල දැනගන්න මේ ටික කියවල බලන්න.

    "එදා ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී පදවැල් වලින් දේශනා කරන ලද ගම්භීර බුද්ධ ධර්මය ඒ යුගයේ ජීවත් වූ අසු මහ ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින් කිහිප නමක් විසින් හෙළ අර්ථ කථා ලෙසින් හෙළ බස් වහරින් අර්ථ ධර්ම විග‍්‍රහ කර ලේඛන ගත කරන ලදි. මෙසේ බුද්ධ භාෂිතය අර්ථ කථා යන නමින් (අටුවා) සිංහල ජනතාවට තේරුම් ගන්නට හැකි වන පරිදි ලියා තබන්නට පටන් ගත්තේ ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි ඒ අතීත යුගයේදීමය. එදා ලියූ මුල්ම හෙළ අට්ඨ කථාවන් ලෙසින්ම භාවිතයේ පැවති, රජගල දී ලියූ බුදු කැලි අටුවාව, හෙළ අට්ඨ කථා, මහා අට්ඨ කථා, අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා යනුවෙන්ද නම් කර අටුවා රාශියක්ම එදා භාවිතයේ පැවති බව අපේ අතීත හෙළ පොත්වල සඳහන් වී ඇත. මේ අට්ඨ කථා ලියන ලද්දේ අගසවූ සැරියුත් අරහතුන් වහන්සේ, මහා කච්චායන අරහතුන් වහන්සේ, මහා කොටඨිත අරහතුන් වහන්සේ ආදී එදා බුද්ධ කාලයට සමකාලීනවම මේ හෙළබිමේ රජගහනුවර (අම්පාරේ රජගල) වැඩසිටි මහා ප‍්‍රාඥ බුද්ධ ශ‍්‍රාවකයින් වහන්සේලා විසින්ය. මෙම හෙළ අටුවා වල නිවන් දකින්නට උපකාර වන නියම නිවැරදි බුද්ධ ධර්මය හෙළ බසින් විග‍්‍රහකර සිංහල මිනිසුන්ට නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයටම සරල ලෙසින් ද සම්පූර්ණවද ලියා තිබිණි.

    බුද්ධ පරිනිර්වාණයෙන් පසුවද රුහුණේ මෙන්ම නැගෙනහිර රජගල හා දිඝවාපියේත්, සැවැත්නුවර ජේතවනාරාමයේත් ලියා තැන්පත් කර තිබු මෙම සිංහල අර්ථ කථා පොත්, දුටු ගැමුණු රාජ්‍ය, යුගයේදී අනුරාධපුර මහා විහාරය කරා ගෙනවුත් එහි තැන්පත් කර තිබු බවද මහාවංශයේ සඳහන්ය. මිහිඳු හිමියන් අම්පාරේ රජගල (රජගහනුවර) සිට අනුරාධපුරයට බුද්ධාගම ගෙන ආ මුල්ම ගමනට පසුව අනුරාධපුරයට දෙවන ගමනේදී රජගලදී ලියා තිබු සිංහල අර්ථ කථාවක් (අටුවා) වන බුදු කැලි අටුවාවද මිහිඳු හිමියන්ම අනුරාධපුරයට ගෙනා බවත් මහාවංශයේ සඳහන් කර ඇත. රුහුණේ, නැෙඟනහිර හා රටේ වෙනත් පළාත් වල බෞද්ධ මධ්‍යස්ථාන වල පුස්තකාල වල ලියා තැන්පත් කර තිබු හෙළ අටුවා හා වෙනත් වටිනා හෙළ පොත් පත් විශාල ප‍්‍රමාණයක් මෙසේ වරින් වර අනුරාධපුරයට ගෙනවිත් අනුරාධපුර මහා විහාරයේ තැන්පත් කර තිබිණි. බු.වර්ෂ 984 ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් පාලි භාෂාවට පරිවර්තනය කළේ ද මෙසේ අනුරාධපුර මහාවිහාරයේ තැන්පත් කර තිබු හෙළ බසින් ලියා තිබු අටුවා පොත් වලින් සමහර කොටසකි.

    මෙම පාලි පරිවර්තනයේදී සිදු වුයේ මුලින්ම ආර්යයන් වහන්සේලා විසින් ලියූ සිංහල අර්ථ කථාවල ගැබ් වී තිබු නිර්මල උතුම් බුද්ධ ධර්මය ලෞකික දේව ආගම් සංකල්ප වලට හැරවීමයි. පෘථග්ජන ලෝකයාට ගැලපෙන සේ සකස් කර ලිවීමයි. මේ අනුව මෙතෙක් සිංහල උගත් අයට සිංහලයෙන් විග‍්‍රහ කර තිබු සිංහල මිනිසුන්ට තේරුම් ගත හැකිව තිබූ, හෙළ අර්ථ කථා දේව ආගම් සංකල්ප සමගින් සම්මිශ‍්‍රණය කර විශේෂයෙන්ම එවකට ඉන්දියාවේ ප‍්‍රචලිතව තිබු පතංජලී දේව ආගම් සංකල්ප වලට ගැලපෙන අයුරින් සකසා පාලි භාෂවෙන් ලියා තැබීමයි. විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ක්ම ලියා තැබු බුද්ධඝෝෂ හිමියන් අවසානයේදී අනුරපුර මහා විහාර පුස්තකාලයේ තැන්පත් කර තිබු ඇතුන් හත් දෙනෙකුගේ බරට සමාන වූ සිංහල පොත් පත් සියල්ලම ගිනිබත් කරන ආකාරයට උපක‍්‍රම යොදා කටයුතු සකස් කර රටින් පිට වී ගිය බවද ඉතිහාසයේම සඳහන්ව ඇත.

    නමුත් බුද්ධඝෝෂ හිමියන් විසින් පරිවර්තනය කර ලියු විශුද්ධි මාර්ගය ඇතුළු අර්ථ කථා පොත් අභයගිරියේ ආරක්ෂා සහිතව රැකී පැවතිණි. මහා විහාරයේ පුස්තකාලයේ ගබඩා කර තිබු හෙළ අටුවා පොත්පත් සියල්ල විනාශ වී ගිය පසු, මහා විහාරයද බිමට සමතලා කර උඳු වපුරන්නටත් කි‍්‍රයා කළ පසුව, බුද්ධාගම ලෙසින් මේ ලක්දිව තුල ඉතිරි වුයේ බුදු ගොස් හිමියන් විසින් ලියු පාලි අටුවා පොත් පමණි. ඉන් පසුව අනුරපුර යුගයේත් පොළොන්නරු යුගයේත් විවිධ අටුවා ලියු, හා ඒවාටම ටීකා ලියු ටිප්පණි ලියු, සම්මත ලියු පාලි හා සිංහල අර්ථ කථාකරුවන් හැම කෙනෙකුම වාගේ භාවිතා කළේ, ගුරුකොට ගත්තේ, බුද්ධඝෝෂ හිමියන් විසින් ලෞකික අර්ථ යොදා වැරදි ලෙසින් පරිවර්තනය කර ලියා ඉදිරිපත් කරන ලද පාලි විශුද්ධි මාර්ගය ඇතුළු පොත් පත් මිස නියම නිවැරදි බුද්ධ ධර්මය නම් නොවේ. මේ අනුව පොළොන්නරු යුගය වන විට සම්පූර්ණයෙන්ම පිරිසිදු බුද්ධ ධර්මය වෙනස් වී නිවන් දැකීම යනු පැතීමකට පමණක්ම සීමා වී ඉන්දියාවේ එදා පැවති ආගම් සංකල්පයන් හෙළදිව පුරාමත් තදින්ම පැතිරී යන්නට විය. නිවන් දකින්නට උපකාර වූ උතුම් බුද්ධ ධර්මය සහමුලින්ම ආගම් සංකල්ප වලින් යටපත් වී අභාවයටම ගියේය. බුද්ධාගම නමින් අදහන්නට යමක් පමණක් ඉතිරි විය. මේ අනුව ඉන්දීය ආගම් සංකල්ප වල හා දේව ආගම් වල ඇදහු ඇදහිලි පුද පූජා, ගායනා, ශාන්ති කර්ම, ආශිර්වාද පූජා ආදි විවිධ දේ පොදු ලාංකික මහජනයා අතරේද ප‍්‍රචලිත වන්නට පටන් ගත්තේ මහා විහාරයේ ගබඩා කර තිබු හෙළ පොත් පත් ගිනිබත් කර විනාශ කිරීමත් සමගමය. අභයගිරි විහාරයේ වාසය කළ මහායානිකයෝ තරගය ජය ගත්හ. මහා විහාරිකයෝ සහමුලින්ම විනාශ වී ගියහ. නිවන් දකින පිරිසිදු බුද්ධ ධර්මයත් හෙළ බසින් සරළ ලෙසින් ලියා තිබු හෙළ අටුවාත් විනාශ වී ගොස් දේව ආගම් සංකල්ප වලට බර ආමිස පූජා සහිත වූ බුද්ධාගමක් පමණක් හෙළබිම ලංකා වාසීන්ටද, ඉතිරි විය. උරුම විය. නිවන් දකින පිරිසිදු උතුම් බුද්ධ ධර්මය අනුගමනය කරන පිරිස වනගත විය. දේව ආගමික සංකල්ප ඇදහූ අභයගිරියට සම්බන්ධ මහායානික පිරිස රජමාලිගා වටා රොක් විය. රජ සැප සිටු සැප වලටත් වඩා සැප පහසු කම් ලැබූ ජීවිතයක් ගත කරන භික්ෂුන් පිරිසක් එදා අනුරපුර රාජධානියේදී ලංකාවේද බිහි විය.
    පොළොන්නරු යුගය වන විට මේ තත්ත්වය තව තවත් දරුණු තත්වයට පත් විය. බුද්ධාගම සහමුලින්ම ලෞකික දේව ආගම් සංකල්ප වලට යට වී උතුම් බුද්ධ ධර්මය ක‍්‍රමානුකූලව අභාවයටම ගිය බවත් ඉතාම පැහැදිලිය. පුජාවලිය, කව්සිළුමිණ, බුත්සරණ වැනි බෞද්ධ සාහිත්‍යය පොත් පත් ලියැවූණේද මේ යුගයේය. එවැනි පොත් පත් බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ නම් ස්වර්ණමය යුගයේදී ලියු පොත්පත්ය. බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය බෞද්ධ කාලාශිල්ප ආදිය මේ යුගයේදී ඉතාමත්ම දියුණු තත්ත්වයට පත්විය. මෙහි නියත ප‍්‍රතිඵලය වුයේ ආගම් සංකල්ප වලට මුල්තැන දී නිවන් දැකීම යන්න ප‍්‍රාර්ථනාවක් පමණක් බවට පත්විමයි. උතුම් බුද්ධ ධර්මය යටපත්වී ඇදහිලි පුදපූජා වලට මුල් තැනදීමයි. ඉන්පසුව ආ යුගයන්හි තව තවත් තත්ත්වය පිරිහී මහනුවර යුගයේදී බුද්ධ ධර්මය සම්පුර්ණයෙන්ම නැතිවී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය."

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
    http://www.trekmentor.com/si/content/sanga/539

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/1904

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔයා ඔය දාල තියන්නෙ මෑත භාගයේදී යම්කිසි පෘතක්ජන පුද්ගලයෙක් විසින් ත්‍රිපිටකයෙ ආනපාන සූත්‍රයේ තියෙන මාගධී වචන තමන්ට තේරෙන ආකාරයට සිදුකල අර්තකතනය කිරීමක් මිස බුදුහාමුදුරුවො දේශනා කල දෙයක් නෙවෙයි

    බුදුරජුන්ගෙ පරිණත බව
    බුදු වීමෙන් පසු වූ බව
    කියනා මේ අන්ධ බාල
    ප්‍රඥාවෙන් දුර නොවේද

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21649234

    Skylark