විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අ&#35

thomian

Well-known member
  • May 20, 2011
    12,632
    17,804
    113
    විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අ&#35

    374482_398332320264866_1182192914_n.jpg

    විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා අද (01) උදෑසන අභාවප‍්‍රාප්ත වුණා. පෞද්ගලික රූපවාහිණි නාළිකාවක වැඩසටහනකට සහභාගී වී සිටියදී ඇතිවු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ. මියයන විට 74 වන වියේ පසුවූ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර දරුවන් තිදෙනෙකුගේ පියෙක්.

    Hirunews
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    06-Dr-Ha.jpg

    ඔබ තුමන් විසින් ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍ය ක්ෂේත‍්‍රයට දැක්වූ ඒ සුවිශේෂී දායකත්වයක් මිල කල නොහැක. එසේම බෞද්ධ දර්ශනය සම්බන්දයෙන් ඔබ සතුවූ ඒ හසල දැනුමත්, ඔබ තුමන් විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීයමය වශයෙන් ලද ඒ හසල දැනුමත් එකට යා කර බුද්ධ දර්ශනය තුලින් මානසික සුවය ලබා ගත යුතු ආකාරයත්, බෞද්ධ දර්ශනය තුලින් සසර ගමනින් අත් මිදෙන මාර්ගය නිරන්තරයෙන් විවිද වූ ජන මාධ්‍ය වැඩසටහන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ පුරෝගාමී පුණ්‍යකර්ම මෙහෙයක යෙදුන බව දන්නෝ දනිති.

    තවද ඔබ තුමන් කෙතරම් සොදුරු හදවතක් ඇති මිනිසෙක්දැයි කීමට පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය සාක්ෂි දරනවා ඇත. අපූරු ගීතාත්මක බසක් වන හින්දි භාෂාව සේම හින්දි ගීත පිලිබදව ඔබ සතු දැනුම ඇති මහත්ය. විශේෂයෙන් ම උත්තර භාරතීය සංගීතය, හින්දි චිත්‍රපට, චිත්‍රපට ගී ආදිය වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක භවතුන් වෙත ඇති ඒ සමීප ඥාතිත්වය තවදුරටත් ඔප මට්ටම් කරමින්, විශිෂ්ඨ ගනයේ වූ ගීත විචාර ලබාදෙමින් පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ අනුශාසක වරයෙකු ලෙස ඔබ දැක්වූ දායකත්වය මෙතකැයි කීමට නොහැකිය.

    ඔබ 74 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර ගොස්ය. නමුත් සදාදරණීය වෛද්‍යවරයෙකු, කලාකරුවකු ලෙස ඔබ මා සිත් නම් හැර නොයනු ඇත්තේම ය. ඔබට නිවන් සුව! :(