~~ විශේෂ දැනුම් දීමයි ~~

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුම ඉතාම හොදයි වගකිවයුතු කෙනෙක් විදියට මෙහෙම එකක් දැම්ම එක....

    මටත් කියන්න තියෙන්නේ කාරණය "ජාතික ආරක්ෂාව" නම් සිවිල් වැසියෝ දැන ගන්න ඕන ප්‍රමාණයක් තියනවා ඒ ප්‍රමානේ දැන ගත්තාම ඇති......හැම ***තම දැන ගන්න ඕන නෑ......
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ශෙයා කර කර හුරේ දැම්මට මේවගේ වගකීම පැත්තේ බරපතලකම එන්නේ අවසන් වෙලා මාස දෙක තුනක් යද්දී තමයි. TFS ++
     

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    "පිලිකාව තියෙන තැනම නසන්න පුළුවන්, මාධ්‍ය හරස් වෙන නිසයි පිලිකාව පොලිස් ජිප් වල යන්නේ"

    :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    මගේ fb එකේ එකෙක් උදේ ඉදන් රෑ වෙනකන් post share කරනවා බන් ඌ දකින දකින රෙද්ද share කරනවා ඇත්තද බොරුද කියල ඒ යකාවත් දන්නේ නැතිව ඇති. ඕවා කියන්නත් බෑ ඊට පස්සේ රෙද්ද උස්සන් එනවානෙ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක විශේෂ දැනුම් දීමක් කරන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    පලවෙනි කාරණේ හමුදාවේ අයට කෑම බීම කිරි පැකට් උස්සන් රොද බැදගෙන කෑම බීම අරගෙන කට්ටිය පාරවල් වල රැස් වෙන්න එපා.
    මිනිස්සු හොද හිතින් කරන නිසා මුකුත් කියන්නත් බෑ, නමුත් ඒක දැන් මහ වදයක් වෙලා තියෙන්නේ.
    හමුදාවේ ඉන්නේ පුහුණු සෙබළු, අව්ව වැස්ස ලොකු වෙනසක් නෑ.
    එයාලට අවශ්‍ය සියළුම ආහාර පාන හමුදා සැපයුම් ඒකක වලින් කරනවා.
    ඒ මිනිස්සු පාරෙ ඉන්නේ කකා බිබී ආතල් දාන්න නෙමෙයි. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙන නිසයි.
    ඒ නිසා "ඔයාල ඔය සංවිධානය වෙලා හමුදාවට කෑම බීම අදින්න හිතාගෙන වැඩසටහන් එලකිරියේ හෝ ඉන් පිටත සංවිධානය කරලා තියෙනවනං මේ සියල්ලක්ම වහාම අවලංගු කරන්න කටයුතු කරන්න."


    දෙවනි කාරණේ තමයි උඹලා vpn දාගෙන ඔන්ලයින් හිටියා කියල ප්‍රශ්නයක් නෑ, ඕව අල්ලන්න කිසි කෙනෙක් එන්නේ නෑ, නමුත් ඔන්න අපේ පැත්තේ වෙඩි තියාගන්නවා, මෙන්න අපේ ගෙවල් ලග බෝම්බ අහු උනා අරකයි මේකයි කියල ෆේස් බුක් එක පුරාම පෝස්ට් හද හද ශෙයාර් කරන්න එපා.
    බොහොම වගකීමෙන් කියන්නේ හමුදාවට මීට වඩා තදබල ක්‍රියාමාර්ග ගන්න තිබුනු අවස්ථා තුන හතරක්ම මග හැරුනා ඒ ස්ථාන වලට කැමරා අරගෙන මාධ්‍ය වේදින් කඩා පැන්න නිසා. ඒ නිසා කරුණාකරලා යම්කිසි සිදුවීමක් ආරංචි උනු වහාම ෆේස් බුක් එකේ පේජ් පුරෝගෙන පෝස්ට් හද හද ශෙයාර් කරන්න යන්න එපා.
    තොරතුරක් ආරංචි උනොත් සද්ද නැතුවම ඉන්න මාධ්‍ය ඒ තැන වලට යොමු නොවෙන්න. මීඩියා වල අයගේ කැමරා එකකට පුංචි දෙයක් පටිගත උනොත් ඇති මානව හිමිකමුයි අරවයි මේවයි සේරම ඇවිස්සිලා මේ සිදුවු හැමදේකම වගකීම හමුදාව පිට පැටවෙන්න.
    උඹලගේ පැත්තේ මෙහෙයුමක් හරි යම් දෙයක් සිද්ධ වෙනවනං පොඩ්ඩක් කට වහගෙන ඉදපල්ල. "පිලිකාව තියෙන තැනම නසන්න පුළුවන්, මාධ්‍ය හරස් වෙන නිසයි පිලිකාව පොලිස් ජිප් වල යන්නේ"
    කිව්වේ මොකද්ද කියලා උඹලම තේරුම් ගනිල්ලා.
    ඒ නිසා කරුණාකරලා දකින දකින එක ශෙයාර් නොකර ඉන්න එක පුරවැසියන් විදිහට මේ වෙලාවේ උඹලගේ වගකීමක් කියන එක අමතක කරන්න එපා.

    අනිත් එක උඹලා දකින දකින දේවල් ෆෝන් එකෙන් වීඩියෝ කරගෙන වට්ස්ඇප් ඉමො හරහා හැම එකාටම යවන්න එපා.
    හමුදාව ක්‍රියාන්විත රාජකාරියේ නිරත වෙන කිසිම දෙයක් වීඩියෝ කරන්න එපා." දෙයක් දැක්කනං ඒක බලාගෙන ඉදපං ෆෝන් එක සාක්කුවේ දාගෙන ඇද ඇද හැම එකම වීඩියෝ කරන්නේ නැතුව.

    අවසාන වශයෙන් එක දෙයයි කියන්නේ, තොරතුරක් ඇත්නම් අදාල ආරක්ශක අංශ දැනුවත් කරන්න කටයුතු කරන්න. ඒ ඇරුනම කෑම බීම අදින්නයි, බෝම්බ පුපුරණ හැටි බලන්නයි, රට පුරා පෝස්ට් හදාගෙන අණ බෙර ගහන එකයි නොකර ඉදපල්ල.
    "ආරක්ශක අංශ වලට පාඩුවේ එයාලගේ වැඩේ කරගන්න ඇරලා උඹලා බලාගෙන ඉදපල්ලා.
    එතකොට මේක එච්චර ලොකු වැඩක් නෙමෙයි."


    දන්න දන්න අයට කරුණාකරලා මේ පණිවිඩය ශෙයාර් කරන්න.​


    Well said ayiya....:yes::yes: