විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක්

    DARPA-Warrior-Web-660x495 (1).jpg

    Tactical Assault Light Operator Suit (TALOS) ලෙස හඳුන්වන මෙම සන්නාහ ඇඳුම් කට්ටලය විශේෂ බළකා සෙබලුන් හට සුපිරි ශක්තියක් මෙන්ම වෙඩි උණ්ඩ හා පිපුරුම් වලින් ආරක්ශාවීමේ වැඩි හැකියාවක් ලබාදෙනු ඇතැයි එය නිර්මාණය කරන U.S. Army Research, Development and Engineering Command නම්වූ යුධ හමුදා පර්යේෂණ ඒකකය පවසයි.:yes: විශාල බරක් ඔසවාගෙන යාමේ සුපිරි ශක්තියක් එම ඇඳුමේ පිටසැකිල්ල (exo-skeleton) විසින් ලබාදෙන අතර වෙඩි උණ්ඩ හා පිපිරුම් වලින් ආරක්ශාව ලබාදීම සඳහා නවතම සුපිරි ද්‍රවයකින් පිරුණු, bullet stopping liquid armour ලෙස හඳුන්වන සන්නාහ කට්ටලයකින් මෙය සමන්විතය.;)

    hulc-exoskeleton.jpg
    වෙඩි උණ්ඩ නවතන ද්‍රවය ලෙස හඳුන්වන මෙම ද්‍රාවණය magnetorheological fluid ලෙස විද්‍යාත්මකව හඳුන්වයි. සමාන්‍යයෙන් ද්‍රවයක් ලෙස පවතින මෙය විදුලි ධාරාවක් ඇල්වූ ක්ශණයෙන් එම ස්ථානය ඝණ බවට පත්වේ. මෙම පරිවර්තනය මිලිතත්පර කිහිපයකදී සිදුවන බව එම ද්‍රවය නිර්මාණය කිරීමේ පර්යේශණ වල නිරතව සිටින විද්‍යාඥයින් පවසයි. මෙය උණ්ඩ නවතන සන්නාහයක් ලෙස යොදාගැනීම සඳහා උණ්ඩයක් වැදුණු මොහොතේම එම ස්ථානයේ ඇති ද්‍රවයට විදුලි ධාරාවක් යෙදීමේ තාක්ශණයක්ද නිර්මාණය කරමින් පවතී.

    එපමණක් නොව මෙම ඇඳුම් කට්ටලයට පරිගණකයක්, නයිට් විශන් උපකරණ, ජී.පී.එස් හා චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු උපකරණ මෙන්ම සෙබලාගේ හදගැස්ම හා නාඩි වැටීම පිලිබඳව පරීක්ශාවෙන් සිටින සෙන්සර් වලින්ද සමන්විත බව පැවසේ. මීටත් අමතරව තුවාලවීමකදී ලේ ගැලීම නැවත්වීම සඳහා පීඩනය ලබාදෙන wound-sealing foam වලින්ද සමන්විතය. මේ සියල්ලක් මගින් විශේෂ බළකා සෙබලුන් හට සුපිරි හැකියාවන් මෙන්ම අණතුරුවලින් ආරක්ශාවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ අවස්තාවද ලබාදේ.
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අන්තිමට මිනිහව ඕනෙ වෙන එකක් නෑ. ඈදුමම ගිහින් යුද්දෙ කරයි වගේ.
    එල එල
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අන්තිමට මිනිහව ඕනෙ වෙන එකක් නෑ. ඈදුමම ගිහින් යුද්දෙ කරයි වගේ.
    එල එල

    එදාට තමා කෙල වෙන්නේ....
    අවු 6ක විතර පොඩි එකෙක් මුලු ලෝකෙම සුපිරි ෆෝස් එකක්
    රන් කරයි..
    :yes::yes::yes: