විෂ නාශකය ගැට තුඹ
නිරෝගි සුව ගෙනෙන
විෂ නාශකය
ගැට තුඹ (Leucas zeylanica)
විෂ්ණු දෙවියන් වන්දනා කිරීමට යොදාගන්නාවූ සුදු පැහැති මලින් , දිගටි හැඩ පත්‍රවලින් , හා සියුම් බූවකින් යුත් ගැට තුඹ ශාකය, කුඹුරු හා ග්‍රාමීය වතු ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ලැබෙන වටිනා ඖෂධීය ශාකයක්.
එය ceylon sliwort නමින් හැඳින්වෙනවා.
. ශ්‍රීලංකාව මෙන්ම ඉන්දියාව චීනය නේපාලය මැලේසියාව තායිලන්තය වියට්නාම් වැනි රටවල් ගණනාවක දක්නට ලැබෙනවා.
ආහාර ලෙසත් ඖෂධ ලෙසත් යොදා ගනු ලබනවා .
ගැට තුඹ ආහාර රුචිය වඩන්නක්, විෂ නාශකයක් සේම ව්විධ රෝග දුරලන්නක්. එය වාතය පහ කරන ගුණයෙන් යුක්තයි.
කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව උදරාබාධ ,හිසරදය, කරකැවිල්ල උඳු ගොව්වා කෑම, උණ සෙංගමාලය පණු අමාරු චර්ම රෝග . කල් ගතවූ පනු හොරි, තුවාල ආදිය සුවකරලනවා. තරබාරුව දුරුකර දෙනවා. කුසගිනි වඩවනවා.
පිස්සු බලු සපාකෑම්, ගෝනුසු හා සර්ප දෂ්ට සඳහා ඖෂධයක් සේ යොදා ගන්නවා. නාසයෙහි මස් දලු සුවකරන නස්නයක් ලෙසත් ප්‍රයෝජනයට ගන්නවා.
සර්ප දෂ්ටයකින් සිහිසුන්වූ විට ගැට තුඹ යුෂ , බිංදු තුනක් නාසයට දැමීමෙන් සිහි ලබා ගත හැකිවන බව සඳහන්.
තුඹ ආහාර ජීර්ණ පද්ධතියෙහි අක්‍රමිකතා සකසන්නට උපකාරි වෙමින් මල බුරුලට යාම පාලනය කර දෙන්නක්..
කිරි උණු කිරීමේදී තුඹ මුල් ස්වල්පයක් එක්කිරීමෙන් එය පහසුවෙන් දිරවාගත හැකි බව සඳහන්. ඉන් කිරිවලට අපූරු සුවඳක් ද එක්වනවා.
දරුවන්ට පණු බෙහෙතක් ලෙස ලබා දෙන අතර වට පනුවන්ට එරෙහිව එය විශේෂයෙන් ක්‍රියා කාරි වනවා.
දරුවකු ලැබූ අළුත මවගේ ඇඟ සේදීමටත් තුඹ ශාකය යොදා ගන්නා බව සඳහන්.
එසේ ම අළුත උපන් දරුවාට ප්‍රතිශක්තිය ලබා දීම සඳහා ගැට තුඹ යුෂ ස්වල්පයක් මවුකිරි සමග ලබා දෙන බවත් සඳහන්වනවා.
උදරාබාධයක් වැළඳුණුවිට තුඹ පැළ අඹරා යොදා සකසන තැම්බුම් හොද්ද ඉතා ගුණදායකයි. තුඹ කොළ මැල්ලුමක් හා වෑංජනයක් සේ රෝගී නිරෝගී කාහටත් ආහාරයට එක්කර ගත හැකියි.
උණ සෑදුණු විටත් ගෝනුස්සන් වැනි විෂ සතුන් සපා කෑ විටත් වෑංජනය උයාදීම සුදුසුයි .
විෂ සතුන් සපාකෑවිට තුඹ ආහාරයට දෙන අතර පත්‍ර තළා ආලේපකිරීමද සිදුකරනවා. නාග දෂ්ටයේදී තුඹ අඹරා .පොල්කිරෙහි දියකර පෙරා පානය කිරීමට සලස්වනවා.
අළුත් පරණ තුවාල, තුඹදලු හාල්පානුදියෙන් ගල ගා ආලේප කිරීමෙන් සුවපත්වනවා.
දේශීය වෛද්‍යවරුන් ගෙඩි කපා හැරීමේදී වේදනා නාශකයක් සේ ගැටතුඹ අක්කපාන සමග මිශ්‍ර කර යොදාගන්නා බවත් සඳහන් වෙනවා.
ගැට තුඹවලින් අත් බෙහෙත්
*කැස්ස හා සෙම් ප්රතිශ්යාවට
ගැට තුඹ මල් දෙමිටක් ගෙන වතුර අඬු කෝප්ප දෙක හමාරක් දමා තම්බා පානය කිරීම
*අජීර්ණයට හා මල බුරුල්වයාමට
තුඹ ගස් දෙකක් පමණ සෝදා කොටා, කෙසෙල් කොළයක දවටා, උණු අළු පල්ලේ තම්බා නිවුණු පසු මිරිකා එම යුෂට මීපැණි දමා බීම
කුඩා තුඹ පැළ දමා සැකසූ තැම්බුම් හොද්ද පානය කිරීම.
*සමේ රෝගවලට
තුඹ කොළ මිටක් අමුකහ සමග කොටා මිරිකා ගත් යුෂ රත් කර අවශ්‍ය තන්හි ආලේප කිරීම
*කල් ගිය තුවාලවලට
තුඹ කොළ අමුකහ සමව ගෙන තැම්බූ දියෙන් තුවාල සේදීම.
*සෙංගමාලයට
හීනටි හාලෙන් කැඳ උයා ගැට තුඹ ශාක කොටා මිරිකා යුෂ දමා මඳක් රත් කර පානය කිරීම.
*බඩ පිපීම ට සහ රිදීමට
ගැට තුඹ මුල් හා බෙලිමල් මිට බැගින් ගෙන තම්බා පානය
කිරීම
*පණු රෝගවලට
තුඹ කොළ, වෑංජනය ආහාරයට ගැන්ම.
*උදුගොව්වා කෑමට
තුඹ කොළ දුම්කොළ සමග අඹරා හුණු මිශ්‍ර කර අදාල තැන්වල ගෑම
ලිපිය සැකැසුම-2018.03.20 දින- Indra Rathnay- විසිනි
(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය අපේ ඔසුපැළ , හා ඔසුපැළ හඳුනා ගනිමු පූර්ව සංවාද ඇසුරිනි)

TFS