විසකූරු සර්පයා.....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    විසකූරු සර්පයා.....

    බුදු දහම ගැන එක එක කට්ටිය අහපු ප්‍රශ්ණ ගැන නොයෙක් ත්‍රේඩ්ස් ගියානෙ.....
    එහෙම අමුතු ප්‍රශ්ණයක් කෙනෙක් මගෙනුත් දවසක් ඇහුවා.....
    උඹලගෙ බුද්ධාගමේ ''සියලු සත්ත්වයෝ නිදුක් වේවා'' කියන අතරෙම....
    ''විසකූරු සර්පයා දැක නාරු මෝඩයා'' කියලත් කියමනක් තියෙන්නෙ ඇයි කියලා එයා ඇහුවා.
    උපමා කවි ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මගේ යාළුවට දෙන්න මගේ ලඟ උත්තරය තිබුනා.

    මේ කවි පද දෙකට කලින් තව පද දෙකක් තියෙනවා.
    දෙරණ තුල තුඹසයා
    තුඹස තුල නාගයා
    විසකූරු සර්පයා
    දැක නාරු මෝඩයා.


    මේකෙ දෙරණ කියලා උපමා කරලා තියෙන්නෙ ශරීරයට.
    තුඹස කියන්නෙ බඩට.

    ඉතින් බඩ නැමති තුඹස ඇතුලේ ඉඳන් අපිව පෙලන සර්පයා බඩගින්නනෙ.
    බඩගින්න හැදුනම නොකා ඉන්න එකා මෝඩයෙක් කියන්නයි
    මේ සිව්පදය හැදිලා තියෙන්නෙ.:P:D:D:yes:
    ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නෙ
    සර්පයෙක් දැක්කොත් ගහලා මරපං කියන එක කියලා.:shocked:


    අපිට අපෙ ජීවිතය වටිනවා වගෙම හැම සතෙකුටම තමන්ගේ ජීවිතය වටිනවා.:yes:
    සියළු සත්වයෝ නිදුක් වෙත්වා!
    නිරෝගි වෙත්වා!!
    සුවපත් වෙත්වා!!!:)