මේ පඩිපෙල ටිකක් වෙනස් වෙන්න ඕනා. . එකට තියාගන්න ගෙයක් හදන එක. .
තමන්ට ගෙයක් නැත්තන් ගෙයක් හැදුවනින් පස්සේ ඉතුරු දේවල් ගැන හිතන්න. .
දැන් ඉස්සර වගේ නෙවෙයි තරගේ වැඩී. . අම්මලා තාත්තලා ලමෙක් වෙනුවෙන් ගෙයක් හදලා තිබ්බොත් ලමයින්ට ගමන ලේසියි. .
ගෙයක් නැති කොල්ලෙක්නම් කොච්චර හරි කැපවීමක් කරලා ගෙයක් හදාගන්න. . කසාද බදින්නත් ඕනමනම් ගෙයක් හදන්න බැරිමනම් පොඩි හරි ගෙයක් තියෙන කෙල්ලෙක්ව බලන්න. .
කොල්ලගේ වුනත් කෙල්ලගෙ වුනත් වත්කමක් තිබ්බොත් ඒකෙන් අනාගතේට ලේසි වෙන්නේ ඒ දෙන්නගේ ලමයින්ට. .
මේ විදියට ගමන හදාගන්න.
1. ගෙයක්
2. කසාදය
3. ලමෙක්
4. නය ඉවරකරගන්න
5. වාහනයකට යන්න (මේක ලීසින් නැතුව සල්ලිම දීලා ගන්න)
6. දැන් ඇතිතරන් ට්‍රිප් ගියෑකි, හොද හෝටල් වලට ගියෑකි. . (මේ තත්වේ අවුරුදු 40ක් 45ක් වත් වෙන්න කලින් සම්පූර්න කරගන්න. .
උබලා මහන්සිවෙලා ලමයි වෙනුවෙන් දෙයක් කරපල්ලා. . නැත්තන් හැමදාම ඒ ලමයි, ඒ ලමයිගේ ලමයි දුක් විදිනවා. . දුප්පත් නම් කවුරුහරි කැපවීමක් කරන්නම වෙනවා. .