විසඳුමක් දෙන්න මට
සුභ උදෑසනක්.
මෙහෙම කතාව පටන් ගමු. මට වයස 30යි. කොළඹ පුද්ගලික ආයතනයක තොරතුරු තාක්ෂන අංශයේ ප්‍රධානියා විදියට රැකියාව කරනවා. මම එලකිරි අඩවිය ගැන ඇහුවේ මගේ යටතේ වැඩකරන මල්ලි කෙනෙක්ගෙන්. ඒ මල්ලි මේ වෙබ් අඩවිය නිතර පරිශීලනය කරනවා. මමත් ඒ නිසා මේ වෙබ් අඩවිය දිහාවට ගොඩ වෙලා බැලුවා. එතකොට තමා මට හිතුනේ මේ ප්‍රශ්ණය එලකිරි වෙබ් අඩවියට දාලා බලන්න. මහේ හිතේ තියෙන ලොකු බරක් මේක.
මේ කතාව විහිලුවකට ගන්න එපා.
මම තොරතුරු තාක්ෂන අංශයේ උපාධිදාරියෙක්.MSc එක හදාරමින් ඉන්නවා. මම විවාහකයි. විවාහවෙලා අවුරුදු 05ක් වෙනවා. මම විවාහ උනේ මගේ පාසලේ සාමාන්‍ය පෙල කරන අවධියේ සිටම ඇසුරු කරපු පෙම්වතිය සමඟයි. අවුරුදු 14ක සම්බන්ධතාවයක් අපි අතර තියෙන්නේ. ඇයත් උපාධිදාරිණියක්. පුද්ගලික ආයතනයක උසස් මට්ටමේ රැකියාවක් ඇය කරන්නේ. මම කාන්තාවන් පස්සේ යන පුද්ගලයෙක් නෙමෙයි. විශ්ව විද්‍යාලයේ ජීවිතය ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ. ඒ කාලයේ කාන්තා ඇල්ම බැල්ම ඕනෑතරම් මට ඇතිවෙලා තියෙනවා. ඒ උනත් ඒ කිසි කෙනෙක් මම ආස්‍රය කලේ වත් සිතක් පහල උනේ වත් නම් නෑ. මා විවාහ උනේ මා එදා පටන් ඇසුරු කල මගේ දයාබර පෙම්වතිය සමගයි. මට මේ වෙනකන් කිසිම කාන්තාවක් ගැන හැගීමක් පහල වෙලා නෑ.
නමුත් දැන් මාස 04-05කට පමන පෙර මගේ ජීවිතයට කෙනෙක් ඇතුල් උනා. ඒ කතාව මම සාධාරණිකරනය කරන්න යනවා නෙමෙයි.
මගේ බිරිඳගේ ලඟම නෑදෑ වෙන සොහොයුරෙක් ඉන්නවා ඇමරිකාවේ. ඔහුට වයස 23යි දැන්. ඔහුගේ පෙම්වතිය වෘත්තියෙන් ගුරුවරියක්. ඔහුගේ සම වයසේම. ඇය ලංකාවේ තවම ජීවත් ව්එන්නේ. ඇය රූප රාජිණියක් නම් නොවෙයි. නමුත් මම ඇය බොහෝ බුද්ධිමත්. මම ඇයටත් ඇය මටත් මේ වෙනකොට බොහෝ සේ ආදරය කරන්න පටන් අරගෙන. ඇත්තටම කියනවා නම් මම ඇයට ආදරය කරන්න පටන් ගත්තේ ඇයගේ ගති පැවතුම්, හැසිරීම, බුද්ධිමත් බව, ඇයගේ හැකියාවන් සහ තවත් බොහෝ දේවල් වලට. ඇය හරිම creative චරිතයක්. ඔන්න ඔය දේවල් නිසා අපි දෙන්න අතර පුදුමාකාරයේ බැදීමක් තියෙනවා. අපි දෙන්නා දවසක් වත් නොදැක ඉන්න බැරි තරමට ලන් වෙලා. හිතා ගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කරන්නේ මොකද්ද කියලත් හිතා ගන්න බෑ. ඇය තව වසරකින් හෝ දෙකකින් විවාහ වී ඇමරිකාව බලා යාවි. ඊට පස්සේ මට මොනවා කරන්නද කයලා හිතා ගන්න බෑ. මට මගේ පවුල් ජීවිතය අවුල් කරගන්න අවශ්‍ය නෑ. ඇයටත් එහෙමයි. ඒත් අපි දෙන්නට දෙන්නා නැතුව, කතා කරන්නේ නැතුව මොහොත්ක් වත් ඉන්න බැරි තත්වෙට අපි පත් වෙලා ඉවරයි.. හිතන්න එපා මේක ලිංගික තෘප්තියක් වෙනුවෙන් ඇති වෙච්ච සම්බන්ධතාවයක් කියලා. එහෙම දෙයක් නෙමෙයි. මේ ඇත්තටම අවංකා ආදරයක්.
මට විසඳුමක් දෙන්න...
ස්තුතියි